සංස්කෘතික මූලධර්ම විලාසයක් ලෙස වසරකට වරක් සමරන සිංහල අළුත් අවුරුද්ද ජන විඥාණය කාබාසිනියා කරන සංස්කෘතික උළෙලකි.
එහි රටපුරා පැතිර පවතින සමාජ සූරාකෑම නොදකින බහුතර ප‍්‍රජාව සත්‍යය දැකීමට අසමත්ය.
බැඳී ගිය සමාජ සංසිද්ධීන් එක්තැන් කරන උළෙලක් ලෙස අවුරුදු උත්සවය සැලකිමට ප‍්‍රජාව යොමු වී ඇත්තේ ප්‍රබුද්ධ ගවේෂකයන්ගේ හා විද්වත් ප‍්‍රජාවගේ පසුබිම නිසාය. ජනප්‍රිය සංස්කෘතික මූලධර්මයක් වශයෙන් මේ සඳහා පසුබිම ඇතිකර ඇත්තේ විවිධ රසමුසු හා ආලේපන තවරා ඇති නිසාය.
සමාජයේ ගැඹුරින් විමසීමට නොහැකි වී ඇත්තේ ඊට නිර්මිත අනුහස් උපාය මාර්ග නිසාය. බුද්ධිමය නිර්මිතයක් ජනතාව තුල වගා කිරීමට නොහැකි වී ඇත්තේ අළුත් අවුරුද්ද සමග මත්පැන් ප්‍රවර්ධනය සුසංයෝග වී ඇති නිසාය.
ඒ සමගම අවුරුදු උත්සවය හා බැඳුණු විවිධ උප අංශ නිසාද යම් නිර්මාණාත්මක ප්‍රකාශ හපකරන තත්වයට පත්වී තිබේ.
රසවින්දනය හා නැරඹීමේ පසුබිමද ඊට තවත් අදාළය.
ජන විඥානය ස්පර්ශ කරමින් ප්‍රඥාව අවධි කිරීමට අදාල පසුබිම වසර 74 කට වැඩිකාලයක් යටපත් වූයේ පාදඩ දේශපාලන සංස්කෘතිය නිසාය.
ජන විඥානයට කොකාපෙන්වා ජනරුචියට පසුබිම සකස් කරන ජනමාධ්‍ය කලාවක් අප සතුය.
මිනිසුන්ගේ සිතුම් පැතුම් ඇඳුම් ආයිත්තම් හැසිරිම් රටාව වසරින් වසර ආක්‍රමණය කරන්නේ
ලාංකික වෙළඳ අධිකාරියයි.
මහ ඉහළින් බහුජන සංස්කෘතිය වශයෙන් රූපවාහිනි චැනල් මගින් නිර්වචනය කරන අළුත් අවුරුද්ද සඳහා රුචිය හා බැතිය වර්ධනය කිරීමක් වාර්ෂිකව සිදුකරති.
මේ තත්වය යහපත් සංස්කෘතික දැකිමක් නැතිකමය.
විනෝදාස්වාදය සඳහා ජන විඥානයේ ගැඹුරු රසවින්දනය පහළින් ඉහළටත් ඉහළින් පහළටත් වසාදමන තත්වයක් දකින්නට ලැබේ.
අවසානයේ සියල්ලෝම එකම පවුලේ ලූණුකෑ උදවිය බවට පත්වී තිබේ. අළුත් අවුරුද්දේ සුවදවත් හරවත්කමක් අබිප්‍රෙරණය කිරිම බහුජන මාධ්‍ය සතුය.
ලාංකික ජීවිත වලට සිදුකරන අනිසි බලපෑම කොතෙක් ද යන්න තහවුරු කරන්නේ ශ‍්‍රී ලංකාවේ දුගී බව සහ වරප‍්‍රසාද භුක්තිය ලබා නැති ප‍්‍රජාව දැකීමෙන්ය.
නවතම දැනුම ලෝක සංස්කෘතික මාවත පරිපූර්ණව ගොණු නොකිරීමේ ප‍්‍රථිඵලයක් අද අපි භුක්ති විදිමින් සිටින්නෙමු.
අළුත් අවුරුද්දේ කියවෙන හරිත ගුණය ප‍්‍රායෝගික නම් ශ‍්‍රී ලංකාව සැපදායක පරිසරයකින් විය යුුතුය.
සාමුහික, සාමකාමී හා යුක්ති සහගත සමාජයකින් හෙබිවිය යුතුය.
තිරසාර ඉහළ වැඩි ආදායම් ලාභී පිරිසක් බවට ප‍්‍රජාව පත්විය යුතුය.
ඒ සඳහා සමබර පරිපූර්ණ හරිත වර්ධනය පදනම්කර ගත් මැද මාවතකින් යුත් අවුරුදු උත්සව රටාවක් සංවර්ධන විය යුතුය.
ඒ සඳහා සමාජ විද්‍යාත්මක මනෝභාවයකින් යුත් සංස්කෘතික උත්සව රටාවක් අප සතුද?
ඇසළ පෙරහැර උත්සවමලාවන්ගේ සිට වරෂයේ මාස 12 තුළ සමරන බොහෝ උත්සව වල හැසිරීම් ක‍්‍රියාවලීන්, ක‍්‍රමවේද, මෙවලම්, තාක්ෂණය සියල්ලක සැබෑ සමාජ පරිවර්තනයක් සිදුවිය යුතුය.
අපගේ සාරධර්ම උරුමය හා බහුවාදී මුහුණුවරකින් හෝ උත්සව සිවිල් සමාජය තුල සැමරේ.
විභුතිමත් අතීතයේ මානව සාරධර්ම දකිනවා යැයි මතුපිටින් අදාළ උත්සව වලින් ප‍්‍රදර්ශනය වේ. නමුත් ඇතුලාන්තයට එම උත්සව පිළිබඳව විමසීමේදී ප්‍රමුඛතා සහ ඉලක්ක පෙනෙන රූප රාමු වලට වඩා අශෝබනය.
මේ සඳහා පසුගිය වසර 75 පුරා පැවති ආණ්ඩු හා පවතින ආණ්ඩුව මාර්ගෝපදේශ සැපයූයේ ඉතාම වංචනිකවය.
ඊට ආගමික හා දේශපාලනික මුහුණුවරක් තිරය පිටුපස ඇති බව සනාථ වන්නේ අදාළ උත්සව වල චර්යාධර්ම ඇතුළාන්තයට විවරණය කිරිමෙන්ය.
අපට ආවේණික සංකිර්ණතා නිරවුල් මනසින් ප‍්‍රජාව දැනුවත් කිරිමට වර්තමානයේ ලංකාවේ ජනමාධ්‍ය මැදිහත් නොවීම කණගාටුදායකය.
මේ සඳහා යහපත් ජනමාධ්‍ය පියවර වලට වගකිවයුත්තන් ගියේ නම් සමෘධිමත් තරගකාරී ශ‍්‍රී ලංකාවක් අපට දැකිය හැකිය.
ආර්ථික සමාජීය හා සංස්කෘතික ප්‍රතිපත්ති වල සැබෑ වෙනසක්මේ සඳහා මතු වන්නේනම් ශ‍්‍රී ලංකාවේ ස්වයංපෝෂිත බව මතුවේ.
හරයාත්මකව මේ දෙස විමසන්නේ නම් ඉදිරි මග ආලෝකමත්ය.
සමාජ වගකීම් සහිත සාමූහික අරමුණු සහිත හැඟීම් සහ කැපවීම් වල ජීව ගුණය මතු වන්නේ එවිටය.
ඒ සඳහා සාමුහික පරිකල්පනය උදෙසා සමාජ භාවිතය ඇති කල යුත්තේ යහපත් ආණ්ඩුවකටය.
නමුත් යහපත් මානව ජිවිතයක් උදෙසා ක‍්‍රියාකාරි ආණ්ඩුවක් මේ මොහොතේ ශ‍්‍රී ලංකාව සතුව නැත.
ඒ නිසා යෞවන උත්ගොෂණ රට පුරා වර්ධනය වෙමින් තිබේ.
සමකාලීන සමාජ දේශපාලන තත්වයන්ට ගැලපෙන ප‍්‍රතිපත්තිවලට තල්ලු කරන පුළුල් ප‍්‍රතිසංස්කරන ක‍්‍රියාකාරිත්වයකට රට තල්ලු කිරීම ඉදිරයේ බිහිවන ආණ්ඩුවක වගකීමය. දේශපාලන පක්‍ෂ හිමිකාරිත්වයකට පක්‍ෂපාතී නොවන දෛනික යාවත්කාලීන වන ආණ්ඩුවකට රට ඉල්ලා සිටින හඬක් රටපුරා ගොඩනැගීමින් තිබේ.
නිරවද්‍යතාවය පපුළුල්ව අවබෝධ කර ගත් ගුණාත්මක ආණ්ඩුවක් බිහිවන්නේ පුරවැසි සහභාගිත්වයෙන් සංස්කෘතික යහපත් පරිවර්තනයකට තල්ලු වීමෙන්ය.
යහපත් යෝග්‍ය ප‍්‍රතිපත්ති හා මගපෙන්වීම් ඇතිවන්නේ එවිටය.
2017 අංක 19 දරණතිරසර සංවර්ධන පනත සමාලෝචනයට ලක් කර ලංකාවේ ජාතික උත්සව සමාලෝචන ක‍්‍රියාවලියකට තල්ලු විය යුතුය.
ඒ සඳහා මුලෝපායිකව අතුරු විනිවිද ප‍්‍රතිලාභ රට අභ්‍යන්තරයට මතු කරන ප‍්‍රජාව ඔසවා තබන ප‍්‍රඥාව ලබාදිය යුතුය.
ඒ සඳහා පෙර සුදානම සිදුකිරිම ඉතාම අසිරුය.
නමුත් ජාතික උත්සව සැමරිම් සඳහා අර්ථය සහ වැදගත්කම අන්තර්ගත කිරීම ඉතාම වැදගත්ය.
සංස්කෘතික ස්ථාවර ජාතික ප‍්‍රතිපත්තියක් සකස් කිරීමෙන් තුලිත, සර්වග‍්‍රහායි, හරිත වර්ධන මාවතක් ගොඩනැගිය හැකිය.
කාලීන අවශ්‍යතා අනුව සම්ප‍්‍රදායන් මනාව සුසංයෝග විය යුතුය. ඒ අනුව නව්‍ය ප‍්‍රවේශයන් මතු විය හැකිය.
අවසානයේ සම්මුතිවාදී ලාංකික දර්ශනයක් මතු කල හැක්කේ එවිටය.
පුරවැසි ප්‍රතිපෝෂණය ඉටුකරිම සඳහා පරිසමාප්ත සාමූහික, සාමකාමී යුක්ති සහගත සමාජයක් ලංකාව තුල සංවර්ධනය කිරීමට නම් ශ‍්‍රී ලංකාවේ සංස්කෘතික අහුමුඵවල ඇති සැබැවන් නිරුවත්කර නිවැරදි චිත‍්‍රය මතු කිරීම සඳහා වර්තමාන නිර්පාක්‍ෂිකයින්ගේ දැනුමෙන් ප්‍රතිසොධනය විය යුතුය.
සුමිත් කොඩිතුවක්කු ලියයි