ශ්‍රී ලංකාවේ අගවිනිසුරුගේ සිට පහළට අධිකරණයට කළ බලපෑම් හා බාධක ගැන ඉතිහාසයක් ලංකාව තුළ තිබෙනවා.
හදිසියේ නින්දෙන් අවදි වී සිටින්නවුන්ට සතුටට බාධා කරන්නන්ට ඒ පරණ අතීතතය උදාහරණ සහිතව කරුණු දක්වන්න පුළුවන්.
නීතිය නොදැනීම නිදහසට කරුණක් නොවේ.
කවදා හෝ මෙය අසා තිබෙනවාද?
එයින් අදහස් කරන්නේ කුමක්ද?
වරදක් සිදුකර අධිකරණයකට හෝ ඉදිරිපත් කළ කෙනෙකුට එසේ කියා සිටිය හැකිද?
කෙනෙකුට සියලු‍ම නීති දැනගෙන සිටිය හැකිද?
මේ කොතෙක් දුරට ප්‍රායෝගිකද?
මෙය මිනිසෙකුට කළ නොහැක්කක් නොවේද?
එහෙත් කෙනෙකුට යම් මිනිසෙකුට මෙය කරන්නේ කොහොමද?
ඔබ බුද්ධිමත් කෙනෙකු ලෙස කරුණු දැකීමට නීතිය අපේක්ෂා කරනවා.
එය කළ හැක්කේ කොහොමද?
කරුණු 3ක් ගැන සැලකිලිමත් වුණොත් ඔබට ඒ පිළිබඳව තොරතුරු දැනගන්න පුළුවන්.
මම කවුද?
සිටින්නේ කොහේද?
කරන්නේ කුමක්ද යන්න තේරුම්ගත් විට මෙය පැහැදිලි වන සුළුයි.
කෙනෙක් විවිධ අවස්ථාවලදී විවිධ භුමිකා දරනවා.
නිවසේදී පියකු ලෙස, බසයේදී බස් මගියෙකු ලෙස කියන්න පුළුවන්.
සේවා ස්ථානයේදී සේවකයකු ලෙස හැසිරෙනවා.
මේ විවිධ සමාජ භූමිකාවල සීමාවන් නීතිය හඳුනාගෙන තියෙනවා.
ඒ භූමිකාවන්වල නීතිය හඳුනාගත් පැතිකඩවල යම් සදාචාරාත්මක බවක් තියෙනවා.
එම භූමිකාවන්වලට නිශ්චිත සීමාවන් තියෙනවා.
ඒවා නීතියෙන් හඳුනාගෙන තියෙනවා.
එම භූමිකාවන්ට නිශ්චිත යුතුකම් හා අයිතිවාසිකම් මෙන්ම ඒවායේ ක්‍රියාකාරකම් ද නීතිය මගින් සීමා කරල තියෙනවා.
එහෙම පරිසරයක් තුළ රටක ව්‍යවස්ථානුකූලව පත්වන අගවිනිසුරුවරයා හෝ වරිය ඒ සියලු‍ සිද්ධාන්ත යුක්තිගරුකව ඉටු කිරීමට නීතියෙන් බැඳී ඉන්නවා.
ඒ බැඳීම අවම කිරීමට විධායකයක හිමිකමක් තිබෙනවද?
ඒ හිමිකම විධායකයට නැත්නම් ඒ විධායකය කරන්නේ කුමක්ද?
ආචාර්ය ශිරාණි බණ්ඩාරනයාක අගවිනිසුරුවරිය ධුරයෙන් පන්නා දැමීම මීට උදාහරණයක් වශයෙන් ගෙන අපට සාකච්ඡාවට බඳුන් කරන්න පුළුවන්.
ලංකාවේ ඉතිහාසය පුරාම අධිකරණයට එවැනි පහත් පෙළේ බලහත්කාරකම් කළ අවස්ථා අඩු වැඩි වශයෙන් තිබෙන්න පුළුවන්.
නමුත් ඍජුව රටේ නායකයා ඒ සඳහා මැදිහත්ව ක්‍රියා කළ අවස්ථා තිබෙනවා නම් ඔබ ඔහුව දකින්නේ යහපත් බෞද්ධ රාජ්‍ය නායකයෙක් ලෙසද?
එහෙම නැත්නම් සාරධර්ම රකින යුතුකම් ඉටු කරන ජනතාවගේ යහපත සැලකූ නායකයකු ලෙසද?
එහෙම නැත්නම් ඔබේ බුද්ධියට නිගා දීලා ඔබගේ මනස අච්චාරු කරල ඒ පිළිබඳව ඔබේ නොදුනුවත්කම මත සිය වේදිකාව ගොඩනගාගෙන රාජ්‍ය දුරාචාරය තවදුරටත් ක්‍රියාත්මක කරන පුද්ගලයින් සඳහා ඔබේ මනාපය ඉදිරිපත් කිරිම තවදුරටත් කරනවද?
ඒ ගැන අපි තොරතුරු හොයාගෙන යනකොට තොරතුරු මතුවන්නේ හිටපු අගවිනිසුරුවරිය උත්තරීතර නමින් ලියැවී තිබෙන පොතක් නිසයි.
ඒ කෘතිය ප්‍රකාශයට පත් කරන්නේ සරසවි ප්‍රකාශන ආයතනය.
නුගේගොඩ සරසවි ආයතනය එම කාර්යය නිර්භයව ඉදිරිපත් කිරිම ගැන අප අගය කළ යුතුයි.
පසුගිය කාලය තුළ අගවිනිසුරුවරියට බලපෑම් කිරීම සහ එවැනි රාජ්‍ය දුරාචාරයේ ධුරාවලිය තවදුරටත් ලංකාව තුළ කාන්දු වෙමින් ව්‍යාප්ත වෙමින් පවතින බවට සාධක ඕනතරම් තිබෙනවා.
43 වන අගවිනිසුරු ධුරයෙන් ශිරාණි බණ්ඩාරනායක ඉවත් කිරීමට රාජපක්ෂවරුන් ගත් අවලස්සන උත්සාහය පැහැදිලි කරන්නයි මේ අපේ උත්සාහය.
මේ වන කොට ඔබට නිවුස් ඇන්ඩ් ඉමේජ් වෙබ් සයිඩ් එකෙන් හා නිවුස් ඇන්ඩ් ඉමේජ් යූ ටියුබ් එක මගින් මේ අප ලියන ලේඛන කියවන්න සහ බලන්න අවස්ථාව අප සලසල තියෙනවා.
රටේ 43 වෙනි අගවිනිසුරුවරිය විදියට මම දිවුරුම් දීපු මොහොතේ ඉඳලා මට නොයෙකුත් ආකාරයේ කරදර බාධකවලට මුහුණ දෙන්නට සිදු වුණා යැයි සිය පොතේ ඇය කියනවා.
එය දිනය වශයෙන් හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මිය ප්‍රකාශයට පත් කරන්නේ 2011 මැයි 19 වැනිදා යැයි අදාළ කෘතියේ සඳහන් කරල තියෙනවා.
දිවුරුම් දීම සිදු කරන්නේ එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ ඉදිරියේ.
දිවුරුම් දීම අවසාන වුණ හැටියේම ජනාධිපතිතුමාට ඕන වුණා මට කතා කරන්න.
මෙහෙම කියන්නේ සිය කෘතිය මගින් හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මිය.
ජනාධිපතිතුමා පුටුවක වාඩි වෙලා ඒක ඉදිරියෙන් තිබුණ පුටුවක මට වාඩිවෙන්න ආරාධනා කරනකොටම පස් හය දෙනෙක් ජනාධිපතිතුමා පිටුපස්සෙන් හිටගත්තා.
ඒ ජනාධිපතිතුමාගේ ලේකම්ට අමතරව ජනාධිපතිතුමා මගෙන් ඇහුවේ එකම ප්‍රශ්නයයි.
අධිකරණ සේවා කොමිෂමේ ලේකම් විදියට පත් කරන්නේ කවුද කියලා?
එහිදී ඒ ප්‍රශ්නයට මම විමතියට පත් වුණා.
අගවිනිසුරු නිල බලයෙන් පත් වෙන අධිකරණ සේවා කොමිසමේ සභාපති කොමිසමේ තවත් සාමාජිකයන් දෙදෙනෙක් ඉන්නවා.
කොමිසමේ තීරණයක් කියන්නේ තුන් දෙනාම එකතුවෙලා සාකච්ඡා කරල ගන්න තීරණයක්.
එහෙම නැතිව ඒකෙ සභාපතිට ඕන විදියට එක එක වෙලාවට තීරණ ගන්න බැහැ.
ජනාධිපතිතුමා උත්තරයක් බලාපොරොත්තුවෙන් මා දිහා බලා ඉන්නවා.
මගේ සිතුවිල්ල පමණයි ඔබට ඒ සඳහන් කළේ.
ඉතින් මට දෙන්න උත්තරයක් නැහැ.
අලු‍ත් තනතුරක දිවුරුම් දුන් ගමන්ම අනෙකුත් පත්වීම් ගැන මම තීරණය කරන්නේ කොහොමද?
මේ හැම දෙයක් ගැනම හිතල මම ජනාධිපතිතුමාට මෙහෙම කිව්වා.
කොමිසමේ අනෙක් සාමාජිකයන් දෙන්නත් එක්ක සාකච්ඡා කරලා මුලින්ම වැඩ බලන පත්වීමක් කරන්න අදහස් කරනවා කියලා.
ජනාධිපතිතුමා පුපුරා හැලු‍නා.
මම කවදාවත් ජනාධිපතිතුමා මේ විදියට කෝපයට පත්වෙලා ඉන්නවා දැකල නැහැ.
ජනාධිපතිතුමාට එච්චර තදින් කෝපයට පත් වන්න හේතුව කුමක්ද කියලා මම කල්පනා කළා.
තරහව තියෙන්න ඇත්තේ කොමිසම කරන්න ගිය පත්වීම ගැන නෙවෙයි.
තමන් කරපු පත්වීම ගැනයි.
තමන් පත් කරපු පුද්ගලයා තමන්ගෙන් කිසිම විමසීමක් නොකර පත්වීම් කරන එක ගැනයි.
නමුත් අගවිනිසුරුවරයකුගේ කාර්යභාරය කවුරුත් සතුටට පත් කරන එක නෙවෙයි නීතියයි, යුක්තියයි.
නිවැරදි විදියට ක්‍රියාත්මක කිරීම.
එදා උදේ වරුවේ සිදු වෙච්ච ඒ සිද්ධි දාමයම මහ අප්‍රසන්න හැගීමක් මගේ හිතට ඇතුළු කළා.
මෙහෙම කියන්නේ හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක මැතිනියයි.
මිනිසාට විවිධ හැකියාවන් තියෙනවා.
පරිසරය සීත වෙන විට උණුසුම් ඇඳුම් ඇඳීමටත්, පරිසරය වෙනස් කරමින් පාරවල් නිවාස සාදනවා.
මිනිසා පරිසරයට අනුගත වේනනේ දෙයාකාරයකට.
වරෙක පවතින දේ අනුව විඳ ගැනීම.
වරෙක එය අවස්ථාවෝචිතව වෙනස් කර ගැනීමක් මගින්.
මේ අන්දමට අනුගත වෙන වහින විට කුඩයක් පාවිච්චි කරනවා.
ඉන් පරිසරය තමන්ට අවශ්‍ය ලෙස සකසා ගන්නවා.
තද කුණාටුවක් ඇති විට කුඩය හකුළා පරිසරයට මුහුණ දෙනවා.
මේ හැකියාවන් නිසා පොදු මිනිසා මිහිමත ජීවත් වෙනවා.
මේ අන්දමට ඔරොත්තු දීමට නොහැකි මිනිසා හා විධායක පරිපාලක අධිකරණ නිලධාරින් කුණු කූඩයට තල්ලු‍ වීම යුක්ති සහගතද?
එහෙමත් නැත්නම් රාජ්‍ය දුරාචාරයට අගතැන් වූ මහින්ද රාජපක්ෂ පාලනය තුළ එවැනි තනතුරකට පත්වීම සඳහා සුදුසුකම් ලැබුවත් එවැනි රාජ්‍ය දුරාචායක් පවතින වටපිටාවක තමන්ට ඊට මුහුණදීමට නොහැකි නම් ගත යුතු ක්‍රියාමාර්ග කුමක්ද?
ඒ සඳහා අවශ්‍ය අධ්‍යාපනික, සාමාජික, සංස්කෘතික, දේශපාලනික, ප්‍රතිපාදන විශ්වවිද්‍යාලය, නීති විද්‍යාලය තුළ අදාළ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ලැබෙනවාද?
පරිපාලන නීතිය තුළ ඒ සඳහා ඉඩකඩක් තිබෙනවාද?
එය ගැටලු‍ සහගත තත්ත්වයක්.
තමා අගවිනිසුරු ධුරයෙන් ඉවත් කිරීමේ සිද්ධි දාමයේ පළමු අවස්ථාව හැටියට ශිරාණි බණ්ඩාරනායක මහත්මිය සලකන්නේ 2011 නොවැම්බරයේදී ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරන ලද නගර සහ ග්‍රාම සැලසුම් සංශෝධන කෙටුම්පතට ශ්‍රේෂ්ඨාධිකරණය අර්ථ නිරූපණයක් දීම හා බැඳුණු සිද්ධීන්.
ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරුවරිය ප්‍රධානත්වය ඉසිලූ විනිසුරු තුන් කට්ටුව අවසානයේ තීන්දු කළේ කුමක්ද? කෙටුම්පතේ තිබෙන විෂය පළාත් සභාවලට අයත් විෂයයක් බවයි.
ව්‍යවස්ථාවේ දක්වා තිබෙන ප්‍රතිපාදනවලට අනුකූලව කෙටුම්පත ඉදිරිපත් කර නැති බැවින් නගර හා ග්‍රාම සැලසුම් සංශෝධන කෙටුම්පත නීතියක් බවට පත් වීමේ හැකියාවක් නැති බවයි.
ඒ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සම්මත කරගැනීමට රාජපක්ෂ පාලනය දැරූ උත්සාහයකට ශ්‍රේෂ්ඨාධිකරණ අර්ථ නිරූපණය නිසා බාධා පැමිණුනා යනුවෙන් ඇය කෘතිය තුළ වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.
2011 අගෝස්තුවේ පැවති උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අසාධාරණය කියන මූලික අයිතිවාසිකම් පෙත්සම් කිහිපයක් සම්බන්ධයෙන් ද තමා ප්‍රමුඛ විනිසුරු මඩුල්ලක් දුන් තීරණය ගැන ආණ්ඩුව අප්‍රසාදය සිටි බව උත්තරීතර පොතේ ඇය සඳහන් කර තිබෙනවා.
ඔය වකවානුවේ වරින්වර තමන්ගේ මූලික අයිතිවාසිකම් කඩ වුණාය කියල පවරපු පෙත්සම් ගණනාවක්ම මම මුලසුනය දරපු විනිශ්චාන ඉස්සරහට ඇවිත් තිබුණා.
ඒවා දුන් තීන්දු තීරණ ගැන බලයේ හිටපු උදවියගේ ප්‍රතිචාර යහපත් වුණේ නැහැ. ඇය කෘතියේ සඳහන් කර තිබෙනවා.
බලයට පත් වූ බලයේ සිට අයගේ ප්‍රසාදයට හේතු වුණේ නැහැ කියල ඇය පවසන්නේ මහින්ද රාජපක්ෂ සහ ඔහුගේ නඩය.
දිවි නැඟුම පළමුවන කෙටුම්පත 2012 ජූලි 27 ගැසට් පත්‍රයේ පල කර 2012 අගෝස්තු 10 පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයට ඇතුළත් කරා.
ඊට එරෙහිව පෙත්සම් තුනක් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් වුණා.
අධිකරණය තීරණය කළේ දිවි නැඟුම කෙටුම්පත නීතියක් බවට පත් වන්නට නොහැකි බවයි.
තීන්දුව ජනාධිපතිටත් කතානායකටත් දන්වා යැවූ ටික දිනකින් දෙවැන දිවිනැඟුම පනත් කෙටුම්පත ද අධිකරණයට ඉදිරිපත් වුණා.
පළමුවැනි කෙටුම්පත 2012 සැප්තැම්බර් 21 පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයෙන් ඉවත් කරගත් අතර ඔක්තෝබර් 9 වැනිදා දෙවැනි කෙටුම්පත පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට ඇතුළත් කර තිබුණා.
අධිකරණය තීරණය කළේ කෙටුම්පතේ සමහර වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සමඟ නොගැලපෙන නිසා තුනෙන් දෙකක විශේෂ බහුතරයකින් සම්මත කරගත යුතු බවයි.
තවත් වගන්ති ව්‍යවස්ථාවේ 3 වැනි ව්‍යවස්ථාවට නොගැලපෙන නිසා ජනමත විචාරණයකට යොමු කොට සම්මත කළ යුතු බවට ද නියම කළා.
මොකක්ද මේ 3 වැනි ව්‍යවස්ථාව.
එය ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 වැනි ව්‍යවස්ථාවයි.
ඒ 3 වැනි ව්‍යවස්ථාවේ මෙසේ සඳහන් වෙනවා.
ජනතාවගේ පරමාධිපත්‍ය.
ශ්‍රී ලංකා ජනරජයේ පමාධිපත්‍යය ජනතාව කෙරෙහි පිහිටා ඇත්තේය.
පරමාධිපත්‍ය අත්හල නොහැක්කේය.
පරමාධිපත්‍ය පාලන බලතල මූලික අයිතිවාසිකම් සහ ඡන්ද බලය ද ඇතුළත් වන්නේය.
මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ලියුම්කරු උපුටා ගත්තේය.
ඒ අනුව කුමක්ද තත්ත්වය.
පනත් කෙටුම්පත පිළිබඳව අර්ථ නිරූපණය 2012 ඔක්තෝබර් 31 ජනාධිපතිටත්, කතානායකටත් යැව්වා.
එහෙත් එදිනට පෙර දින එනම් 30 වනදා සවස විභාග කළ අනෙක් විනිසුරුවරුන් දෙදෙනා ද සමඟ අගවිනිසුරුවරිය සවස් භාගයේ සිය නිල මැදිරිය තුළ අධිකරණ තීරණයේ අවසන් කෙටුම්පත ගැන කතා කරමින් සිටින අතර රවුෆ් හකීම් අධිකරණ ඇමතිවරයා පුර්ව දැනුම්දීමක් නැතිවම ඇය හමුවීමට නිල මැදිරියට පැමිණියා.
අගවිනිසුරුවරිය සිය කාර්යයන් මද විරාමයක් ගෙන වෙනත් ශාලාවක රැඳී සිටි ඔහු හමුවීමට ගියා.
කරුණු මෙසේ නම් ඉහළ අධිකරණවල හමුවීම් ලබැදියාවන් සබැදියාවන් සඳහා අමාත්‍යවරු හැසිරෙන ක්‍රියා කරන බව ඉන් ජනිත නොවන්නේද?
ඒ තුළින් අධිකරණයට කිසියම් බලපෑමක් ඇති කළ හැකි වපසරියක් දැනටත් රට තුළ තිබෙන බව ඉන් හැඟී නොයන්නේද?
කිසිම දැනුම්දීමක් නැතිව වේලාවක් වෙන් කරගන්නේ නැතිව ආපු එක ගැන කනගාටුව තදබල විදියට ඇමතිතුමා කියා සිටියා.
කනගාටුව තිබුණේ වචනවල විතරක් නොවේ.
අගවිනිසුරුවරිය පවසන ආකාරයට එය භාවාත්මක ප්‍රකාශනවල කනගාටුව පැහැදිලිවම දොරේ ගලමින් තිබුණ බවයි ඇය පවසන්නේ.
මට හිතුනේ ඇමතිතමා බොහොම තදට කැළඹුන මනසිකින් සිටියෙ කියා.
අහක දැමීමට කාලයක් නොමැති බවත් ඉතාම හදිසි වගේම වැදගත් කාරණයක් තිබෙන බවත් කියපු ඇමතිතුමා මේ දැන්ම ඔහුත් එක්ක ජනාධිපතිතුමා මුණගැහෙන්න යන්න එන්න කියල මගෙන් ඉල්ලා සිටියා.
පහුවෙනිදා ඔක්තෝබර් 31 වනදා උදේ වන විට යවන්න තිබෙන වැදගත් අර්ථ නිරූපණයක අවසන් අදියරේ වැඩකටයුතු කරමින් මම ඉන්න බව ඇමතිතුමාට කිව්වා.
අන්තිමට යුක්තියේ නාමයෙන් මට මේ ඉල්ලීමට කැමැති වෙන්න බැහැ කියලත් කිව්වා.
එවිට ඇමැතිතුමාගේ මුහුණ එක පාරටම අඳුරු වෙලා සුදුමැලි වුණා.
මම දැක්කේ බය බිරාන්ත වුණු පුද්ගලයෙක්.
ඇස්වල තිබුණේ එකම එක ප්‍රශ්නයක්.
ඒ කුමක්ද? ඇයි යන ප්‍රශ්නාර්ථය.
මේ අනුව බලනකොට අදාළ ඇමැතිවරයා මහින්ද රාජපක්ෂගේ රාජ්‍ය දුරාචාරය සඳහා මනාව විධිමත්ව කඩේ ගිය බව ඉන් පැහැදිලි නොවන්නේද?
මේ තමයි රාජ්‍ය දුරාචාරයේ සැබෑව.
මේ උත්තරීතර කෘතිය ප්‍රකාශයට පත් වෙලා දැන් වසර ගණනාවක් ඉක්ම ගොස් තිබෙනවා.
ඒ අනුව ඒ පිළිබඳව එය අසත්‍යයක් බවට ප්‍රකාශ කිරීමට අදාළ ඇමතිවරයාට හැකියාවක් ලැබිල නැහැ.
එසේ නම් අගවිනිසුරුවරිය පවසන කරුණු සත්‍යයක් නොවේද?
මීටත් වඩා මෙහි සැබෑව නම් මේ පැත්තයි.
2012 සැප්තැම්බර් වන විට කොළඹ දිසා විනිසුරුවරයකු හැටියට වැඩ කළ අරවින්ද පෙරේරා මහතාට එරෙහිව අධිකරණ සේවා කොමිෂන් සභාවට පැමිණිලි විශාල වශයෙන් ලැබිල තිබුණා.
කවුද මේ අරවින්ද පෙරේරා.
කළුතර අධිකරණවල ක්‍රියා කරන සිරි පෙරේරා නීතිඥ මහතාගේ පුත්‍ර රත්නයක් තමයි අරවින්ද පෙරේරා.
සිරි පෙරේරා යනු මහින්ද රාජපක්ෂගේ රාජ්‍ය දුරාචාරය සඳහා මනාව කඩේ ගිය පුරවැසියෙක්.
ඒ පුරවැසියාට යහපත කිරීම සඳහා අධිකරණය අවභාවිතයට ගත් අරවින්ද පෙරේරා පිළිබඳව අගවිනිසුරුවරිය වැඩිදුරටත් පවසන කරුණු මොනවාද?
බැංකු හා මූල්‍ය ආයතන ගණනාවකින් ගත් ණය මෙන්ම ක්‍රෙඩිට් කාඩ් ගෙවීම් පැහැර හැරීම් නිසා ඔහුගේ නම ණය තොරතුරු කාර්යංශ ලේඛනයේ උදාහරණයක් ලෙස කියනවා නම් ක්‍රිබ් එකට ඇතුළත්ව තිබුණා.
ඔහු එසේ නොගෙවූ මුදල් මිලියන 20ක් පමණ වුණා.
මේ පැමිණිලි මත අධිකරණ සේවා කොමිසම විනය පරීක්ෂණයක් පවත්වන්නට තීරණ කරා යැයි අගවිනිසුරුවරිය සිය පොතෙන් හෙළිකර තිබෙනවා.
මූලික විනය පරීක්ෂණ වාර්තාව ලැබුණ විට එය සලකා බැලූ කොමිසම විනිසුරුගේ වැඩ තහනම් කළා.
පරීක්ෂණයක් පවත්වන්නට පසුව තීරණය කළා.
සැප්තැම්බර් 11 වැනිදා තමයි ඒ තීරණය ක්‍රියාත්මක කළේ.
මූලික විනය පරීක්ෂණය වාර්තාව ලැබුණ විට එය සලකා බැලූ කොමිසම විනිසුරුගේ වැඩ තහනම් කළා.
මේ තත්ත්වය මහින්ද රාජපක්ෂට තරහ ගියේ එය අගවිනිසුරුවරියගෙන් සිය රාජ්‍ය දුරාචාරය ක්‍රියාත්මක කිරීමට නොහැකි නිසා පලි ගත්තේ මෙහෙමයි.
ඊට පසුදාම ජනාධිපති ලේකම් ලලිත් වීරතුංගගෙන් අගවිනිසුරුවරියට දුරකතන ඇමතුමක් ලැබුණා.
එහෙම නම් ලලිත් වීරතුංගත් රාජ්‍ය දුරාචාරය මනාව රට තුළ ව්‍යාප්ත කරගෙන යෑමට මහින්ද රාජපක්ෂට ඉතාම විධිමත් දායකත්වයක් ලබාදුන් පුද්ගලයෙක්.
අධිකරණ සේවා කොමිසමට ඉතිරි සාමාජිකයින් දෙදෙනා සමඟ තමා හමුවීමට අවශ්‍ය බව එයින් දන්වනු ලැබුවා.
එහෙත් කොමිසම විධායකයේ ප්‍රධානියා සමඟ රැස්වීමට සහභාගි වීම ප්‍රතික්ෂේප කළා.
හිටපු අගවිනිසුරුවරියගේ ඒ නිර්භීත විශ්වාසනීයත්වය මේ රටේ පොදු ප්‍රජාව අගය කළ යුත්තක් නොවේද?
25 වනදා ලලිත් වීරතුංග නැවතත් ලියුමක් ලිඛිතව එවමින් තනිව අගවිනිසුරු වරිය හමුවීමට ජනාධිපති රාජපක්ෂ බලාපොරොත්තු වන බව සඳහන් කර තිබුණා.
ජනාධිපතිතුමා සමඟ මේ මොහොතේ රැස්වීමට සහභාගි වූවොත් අධිකරණයේ ස්වාධීනත්වයට හානිකර වන අයුරින් මහජන විශ්වාසය පළදු වන ආකාරයේ අනවශ්‍ය තත්ත්වයක් උද්ගත විය හැකි නිසා එය සුදුසු නොවන බවට පිළිතුරු සපයා එම ඉල්ලීම ද අගවිනිසුරුවරිය ප්‍රතික්ෂේප කරල තියෙනවා.
ඒ ඔක්තෝබර් 3 වනදා.
2012 නොවැම්බර් 01 දා උදේ 10.12ට යෙදුණ සුබමොහොතින් කතානායකවරයා වෙත ශිරානි බණ්ඩාරනායක අගවිනිසුරුවරියට එරෙහිව දෝෂාභියෝග යෝජනාවක් භාර දුන්නා.
ඒ අරුන්දික ප්‍රනාන්දු, පවිත්‍රා වන්නිආරච්චි, ලසන්ත අලගියවන්න, සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ, ශාන්ත බණ්ඩාර විසින්.
යම් පුද්ගලයෙකු රැකියාවෙන් ඉවත් කිරිම සඳහා නැකත් බලා පියවර ගැනීමේ ජඩ සම්ප්‍රදායක් රාජපක්ෂ ආණ්ඩුව පවත්වාගෙන ගිය ආකාරය එයින් මනාව සංකේතවත් නොවන්නේද?
යහපත් යුක්ති ධර්මයක් සඳහා වැඩ කළ ක්‍රියා කළ හිටපු අගවිනිසුරුවරිය අගවිනිසුරු ධුරයෙන් ඉවත් කිරිම සඳහා ගත් උත්සාහය ව්‍යවස්ථානුකූල ක්‍රියාමාර්ග පිළිබඳ ලේඛනය අප සතුයි.
අප එම ලේඛනය දැන් ඔබට නිවුස් ඇන්ඩ් ඉමේජ් සංවිධානය නමැති වෙබ් අඩවියෙන් ඔබට කියවන්න පුළුවන්.
එය නිවුස් ඇන්ඩ් ඉමේජ් යූ ටියුබ් තුළින්ද බලන්න පුළුවන්.
පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද දෝෂාභියෝග යෝජනාව ප්‍රකාර එහි ඇති චෝදනා 14ක් ගැන විභාග කර අගවිනිසුරුවරිය ඒවාට වරදකරු දැයි පරීක්ෂණ කර වාර්තා කිරීම සඳහා මන්ත්‍රීවරුන් 11කින් යුත් විශේෂ කාරක සභාවක් පත් කළා.
අනුර ප්‍රියදර්ශන යාපා සභාපතිත්වය දැරූ එම කාරක සභාවේ සාමාජිකයින් 7ක් ආණ්ඩු පක්ෂයෙන්, 4ක් විපක්ෂයෙන්, ආර්. සම්බන්ධන්, ලක්ෂ්මන් කිරිඇල්ල, විජිත හේරත්, ජෝන් අමරතුංග ඒ හතර දෙනයි.
මේ පිළිබඳ වැඩි විස්තර ඉදිරියේදී තවදුරටත් බලාපොරොත්තු වන්න.

ලිව්වේ
සුමිත් කොඩිතුවක්කු

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න