ලංකාවේ ව්‍යවස්ථාදායකය, විධායකය, අධිකරණය යන කුළුණු තුනෙන් පසුව ඇති සමාජ කුළුණ ජනමාධ්‍යයයි.
ස්වාධීනත්වය, හිමිකාරත්වය අහිමි කරන ආණ්ඩුවක් හමුවේ මේ වන විට වෘත්තීය සමිති නායකයින්, කලාකරුවන්, රාජ්‍ය පරිපාලන ක්‍ෂේත්‍රයට සම්බන්ධ විද්වතුන් මේ ආණ්ඩුවේ තනතුරු හඹා යාමේ මාවතක යොමුවෙලා ඉන්නවා.
ඔවුන්ගේ හැසිරීම හා භාවිතය තුළ දකින්නට ලැබෙන්නේ විරෝධය විකුණාගෙන කෑම සහ ප්‍රජාතන්ත්‍රවාදයට මුවා වෙලා සමාජ ප්‍රතිරූපයක් ගොඩනගාගෙන පාදඩ, නොසණ්ඩාල ආණ්ඩුවක වගකීම් පවරාගැනීමේ තත්ත්වයක් දකින්නට ලැබෙනවා.
මේ කාලය වන විට ස්වාධීන කොමිෂන් සභාවල ප්‍රධානින් හා සාමාජිකයින් පත්කරමින් යන වකවානුවක් යැයි කිව්වොත් වඩාත් නිවැරදියි.
ආණ්ඩුවේ නොසණ්ඩාල හැසිරිම හා භාවිතය තුළ තමනුත් යම් තනතුරක් ලබාගැනීමේ මාවතක ගොඩනගාගැනීම සඳහා දැනට ඉන්නා ස්වාධීන කොමිෂන් සභාවල සාමාජිකයින් නැවතත් ආණ්ඩුවේ යටතේ පත් කරගැනීම සඳහා විවිධ උපාය මාර්ග යොදමින් ඉන්නා බව පෙනෙන ලක්ෂණයක්.
ඒ බව වඩාත් සනාථ වන්නේ මානව හිමිකම් කොමිෂන් සභාවේ කොමසාරිස්වරු තිදෙනෙක් ජනාධිපතිවරයා හමුවීමට ගත් උත්සාහයක් නිසයි.
මෙවැනි නොසණ්ඩාල සමාජ මාවතක් හමුවේ ප්‍රතිනිර්මාණය වන්නේ එවැනි සමාජ පරිසරයක්.
විධායකය, ව්‍යවස්ථාදායක, අධිකරණය යන ප්‍රධාන කුළුණු තුන හැරුණකොට හතරවන කුළුණ වන ජනමාධ්‍ය මේ සම්බන්ධව නිහඬ වන්නේ නම් නිර්මාණය වන්නේ අයුක්තිය රජයන සමජයක් නොවේද?
ස්වාධීන කොමිෂන් සභාවල ජවය බලය දිය කර හැරීමට ආණ්ඩුව සැලසුම් කරන විට ප්‍රවර්ධනය වන්නේ මානව හිමිකම් කොමිෂන් සභාවේ කොමසාරිස්වරු නැගී සිටීමේ අයුතු සහගත සමාජ ප්‍රවණතා තව තවත් ඉදිරියට වෙනත් වෙනත් පාර්ශ්වවලින් මතු වීම නොවේද?
අප පළාත් පාලන මැතිවරණය නිමිතිකරගෙන මේ සම්බන්ධව මේ විචාරය තුළින් යම් තොරතුරු ප්‍රමාණයක් විවරණය කරන්න බලාපොරොත්තු වෙනවා.
පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට නියමිතව පැවතුණේ ඉකුත් 2022 මාර්තු මාසයට පෙරයි.
ඒ නිසා ඊට පෙර අයවැයෙන් ද මැතිවරණ කොමිසම මුදල් ඉල්ලුම්කර තිබුණා.
නැවතත් මැතිවරණ කොමිසම 2023 වසර අදාළව ඉදිරිපත් කරන ලද අය වැයටත් අදාළ ප්‍රාග්ධන වියදම් ඉදිරිපත් කර තිබුණා.
ඉන් පසුව ඉකුත් වසරේ 2022 නොවැම්බර් මාසයේදී අයවැය පාර්ලිමේන්තුවට ගෙන ආවා.
විවාද කර අවසන් වූ පසුව දෙසැම්බර් මාසයේදී අයවැය සම්මත වුණා.
මේ අයවැය ඉදිරිපත් කළේ වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා.
ඔය විවාද කාලය අතරතුර මැතිවරණයට අදාළ රුපියල් බිලියන 10ක මුදල අයවැය තුළ අන්තර්ගතව තිබුණා.
මැතිවරණයට රුපියල් බිලියන 10 වැඩි බව කිසිම අයෙක් කිසිදු අවස්ථාවක පාර්ලිමේන්තුව තුළ ප්‍රකාශ කළේ නැහැ.
වැඩි ඡන්දයෙන් අයවැය සම්මත වූ පසුව 2023 ජනවාරි මාසයේදී කියනවා මැතිවරණ රුපියල් බිලියන 10ක් වියදම් කිරීම වැඩි බව මුල් අවස්ථාවලදී දේශපාලන නායකත්වය තුළින් විටින් විට කියැවුණා.
මුදල් නැහැ කියලා මුදල් පාලනය කරන්නේ පාර්ලිමේන්තුව ඒ සම්බන්ධව කිසිම අයවැය සම්මත වන කාලපරිච්ඡේදයේදී විවාදයට තුඩුදුන් අවස්ථාවේදී ප්‍රකාශ කළේ නැහැ.
ඒ වන විට හා මේ වන විට ව්‍යවස්ථාපිත අදාළ මුදල් භාණ්ඩාරගාරය තුළින් මැතිවරණයට වෙන් කිරීමේ නෛතික වගකීම ඇත්තේ මුදල් අමාත්‍යංශයටයි.
පත්තරවල දෛනිකව විවිධ ආර්ථික කතන්දර පළවෙමින් තිබෙනවා.
මැතිවරණයට අදාළ මුදල් ලබාදීමට ව්‍යවස්ථාපිතව බැඳී සිටින්නේ මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා.
ඒ ඒ අවස්ථාවන්වලදී අවශ්‍යතාවය අනුව කඩින් කඩ හෝ මුදල් දෙන බව ඔවුන් ආරම්භයේදී කිව්වා.
මැතිවරණයට වෙන් කරන මුදල එකවර ගෙන වියදම් කරන සම්ප්‍රදායක් මැතිවරණ කොමිසම තුළ නැහැ.
ඉතිහාසය තුළත් එවැනි සම්ප්‍රදායක් දකින්නට තිබුණේ නැහැ.
එය අවශ්‍යතාවය අනුව කඩින් කඩ වියදම් කිරීමේ පරිසරය ඉතිහාසය තුළ දකින්නට ලැබෙනවා.
මුදල් අවශ්‍ය වන්නේ අදාළ අවස්ථාවන්වලට පමණයි.
මැතිවරණයට අවශ්‍ය මුදල් කඩින් කඩ ලබාදී තිබෙන ඉතිහාසයක් මැතිවරණ දෙපාර්තමේන්තුව කාලපරිච්ඡේදයේදීත් දකින්නට ලැබෙනවා.
පෙර වර්තමාන බාධා කිරීම් තිබුණේ නැහැ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් වෙන් කරන ලද නිශ්චිත කාර්ය භාරයක් මැතිවරණ කොමිසමට තිබෙනවා.
මෑතකදී එනම් 2022 අවසානය හා 2023 ආරම්භයේදී විවිධ අමාත්‍යංශවලට ලේකම්වරුන් පත් කරනු ලැබුවා.
ආණ්ඩුව එහිදී ප්‍රතිපත්තිය වුණේ ලේකම්වරුන්ගේ කාර්යක්ෂමතාවය මාස 6ක් තුළ පරීක්ෂාවට ලක් කරනවා කියලා.
ඒ අනුව මේ වන විට මාස 6කට ආසන්න වෙමින් තිබෙනවා.
මැතිවරණ කොමිසමට ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය රටේ ජනතාවට තහවුරු කිරීමට හිමිකම ලබාදිය යුතු මූලික හරය මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් කඩකප්පල් කරමින් තිබෙනවා.
ඒ අනුව ඔහුගේ අකාර්යක්ෂමතාවය පිළිබඳව තවමත් රාජ්‍ය අංශයේ ප්‍රකාශයක් නිකුත් වී නැහැ.
නෛතිකව වෙන් කරන ලද මුදල් මහා භාණ්ඩාගාරය සතුව තිබෙනවා.
එම මුදල් මනාව මැතිවරණ කොමිසමට කළමනාකරණයට නොදීම ගැන වර්තමාන මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා අකාර්යක්ෂමතාවය මේ වන විට ප්‍රදර්ශනය කරලා තිබෙනවා.
ඒ සම්බන්ධව නෛතික පියවර සඳහා ශ්‍රේෂ්ඨාධිකරණයට ගිය අවස්ථා දැනට දකින්නට ලැබෙනවා.
21 වන ව්‍යවස්ථා සංශෝධනයට අනුව නැවත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවක් පත්කර තිබෙනවා.
මේ ව්‍යවස්ථා සංශෝධනය ගෙන එද්දීම කියපු ප්‍රකාශ වූ කාරණයක් තමයි කොමිෂන් සභා අහෝසි වන බව.
එහෙම වුණත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවක් පත් කර කොමිෂන් සභාවල අලුතින් සාමාජිකයින් පත් කරන තෙක් දැනට සිටින සාමාජිකයින්ගේ ධුර කාලය එලෙසම පවතිනවා.
ඒ අනුව ඔවුන්ට තමන්ගේ බලතල කාර්යයන් ඉටු කිරීම ඔවුන්ගේ එකිනෙකාගේ සාමාජිකයින්ගේ වගකීමක්.
එය පැහැර හරින්න බැහැ.
නමුත් දැන් සිදුවී ඇත්තේ වෙනස් තත්ත්වයක්.
ඒ පිළිබඳව ගැටලු සහගත තත්ත්වයක් දකින්නට ලැබෙනවා.
ව්‍යවස්ථාදායක සභාව විසින් කොමිෂන් සභාවට අලුත් සාමාජිකයින් පත් කිරීමේදී දැනට සිටින සාමාජිකයින්ගේ ධුර කාලය අහෝසි වෙනවා.
මේ වන විට දැනට වෙනස් තත්ත්වයක්.
ඒ පිළිබඳ ගැටලු සහගත තත්ත්වයක් දකින්නට ලැබෙනවා.
ව්‍යවස්ථාදායක සභාව විසින් කොමිසන් සභාවට අලුත් සාමාජිකයින් පත් කිරීමේදී දැනට සිටින සාමාජිකයින්ගේ ධූර කාලය අහෝසි වෙනවා.
මේ වන විට දැනට සිටින කොමිසන් සභාවේ සාමාජිකයින්, ආණ්ඩුවට සහ රනිල් වික්‍රමසිංහගේ පාලනයට කඩේ යන සංස්කෘතියක් ඉස්මතු වෙමින් දකින්නට ලැබෙනවා.
ව්‍යවස්ථාදායක කොමිසමේ තනතුරුවලට අලුත් සාමාජිකයින් විවිධ කොමිෂන්වලට පත් කරමින් තිබෙනවා.
කවුරු කුමන පුද්ගලයින් නව කොමිසම මගින් සභාවක පත් වුවත් ක්‍රියාත්මක කිරීමට තිබෙන නීතිය පැහැදිලිවම අන්තර්ගතයි.
මැතිවරණ කොමිසන් සභාවට පනත් හයක් ක්‍රියාත්මක කරන්නට නෛතික පරිසරයක් තිබෙනවා.
කොමිසන් සභාවට කවුරුන් ආවත් ඔවුන්ට කටයුතු කරන්නට සිදුවන්නේ තිබෙන ව්‍යවස්ථාපිත රාමුව තුළයි.
නමුත් එම ව්‍යවස්ථාපිත රාමුව කඩා බිඳ දැමීම සඳහා විවිධ උපාය මාර්ග ක්‍රියාත්මක කිරීමේ සමාජ වටපිටාවක් ජනාධිපතිවරයාගේ නායකත්වය යටතේ ක්‍රියාත්මක වෙමින් නැවත නැවත අලුත් උපායමාර්ගිකව ක්‍රියාත්මක වන පරිසරයක් දකින්නට ලැබෙනවා.
කොමිසමේ සාමාජිකයින්ට කොමිසමට පැමිණීමට නොහැකි පරිදි ඔවුන්ට මරණීය තර්ජන එල්ල කිරීම පසුගිය ජනවාරි, පෙබරවාරි, මාර්තු වලදී දකින්න ලැබුණේ ආණ්ඩුවේ තව ව්‍යාපෘතියක්ද යන්න ගැටලු සහගත තත්ත්වයක්.
නමුත් ඔවුන් භෞතිකව අවංකව සත්භාවයෙන් වැඩ කිරීමේ හැකියාව ඇති සාමාජිකයින් දුරකථන මාර්ග හා සූම් තාක්ෂණ ඔස්සේ අදාළ එකඟතාවයන් ලබාදී තිබුණු අවස්ථාත් තිබෙනවා.
මැතිවරණ කොමිසමේ සාමාජිකයනි් ඊට අදාළ ලියවිලි අත්සන් කර ලබාදී තිබෙනවා.
අනික් කාරණය කොමිසම මැතිවරණ දිනය තීරණය කරල තේරිම්භාර නිලධාරියාට දැනුම්දීම පසුගිය කාලයේ සිදුවුණා.
යම් කණ්ඩායමක් තීරණ ගනිද්දී ලිඛිතව වාචිකව ගන්නවා.
මැතිවරණ කොමිසමට මේ එල්ල කරන ඇතැම් චෝදනා පවතින ආණ්ඩුවේ තිරය පිටිපස නිර්මාණාත්මක රචනාවන් ඒ තුළ අන්තර්ගත වන බව පෙනෙන්නට තිබෙනවා.
එවැනි අවස්ථාවක් පැහැදිලිව මතු වූයේ 2023 ජනවාරි 2 වන සතිය තුළයි.
ජනවාරි 10 දින මහත් ආන්දෝලනයට තුඩු දුන් සිද්ධියක් වූයේ ඇප මුදල් ලබාගැනීම අත්හිටුවන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් දිස්ත්‍රික් ලේකම්වරුන් / තේරුම්භාර නිලධාරින් වෙත ලිපියක් භාරදී පැයක් වැනි කාලයක් තුළ අදාළ ලිපිය යළි කැඳවීමත් සමඟයි.
විපක්ෂයේ දේශපාලන පක්ෂ මේ පිළිබඳව විමතිය පළ කළේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලවත් මැතිවරණ නීතියට අනුවත් එවැනි නියෝගයක් ලබාදීමට රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම්වරයාට බලයක් නැති බවයි.
කැබිනට් මණ්ඩලයේ තීරණයකට අනුව තමන් ලිපිය නිකුත් කළ බව අදාළ ලේකම්වරයා මැතිවරණ කොමිසම හමුවේ ප්‍රකාශ කර තිබුණා.
අදාළ ලේකම්වරයා කොමිසම හමුවට කැඳවා කළ ප්‍රශ්න කිරීමකදී ඒ බව තහවුරු වුණා.
ඔහු එහිදී අවධාරණය කර තිබුණේ මැතිවරණ කොමිෂන් සභාවේ ක්‍රියාවලියට මැදිහත් වීමේ කිසිදු අරමුණක් හෝ චේතනවාක් නොතිබූ බවත් හුදෙක් අමාත්‍ය මණ්ඩල තීරණය ක්‍රියාත්මක කිරීම පමණක් සිදු කළ බවත්ය.
නමුත් අග්‍රාමාත්‍ය දිනේශ් ගුණවර්ධනගේ පාර්ලිමේන්තුවේ ප්‍රසිද්ධ ප්‍රකාශයක් නිසා ඒ තත්ත්වය එකිනෙකට පරස්පර බව මේ රටේ ජනතාවට අවබෝධ වුණා.
එවැනි පරස්පර ප්‍රකාශ නිකුත් කිරීම පිළිබඳ ඉදිරි මැතිවරණවලදී සිංහයින් සේ දේශපාලනයේ යෙදී සිටින පුද්ගලයින් සුනඛයින් කිරීමේ වගකීම ඇත්තේ පොදු ජනතාවටයි.
රාජ්‍ය පරිපාලන ඇමති, අගමැති දිනේශ් ගුණවර්ධනයි.
ඔහු ජනවාරි 17 වන දින පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර තිබුණේ අදාළ ඇමතිවරයා වශයෙන් හෝ කැබිනට් මණ්ඩලය වශයෙන් හෝ පළාත් පාලන මැතිවරණයේදී ඇප මුදල් භාරගැනීම අත්හිටුවන්නැයි කිසිදු නියෝගයක් ලබාදී නැති බව ඔහු ප්‍රකාශ කර සිටියා.
අගමැතිවරයා මේ ප්‍රකාශ කර ඇත්තේ 2023 දින ජනවාරි 17 වන දින පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදීමෙන්.
මන්ත්‍රීවරයා විෂය භාර ඇමතිවරයාගෙන් ප්‍රශ්නකර තිබුණේ පළාත් පාලන මැතිවරණය අත්හිටුවීමට කැබිනට් මණ්ඩලය තීරණයක් ගත්තාද?
ඒ තීරණය මැතිවරණ කොමිසමට හා දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරින්ට දන්වන්නැයි රාජ්‍ය පරිපාලන ලේකම්වරයාට උපදෙස් දුන්නාද යන්න ගැන දැනගැනීමටයි.
අගමැතිවරයා පවසන පරිදි පළාත් පාලන මැතිවරණය අත්හිටුවීමට ආණ්ඩුව කිසිදු නියෝගයක් ලබාදී නැති බව 2023 ජනවාරි 17 වන දින පාර්ලිමේන්තුවේදී ඔහුගේ ප්‍රකාශ අනුව තේරුම් යන්නේ කුමක්ද?
වැරදි මතයන් ජනතාව තුළ ඇති කිරීමට දේශපාලන වගකීමක් ඇති අය උත්සාහ නොකළ යුතු යැයි අගමැති දිනේශ් ගුණවර්ධන එහිදී ඉල්ලා සිටියා.
රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම්වරයා යම්කිසි චක්‍රලේඛයක් නිකුත් කළා නම් එය රාත්‍රියේම ඉල්ලා අස්කර ගත් බව රාජ්‍ය පරිපාලන ඇමැති අගමැති දිනේශ් ගුණවර්ධන පාර්ලිමේන්තුවේ ප්‍රකාශ කරන විට ජනතාවට හැඟී යන්නේ චක්‍රලේඛයක් නිකුත් කළාද යන්න ගැන වත් විෂය භාර ඇමැතිවරයාට නිසි අවබෝධයක් නැති බව නොවේද?
එවැනි වගකීමෙන් තොර අගමැතිවරයෙක් අපට සිටීම ඉතාම කණගාටුවට කරුණක් නොවන්නේද?
රාත්‍රියේ ඉල්ලා අස්කර ගත්තා යැයි ඔහු කියද්දී ජනතාවට පෙනී යන්නේ චක්‍රලේඛයක් නිකුත් කර ඉල්ලා අස්කර ගත් බව අදාළ ඇමතිවරයා දන්නා බවක් නොවේද?
අන්තෝ ජටා බහි ජටා කියන්නේ මේවාට නොවේද?
අදාළ ලිපියේ වගකීම දැන සම්පූර්ණයෙන් පැටවී ඇත්තේ රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම්වරයාටය.
කැබිනට් මණ්ඩලය අතසෝදාගෙන පවුකාර එළුවා බවට මේ වන විට හිටපු ලේකම්වරයා පත් වී තිබෙනවා.
ලේකම්වරයා සිහින ලොවක සැරිසරමින් සිටියදී අදාළ ලිපිය යවා ඇති බවක් ද මෙයින් පෙනී යන්නේ.
රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම්වරයා යනු සමස්ත දිවයිනටම රාජ්‍ය පරිපාලනයට ඉන්නා ප්‍රධාන නියමුවරයෙකි.
එවැනි නියමුවරයෙක්ගේ දැනුම ප්‍රඥාව ඉතාම ළිං කටක නම් තියෙන්නේ රටේ තත්ත්වය කෙබඳුද?
රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම් ධුරයට එවැනි පත්කිරීමක් දෝෂ සහගත බවත් එවැනි පත්කිරීමට දායකත්වය දුන් සුනඛ දේශපාලනඥයාද ජනතාව තේරුම්ගත යුතු නොවේද?
දේශපාලනඥයන් කියන පදයට නටන රාජ්‍ය ලේකම්වරුන්ගේ රටාව මින් ප්‍රදර්ශනය නොවන්නේය.
රාජ්‍ය පරිපාලන සේවයටත් එහි සිට අදීන නිලධාරින්ටත් දැනට සිටින එවැන්නන්ටත් මෙවැනි ලේකම්වරු කරන්නේ නිගරුවක් නොවේද? අගෞරවයක් නොවේද?
ප්‍රධානම සාධකය වන්නේ හිටපු රාජ්‍ය පරිපාලන ලේකම්වරයා සහකාර මැතිවරණ කොමසාරිස්වරයකු ලෙසත් කලක් කටයුතු කර තිබෙන රාජ්‍ය නිලධාරියෙක් වන නිසාය.
පරිපාලන අමාත්‍යංශයේ ලේකම්වරයා වශයෙන් මැතිවරණ නීතිය නොදැන සිටියා විය නොහැකියි.
ඒ කෙසේ වුවත් නිත්‍යානුකූල හෝ නීති විරෝධී හෝ තේරීම් භාර නිලධාරින්ට ලිපියක් යැවීමට කැබිනට් බලය නොතිබූ බව විෂය භාර ඇමැතිවරයා පවසන නිසා ලේකම්වරයා මැතිවරණ කොමිසම හමුවට ගොස් කියා ඇත්තේ බොරු නොවන්නේද?
ඒ තත්ත්වය අනුව ඇත්තටම ආණ්ඩුව ගත යුතු පියවර කවරේද?
ඇත්තටම මේ තත්ත්වය ඉතාම කනගාටුවට කරුණක් නොවන්නේද?
රාජ්‍ය පරිපාලන හා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම් නීල් බණ්ඩාර හපුහින්න (හිටපු ලෙකම්) මහතා දිස්ත්‍රික් ලේකම්වරුන්ට ඇප මුදල් භාර නොගන්නා ලෙසට යොමු කළ ලිපිය නීති විරෝධී අපරාධ වරදක් වන්නේ මැතිවරණ නීතියට අනුවයි.
එසේ නම් ඒ පිළිබඳව සිදුකර ඇති වරද සම්බන්ධව ඊට එරෙහිව මහාධිකරණය හමුවේ නඩු පැවරීම නීතිපති සංජය රාජරත්නම් මහතාගේ වගකීම නොවන්නේද?
හපුහින්න මහතා මැතිවරණ කොමිෂන් සභාවේ විධානවලට අනුකූල වීම අපොහොසත් වීම සහ එකී විධානවලට පටහැනි ආකාරයෙන් තේරීම් භාර නිලධාරින්ට විධාන නිකුත් කිරීම නීති විරෝධී කටයුත්තක් බව දැන දැනම නීතිපති දෙපාර්තමේන්තුව නිහඬව ඉඳීමෙන් පෙනී යන්නේ කුමක්ද?
ඒ තුළින් ප්‍රදර්ශනය කරන්නේ ලංකාවේ නීතිය වල් වැදී ඇති බවක් නොවේද?
මේ තුළින් ආණ්ඩුව මහජනතාවට ලබාදෙන පණිවිඩය කුමක්ද?
පළාත් පාලන ඡන්දත් නැහැ. මහ මැතිවරණත් නැහැ. ජනාධිපතිවරණයත් නැහැ.
ඒ නිසා නපුංසකයින් ලෙස ජීවත්වීමට පුරුදු පුහුණු විය යුතු බව නිහඬව ජනතාවට ලබාදෙන සංදේශය ද?
ඒ නිසා ප්‍රජාතන්ත්‍රවාදී හිමිකම් ආරක්ෂා කරගැනීම සඳහා වඩාත් පුළුල් මෙහෙවරකට ජනතාව යොමු විය යුතු බව පැහැදිලි සත්‍යයක්.
ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ නිරන්තර සංවාදය යෙදෙන තත්ත්වයක් අපට දකින්නට ලැබෙනවා.
සමස්ත පුරවැසි ප්‍රජාව දේශපාලන ප්‍රජාවක් බවට පත්කර ගත යුතු වන්නේ ඊට මැදිහත්ව ක්‍රියා කරන හැසිරෙන දේශපාලන පක්ෂ හා මැතිවරණ කොමිසම නොවේද?
මිනිසුන් ප්‍රජාතන්ත්‍රවාදය වෙත වඩ වඩාත් ආසක්ව කිරීම ඇබ්බැහි කිරීම ඊට සම්මාදම් කිරීම පොදු සියලු විද්වත් ප්‍රජාවන් තුළ වගකීම නොවේද?
එසේ නොවනතාක් කල් අධර්මික පාලකයන් අභියස පුරවැසියා නපුංසක නොව්නනේද?
ඒ නිසා පොදු අපේ ජීවන විලාසිතාව සරසා ගත යුත්තේ නිදහස් සිතීමක් වර්ධනය කර ගැනීමෙන් නොවන්නේද?
පුද්ගල අභිවර්ධනයක් හෝ සමාජ ප්‍රගමනයක් සිදු වන්නේ එවිට නොවන්නේද?
මේ වන විට ශ්‍රී ලංකාව ව්‍යසන ග්‍රහණ ප්‍රතිරූප දේශපාලනය තුළ යැපෙමින් සිටිනවා යන්න පැහැදිලිව ප්‍රදර්ශනය වන සත්‍යයක්.
පුරවැසි සම්භාෂණය සඳහා ඉඩ හසර ලබාදීම ජනමාධ්‍යයේ වගකීමක්.
මුව මුවඟ රැව් පිළිරැව් දෙන පුරවැසි සාකච්ඡා ආරම්භ විය යුත්තේ ඒ නිසයි.
හොඳට හොඳයි නරකට නරකයි කියන විද්වතුන් පුරවැසියන් ආගමික නායකයින් හා සමාජ ක්‍රියාකාරකයින්ගේ බලවත් හිඟයක් මේ වන විට රට පුරා දකින්නට ලැබෙනවා.
නොලද දේ අත්පත් කර ගැනීමේ මඟක් පාදා ගැනීමට නම් ප්‍රජාතන්ත්‍රවාදී මාවත අනේක දුක් ගැහැට හමුවේ ගොඩනගාගැනීම සියලු දෙනාගේම වගකීම විය යුතුය.
ලිව්වේ
සුමිත් කොඩිතුවක්කු