චිරාගත සම්ප‍්‍රදායන් මුල්කොට ගත් අඵත් අවුරුද්ද ඔබ කෑවාද? ඔබව අඵත් අවුරුද්ද කෑවාද?
අසමසම ජාතික උත්සවය ලෙස අවිවාදයෙන් පිළිගැනෙන සිංහල අඵත් අවුරුද්ද විවේචනාත්මක ස්වරූපයෙන් දැකීම මේ ලිපියේ ඉලක්ක අතර එක් ඉලක්කයකි. සවිමත් ඓතිහාසික, සමාජ විද්‍යාත්මක, මානව විද්‍යාත්මක සහ මනෝවිද්‍යාත්මක සිද්ධාන්ත මත පසුගිය දින වල බහු ජන මධ්‍යයෙන් විවරනය කළ සිංහල අඵත් අවුරුද්ද ප‍්‍රබල සවිමත් හා විචාරශිලී දෘශ්ටියකින්අසන්න හෝ බලන්න හෝ දකින්න ඔබ පුරුදු පුහුණු වී නැතැයි විශ්වාස කල හැකිය.
ඊට පසුබිම් වන කරුණු කාරණා එමටය.
බාලවියේ සිට වසර ගණනාවක ඔබ ලබා තිබෙන පුරෝගාමී අත්දැකීම් ඊට සාධක විය හැකිය. කරුණු කෙසේවෙතත් සෑම වසරකම අඵත් අවුරුද්ද හා බැදුණු සමාජ සංස්කාතික බැදීම් ගසට පොත්ත මෙන් වී තිබෙනවා.
2021 වසරත් ගෙවුණේ අඵත් අවුරුද්ද හැකි අයුරින් ලාංකික ප‍්‍රජාව නමුත් කොරේ පිටට මරේ වුයේ 2021 වසරේදිය. අපි කවුරුත්අඵත් අවුරුද්ද සමරන්නේ නැකැත් පත‍්‍රයේ සදහන් චාරිත‍්‍ර ඉටු කරමින්ය. නොනගතය, පුණ්‍ය කාළය ආහාර අනුභවය, වැඩ ඇල්ලීම, ගණුදෙනු කිරිම හා හිසතෙල් ගෑම නැකතට අනුව වසර ගණනාවක සිට එකම වෙලාවක සිදුකලේ නැකැත් චාරිත‍්‍ර වලට අනුවය. පරණ අවුරුද්දට ස්නානය කිරීමේ සිට රැුකිරක්ෂා දක්වා පිටත්ව යෑම සුභ නැකතින් චාරිත‍්‍රයට අනුව සිදු කළේ වසර ගණනාවක සිටය. සිංහල අඵත් අවුරුද්ද ලෙංගතුකමේ අවුරුද්ද වශයෙන්ද බොහෝ අය අවුරුදු කාලයේදී නිර්වචනය කරති.
නැකතට මේ සියල්ලක් වසර ගනනාවක සිට සිදු වූවත් ලංකාවට ලැබි තිබෙන රුකුල කුමක්ද? සෞභාග්‍යයේ උදාව වශයෙන් සලකන අඵත් අවුරුද්ද කෘෂි කර්මාන්තය පදනම් කර ගත් අඵත් අවුරුද්ද වශයෙන්ද සලකතී.
අපේකමට සලකනඅඵත් අවුරුද්දේ අප මහ ඉහළින් කතා කරන්නේ අපේකම ගැනය. නමුත් අපේම වාහනයක් නිශ්පාදනය කර ගත් අනන්‍යතාවයක් අපට තිබේද? ලෝකයේ ඕනැම දියුණු රටක තිබෙන සුඛෝපභෝගී වාහන අපට තිබේ. අප කන්නේ විදේශ කෑම බිමය. අප නිවෙස් වල පා තබන්නට බිමට අතුරා ඇත්තේ විදේශ ටයිල්ය. අප හදන්නේ විදේශ වලින් ගෙන්වන සුපිරි කෑම කන බලූරාළලාය. අතු ගාන්නේ විදේශයන්ගෙන් ගෙන්වනකොසු ඉදල් හෝ දුවිලි පිසන ආම්පන්න වලින්ය. මේ පසුබිම අප අද විදේශ සංචත ඩොලර් නැති රටක් බවට පත් කර ගෙන තිබේ. ලාංකික ප‍්‍රජාව සාගතයකට මුහුණ දිමට ආසන්නයේ සිටිති. ෂඵත් යාමට ආණ්ඩුව සුදානම් වි හමාරය. රටේ ස්වාධීනත්වය, ගෞරවය, අපේ උරුමය සුනඛ තත්වයට පත්වෙමන් තිබේ. සාගතයට විස¥ම ලෙස වගා සංග‍්‍රාමයන් ගැන කතා කරති.
ශරීරයේ උෂ්ණය වැඩි පුද්ගලයින්ට තීව‍්‍ර කරන්නේ බක් මාසයේදීය.
සුර්්‍යයා මින රාශියේ සිට මේෂ රාශියට පුර්ණ ලෙස පැමිණීම අඵත් අවුරුද්දේ උදාවේ අරූත යැයි කියති. සූර්්‍යය වසරක් මුඵල්ලේ රාශී 12 හරහා ගමන් ගත් සුර්්‍යයා මුලට පැමිණීම ඉන් ජනිත කරයි.
ඒ සදහා දින 365 කුත් පැය 06 විනාඩි 09 දශම 1 ක් යැයි නොනගතය ඇරඹෙන්නේ එම පැය 06 මිනිත්තු 24 ගෙවි ගිය පසුය. ඉන් අඵත් අවුරුද්ද උදා වේ.
ඉන් ඊළග සූර්්‍යය වසරේ ආරම්භය යැයි කියති. එය මේෂ රාශියට පැමැණීමය. සූර්්‍යයා හෝ පෘථිවිය හෝ රාශී 12 එක් තැනක පවතින්නේ නැති බව අපි දන්නෙමු. මේ චලිතය සංකීර්ණ චලිතයකි. මෙය චක‍්‍රයක් බැවින් මෙහි ආරම්භය මෙතනම යැයි කිව නොහැකිය. අඵත් වන මේ කාළය අඵත් අවුරුද්දේ අභ්‍යන්තරයේ හැංගුණු විද්‍යා හා ගණිත සාස්ත‍්‍රයක්ද? මේ පිළිබදව පුඵල් විමර්ශණයක් කිරිමට වඩා පරණ අවුරුද්දට නාන්නේ ඇයි දැයි විමසා බලමු. නව වසරට පෙර සදුදා, බදාදා, බ‍්‍රහස්පතින්දා හා සෙනසුරාදා යන දින වලින් එකක් මේ සදහා මතු වේ. බොහෝ විට සදුදා දිනය මේ සදහා යොදා ගැනේ. අගහරුවාදා හා සිකුරාදා යන දිනයන් ස්නානය කිරිමට සුදුසු නොවන බවට ජන මතයක් තිබේ. ඊට හේතු 02 ක් ඇත.
පළමු වැන්න ලෙස ජෝතිෂ්‍ය අතිතයේ පුබල ලෙස ස්ථාවරව පැවතියේ ඉන්දියාවේ බ‍්‍රාහ්මණ සංකල්ප මතය.
බ‍්‍රහ්මනයන්ට හා උසස් කුල වල පුද්ගලයින්ට ස්නානය සදහා ඉන්දියාවේ තෝරා ගත්තේ සිකුරාදා දිනයක්ය. අගහරුවාදා ජෝතිශ්‍යට අනුව කුංට අයත් දිනයක්ය. අගහරු යනු රක්ත වර්ණයට අයත් දිනයකි. රක්ත වර්ණය නැති නම් රතු පාට ප‍්‍රචණ්ඩ ස්භාවයක් උසුලන බව ඈත ඉතිහායේම ජන මතයකි. අගහරුවාදා දිය නෑම මිනිස් සිරුරක නැත්නම් රුධිරයට යම් බලපැමක් එල්ල කරන බව පැරණි විශ්වාසයකි.
සිකුරාදා දිනය කුජට අයිති දිනයක් වශයෙන් සැලකේ. එය ග‍්‍රහලොවේ සිසිල් බව දනවන ග‍්‍රහයෙකි.
ඒ අනුව සෙම ආශ‍්‍රීත විෂමතා හට ගන්නා දිනයක් විය හැකි බැවින් සිකුරාදා දිනය ස්නානයට යෝග්‍ය නොවන බව පත පොතේ සදහන්ය. මේ කරුණු සලකා බැලිමේදී සත්‍යය කුමක්ද? දෛනිකව රැුකියා වල නියැලෙන රාජ්‍ය හා පෞද්ගලික අංශ වල සේවයේ නියුතු බහුතරයක් දෛනික ජිවිතයේදී ගකියාවට යෑමට පෙර හෝ පසුව මේ දිනයන් නොසලකා හරින්නේද? පරණ අවුරුද්ද ස්නානය කිරීමේදී අදාල දිනයට යෝග්‍ය ෙඖෂධ හිසෙහි ආලේප කොට ස්නානය කිරිම ජොතිෂ්‍ය මතයයි. එයට අදාල දිනයට වෙන්වු ශාක වර්ග වල කොටස් යොදා ගනු ලැබේ. බොහෝ විට දිවුල් වැනි ශාක පත‍්‍ර යොදා ගන්නා බව පෙනේ. දිවුල් යනු විෂහරණ ෙඖෂධමය සාරය බව අපට සමාන්‍ය දැනුමක් තිබේ. ශාක පත‍්‍ර හිස මත ගැල්වූ විට හිසෙහි පවතින විෂ ද්‍රව්‍ය ඉවත් වී හිස සිසිල් කිරීම වසරකට වරක් පැවැත්වෙන පරණ අවුරුද්දට හිසතෙල් ගැමෙන් පමණක් සිදු වේද? අපේ‍්‍රල් මාසය උෂ්ණාධික සමයක් බව අප කාටත් සමාන්‍ය අවබෝධයක් තිබේ. නව සද බලන්නේ වසරකට වරක්ද?
අතීතයේ කෘෂි කාර්මික සමාජ වටපිටාවක් ලෝකය පුරාම ව්‍යාප්තව තිබුණි.
විවිධ සංස්කෘතින් හි නව සද බැලීමේ සංකල්ප තිබේ. ඉස්ලාම් සංස්කෘතියේ පවා එවැන්නක් දක්නට ලැබේ. චන්ද්‍රයාට කෘතගුණ සැලකීම වසරකට වරක් පමණක් සිදු කිරිම ප‍්‍රමාණවත්ද? නමුත් මේ සියල්ලකම ප‍්‍රමුඛ අරුත සෞභාග්‍යය සදහා ප‍්‍රජාව ගමන් කිරීමය.
සුර්්‍යයාගේ පැමිණීමක් නැති නොපැමිණිත් නැති අවස්ථාව නොනගතය වශයෙන් සැලකේ.
මීන රාශීයේ සිට මේෂ රාශියට සූර්්‍යයා අංග සම්පූර්ණ නොපැමිණි කාලය නොනගතය වශයෙන් සිංහල අඵත් අවුරුදු කාලයේදී සලකයි. මෙ සියල්ලකගෙන්ම අපගේ මොළ වලට කිදාබස්සා ඇත්තේ කුමක්ද? මේ අදාල කාලයේදී නැකැත් නොමැති කාලයක් වශයෙන්ද සලකති.
මීන රාශිය හා මේෂ රාශිය වෙන් වන ලෙස කාළය පුණ්‍ය කාළයේ පසුබිම තුළ ආගමික නැඹුරුවක් සිංහල අඵත් අවුරුදු කාලයේදී අප ගත කර තිබේ. නොනගත කාළය කොටස් දෙකකට බෙදී තිබේ. පෙරභාගය හා අපරභාගය ලෙසය.
අපරභාගයේදී ආහාර අනුභවය වැඩ ඇල්ලීම හා ගණුදෙණු කිරීම චාරිත‍්‍ර සහ නැකැත් යෙදී තිබේ.
ඉරිදාට රතු හා කහ මිශ‍්‍ර සදුදාට සුදු වරණය අගහරුවාදාට රතු පමණක් බදාදාට කොළ පාට බ‍්‍රහස්පතින්දාට රන්වන පාට සිකුරාදාට සුදු නිල් මිශ‍්‍ර සෙනසුරාදාට නිල් පමණක් වර්ණ යොදා
ගැනීමද සිංහල අඵත්අවුරුද්දේ එක්තරා ග‍්‍රහයන් සමපාත කිරීමකි. ඊට යම් සමාජ විද්‍යාත්මක පසුබිමක් තිබේද? අදාල ග‍්‍රහලෝක වලින් නිකුත් වන කිරණ වලට පැහැයක් තිබෙන බවට ඇති විශ්වාසයද? ඊට යම් බලපෑමක් සියුම්ව සිදු වන්නේද? ඊට අදාල සාධක කවරේද? සෙනසුරුට අයත් වරණය නිල් අයත් වන්නේ සෙනසුරාදාටය. ශනි යනුවෙන් ජොතිෂයේ හදුන්වන ශනි සහ නිල වර්ණය ලැබෙන බව ඉන් කියැවේ. නිල් වර්ණය තුලින් මිනිස් මනස තුල යම් සන්සුන් බවක් ඇති කරන්නේද?
මිනිස් සිත්සතන් චංචල බවින් මුදා හැරීමට වර්ණ ආදේශක යොදා ගැනීම සමාජ යහපත සදහා නම් ඒ සදහා ප‍්‍රශ්ණ කල යුතු නොවේද?
සැබෑම ප‍්‍රශ්ණය අවුරුදු ගණනාවක් නැකැත් චාරිත‍්‍ර වලට ගොණු වෙමින් මේ රටේ ප‍්‍රජාව ලබා
ගත් සෞභාග්‍යය කවරේද?
පොලීමේ මළ මිණි තියාගෙන ගෑස් අදාහනාගාර වල පහුගිය කාලයේදී සිටි ජනතාව පසුගිය අවුරුදු දින වල රස්තියාදු වුයේ ගෑස් පොලීම් වල නොවේද?
කුසගින්නට බතක් උයා ගන්නට ගෙදරට ගෙන ආ ගෑස් ටැංකිය බොම්බයක් වුයේ එකවර සමස්ථ රටම 2021 අවුරුද්දේ ලිප ගිණි මෙලවු නැකැත් චාරිත‍්‍රයේ අනුහසින්ද?
කොරොනාවට කෑම වල ගද සුවද නොදැනෙන තත්වයට ශ‍්‍රී ලංකාව පත් වුයේ 2021 වසරේදී එකම වෙලාවට සමස්ථ ශ‍්‍රී ලංකාවම ලිප ගිණි මෙලවු සුභ නැකැත් වේලාවේ ප‍්‍රතිඵලද?
මේ ආදී අප‍්‍රමාන කරුණු ප‍්‍රශ්ණ කල යුතුව තිබේ.
නමුත් එවන් තත්වයන් පිළිබදව සැබෑ ආර්ථික දේශපාලන සංස්කෘතික කරුණු අරභයා යහපත් සමාජ සංවාදයක් ශ‍්‍රී ලංකාව සතු නොවීම අභාග්‍යක් නොවන්නේද? තුරු ලතා මල්ඵල වලින් බරව විසිතුරු සතුන්ගේ මිහිරි නාද වලින් ඇස් හා සිත පිනවන බක් මාසයේ සැබෑ අයිතිකරුවන් වෙළද ව්‍යාපාරික මාෆියාව නොවේද?
සිංහල අඵත් අවුරුද්ද පිළිබදව වංශ කථා සාහිත්‍යයේ ස`දහන් නොවේ. පණ්ඩුකාභය රාජ්‍යය සමයේ අතීතයට දිවයන යම් කරුණක් තිබේ.
එය නම් බෞද්ධ සංස්කෘතික උරුමයට ගැළපෙන චාරිත‍්‍ර මුසු උත්සවයක් වශයෙන් සැලකිය හැකිය.
17 වෙනි හා 18 වෙනි සියවස් දෙක මෙරට සමාජය සමාජීය වශයෙන් දෙබඩි සංස්කෘතික පරිවර්තනයකට ලක් වී තිබේ.
බටහිරහා දක්‍ෂිණ වෙරළ බඩ කලාපය පෘතුගිසි හා ලන්දේසි පාලනය විසින් බටහිර සංස්කෘතික පාලනයකට නතු වීමය.
ලංකාවේ මධ්‍යම ප‍්‍රදේශය දකුණු ඉන්දියානු නායක්කාර ද්‍රවිඩ රජවරුන් යටතේ දෙමළ සංස්කෘතික ආක‍්‍රමණයක් සිදු විය.
මහනුවර කේන්ද්‍රකර ගත් මේ සංස්කාතික දකුණු ඉන්දියානු සමාජ සංස්කෘතිය පිළිබද බලය හා ආධිපත්‍ය තේමාව කර ගත් සංස්කෘතියක් විය. 1815 න් පසුව ලංකාවේ බලය ඉංග‍්‍රීසින්ට යටත් විය. නායක්කාර ද්‍රවිඩයින් කුමන්ත‍්‍රණකාරි ලෙස බලයෙන් පහ කර රාජ්‍යය පාලනය සියතට ගැනීමට කැස කවමින් සිටියේ රදළයින්ය. උඩරට රදළයින්ට අපේක්‍ෂිත බලය ඉංග‍්‍රීසින්ගෙන් නොලැබුණි. එම රදළයින් එතැන් සිට තම අහිමි බලය අත්පත් කර ගැනීමට අසාර්ථක ලෙස ප‍්‍රජාව මෙහෙයවූයේ 1818ත් 1848 ත්අතර කැරලි දෙකකින්ය. එම කැරලි අසාර්ථක වූයේද සිංහල අඵත් අවුරුද්ද පෙනී සිටින මහා සංඝරත්නය යැයි කියා
ගන්නා උඩරට භික්ෂු නිකායන් නිසාය.
යටත් විජිත ක‍්‍රමය තුල පරාධීන ජාතියක් බිහි කිරිමට පවා දිම් බහුලව සිදු වූයේ භික්ෂු සමාජයෙන්ය.
මේ පිළිබදව ශ්‍රේෂ්ඨාධිකරණයේ කන්ද උඩරට මහ නඩුවේ කරුණු කාරනා සදහන්ය.
යටත් විජිත ක‍්‍රමය ජාතක කරන ලද කෘතිම ධනපති පන්තිය සමාජ හා සංස්කෘතික බලය වෙනුවෙන් පෙනී සිටින පෙරළිකාර සංසිද්ධින් වශයෙන් ලංකාවේ උත්සව කලාවද යම්තැනක කේන්ද්‍රගත වී තිබේ.
සමාජකණ්ඩායම් අතර දෝලනය වනගෝත‍්‍රීක මත වාද කේන්ද්‍රකර ගත් දිය යට ගමන් ගන්නා
ගින්දරක් සේ අප මහ ඉහළින් සලකන සාරධර්ම තුල හා මහා උත්සව තුල අන්තර්ගතව තිබේ. බොරුව පදනම් කර ගත් පරස්මරය මත දිවයට සමාජ ක‍්‍රියාකාරකම් ඊට අන්තර්ගතය. වර්තමාන ආර්ථික කේදවාචකයේ එක්තරා කඩඉමක් ලෙස එය දැකිය හැකිය.
ජාතිය ගෝත‍්‍රික බෙදිම් හා සමාජ වෙනස්කම් තහවුරු කරන සමාජ සංහිදියාව හානි කරන අවස්ථා විනිවිද නොදැකීම ඉතාම ඛේදවාචකයකි.
පාදඩ දේශපාලන පැවැත්ම සදහා සංස්කෘතික පොලිසි මුහුණුවරින් ඇතැම් කලා සම්ප‍්‍රදායන් අප සාමජ දුරාවලියේ දිකින්නට ලැබේ. ඒ නිසාම සීමාමායිම් බිදගෙන ඉදිරියට යෑමට පසුගිය වසර 77 පුරාම ලාංකික ප‍්‍රජාවට නොහැකි විය.
පසුගිය කාලය තුල ඇති කල ආර්ථික අර්බුධය හමුවේ තරුණ අදහස් වල හා යෞවන චින්තනයේ පිබිදීමක් සිදු වී තිබේ.
පවතින පාදඩ දේශපාලන තරගකාරීත්වයට පිරිපුන් මානුෂික තරුණ පෞරුෂ වර්ධනයක් අප මේ වන විට අත්දකිමින් සිටින්නෙ ඒ නිසාය. දේශපාලන න්‍යාය පත‍්‍ර වල හා පක්‍ෂ වල පරිසරය අභිබවා සමාජ සංවර්ධනය සදහා තරුණ බලපෑම හා නිශ්චිත ඉලක්ක වලට චෝදනා ඉදිරිපත් කරමින් අහඹු ලෙස වර්ධනය වී තිබෙන යෞවන ජවය සංකේතවත් කරන්නේ ගෙවි ගිය අවුරුදු කාලසීමාව නොතකාය.
අඵත් අවුරුද්ද මෙතෙක් විග‍්‍රහ නොකරපු යෞවන පරපුර පහුගිය වසර 74 ක් පුරා වින්දනය කලා. මානුෂික හා භෞතික දේවල් අඵත් අවුරුද්දේ අත්දකිමින් අඵත් අවුරුදු කාලසිමාවන් තුල(පසුගිය වසර වල*කාලය ගතකරපු ලාංකික යෞවණත්වය එදා නගරය පාලූ මංමාවත් කරමින් ගම්වලට ගියා. මෙවර පසුගිය අඵත් අවුරුද කාලසීමාව ඔවුන් ජිවත් වන ප‍්‍රදේශයේ නාගරික ප‍්‍රාදේශීය මංසන්දි වල විරෝධතා ප‍්‍රධර්ශනය කරන්න පටන්ගැනීම ලාංකික දේශපාලන සංස්කෘතියේ හොද ප‍්‍රවර්ධන අවස්ථාවක්. දැවැන්ත සංස්කෘතික වෙළදපොලක් වු අඵත් අවුරුද්ද මෙනිසා ඉදිරි කාලයේදී විශාල පරිවර්තනයකට පත්විය හැකිය. පරිභෝජන වාදී මතවාද රාශීයක් එක්ව ගොණු වී තිබුණ සිංහල අඵත් අවුරුද්ද සැබැ පරිවර්තනයකට පත්වීමේ පළමු මංමාවත පසුගිය 2022අවුරුදු සමයේදී අත්දකින්නට ලැබු චිත‍්‍රය නොවේද?
වෙළද මිල තීරණය කරන සුක්‍ෂම සිංහල අඵත් අවුරුද්ද අරඹයා අපේ උරුමයක් සේ දායාද කර
තිබුණේ වංචනිකවය.
මිත්‍යා මතවාද ප‍්‍රබල විදියට ස්ථාපිත කරලා සිංහල අඵත් අවුරුද්ද ගොණු කරලා තිබුණේ පුදුම විදියට. මහ වංශයේ හෝ ඊට පසුව ලියවුණු මහ වංශ ටීකාවේවත් සිංහල අඵත් අවුරුද්ද පිළිබදව සදහනක් නැති පසුබිමක සංහල අඵත් අවුරුද්ද ගසට පොත්ත මෙන් ගොණු කිරීමට හැකි වුයේ කෙසේද? සූර්්‍යයා මීන රාශීයේ සිට ප‍්‍රවේශ වන අපේ සමාජය තුල දරිද්‍රතාවය 14 වන සියවසේ වන කාලයේදීය. දළදා සිරිත නැමති පොතේ එන ශකවසින් 1947 වැනි තියෙන සාදකය ඉන් එකක්.
ගඩලාදෙණිය සෙල්ලිපියේ සදහන් වෙනවා. 16 වෙනි සියවස වන විට කන්ද උඩරට රාජධානිය ආරම්භ වෙලා දකුණු ඉන්දීය රජවරුන් අනුරාපුර රජාවලියක් මහනුවර පටන් ගැනීමත් සමග දකුණු ඉන්දීය චාරිත‍්‍ර ඇදහිලි විශ්වාස හා ව්‍යාප්තිය සිදු වේ.
ජනවාරි මාසයේ අඵත් සහල් මංගල්‍යය පක් මාසේ අවුරුදු මංගල්‍යය ඇසළ මාසයේ පෙරහැර මංගල්‍යය ඉල් මාසයේ කාර්තිකමංගල්‍යයසියල්ලට විවිධ සංස්කෘතික පසුබිම එක් වි තිබේ. ඒ අනුව සලකා බලන විට පෙනී යන්නේ අඵත් අවුරුදු උත්සවය හින්දු සංස්කාතික ආක‍්‍රමණිකයක් සිදු වූ බව නෙවේද?
පසු කාලීනව ගෞතම ශ‍්‍රී සද්ධර්මය රබර් සිල් එකක් බවට පත් කර ගැනීම සහ වඩාත් සාර්ථක වී තිබේ.
නමුත් අ`ඵත් අවුරුද්ද නිසා දුප්පතා තව දුරටත් දුප්පත් කිරීමේ දුරාවලියක් අන්තර්ගතව තිබෙන නමුත් ඇතැම් සාරධර්ම කඩතුරා වලින් පිරි තිබෙන නිසා මහජනතාවට තේරුම් ගැනීමට නොහැකි තත්වයක් ඇති වි තිබේ.
ඇතැම් ප‍්‍රවේණි සම්ප‍්‍රදායන් නැකත් ශාත‍්‍ර නිසා සමස්ථ සමාජය අවුල් කර තිබේ.
සම්ප‍්‍රදාය නිසා හෝ වැඩිහිටියෙක් කිවුව නිසා හෝ හිතට යමක් හිතුණ නිසා යමක් නොපිළිගැනීම උගත් පුරවැසියන්ගේ යුතුකමය.
උත්සවයට අදාළ සම්ප‍්‍රදාය නිරික්‍ෂණය සම්පරික්‍ෂණය නිගමනය තුළින් අර්ථාන්විත නම් පමණක් පිළිගත යුතු වේ.
සත්‍යය තේරුම් ගැනීම ඉතාම බැරුරූම් ක‍්‍රියාවකි.
බොරුව තාවකාලිකය. සත්‍යය සදාතනිකය.
මිත්‍යාව සහ සත්‍යය අතර ගැටුම් ඇතිවීම ස්භාවිකය. ලොව සියල්ලටම මුල් වන්නේ ද්‍රව්‍ය නොවේද?
ද්‍රව්‍ය පංචේන්ද්‍රයන්ට විෂය වී මොළයට තැන්පත් වන්නේ දෙවෙනිවය.
තාරකා විද්‍යාඥයන් පුජකවරයෙකු වූ ලියනාඩෝ බෲනෝ මෙසේ පවසා ඇත. ලෝකය මවා ඇත්තේ දෙවියන් වහන්සේ නොවේ.
යලි යලිත් එදා එය ඔප්පු කර පෙන්වුවද ඒ දර්ශනවාදියාව ආගමට මුවා වි පුඵස්සා මරා දමා තිබේ. නමුත් එතුමා ප‍්‍රකාශ කල විශ්වය දෙවියන්ගේ නිර්මාණයක් නොවන සත්‍ය මරා දැමිමට අද දක්වා නොහැකි වී තිබේ. ජීවින්ගෙන් සත්වයා බිහි වී ඒතුළින් වානරයාගෙන් මිනිසා පරිණාමය වු බව හෙළි කලේ චාර්ල්ස් ඩාවින්ගේ සත්ව හා ශාක සන්නතියේ සම්භවය ග‍්‍රන්ථයෙන් මානවයා නැවත කිසියම් සත්වයෙක් වීඋපදින්නේ කුමන කර්මයක්ද බලපාන්නේ එය ඔප්පු කල ආගමික නායකයා කවුද? ඒවා හුදෙක් කතන්දර පමණක් නොවේද? මානව උපත කර්මයක් තුළින් උපදින වතාවක් තිබේද? නිවැරදි අවබෝධය සමස්ථ සියල්ලටම එකම විසදුම නොවේද? යමක හේතුව සහ ඵලය සොයා ගන්නේ විද්‍යා අධ්‍යාපනය නොවේද?
තෝමස් අල්වා එඩිසන් විදයාඥයා විදුලි බල්බය සෙවීම සදහා 999 වෙනි වාරයක් මහන්සි වී 1000 වෙනි වාරයේදි අරමුණ ඉටු කර ගෙන තිබේ. නිවැරදි දේ සොයා ගත් නොබෙල් සම්මාන ලාභීන් අවබෝධ කර ගත් දැනුම මොනතරම් ශ්‍රේෂ්ඨද? මිත්‍යා අන්දකාරයේ ගසට පොත්ත මෙන් බැදී තිබෙන නැකැත් චාරිත‍්‍ර රටේ සංවර්ධනයට බාදා පමුණුවන්නට ඉකුත් කාළය ගත වුවා නොවේද?
වර්තමාන තාරුණ්‍යයේ නැගිටිම මිත්‍යාවන් වලදැමීමේ ප‍්‍රවනතාවයක් නොවේද?
කියවීම, ඇසිම, දැකීම තුළින් ලබා ගත් පරිසර බුද්ධිය වර්ධනය වෙන්න මේ රටේ බාධා ඇති කරන එක් පැත්තක් බහුජන මාධ්‍යය
ශ‍්‍රව්‍ය හා දෘශ්‍ය මුද්‍රිත මාධ්‍යය වෙළද ආධිපතයයේ කොටස් කරුවන්ය. වෙළද මාෆියාවේ යැපීම තුළින් රට තුළමිත්‍යාව ව්‍යාප්ත කිරීමට රූපවාහිණි නාලිකා මෑත යුගයේදී අප‍්‍රමාණ මෙහෙවරක් කර තිබේ.
මිත්‍යාවට එරෙහි විමර්ෂණ ශිලි බුද්ධිය වර්ධනය කරන සුඵ රූපවාහිනි හා ගුවන් විදුලි වැඩසටහන් අල්පය බුද්ධිමය තාරූණ්‍යයේ නැගිටීම විවෘත ජීවමාන සංකේතයක් වූ අවුරුදු සමයේ නැගි සිටි තරුණ කොටස් මතු වූයේ පසුගිය කාළය තුල අන්තර්ජාලය තුල වනර්ධනය වූ විවෘත ක‍්‍රියාකාරකම් නිසාය.
මනස සිත හදවත පවතින්නක් නොවන බව නොවන බවත් එය මොළයේ ක‍්‍රියාකාරිත්වයක් බවත් මානව විද්‍යාඥයින් සොයා ගෙන ඇත.
හිතන දේ මොළයෙනුත් ලේ ගමනාගමනය හදවතිනුත් සිදු වන ක‍්‍රියාකාරිත්වයක් බව නිරික්‍ෂණ, සම්පරික්‍ෂණ, නිගමන තුළින් ඔප්පු වී තිබේ.
රූප, ශබ්ධ, ගන්ධ, රස, සපර්ශ යන පංචඉන්ද්‍රියන් සලිත කරන උපාය මාර්ග සිංහල අඵත් අවුරුද්ද පුරා අන්තර්ගය. රූපය යනු මොළය මගින් දැකීමය.
ශබ්ධය යනු කණට වැටෙන දෙයක් මොළය මගින් ඇසිමය. ගන්ධය යනු නාසයට සිදු වන ගද සුවද මොළය මගින් දැන ගැනීමය.
මොළයට සම්බන්ධ මේ ඉන්ද්‍රිය පහම සම්බන්ධ අඵත් අවුරුදු උත්සවය වඩාත් ව්‍යාප්තව ඇත්තේ බක් මාසය පුරා රාජ්‍යය හා පෞද්ගලිකත්වයේ ලබා දෙන අධික නිවාඩු කාලපරිච්ෙඡ්දය නිසාය. පසුගිය අඵත් අවුරුද්දට පෙර මෙවර රජය තාරුණ්‍යයේ නැගිටීම අවම කිරිමේ අපේක්‍ෂාවෙන් අපේ‍්‍රල් 11 12 යන දින රජයේ නිවාඩු දිනයන් බවට ලබා දුන්නේ රජයේ ආත්මාර්තකාමී අදහසින්ය.
සමාජ විරෝධය අවම කිරිමේ අදහසින් එය ලබා දන් නිවාඩුව නිසා රාජ්‍යත්වයේ බහුතරයක් කොළඹ ගාලූ මුව දොර පිටියට ඒකරාශී වූහ.
ඒ නිසා දිගින් දිගටම පවතින රජයට විරෝධය දැක්වීමේ ප‍්‍රවණතාවය උත්සන්න විය. ද්විපාර්ශවික ගාලූ මුවදොර සමාජ විරෝධය සදාතනික සමාජ උත්තේජනයක් බවට මේ වන විට පත්වෙමින් තිබේ.
රාජ්‍යය ප‍්‍රතිපත්තිය මෙහෙයවීමේ මුලධර්ම සහ මූලික යුතුකම් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 06 වන පරිච්ෙඡ්දයේ පැහැදිලිව සදහන්ය. සියඵපුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම් නන් වැදැරුම් නිදහස සපුරාලීම රජයේ ප‍්‍රධාන වගකීම බව ඉන් සනාථ කරයි.
ජාතික ජන ජිවිතයේ සියඵ ආයතන විසින් සමාජ ආර්ථක හා දේශපාලන සධාරණත්වය ගොණු කොට ගන්නා සමාජ ක‍්‍රමයක් හැකි තාක් සාර්ථකව ඇති කර ආරක්‍ෂා කරදීමෙන් ජනතා සුභ සිද්ධිය වර්ජනය කිරීම (ආ* ෙඡ්දයෙන් ව්‍යවස්ථාපිත කර තිබේ. (ඈ* ෙඡ්දය යටතේ රජ්‍ය අංශයේ හා පෞද්ගලික අංශයේ ආර්ථක ක‍්‍රියාවලියක් තුළින් සහ එකී ආර්ථක ක‍්‍රියාවලිය, රටේ සමාජ අරමුණු හා පොදු අභිවෘද්ධිය අරඹයා මෙහෙයවීම සහ සම්බන්ධීකරණය පිණිස යෝග්‍ය වන සැලසුම් හා පාලනය නීතියේ නියම කිරීමෙන් සීඝ‍්‍ර ලෙස මුඵ රට සංවර්ධනය කිරීම.
(ඉ* ෙඡ්දය යටතේ පොදු ජන යහපතට ඉවහල් වන පරිදි ප‍්‍රජාවගේ භෞතික සම්පත් සහ සමාජ ඵලය සියඵ පුරවැසියන් අතර සධාරණ ලෙස බෙදාහැරීම පවතින රජයේ ප‍්‍රධාන වගකීමකි. (ඊ* ෙඡ්දය යටතේ නිශ්පාදනයේ බෙදාහැරිමේ සහ හුවමාරු කිරිමේ මාර්ග රජයේ, රාජ්‍යය ආයතනයන්හි හෝ වරප‍්‍රසාද ලත් අතලොස්සක් අතෙහි හෝ එකරාශී නොවී සහ මධ්‍යගත නොවී ශ‍්‍රී ලංකාවේ සකල ජනතාව අතර විසිරි යන ප‍්‍රතිපත්තියක රජය නියැළිය යුතුය. මේ සියල්ලක්ඉටු කිරීමට ගෝඨාභය හා මහින්ද රාජපක්‍ෂ රජය අසමත් වී තිබේ. ඒ අසමත්වීම නිසා බුද්ධ අංශ වලට වාර්ථා වු කරුණ අනුව අපේ‍්‍රල් මස ගාලූ මුවදොර (ගෝල්ෆෙස්*භූමිය පොු මහජනතාවට තහනම් භූමියක් බවට රජය පත් කර තිබුණි. එම තහනම නොතකා සමස්ථ රට තුළින් ප‍්‍රජාව ඒකරාශී වූහ. මේ තත්වය හමුවේ රජය ලක්‍ෂ 14 වන රාජ්‍ය සේවකයින්ට විශේෂ අවුරුදු නිවාඩුවක් ලබා දෙන ලදී. රජයේ ආත්මාර්ථකාමී පිළිවෙත නිසා බහුතර ප‍්‍රජාවක් අතරමං විය. රාජ්‍ය සේවය අර්ථදායි ලෙස ක‍්‍රියාත්මක කිරිම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන්ම සනාධ කර තිබෙන පරිසරියක් තුල ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කිරීම බරපතල වරදකි. උත්සව කාලයේදී පාරිභෝගික ද්‍රව්‍ය මිළදී ගැනීමට තිබෙන අයිතිය ඉන් තහවුරු වනු ඇතැයි අතැමෙක්ට කිව හැකිය.
නමුත් අපේ‍්‍රල් 11 සහ 12 යන දිනයන් බොදු නිවාඩු දිනයක් බවට පත් කිරීමෙන් රජයේ දැක්ම අවලක්‍ෂන විය.
අත්‍යවශ්‍ය සේවා පවත්වන රාජ්‍ය ආයතන වල සේවක සේවිකාවන්ද මේ නිවාඩු වරප‍්‍රසාදය ලබාගෙන තිබුණි.
ඉන් අපහසුතාවයට පත් වූයේ පොදු ප‍්‍රජාවය.
සමස්ථ රෝහල් වල කාර්යය මණ්ඩල නිවාඩු ගෙන තිබුණි.
අදාල අපේ‍්‍රල් 11 12 යන දින වලට නියමිත රෝහල් සායන නොපැවැත්වුණි. දුරබැහැර ප‍්‍රදේශ වල සිටි මහජනතාව ඉන් අපහසුතාවයට පත් විය.
උත්සව කාලසීමා වලදී පාරිභෝගිකයින් සූරාකෑමට ලක් වීම අවම කිරීම සදහා සිටින පාරිභෝගික අධිකාරියද සිය කාර්්‍යය මණ්ඩල නිවාඩු ගෙන තිබුණි. වෙළද ප‍්‍රජාවගේ අවභාවිතාවන් අධික්‍ෂණය පරික්‍ෂණය විනිවිද භාවයෙන් කියා සිටීමට පාරිභෝගික අධකාරිය මේ වන විට සිය රාජකාරි හකුලා ගෙන ඇත්තේ මාස ගණනකට පෙර සිටය.
ඔවුන්ගේ මෙහෙවර ඉටු නොවන්නේ නම් ඔවුන් සදහා මහජන බදු මුදලින් වැටුප් ගෙවිය යුතුද? රජයට මූලික අරමුණු මෙසේ ඉටු නොවන පරිසරයක් තුල නිල් පාක්‍ෂික පුරවැසි හමුදා දිවයින පුරා එක්රැුස් වෙමින්කොළඹ ගෝල්ෆෙස් පිටියට රොද බදින්නේ මේ නිසාය. රාජ්‍යය ප‍්‍රතිපත්ති පිළිබද මුලධර්ම සුගකිමට අසමත් ආණ්ඩු වසර 74 ක් පුරා රට කරවා ඇත. අඵත් අවුරුද උත්සව වැනි හා ආගසින න්‍යායන් ගොණුකර ගෙන සමාන්‍ය ජනතාවගේ සමාන්‍ය බුද්ධීයට නිගා දුන් ආණ්ඩු දුරාවලියක් එදා මෙදා දකින්නට ලැබේ. පවුල සමාජයේ මූලික ඒකකය වශයෙන් රජය පිළිගෙන ආරක්‍ෂා කිරීමට නම් යහපත් රාජ්‍යයය ප‍්‍රතිපත්තියක් අනුගමනය කල යුතුය. ආර්ථික හා සාමාජික වරප‍්‍රසාද ආණ්ඩු වල නඩයන් දුක් විදින්නේ සමාන්‍ය ජනතාවගේ සමාන්‍ය බුද්ධියට නිගා දීම නිසාය.
පාරිභෝගික අවශයතා ඉටු කිරීමට රජය පසුගිය කාළය තුල අසමත් විම නිසා ප‍්‍රජාව මේ වන විට විදී බැස තිබේ.
නමුත් මෙවන් කාළයක් මෙතෙක් මතු නොවූයේ විවිධ උත්සව හා ලාංකික සංස්කෘතිය බෞද්ධකම ප‍්‍රයෝජනයට ගනිමින්ය.
සුමිත් කොඩිතුවක්කු ලියයි
තව කොටසක් බලාපොරොත්තු වන්න