ජනාධිපති රනිල් වික්‍රමසිංහ හැකි ඉක්මනින් ජනාධිපතිවරණයකට සැරසෙනවා කියන තත්ත්වය අපට තේරුම්ගත හැක්කේ පහත සඳහන් සිද්ධීන් නිසා.
සිංහල අලුත් අවුරුද්දට මුවා වෙලා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා සිය න්‍යාය පත්‍රය ආරම්භ කළා.
ඒ කියන්නේ මිත්‍යාව පදනම් කරගත් ලංකාවේ සිංහල අලුත් අවුරුද්ද පිළිබඳව අවුරුදු කුමාරියන් තේරීම් වැනි බාල සිල්ලර වැඩසටහන්වලට සහභාගි වෙමින් රටේ ජනාධිපතිවරයකුට සුදුසු නැති ක්‍රියාදාමයන් සමුදාහක් සඳහා රාජ්‍ය ආයතනවලට උත්තේජනයක් ලබාදීම සහ රාජ්‍ය මුදල් ඒ සඳහා වැය කිරීම.
මීළගට බෞද්ධකමට මුවා වෙමින් ජනාධිපතිවරයා වෙසක් සඳහා රාජ්‍ය ප්‍රාග්ධනය වැය කිරීම.
ඒ සඳහා ඉමහත් උනන්දුවකින් කටයුතු කරන බව රටට ප්‍රදර්ශනය කිරීම.
මේ කරුණු එකින් එකට ඉදිරි කාලයේදි මනා විවරණයක් කරන්න බලාපොරොත්තු වෙනවා.
විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සමඟ සාකච්ඡා ආරම්භ කිරීම ව්‍යාපෘතියේ ඉන් එය තව කොටසක්.
පොසොන් උත්සවය සඳහා රාජ්‍ය අනුග්‍රහය ලබාදීම තවත් කොටසක්.
ඒ අතර ජනාධිපතිවරයාගේ ප්‍රලාප තවදුරටත් මතුවන තවත් පැති තියෙනවා.
ලංකාවේ ආගමික උත්සව සඳහා මහජන මුදල් අප්‍රමාණව වැය කරන බව සනාථ කරන සුලු සිද්ධියක් 2023 මැයි මාසයේ 22 දින සනාථ වුණා.
ඒ මිහින්තලා විහාරාධිපති හා උතුරු නැගෙනහිර වැඩබලන ආණ්ඩුකාර සමඟ ඇති වූ ගැටලුම තුළින් මතු වූ කරුණු පසුව සාකච්ඡා කිරීමට දැනට තබා ගන්නවා.
අන්තර් විශ්වවිද්‍යාල කැඳවුම්කරු ඉවත් වීම මේ ප්‍රවනතාවයේ තවත් කොටසක් වෙන්න පුළුවන්.
මාලිමාව ජනතාව විමුක්ති පෙරමුණේ වෙස් මුහුණ නිරුවත් කර ගැනීමට ජනාධිපතිවරයා මේ සඳහා සැලසුම් කරගෙන යන උපදෙස් වලින් හෙළිවන තොරතුරු අප ඉදිරි ලේඛනවලින් ගෙන එන්න බලාපොරොත්තු වෙනවා.
ඒ අතර පසුගිය 2023 මැයි මස 20 හෝ 21 ජන දිනක මහනුවර මහ නායක හිමිවරුන් ජනාධිපතිවරයා හමු වුණා.
එහිදී ඔහු බෞද්ධ විශ්වවිද්‍යාලයක් පිහිටුවීම අරඹයා සිය ව්‍යාපෘතියේ කොටසක් වෙනත් විදියට ප්‍රකාශ කරනවා.
බෞද්ධකම විකිණීමේ උපායමාර්ගික ඒ ප්‍රකාශය තුළින් ලංකාවේ අධ්‍යාපන දරිද්‍රතාවය හා ආර්ථික අර්බුදය හමුවේ සැබෑ විසඳුම බෞද්ධ විශ්වවිද්‍යාලයක් ආරම්භ කිරිම ද යන ප්‍රශ්නය අප තුළ පැන නැගුණා.
ඒ නිසා මහ විහාර ආශ්‍රිතව ජපන් ආධාර ලබාගෙන විශ්වවිද ්‍යාලයක් බිහි කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ උත්සාහ දරනව නම් වර්තමාන අධ්‍යාපන අර්බුද පිළිබඳව ගැටලු තේරුම් ගැනීමට ඊට විසඳුම් ලබාගැනීමට ඔහු මේ වන විට ක්‍රියා කර තිබෙනවාද?
ඒ සම්බන්ධව ප්‍රඥාවක් ඔහු සතුද? එහෙම නැත්නම් එහෙම ප්‍රඥාවක් නැතිකම නොසලකා තවදුරටත් බෞද්ධකම විකිණීම සඳහා විධායකය ඉතිහාසයේ ගත් තීරණ තවදුරටත් සිය අභිලාෂයන් ඉටු කරගැනීම සඳහා පෞද්ගලික න්‍යාය පත්‍ර සඳහා මහජන මුදල් වැය කරමින් ගන්නා උත්සාහයක් ද යන්න අපට තවදුරටත් විවරණය කළ යුතු විශේෂ දෙයක්.
ඉදිරි ජනාධිපතිවරණය පිළිබඳව මේ වන විට විවිධ අපේක්ෂකයන් සූදානම් බව ප්‍රකාශ වෙලා තියෙනවා.
ඉන් පළමුවැන්නා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස.
ඉක්මන් ජනාධිපතිවරණයක් පවත්වන්න වික්‍රමසිංහ මහතා සූදානම් වන බව ඉන් තහවුරු වෙනවා.
ඊට අවශ්‍ය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කිරීම සඳහා ඡන්දය දීමට තම සන්ධානය සූදානම් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මේ වන විට ප්‍රකාශ කර තිබෙනවා.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සංශෝධනය පළමු ධුර කාලයේ වසරක් ගත වූ තැන ජනාධිතිවරයා පැවැත්වීම සඳහා අනුප්‍රාප්තික ජනාධිපතිවයරකුටද අභිලාෂය ප්‍රකාශ කරන්න පුළුවන්ද යන්න මේ සියල්ල තුළින් පැහැදිලි වන ප්‍රශ්න කළ යුතු දෙයක්.
ජනාධිපතිවරණයකට මග පාදා ගනිමින් වික්‍රමසිංහ මහතා සූදානම් වන්නේ හුදෙක් කටකතාවක් නොවන බව තහවුරු වෙන්නේ අප තුළ මතු කරන නියත බෞද්ධ කම විකිනීමේ පුරෝගාමී ව්‍යාපාරය මේ වන විට නිල් වික්‍රමසිංහ දියත් ක ඇති නිසයි.
සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරණයට සමගි ජනබලවේගයෙන් ඉදිරිපත් වන අපේක්ෂකයා තමාම බවට කෘත්‍යාධිකාරි මණ්ඩලයේ තීරණයක් ද මේ වන විට ලබාගෙන තිබෙනවා.
ඒ අනුව ප්‍රේමදාස මහතා කළේ ජනාධිපති වික්‍රමසිංහ මහතාගේ ඉක්මන් ජනාධිපතිවරණ වැඩපිළිවෙළ පිළිඅරගැනීමයි.
ඊට සහයෝගය ප්‍රකාශ කිරීමයි.
මෙහි තවත් පැත්තක් තියෙනවා ජනාධිපතිවරයා මේ ජනාධිපතිවරණයට මැදිහත්ව ක්‍රියාත්මක කිරීමට උත්සාහ කරන පරිසරය තුළ මේ රටේ බහුතරයකට පවතින රජය පිළිබඳව වැඩි ඉච්ඡාභංගත්වයක් තියෙනවා.
ඒ ඉච්ඡාභංගත්වය ප්‍රයෝජන ගැනීමට මහඟු අවස්ථාවක් සජිත් ප්‍රේමදාසට හිමි වන බව ඉන් තහවුරු වෙන නිසා ඔහුගේ සහයෝගය ලබාදීමට මැදිහත්වීම සාධාරණයි.
සජිත් ප්‍රේමදාස සටනට එන බව කියා සිටීමට ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායකද අනිවාර්යයෙන්ම ජනාධිපතිවරණයේ අපේක්ෂකයෙකු වශයෙන් මැදිහත්වීමට පුළුවන්.
ඒ අතර තවත් පැති තියෙනවා.
කොහොම වෙතත් රනිල් වික්‍රමසිංහ, සජිත් ප්‍රේමදාස, අනුර කුමාර යන තුන් දෙනාට යම්කිසි ඡන්ද ප්‍රතිශයක් ලබාගැනීමට පුළුවන්ද කියන ගැටලුව මතුවන සුලුයි.
ඉදිරි ජනාධිපතිවරණයකදී මේ තිදෙනාටම අමතරව යම් වැඩි බලපැමක් කළ හැකි තවත් අපේක්ෂකයකු තරගයට එන්න පුළුවන්.
ඔහු චම්පික රණවකයි.
ජනාධිපතිවරණය ඉලක්ක කරගෙන ඔහු දැනටමත් එක්සත් ජනරජ පක්ෂය නමින් අලුත් පක්ෂයක් අරඹා තිබෙනවා.
ඒ වටා ජනතාව සංවිධානය කරමින් ඔහු ඉන්නවා.
ඊළඟ ජනාධිපතිවරණයේදී ඔහුගේ තේමාව පසුගිය අරගලයෙන් මතු වූ දේශපාලන ප්‍රතිරාවය නැත්නම් දේශපාලන නිවැරදි හඬ නිවැරදි සමාජ පරිවර්තනයක් සඳහා ගෙන යන්න කියලා ඔහු ප්‍රසිද්ධ ප්‍රකාශ කරල තිබෙනවා.
මේ වන විට ලංකාවේ ලියාපදිංචි දේශපාලන පක්ෂ විශාල ප්‍රමාණයක් තියෙනවා.
මිනිස්සු අහන්න පුරුදු වෙලා තියෙන්නේ අපට තවත් දේශපාලන පක්ෂයක් මොකටද කියල.
මේ තත්ත්වය අස්සේ ඇයි අලුත් දේශපාලන පක්ෂයක් හදන්න හිතුවේ කියලා ඔබට හිතෙන්න පුළුවන්.
ඇත්තටම මැතිවරණ කොමිසම කියන විට ලියාපදිංචි දේශපාලන පක්ෂ 76 තියෙනවා.
රට බංකොලොත්වීමත් සමඟ රටේ අසාමාන්‍ය තත්ත්වයක් උදා වුණා.
ඒකේ ප්‍රතිපලයක් විදියට තමයි වෙනදට මහජන ඡන්දයෙන් ගෙදර යන ආණ්ඩුවක් මහජන උද්ඝෝෂණයකින් ගෙදර ගියේ කියල චම්පික රණවක පවසනවා.
ඉතින් අපේ දැන් පවතින දේශපාලනයේ බිඳ වැටීමක් තුළ එහෙම නම් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරණයක් පිළිබඳව ප්‍රකාශ කිරීම හා ඒ පිළිබඳ ප්‍රලාප කියවන්නේ නම් සැබෑ යථාර්තය කුමක්ද?
මේ කරුණු කෙසේ වෙතත් ජනාධිපතිවරයා මීට අමතරව මහ විහාර ආශ්‍රිතව ජපන් ආධාර ලබාගෙන විශ්වවිද්‍යාල බිහි කිරීමට කරපු ප්‍රකාශය ඒ තුළින් මතුවන ගැටලු සාකච්ඡාවට බඳුන් කිරීම ඉතාම වැදගත්.
එහිදී ලංකාවේ පවතින අධ්‍යාපන අර්බුදය කෙබෙඳුද යන්න තේරුම් ගැනීම පාසල් අධ්‍යාපනයේ සිට අපි විමසිය යුතු නොවේද?
ලංකාවේ අපිට ඇත්තටම අධ්‍යාපනයක් අවශ්‍ය ඇයි?
ඔබගේ දරුවාට තිබෙන අධ්‍යාපන පහසුකම් පිළිබඳව ඔබ මේ වන විට සෑහීමකට පත්වෙලා ඉන්නවද?
ඔබේ නිවසට ආසන්න පාසලට ඔබ ජීවත් වීමට අවශ්‍ය දේවල් සපුරා දෙනවාද?
ඔබගේ දුව හෝ පුතා ඉගෙන ලබන පාසල හෝ අධ්‍යාපන ආයතනය හොඳ අධ්‍යාපනයක් ලබාදෙනවා යැයි ඔබ විශ්වාස කරනවාද?
අධ්‍යාපනයෙන් අප කුමක් අපේක්ෂා කළ යුතුද යන්න කරුණු අරඹයා ඔබ තුළින්ම ස්වයංව සිතීමේ ගුණයක් වර්ධනය විය යුතු කාලය එළැඹිලා තියෙනවා.
ලංකාවේ උසස් අධ්‍යාපනය පිළිබඳව ගැටලුව හා ආරම්භය පිළිබඳව කිසියම් තොරතුරු පැහැදිලි කිරීමක් පළමුවෙන්ම අප කළ යුතුයි.
ප්‍රඥාවන්ත ලෙස දැනුම ප්‍රයෝජනට ගැනීමේ හැකියාව ඇති මිනිසුන් හා ගැහැණුන් උත්පාදනය නොකරන්නේ නම් ඒ රට සුනඛ තත්ත්වයට යනවා.
දැනුම එක්රැස් කිරීම, ප්‍රයෝජනයක් නොවන සැබැවින්ම අනතුරුදායක තත්ත්වයකට තල්ලු වෙලා තියෙනවා නම් අපි පළමුවෙන්ම විමසිලිමත් විය යුත්තේ විශ්වවිද්‍යාලය ජීවිතය හා ක්‍රියාකාරකම් ලංකාවේ පොදු සමාජ සංස්කෘතියේ දැක්ම සඳහා මනාව ඉටු කරලා තියෙනවාද?
ආත්ම සංයමය හා ස්වයං විනය මගින් සංරක්ෂණය කර වර්ධනය කළ යුතු නිදහස් අධ්‍යාපන භූමිකාව දැනුම ප්‍රඥාවයි ප්‍රබලම තත්ත්වයට ගෙන ඒමට මේ ලංකා විශ්වවිද්‍යාල පද්ධතිය සමත්වෙලා තියෙනවාද?
විශ්වවිද්‍යාල එහෙම නැත්නම් යුනිවර්සිටි යන නමින් උසස් අධ්‍යාපන ආයතන පද්ධතියක් ලංකාවේ ස්ථාපනය වෙන්න පටන් ගත්තේ විසිවෙන ශත වර්ෂයේ ආරම්භයත් එක්ක.
ලංකාවට විශ්වවිද්‍යාලයක් අවශ්‍ය බවත් ඒ සඳහා පිරිපුන් සැලැස්මක් සකස් කළ යුතු බවත් කියැවෙන යෝජනා හා අදහස් ප්‍රචාරය වීමට පටන් ගත්තේ ඒ අවදීන්වල.
ඊට පෙරතුව විවිධ අවධිවල විශේෂයෙන් අනුරාධපුර, පොළොන්නරුව, දඹදෙණිය හා ජයවර්ධපුර අවදිවල විශ්වවිද්‍යාල නමින් හැඳින් නොවුණත් වර්ථමාන විශ්වවිද්‍යාල මට්ටමේ හෝ ඊට ඉහළ තත්ත්වයේ ශාස්ත්‍රීය හා අධ්‍යාපන ආයතන රාශියක් මේ රටේ පැවතුණ බව අපේ සංස්කෘතික ඉතිහාසය තුළින් පෙන්නුම් කෙරෙනවා.
නමුත් එදා තිබුණු සමාජ පරිසරයයි, අද සමාජ පදනමයි පසුබිමක් වශයෙන් ගත් කළ සෑහෙන සමාජ විපර්යාසයන් සිදු වූ යුගයක් මේ අපි මේ ගෙවමින් ඉන්නේ.
කොහොම වෙතත් ඔබේ දරුවන් ඉගෙනුම ලබන විට පහත සඳහන් කරුණු ගැන ඔබ නිතර පශ්චාත්තාප වුණ අවස්ථා තිබෙනවාද?
ඒ කියන්නේ ඔබේ දරුවන් සතුටින් ඉගෙනුම ලබනවද?
ඔවුන්ට ඉගෙනගැනීමට ආහාර ගැනීමට සෑහෙන වේලාවක් ලැබෙනවාද?
ඔවුන් නිරෝගීව ඉන්නවද?
ලංකාවේදී පාසැලේදීත් විශ්වවිද්‍යාලයේදීත් මහ මගදීත් හිංසනයෙන් අතවරයෙන් තොරව නිරුපද්‍රිව ආරක්ෂා සහිතව සිටීමේ අධ්‍යාපන ජාලයක් පසුගිය වසර 75 තුළ ශ්‍රී ලංකාවේ පැවති රජයන් හා වර්තමාන රජය සුරක්ෂිත කොට එවැනි දුරාවලියක් සකස් කරල තියෙනවද?
එවැනි පරිසරයක් සකස් කිරීමට අසමත් රජයක විධායකය විසින් වැඩවසම් සමාජ ක්‍රම හමුවේ තවදුරටත් විශ්වවිද්‍යාලයක් බිහි කිරීම කොපමණ උචිත ද යන ප්‍රශ්නය ඔබ තුළ පැන නගින්නේ නැද්ද?
දරුවන්ගේ ස්ත්‍රී පුරුෂ බව වත්පොහොසත් කම් මෙන්ම ඔවුන් භාෂාව ආගම ජනවර්ගය කුමක් වූවත් ඔවුන්ට සමානව සැලකුම් ලබන අධ්‍යාපන පද්ධතියක් ඊට අදාළ අන්තර්ගත දැනුම විෂය කරගත් රටාවක් බිහිවෙලා තියෙනවාද කියන ප්‍රශ්නය තවදුරටත් අපි සාකච්ඡා කළ යුතුයි.
දරුවන්ගේ අවශ්‍යතා තේරුම්ගෙන ඔවුන්ගේ උපකාරවලට සංවේදී වන ගුරු පරපුරක් පාසල් පද්ධතිය හෝ විශ්වවිද්‍යාල පද්ධතිය තුළ තිබෙනවාද?
උගත්කම හා පළපුරුදු ගුරුවරුන්ගෙන් හෝ ආචාර්යවරුන්ගෙන් හෝ ඔවුන් එකිනෙකාගේ අධ්‍යාපනය තුළින් එවැනි සාරධර්ම සංස්කෘතියක් ශ්‍රී ලංකාව සතුද?
අනාගතයේදීත් වඩා යහපත් සමාජයක් නිර්මාණය කිරිම සඳහා ක්‍රියාශීලී ලෙස සකස් වෙන ප්‍රතිසංවිධානාත්මක අධ්‍යාපන රටාවක් ස්වයං ගොඩඒමේ විචාරශීලී සහ නිර්මාණශීලී පුද්ගලයන් බිහි කිරිමේ රටාවක් තිබෙනවාද?
පවතින අධ්‍යාපනයෙන් ඔබට හා ඔබේ දරුවන්ට අංග සම්පූර්ණ තත්ත්වයක් ගොඩනැගී නැති පරිසයක් තුළ තවදුරටත් භික්ෂු සමාජය සඳහා බෞද්ධ විශ්වවිද්‍යාලයක් පිහිටුවීම පිළිබඳව ඔබ තවදුරටත් සාකච්ඡා කළ යුතු විමසිය යුතු කරුණු අපමණයි නේද?
එහෙම හිතන්නේ නැත්නම් අප මුහුණ පා සිටින ලංකාවේ අධ්‍යාපන අර්බුදය හඟවන සංඥාවන් සමාජය තුළ විටින් විට මතුවෙන අවස්ථා ඕන තරම් තිබෙනවා.
අපේ රටේ අධ්‍යාපනය හා පාසල් සම්බන්ධව දෙමාපියන් මැදිහත් ව යම් ගැටලු ප්‍රමාණයක් අප සාකච්ඡා කරමු.
පාසලකට හෝ උස්ස අධ්‍යාපන ආයතනයකට හෝ ඇතුළත් කිරීමේදී ඔබ මුහුණ දෙන ගැටලු පිළිබඳව ඔබ ඒ පිළිබඳව පසු විපරමක් කරගැනීමට මෙතෙක් කල් උත්සාහ ගත්තාද?
ඔබේ දරුවාගේ පාසල පිළිබඳව ඔබට ආඩම්බර වෙන්න පුළුවන්ද?
හොඳ පාසල්වලට ඔබගේ දරුවා ඇතුළත් කර නොගන්නේ ඇයි?
ඒ තුළ ඇති කුහකකම පොදු යුතුකම පිළිබඳ ගැටලුව ඔබ තේරුම්ගෙන තියෙනවාද?
මුදල් හා සම්බන්ධකම් ඇති මිනිසුන් පමණක් සිය දරුවන් හොඳ පාසල්වලට ඇතුළත් කර ගැනීම පසුගිය වසර 75 පුරාම දකින්න තිබුණ නේද?
එපමණ මුදල් හෝ එවැනි සම්බන්ධකම් ඔබට නැත්නම් ඔබ අසරණව ඔබේ ප්‍රදේශයේම පාසලක ළමයාගේ අධ්‍යාපනය කොටු කරන්න ඔබ නොදැනුවත්ව හෝ දැනුවත්ව මැදිහත්ව තිබෙනවා නේද?
ඔබේ ජනවර්ගය, ආගම, කුලය හෝ භාෂාව හේතුවෙන් ඔබට ඇතැම් විට හොඳ පාසලක් සොයාගැනීමට අසීරු වුණු අවස්ථා තිබෙනවා නේද?
ඔබේ දරුවාට විශ්වවිද්‍යාලයකට ඇතුළත් වීමට අවස්ථාව තිබුණ ද ඊට අවකාශ නැති අවස්ථා කොපමණ තිබෙනවාද?
ඔබේ දරුවා ඉගෙන ගත් පාසලේ උසස් පෙළ විෂය ධාරාව හොඳ තත්ත්වයක් නොතිබීම එක් සාධකයක් නොවන්නේද?
ටියුෂන් පන්ති සඳහා ප්‍රමාණවත් මුදල් ඔබ සතුව නොමැති නිසා ඔබේ දරුවාට යහපත් අධ්‍යාපනයක් ලබාදීමේ හැකියාව මේ වන විට නොලැබී ගියා නොවේද?
ඔබේ දරුවා උසස් පෙළ සමත් වූවත් විශ්වවිද්‍යාලයට ඇතුළත් කර නොගෙන සමාජ වපසරියක් ඔබ නොදැනුවත්ව ගොඩනැගී ඇත්තේ රාජ්‍ය දුරාචාරය යන සංකල්පය සමාජගත වී තිබෙන සමාජ පරිසරය නිසා නේද?
වෙනත් මාර්ගයකින් උසස් අධ්‍යාපනය ලැබීමට අවශ්‍ය මුදල් ඔබ සතුව නැතිනම් ඔබ කරන්නේ කුමක්ද?
සාමාන්‍ය පෙළ විභාගයෙන් පස්සේ ඔබේ දරුවා ත්‍රීවීල් රියදුරුකු බවට පත් වීම නොවේද?
එහෙම නැත්නම් ඔහු යම්කිසි ප්‍රවර්ධනාත්මක ජීවන මගකට යා හැකි අවකාශය බිඳ දමන සමාජ සංස්කෘතියක් වර්ධනය වෙමින් තිබෙන බව නොවේද?
ඔබේ දරුවා පාසලට ඇතුළත් කරගැනීම සඳහා බොහෝ විට ඔබ විශාල මුදල් දැරීමට සිදුවූ අවස්ථා අනන්තයි අප්‍රමාණයි නේද?
ඔබේ දරුවාව ඇතුළත් කිරීමට රජයේ පාසලකට සතුටුදායක නොවන පරිසරය නිසා ඔබට යම් වියදමක් දරන්නට හැකිනම් ඔබ කරන්නේ කුමක්ද?
වියදම් දැරීමට අපහසු ජාත්‍යන්තර පාසලකට හැකි අය ඇතුළත් කිරීම නේද?
ඔබේ පාසල ඔබ ප්‍රදේශයේ පාසල මනාව භෞතික අවශ්‍යතාවලින් සැපිරීමට ඒ සඳහා යුතුකම් ඉටු කිරීමට පළාතේ මන්ත්‍රීවරුන්, පළාත් සභා මන්ත්‍රීවරුන්, අදාළ ඇමතිවරුන් ක්‍රියා නොකිරීම නිසා ඔබ නගරයේ ජනප්‍රිය පාසල් සොයා යන අවස්ථා තිබෙනවා.
සමහර විට පහේ ශිෂ්‍යත්ව විභාගයෙන් ඔබේ දරුවා යම්කිසි ලකුණු මට්ටමක් ඉහළ නම් ඔබ ජනප්‍රිය පාසලකට ඇතුළත් කිරීමට යාමේදී ඔබේ බිරිඳ ඒ අදාළ විදුහලේ විදුහල්පතිවරයාගේ ලිංගික සූරාකෑමකට ලක්වන අවස්ථා තිබෙනවා නේද?
පාසල ඔබෙන් බලාපොරොත්තුවන මුදල් සේවා ලබාදීමට අපහසු නිසා ඒ තත්ත්වය දරුවාට කෙසේ බලපාන්න පුළුවන් ද යන්න ඔබ පසුතැවෙන අවස්ථා ඕන තරම් තියෙන්න ඇති.
ඔබේ දරුවා ටියුෂන් පන්තිවලට යැවීම සඳහා අමතර මුදල් හා කාලය වැය කිරීමට හැකියාවක් නැති නිසා ඔබ ඔබත් අපහසුතාවයට පත්වෙලා දරුවාගේ අධ්‍යාපනයත් කාලකණ්ණි කරපු අත්දැකීම් ඔබ සතු නොවේද?
දරුවාගේ උසස් අධ්‍යාපන වියදම් සෙවීමට ඔබ ඉමහත් පරිශ්‍රමයක් දරමින් සිටින අවස්ථා කොපමණ තිබෙනවාද?
එම වියදම් දැරීම සඳහා ඔබ ණයට මුදල් අරගෙන ඔබගේ පදිංචිය සඳහා තිබෙන දේපළ උකස් තබා එය බැංකුවලට අධික පොලී කරුවන්ට හිරවුණු අවස්ථා කොපමණ තියෙනවාද?
ඔබේ දරුවාට විශ්වවිද්‍යාලට අවශ්‍ය වියදම් සොයා ගැනීම සඳහා රැකියාවක නිරතවීමට සිදුවන අවස්ථා තිබෙනවා නේද?
එබැවින් ඔහුට අධ්‍යාපන කටයුතුවලට යෙදීමට අසීරුවන අවස්ථා අපමණයි නේද? මේ නිසා ඔබේ දරුවා අනාගතය පිළිබඳව පවතින චිත්ත පීඩා ආත්මගත වීම තුළ ගැටලු සහගත තත්ත්වයන් උද්ගත වනවා නොවේද?
හොඳ පාසලකට ඇතුළත් කරගැනීමට නොහැකි වූ නිසා ඔබේ දරුවාගේ අනාගතය පිළිබඳ සිත් තැවුලෙන් පසුවන දෙමාපියන් මේ පිළිබඳව වහාම ඒ සඳහා සිය අදහස් ප්‍රකාශ කළ යුතුයි.
ඔබේ දරුවාට ලැබෙන අධ්‍යාපනයෙන් ලැබෙන සැපවත් හා ගෞරවනීය දිවි පෙවත අහිමි කරල තියෙන්නේ රාජ්‍ය දුරාචාරය සඳහා අනුගත වූ රාජ්‍ය පාලකයින්.
ඒ නිසා ආගමට මුවා වෙලා කරන කියන දේ පිළිබඳව සිත් යොමුකිරීම පුරවැසි ඔබ සැමගේ වැදගත් කාරණයක්.
ඒ නිසා මීළඟට අප බෞද්ධ විශ්වවිද්‍යාල බිහි කිරීමට රනිල් වික්‍රමසිංහ ගන්නා උත්සාහයට වඩා ඔබේ දරුවාගේ ඉගෙනීම පිළිබඳ තිබෙන චිත්ත පීඩා, ඔබේ දරුවාගේ සෞඛ්‍ය පිළිබඳ තිබෙන චිත්ත පීඩා, ඔබේ දරුවාගේ ආරක්ෂාව ලැබීම හා යුක්තිය ලැබීම පිළිබඳ තිබෙන චිත්ත පීඩා ඔබට තේරුම් කරදීමේ උත්සාහයක් අපි ඉදිරි ලේඛනවලින් සිදු කිරීමට බලාපොරොත්තු වෙනවා.

ලිව්වේ
සුමිත් කොඩිතුවක්කු

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න