ලාංකික සංස්කෘතිය අභීත අංගනයන්ගෙන් යුක්තය.

බුදු සමය, ගොවිතැන, වාරි කර්මාන්තය, ප්‍රතිමා කලාව, හා බෞද්ධ පෙරහැර, සිංහල අළුත් අවුරුද්ද වැනි වෙනස් උත්සව හා සුසංයෝගී වු උපසංස්කෘතින් නිසා වසර 75 කට වැඩි කාලයක් අයුතු ලෙස ආණ්ඩු කිරීමට දුරාචාර දේශපාලනඥයින්ට අවස්ථා හා ඉඩකඩ ලැබුණි. බුදු සමය සමග බැදුණු සිරිත් විරිත් හා සාරධර්ම කථා වස්තු අපයෝජනයට ගෙන ඇතැම් භික්ෂුත් ඊට උත්තේජනය ලබා දුන්හ.

අනුරාධපුර රාජධානියේ වැටීමත් සමග පොළොන්නරුව රාජධානිය බවට පත් විය.

වැඩි කල් නොගොස් පොළොන්නරුව සතුරු ආක්‍රමණ වලට ලක් වුණි. යුධ පිටියක් බවට පත් විය.

සොලිහු පොළොන්රුව ආක‍්‍රමණ කර ඇත එහෙත් මහ විජයබාහු රජු පොළොන්නරුවේ සොලි බලය අවසන් කල බව ඉතිහාසය කියා පායි.

පළමු පරාක්‍රමබාහු සමයද යම් දුරකට සාමයෙන් පැවති අවධියේ කාලිංග මාඝගේ ආක්‍රමණය නිසා හින්දු ආගම පොළොන්නරුවේ ව්‍යාප්ත විය.

අදටත් පවතින ශිව දේවාලය ඊට වර්තමානයේ සංකේතයක් බඳුය. බුද්ධ ප‍්‍රතිමාවේද වෙනස්කම් සිදු විය.

අනුරාධපුර යුගයේ නිර්මාණය වූ බුදු පිළිම වල උපශාන්ත හා නිවුණු ස්වරූපය පොළොන්නරුව ප්‍රතිමා වලින් දැකිය හැක්කේ මද වශයෙන්ය.

හින්දු ආගමික සමාජ බලපෑමේ පෙරනිමිති එසේ අන්තර්ගතවීම තවත් පැත්තක් නම් සඳකඩ පහන අන්තර්ගතය වෙනස්විම තවත් උදාහරණයකි.

සිංහල ජන ජිවිතයේ ඇද වැටිම ගොළු බසින් තෙපලන්නා වූ නිහඬ සංකේත වශයෙන් බුදු පිළිම හා සඳකඩ පහන දැක්විය හැකිය.

ලාංකික ශිෂ්ටාචාරයේ සිඳී බිඳී ගිය ආචාරධර්ම වඩාත් තහවුරු වන්නේ මහනුවර යුගයේදීය. දඹදෙණි යුගයේ සිට බිහි වූ සමාජ ආර්ථික ආගමික බිඳවැටීම ගොලු බසින් සංකේතවත් වී තිබේ.

නමුත් එවැනි සංවේගයන් අතර සාහිත්‍ය ප‍්‍රගතියක්ද කෝට්ටේ යුගය දක්වා ඉස්මතු වූ බව අප තුල දෝංකාරය වන බව අමතක කල යුතු නොවේ.

සිංහල දේශයේ අවසාන රජවරුන් වූයේ දකුණු ඉන්දියානු ද්‍රවිඩයින්ය. ඔවුන් බුරුතු පිටින් ලංකාවට ප්‍රවේශ වූයේ සිය ඥාතීන් ද සමගය.

ඒ ඥාතීන් විහරස්ථානය ආශ‍්‍රීතව දේවාල පිහිටුවා හින්දු දේව සංස්කෘතිය සංවර්ධනය කල බව ඓතිහාසික සාධක ඉන් ඔප්පු කරයි.

මලබාර් විදීය යනුවෙන් විදීයක් මහනුවර වෙන් කෙරී ඇත්තේ ඉන්දියානු උප සංස්කෘතිය තව දුරටත් තහවුරු කරමින්ය.

දකුණු ඉන්දීය දෙවි දේවතාවුන් පන්සලට සංක‍්‍රමණය වූවා පමණක් නොව බුදුහාමුදුරුවන්ගේ අගසව් වීමටද සමත් විය.

ගෞතම බුදුහාමුදුරුවන් වැඩ සිටින පිළිමය දෙපැත්තෙන් ඉන්දියානු විෂ්ණු හා ඊශ්වරයන්ගේ පුත් කතරගම දෙවියන් වැඩ සිටින පිළිම වර්තමානයේ දක්නට ලැබිමෙන් තහවුරු වේ.

බුදු හාමුදුරුවන් මැදටත් දෙවි දේවතාවුන් දෙපැත්තටත් වැඩ සිටින පිළිම විහරස්ථාන ආශ‍්‍රීතව බිහි වූයේ මහනුවර යුගයේදීය.

බුදුහාමුදුරුවන්ගේ ශ‍්‍රී සද්ධර්මයට ප‍්‍රජාව තුල ඇති විශිෂ්ඨ ගුණය හා ඒකාබද්ධ කිරිමට මීට ප‍්‍රධාන දායකත්වය ලබා දුන්නේ මහනුවර යුගයේ භික්ෂුත් වහන්සේලාය.

ඉන් දෙවි දේවතාවුන් හට සිංහල ජනතාව බෙහෙවින් වශී වූහ.

එම වශී භාවය අයුතු ලෙස ප‍්‍රජාවගෙන් රජුන්ට ආදේශ කිරීමට භික්ෂුන් උත්සුක වුහ. ඉන් ලබාගත් ඵල ප‍්‍රයෝජන අප‍්‍රමාණය.

අදත් දිවයින පුරා විහාරස්ථාන ආශ‍්‍රීතව අප‍්‍රමාණව දේපල භික්ෂූන්ට උරුමව ඇත්තේ ඒ නිසාය.

ඉන්දීය සම්භවයක් ඇති රජවරුන්ට සිංහල පෞඩ නාමයන් බද්ධ කර හැදින්වීමට ක‍්‍රියා කර භික්ෂුහු අයුතු ලෙස ලබා ගත් දේශපාලන ඵල ප්‍රයක්ජන නොකඩවා අද දක්වා ලබා ගනිමන් සිටිති.

දෙවි දේවතාවුන් හා යක්‍ෂයින් කෙරේ අරුඩ පැවති අධර්ම බලය, ගුප්ත බව ගාම්භීරත්වයෙන් යුතුව වෙළඳපොළක් කරා භික්ෂුව රැකගෙන ගොස් ඇත්තේ උපායශිලී ලෙසය.

මේ මන්තරය දියුණු ලෝකයේද වශී කර ගෙන ඇත්තේ ගෞතම බුදුහාමුරුවන් රබර් සීල් එකක් බවට පත් කර ගෙන ඇති නිසාය.

එදා මෙදා කාල පරිච්ඡේදයෙන් තුල පන්සල් ආශ‍්‍රිත බෝධි වෘක්ෂය වටා දේවතා කූටි ඉදිකිරීම වෙළඳ පොළ දෛනිකව විහරස්ථාන වල භික්ෂූන් කර ගෙන යන්නේ වෘත්තිය කපුවන් යෙදවීමෙන්ය.

එවැනි විහාරස්ථාන අත්භූත හැකියාවන් වලින් සමන්විත බව විවිධ අනුභූතීන් හරහා භික්ෂූන් ප්‍රචාරය කරන්නේ සිය ධර්ම දේශනා තුළින්ය.

අවුල් වියවුලින් සැකයෙන් භීතියෙන් රෝග පීඩා ආදියෙන් පෙළෙන ජනතාවගේ සාමාන්‍ය බුද්ධියට නිගා දෙන සමාජ සංස්කෘතියක් මේ නිසා ලංකාව පුරා ව්‍යාප්ත වී තිබේ.

මැත යුගයේ සිට ශ්‍රිලංකාවේ බහු ජන මාධ්‍යය ඊට කුල්මත් අනුග‍්‍රහයක් ලබා දෙන්නේ අපුරු ලෙසය.

බුදුන් වහන්සේගේ කරුණාව මෛත්‍රිය සරණ මදි බව සංකේතවත් කරමින් ජනතාව වැඩි වැඩියෙන් දෙවියන් යදින්නේ ඒ නිසාය.

අධි බලයකින් ගලා එන අත්භූතකාරි පිළිසරණක් දේශපාලනඥයින් සතු බව ප‍්‍රදර්ශනය කිරිමටද මේ ක‍්‍රමය බොහෝ විට උපායශීලී ලෙස අනුගමනය කරති.

පාදඩ දේශපාලනඥයින්ගේ ඉන්දියානු තිරූපති වන්දනාව ඊට හොඳ උදාහරණයකි.

(මේ පිළිබඳ වැඩිදුර තොරතුරු ඉදිරයේදි බලාපොරොත්තු වන්න.*

කේන්ද්‍රියව බැඳුණූ සංස්කෘතික ආකල්ප විශ්වාස හා සමාජ ඒකරාශීවීම් ගෙවිගිය අළුත් අවුරුද්ද හා මූර්තිමත් වේ.

කෙසේවෙතත් ලංකා ඉතිහාසයේ අළුත් අවුරුද්ද පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය දයා අමරසේකර ඉරිදා පුවත් පතකට දක්වා ඇති අදහස් ඉහත කරුණු සනාථ කරවන සුළුය.

(අළුත් අවුරුද්ද පිළිබදව මහවංශයෙන් පසුව හෝ වංශත් ප‍්‍රකාශිනි මහ වංශ ටිකාවේ වත් කිසිම ශාක්‍ෂියක් සාධකයක් නෑ. ඒ වගේම අපේ ප‍්‍රධාන ධර්ම ශාස්ත්‍රීය පොත් වන ධර්ම ප‍්‍රදිපීකාව, සද්ධර්ම රත්නාවලිය, සද්ධර්මාලංකාරය, පුජාවලිය, ථූපවංශය වැනි පොත් වලත් අවුරුදු උළෙල පිළිබඳ සඳහනක් නෑ.

අවුරුදු උත්සවයක් පිලිබඳ අපේ ඉතිහාසයේ මුලින්ම සදහන් වන්නේ මහනුවර රජ කල කීර්ති ශ‍්‍රී රාජසිංහ (1757 – 1781) රජ සමයේ එම රජතුමා නොනගත කාළය තුලදී ග‍්‍රහයින්ගේ ආරක්‍සාවක් නැති නිසා දළදා මාලිගාවේ සිටි බවත් හිසතෙල් ගෑමට අවශ්‍ය ශාක පත‍්‍ර නානූ සැදීමට අවශ්‍ය හැලි වළං ආදී අස්ගිරි මල්වතු විහාර වලට සැපයු බවත් ඓතිහාසික ලේඛන වල සඳහන් වෙනවා. කිහිපයක් ක්ලිෆර්ඞ් කොල්ඞ් ලේඛකයා ලියු ද රිලිජස් වර්ල්ඞ් ඔෆ් කීර්ති ශ‍්‍රී නම් පොතෙත් මෙය පැහැදිලිව තිබෙනවා. නමුත් එදා මේ රජුගේ කාලයේ සිදු කල අවුරුදු ක‍්‍රියාකාරකම් අද අපි අළුත් අවුරුද්ද ලෙස කරන කියන දේවල් නොවේ.

පොළොන්නරුවේ රජ කල මහ පැරකුම් රජුගේ ළමා කාලයේදී පැවැත්වු වසන්ත සැණකෙළියක් පිළිබඳ තොරතුරු මහවංශයේ 64 වෙනි පරිච්ඡේදයේ සදහන් වුවත් එය සිංහල අළුත් අවුරුද්ද ගැන නොවේ. 1681 දී රොබර්ට් නොක්ස් ද අළුත් අවුරුද්ද ගැන යම් අළුත් විස්තරයක් කර තිබෙනවා. රජතුමාගේ මූලිකත්වයෙන් ජොතිශ්‍යවේදින්ගේ උපදෙස් මත මාර්තු මස 26, 28,29 දින වල පැවැත්වු උත්සවයක් ගැනයි ඔහු ලියා තිබෙන්නේ. කෙසේ හෝ අද අපි පවත්වන අළුත් අවුරුදු උළෙල ගැන අපේ රාජ්‍යය ඉතිහාසයේ තුළ ඒ ආරම්භයේ සිටීම දක්නට නොලැබුණු බව පැහැදිලියි.

එනම් මේ උළෙල තුල ශක්තිමත් ඓතිහාසික පදනමක් බව පැහැදිලියි.

සිංහල අළුත් අවුරුද්ද විදියට දැන් අපි සලකන්නේ ශතවර්ෂ හෙවත් සූර්ය මාස ක්‍රමය අනුව සකස් කර ගත් ලිත් ක්‍රමය අනුවයි. සූර්‍යයා මීන රාශියේ සිට මේෂ රාශියට එනවයි කියන්නේ මේ ශතවර්ෂ ක‍්‍රමය අපේ සමාජය තුල භාවිතයට ආවේ 14 වන සියවසේ පමන කාලයේදිය. 14 වන සියවසේ ලියවුණු දළදා සිරිත නැමති පොතේ එන ශතවර්ෂන් 1247 වැන්න කියන සාධකය එම සියවස ම අයත් ගඩලාදෙණිය සෙල්ලිපියේ ශතවර්ෂයෙන් එක්දහස් දෙසිය හැට අවුරුදු පිරුණු යන යෙදුමත් වැදගත්.

16 වෙනි සියවස වන විට කන්ද උඩරට රාජධානිය ආරම්භ වෙලා දකුණු ඉන්දීය රජවරුන් මධුරාපුර රාජාවලියක් මහනුවර පටන් ගැනීමත් සමග දකුණු ඉන්දීය චාරිත්‍ර ඇදහිලි වගේම අප රජුගේ අනුග්‍රහය ලබා ගෙන ව්‍යාප්ත වුණා. ඒ දවස් වල රජුගේ මූලිකත්වයෙන් තිබුණ ප්‍රධාන මංගල්‍යය හතර අතරට අළුත් අවුරුද්ද බක් මාසයේ එක්වි තිබෙනවා යැයි මහාචාර්ය දයා අමරසේකර මහතා වැඩිදුරටත් සඳහනක් කරයි.*

ශ‍්‍රී ලාංකික සංස්කෘතික ජාතිකත්වය, සභ්‍යත්වය, ශිෂ්ඨාචාරය සමග දිර්ඝසංස්කෘතික අව්‍යාජ සබැඳියාවක් නොමැති බව අදාළ කරුණු වලින් පසක් නොවන්නේද?

ලාංකික බෞද්ධ පදනම අයුතු ලෙස යොදා ගෙන සාරධර්ම මුවා කර ගෙන අළුත් අවුරුදු උත්සවය ගොඩ නැගී තිබේ.

එය සොඳුරු වසන්තය ලෙස සමාජය අතර මතවාදයක් ඇති වී ඇතත් අවුරුදු සමයේ වසන්තය උදා වන්නේ හුදෙක් වෙළඳ මාෆියාවටයි.

ඒ පිළිබඳ දීර්ඝ විස්තරයක් පසු විපරම් වලින් බලාපොරොත්තු වන්න.

සුමිත් කොඩිතුවක්කු ලියයි

තව කොටසක් බලාපොරොත්තු වන්න

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න