රාජකීය විද්‍යාලයේ ක‍්‍රිකට් නායකයාගේ නායකත්වය වගේ තමන් ක‍්‍රියා කරනවා කියලා ජනාධිපති රනිල් වික‍්‍රමසිංහගේ ප‍්‍රකාශය තුළ අන්තර්ගතය විශ්ලේෂණාත්මක ලෙස මේ රටේ උගතුන් අධ්‍යයනය කර ශ‍්‍රී
ලංකාවට අදාළ ප‍්‍රතිචාර දැක්විය යුතු අවස්ථාවක අප මේ වන විට පසුවෙනවා. ශ‍්‍රී ලංකාව පුනරුද කටයුතු සඳහා මැදිහත් විය යුතු අවස්ථාවක මේ පසුවන්නේ.
ප‍්‍රබන්ධ කතා කියන රනිල් ධනය හා බලය සමස්ත ප‍්‍රජාව 2015දී පාවාදුන් පාදඩ රාජපක්ෂ පවුලට පාවාදුන් රනිල් වික‍්‍රමසිංහගේ නොහැකියාව පිළිබඳව ඔහුගේම ඥාතීන් පවසන කරුණු මේ ලේඛනය යටතේ ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා.
රනිල්ගේ ක‍්‍රිකට් ඇදහිල්ල මතින් නැගී සිටීමට උත්සාහ දැරීම තුළම රනිල්ගේ සර්ප ගති පෙන්නුම් කරන
තවත් හොඳ සාධකයක්.
එය මතුපිටින් නොපෙනෙනුත් ඒ පිළිබඳව ගැඹුරින් විග‍්‍රහ කළ යුතු අවස්ථාවක අප පසුවෙනවා. කාලයකට සර්පයා ගුහා ගත වීම සාමාන්‍ය දෙයක්.
සර්පයකුට උපායශීලී අධර්මය ආත්මගතයි.
ඒ බව සනාථ කරන්නේ රනිල් වික‍්‍රමසිංහ රජය කෙටුම්පත් කර තිබෙන ප‍්‍රති ත‍්‍රස්ත පනතයි.
යෝජිත කෙටුම්පත් කර ඇති අදාළ පනත මගින් ශී‍්‍ර ලංකා වාසී සමස්ත ජනතාවම ත‍්‍රස්තවාදීන් ලෙස සලකා කෙටුම්පත් කර ඇති බව එහි අන්තර්ගතය අනුව පෙනී යන සත්‍යයක්.
මනුෂ්‍ය ජීවිත හානියට දෂ්ඨ කරන්න සර්පයකු සතු කුහකත්වය නහරගත වෙලා තියෙන එක ස්වභාවික
ගුණයක්.
රටක නායකත්වය ක‍්‍රිකට් නායකයකුට තක්සේරු කළ හැකිද?
රටේ ප‍්‍රධාන පුරවැසියා සමස්ත ජනතාවගේ නායකයකුට සතු නොවන ගුණාංග ඉන් ප‍්‍රදර්ශනය නොකරන්නේ ද?
රටක නායකත්වය ක‍්‍රිකට් නායකයෙකුට තක්සේරු කිරීමෙන් ම රනිල් වික‍්‍රමසිංහ පිළිබඳව පැහැදිලි චිත‍්‍රයක් ශ‍්‍රී ලංකා ජනතාවට තේරුම්ගන්න පුළුවන්.

රනිල් වික‍්‍රමසිංහ පොත් කන කාවෙක් වැනියි කිව්වොත් වඩාත් නිවැරදියි.
කාවා පොත කන්නේ පොතේ පෙනුම වෙනස් නොකර පොත අභ්‍යන්තරය සෙමින් සෙමින් විනාශ කර දැමූ පසුවයි.
රනිල් වික‍්‍රමසිංහත් ශ‍්‍රී ලංකාව විනාශ කළේ අගමැති වී සෙමින් සෙමින් කීප වරක් අගමැති වෙමින් සෙමින් සෙමින්.
කාවා පොත සම්පූර්ණයෙන් විනාශ කර දැමුවයි හානිය මුලූමනින්ම ප‍්‍රදර්ශනය වෙන්නේ අවසන් මොහොතේ. අද අප එතැනට පත්වෙලා ඉන්නේ.
රනිල් හිතුවක්කාර විදියට රට පාලනය කරන්න පටන් අරගෙන තිබෙන තත්ත්වයක් ඔබත් මාත් දන්නා සාමාන්‍ය සිද්ධියක් බවට පත්වෙලා හමාරයි.
රටේ නායකයා ජනාධිපති හැටියට තව තවත් එල්ල කරන පීඩනය හා බලපෑම දරාගන්න බැරි තරම්.
ඒක නිසා අයිතියත් ජනතාවට තමන්ගේ අයිතිවාසිකම් පිළිබඳව හඬ නැගීමේ අයිතියත්, නීතියෙන් අනුමත කරලා තියෙන අයිතියත් රනිල් වික‍්‍රමසිංහ මේ වන විට උදුරාගනිමින් තිබෙනවා.
මේ විරෝධය පෑම ජනාධිපති හැටියට රනිල් කලබලයට පත් කරන්නේ කුමක් නිසාද?
රනිල් වික‍්‍රමසිංහ නම්‍යශීලී වෙයිද කියලා කිසිවකුටත් කල්පනා කරන්න බැරි ඔහුගේ ඉතිහාසය පුරා ඇති පාදඩ සංස්කෘතික ගුණාංග නිසා.
ජනතාව මත පීඩනය පත් කරමින් තවදුරටත් ඔහුගේ ආණ්ඩුව දරදඬුකමින් පවත්වාගෙන යෑම ඉතාම කුහක සමාජ නායකයකු සතු ගුණාංග ප‍්‍රදර්ශනය කිරීමක්.
¥ෂණය, වංචාව, අකාර්ක්ෂමතාවය මේ වන විට ශ‍්‍රී ලංකාව රනිල් ජනාධිපති යටතේ අංගසම්පුර්ණ වෙලා
තියෙනවා.
අයිඑෆ්එම් වලට කොන්දේසි පහළොවකින් ශ‍්‍රී ලංකාව රනිල් වික‍්‍රමසිංහ යටත් කරලා තියෙනවා. 1948 නිදහසින් පසු රට අරාජික කළේ එදා පටන් අද දක්වා සමස්ත දේශපාලනඥයින්.
රාජ්‍ය අංශයේ ප‍්‍රධානීන්.
ආගම මුවාවෙන් පූජ්‍ය පක්ෂය දේශපාලනයට අත්වැල් බැන්දේ ඉතාම සූක්ෂම ලෙස පූජ්‍ය පක්ෂය යැයි කිව්වොත් වඩාත් නිවැරදියි.
නිර්මාණශීලී පාලන සංස්කෘතියක් මගින් රට පාලනය කිරීමට අසමත් වීම පැවති ආණ්ඩුවල තවත් එක් සාධකයක්.
උද්ඝෝෂණය කිරීම වැරදි එයාගේ තක්කඩිකම් බලහත්කාරකම් චණ්ඩි කතා අහගෙන ඉන්න එක හරි යයි සිතන ජනතාවක් ද මේ වන විට රට පුරා ඉන්නා බව අප අමතක කළ යුතු නැහැ.
හේතුව එහෙයියන්ගෙන් පිරි වැඩවසම් සමාජයට අනුගත වුණු බහුතර බෞද්ධ ජනතාවක් ශ‍්‍රී ලංකාව තුළ ජීවත්වීම.
බලයක් නැති ලැයිස්තුවෙන් මන්ත‍්‍රීගත වෙච්ච රනිල් වික‍්‍රමසිංහ, පාර්ලිමේන්තුවේ 134 දෙනකුගේ මහින්ද රාජපක්ෂගේ නඩය යටතේ නඩත්තු වෙමින් ඉන්නවා.
එයා මේ ගත කරන්නේ මහජන වරමකින් බලයට පත් වුණු ගෝඨාභයගේ ජනාධිපති ධුරයේ ඉතිරි ධුර කාලයයි. එහෙම නම් එයා වැඩබලන ජනාධිපතිවරයෙක්.
වැඩබලන කෙනාට පුළුවන්ද රාජ්‍ය යථා තත්ත්වයට පත් කරනවා විනා ජනතාව මත බලහත්කාරකම් පාන්න. ජනමත ඉක්මවා කටයුතු කරන්න ඒක මහජන මතයට විරුද්ධව ගොඩනැගෙන පාපකාරී ක‍්‍රියාවක්.
මේ ගැන සංවේදී වෙනස් විදියට හිතන මිනිස්සු ඇත්තටම මේ රටේ නැති තරම්. ජනාධිපතිවරයකු පත් කරගන්නේ මහජනතාවගේ ඡුන්දයෙන්.

ඇයි ජනාධිපතිව පත්කරන්නේ.
එහෙම බලයක් ජනතාවට ලැබී ඇත්තේ ඇයි? 1978 ව්‍යවස්ථාවේ ප‍්‍රතිඵලයක්.
ඒ තමයි පූර්ණ විධායක බලතල සහිත බරසාර බව එම තනතුරේ තියෙන නිසා.
ඊට ජනමතය විමසන්නේ එහෙව් ජනාධිපති මහජන වරමක් තිබෙන නිසා ජනතාවගේ සුබසාධනය වෙනුවෙන් පැහැදිලි තීන්දු ගන්න පුළුවන්.
ආපදා අවස්ථාවක රට අනතුරක තිබෙන මොහොතක ජනාධිපතිවරයාට නිශේධ බලතල ගන්න පුළුවන්. එය ව්‍යවස්ථාපිතයි. නමුත් වර්තමාන ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ පාර්ලිමේන්තුවට ආවේ ජනවරමක් නැතිව. ජන බලයක් නැතිව. ඇත්තටම ඔහු ජනතාවගෙන් ප‍්‍රතික්ෂේප වුණු පුද්ගලයෙක්.
මේ රටේ ජනතාවගේ සාමාන්‍ය බුද්ධියට නිගා දෙමින් එන සමාජ ධූරාවලියේ යථා තත්ත්වය ඔහොමයි.
පාර්ලිමේන්තුවේ 134 දෙනකු මන්ත‍්‍රීවරු ජනාධිපති හැටියට ඔහුව තෝරා ගත්තේ කාලයක් පුරාම ඔහුට එරෙහි වූ පොහොට්ටු මන්ත‍්‍රීවරුන්ගෙන් සමන්විත පිරිසක්මයි.
මේ රටේ දේශපාලනඥයින්ගෙන් රට විනාශ වෙන සාධකයක් බවට එය මනාව තහවුරු කරන ලක්ෂණයක්.
එහෙම නම් ජනතාවගේ වරමක් ගනිද්දී පොහොට්ටු මන්ත‍්‍රීවරු රනිල් කියන පුද්ගලයාට එරෙහි පිලෙහි හිටියා නොවේද?
එහෙව් මතයක සිටි අයගේ ඡුන්දයෙන් පත් වූවා නම් ඒක ප‍්‍රශ්නයක් නොවේද? ඊට ජනමතයක් ඔවුන්ට නැහැ.
දැන් වෙලා තියෙන්නේ රනිල්ට එරෙහිව මන්ත‍්‍රීවරුන්ම ඔහුව පාර්ලිමේන්තුවේ ඔලූගෙඩි ගණින ඡුන්දයෙන් ජනාධිපති කරපු එකයි.
මේක ලාංකික සමාජයේ සමාජ විකෘතියක්. අයුතු වැරදි දෙයක්. ජනමතයට පිටුපෑමක්.
තවත් පැත්තකින් පොහොට්ටුවේ ඡුන්ද දායකයෝත් රවට්ටපු වැඩක්. ඔවුන්ගේ ජනමතය පාගා දැමීමක්.
ඒ නිසා පැත්තකින් මෙය විකාරරූපී සමාජ සංස්කෘතියක්.
එය ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ නියමයට අනුකූලව සිදුවී ඇති බව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සම්පාදකයින්ගේ මතය වෙන්න පුළුවන්.
තවත් මධ්‍යස්ථ අයකුගේ කියවිමට අනුව මේ විකෘතිය සහිත ව්‍යවස්ථාව වෙනස් කරන්නම් කියන බහුතරයකට මේ ගෙවී යන කාලය හොඳ කම්පනය ගෙන දෙන සුළු සංඥාවක්.
ජනාධිපති තනතුරේ අනුහස් සහිත නිසා දෝ හිතුවක්කාරයකු වී චණ්ඩියකු බවට පත්වී අනතුරුව ආඥාදායකයකු බවට පත්ව සිටින රනිල් වික‍්‍රමසිංහගේ ශෝකාන්තකය කුමන අයුරින් සමාජය ඉදිරියේ පෙළ ගැසේදැයි කියා කියන්න දැනට අපසුයි.
බලය ගන්න ඉස්සර හිටපු බොහෝ නායකයන්ට 1978 ආණ්ඩුක‍්‍රම ව්‍යවස්තාවේ අඩුපාඩුකම් පෙනෙනු අවසථා බොහොමයයි.
ඒවා වෙනස් කරන්න ඔන බව ඔවුන් කීවා.
සමහරු බලයට ඇවිත් ටිකක් වෙනස් කරලා තවත් ටිකක් තියාගෙන විධායක බලය අඩුකරගත් ජනාධිපතිවරු හැටියට කතා කළා. රඟපෑවා.
මෛතී‍්‍රපාල සිරිසේන ජනාධිපති එහෙම බලය අඩු කරගන්න කටයුතු කළෙත් ඇතුළතින් තෙරපුම වැඩිවුණ නිසයි.

නමුත් විධායක බලයට කොමිසන් සභාව හරහා මහජනතාවට වාසිදායක වන අයුරින් පැවරුවත් ඔහුගේ රාජ්‍ය කාලයේ වැඩිහරියක් වූ හැසිරීම් විකෘති සහගතයි.
මුල් පරමාර්ථවලට පටහැනි වූ දෙයක්.
විධායක බලය තියාගෙන ජනාධිපති කාර්යාලයේ තියාගෙන වෙනම ජනාධිපති පාලනයක් තනිවම මෛති‍්‍රපාල
ගෙන යන්න උත්සාහ ගත්තා.
අගමැති ප‍්‍රමුඛ ආණ්ඩුව නොතකා හැරලා තමන්ගේ පිරිසක් හරහා රට පාලනය කරන්න ඔහු මාන බැලූවා.
තමන් එපාය කියපු ¥ෂිතයා යැයි කියපු මහින්ද රාජපක්ෂ අගමැති කම දුන්නේ ලංකාවේ රාජ්‍ය දුරාචාරයේ ප‍්‍රමුඛ මූලධර්මය නිසා.
අන්තිමට ජනබලය ශක්තිමත්ව නඩු මගට ගිහින් එය ඔහුට අකුලා ගන්න වුණායැයි ගෙදර යන්න වුණායැයි කීමත් ගැටලූ සහගතයි.
මේවා සියල්ලක් රඟපෑම් නොවේද?
පොළොවේ අඩි ගණනක් යටට මෛති‍්‍රපාලව යට කරන්න සිටියැයි ප‍්‍රසිද්ධියේ කියපු මෛතී‍්‍රපාල සිරිසේන පසුව ඒ ¥ෂිත මහින්ද රාජපක්ෂ සිය ඔඩොක්කුවට නංවා ගත්තේ රාජ්‍ය දුරාචාරයේ ලංකාවේ තිබෙන සුලබ වටපිටාව නොවේද?
මුළු යහපාලන ආණ්ඩු කාලයම කාබාසිනියා කළේ ඒ කි‍්‍රයාදාමය මතයි.
එකමුතුව රටට ගොඩක් වැඩ කරන්න තිබුණු හොඳ අවස්ථා මඟහැරී ගියේ මෙවැනි මෛතී‍්‍රපාල සිරිසේනගේ වැනි හැසිරීම් පසුගිය වසර 75 පුරා අඩු වැඩි වශයෙන් දකින්න පුළුවන්.
හිතුවක්කාර මමත්වයෙන් යුතු ජනාධිපති තීන්දු ගන්නේ ව්‍යවස්ථාවේ තිබෙන කූඨ ප‍්‍රජාතන්ත‍්‍රවාදීය මුවාවෙන් එන ඒකාධිපතීන්ගේ හැසිරීම හා භාවිතය නිසයි.
සුපිරි ජනාධිපතිවරයෙක් පැතීම එය නිල නොවන ඒකාධිපති නායකයකු අපේක්ෂා කිරීමක් දක්වා යන බව
දැන දැන මේ රටේ ජනතාව ඡුන්දය දෙන සංස්කෘතියක් 1978 සිට දකින්නට ලැබෙනවා.
පාලනය අන්ත අසාර්ථකත්වයට ගිය ජනාධිපතිවරු ගෝඨාභය විතරක් නෙවෙයි තවත් අය ඉන්නවා.
තනි මතය හිතවක්කාරකම අන් මත නොඉවසීම හා ප‍්‍රායෝගික නොවන අනුවන තීන්දු ගැනීම 1978 ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ ජනාධිපතිවරයාට ඇති බලතල ආශි‍්‍රත සංයුතියයි.
මේක තමයි ජනතාව පාරට කැඳවන ජන අරගලයක් දක්වා ව්‍යාප්ත විය යුත්තේ.
කණගාටුවට කරුණ නම් කිසිම දේශපාලන සාක්ෂරතාවයක් නැති බහුතරයකගේ අසාර්ථක ජන අරගලය කුණු කාණු දිගේ දියවීමේ පටන්ගත් නිසා එයින් සන්නද්ධ වූ රනිල් වික‍්‍රමසිංහගේ නපුංසක දේශපාලනය පුරුෂ ශක්තිය ඉස්මතු වන තරමට මතු වෙන්න මෙවලමක් වී තිබෙනවා.
ගෝඨාභය ප‍්‍රායෝගික නොවන අසාර්ථක නායකයෙකු වශයෙන් දියවී ගියාද නැතිනම් ඔහුට පවුලේ සබඳතා අත්හැරීමට හෝ මඟහැරීමට නොහැකියාව නිසා මහින්ද රාජපක්ෂගේ රාජ්‍ය දුරාචාරය තුළ ඔහු අන්තර්ගත වූවාද යන තත්ත්වය තවදුරටත් විග‍්‍රහ කළ යුතු අවස්ථා තිබෙනවා.
එතැනදී වුවත් හිතුවක්කාරකම, අධිපතිකම, ජනමතය නොඉවසීම යන කාරණාත් කැපී පෙනුණා.
විධායක ජනාධිපති ක‍්‍රමයේ වරද තිබුණත් එම විධායක බලය ලිහිල් කළ අවස්ථාවලදී සිරිසේන වැනි ජනාධිපතිවරයකුගේ ආගමනය නිසා ඊට ආලෝකයක් ලැබුණේ නැහැ.
එසේ නම් සංශෝධන මගින් ව්‍යවස්ථාවේ දුරවලකම් හදන්න ගියත් පත්වන පුද්ගලයාගේ ස්වභාවය ද ඊට වඩාත් වැදගත් වන බව ගෝඨාභයත්, සිරිසේනත්, රනිල් වික‍්‍රමසිංහත් මේ වන විට ඔප්පුකොට හමාරයි.
එසේ නම් රනිල්ගේ ආගමනය ආණ්ඩුක‍්‍රමයේ ව්‍යවස්ථාවේ විකෘතියක් ඉන් සිදුවූවාද එය කියවා බැලීම වෙනස් ආකාරයෙන් කළ යුතුද යන්න බුද්ධිමය සංවාදයක් තවම රට තුළ ගොඩනැගී නැහැ.
රටතොටේ ඇවිද ජනතාව හා ගැටී කටයුතු කරන ඉතාමත් ප‍්‍රායෝගික මිනිසෙකු දැකීමට ඉතාම කාලෝචිත
තත්ත්වයක අද අප පත්ව ඉන්නවා.

රනිල්ගේ පත්වීමම විකෘතියක්, තවත් එක් හිටපු ජනාධිපතිවරයකුගේ කි‍්‍රයා පිළිවෙත් ස්පර්ෂ කළ නායකයකු විදියට රනිල් වික‍්‍රමසිංහ ගන්න පුළුවන්.
නමුත් හිටපු ජනාධිපතිවරුන් අතරින් හිටපු විජේතුංග ජනාධිපතිවරයා ජනතාවගේ අප‍්‍රසාදයට ලක් නොවූ තරම්
ඝාතනය කෙරුණු පේ‍්‍රමදාස ජනාධිපතිවරයාගේ ඉතිරි ධුර කාලය වැඩ බලා නිහඬව ගෞරවාන්විතව සමුගත්ත ද මැතිවරණ පවත්වා මහජන මතයට ගරු කර ඊළඟට තේරී පත් වූ රජයට, විජේතුංග ජනාධිපතිවරයාට ඉඩ හදා දුන්නාය යන්න වඩාත් නිවැරදියි.
ඒක සුමට බල හුවමාරුවක් කෙරුණු ඉතා හොඳ අවස්ථාවක්.
නමුත් රනිල්ගේ පැමිණීමත් පත්වීමත්, ජනාධිපතිවරයකු මියගිය නිසා හිස් වූ තනතුරක් නොවෙයි.
හිටපු ජනාධිපති ගෝඨාභය ධුරය අත්හැර රටින් පලා යාම නිසා රනිල් වික‍්‍රමසිංහට මේ ජනාධිපති පින පහළ වුණා.
ඒ නිසා තවත් විශේෂත්වයක් තියෙනවා. ඒ රනිල් ජනාධිපති වුණේ මහජන වරමක් සහිතව ඡුන්දයෙන් මන්තී‍්‍ර කෙනෙකු වීමෙන් නොවේ කියන එකයි.
එක්සත් ජාතික පක්ෂය මුළු රටේ හැම ආසනයකම පරාජය වෙද්දී ඉතිරිව තිබුණු සුන්බුන් ඡුන්ද ටික එකතු කරගත් පසු ලැබුණු බෝනස් මන්තී‍්‍රකමෙන් මන්තී‍්‍ර වීමක් තමයි රනිල්ගේ ජනාධිපතිකම.
ඒ අනුව මන්තී‍්‍ර විමත්, ජනාධිපති වීමත් විකෘතියක්ම නොවේද?
මහජන වරමක් කැමැත්තක් නැති තරම්. ඒ නිසා සමහර විට රනිල් හිතනවා ඇති ජන වරමක් නැති නිසා ඔහුට කළ හැකි ඕනම දෙයක් කරද්දී වගකීමක් දරන්න ඕන නැහැ කියල.
ඒ නිසා තමයි හිටපු නායකයන්ට නොතිබුණු හිතුවක්කාරකමක්, තද තීන්දු ගැනීමත්, අන් මත නොඉවසීමත් යන කාරණාවල ඔහු අන්තර්ගතව කි‍්‍රයා කරන්නේ.
රනිල් ජනාධිපති හැටියට ජනමතයට පිටුපා යන්නේ ඒ නිසාද? එසේත් නැතිනම් ජාත්‍යන්තරයේ තෙරපුම් නිසාද?
එසේ නැත්නම් අයි.එෆ්.එම්. උගුලේ සිරවී සිටින නිසාද යන්න පැහැදිලි කරගත හැකි බවක් දැනට කියන්න අමාරුයි.
ඒ තවමත් ඔහුගේ යථාස්වරූපය ඉස්මතු වී නැති නිසා.
කරුණු කෙසේ වෙතත් රනිල් වික‍්‍රමසිංහගේ නොහැකියාව පිළිබඳව මනාව ලිඛිතව ප‍්‍රකාශ කරන්නේ ජේ. ආර්. ජයවර්ධන හිටපු ජනාධිපතිගේ මුනුබුරකු වන ප‍්‍රදීප් ජයවර්ධන.
ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ඒකාධිපතියා වශයෙන් ජේ. ආර්. යුගයේ නොපළ කතා යන කෘතිය තුළින් ඔහු මෙසේ ප‍්‍රකාශ කර තිබෙනවා.
‘‘මේක සාමාන්‍ය නායකයෙකුගේ අවමංගල්‍යය උත්සවයක් නොවේ. මේ රටේ පළමුවන විධායක ජනාධිපතිතුමාගේ අවමගුල. දීර්ඝ දේශපාලන කාර්යයක් ඉටු කළ ජනතා නායකයෙක්. මේ වන කොට වැඩ කළේ ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනියයි. ඇත්තටම වික‍්‍රමසිංහ මහත්තයට මේ කාරණා ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනියත් එක්ක හරියට සාකච්ඡුා කරන්න බැරි වුණා. මොකද රනිල් වික‍්‍රමසිංහ මහත්තයට හැකියාවක් තිබුණේ නැහැ එතුමියත් එක්ක කෙළින් සාකච්ඡුා කරන්න. වැඩ සිද්ධ වුණ හැටි අපි දක්කා. රනිල් කියනවා මහින්ද සමරසිංහට. මහින්ද සමරසිංහ කතා කරනවා රත්නසිරි වික‍්‍රමනායකට. රත්නසිරි වික‍්‍රමනායක කතා කරනවා චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිනියට. තීරණය ආවේ අනෙක් පසට ඒ අනු පිළිවෙළටයි. මේ අන්දමට රාජ්‍ය නායකයෙක්ගේ අවමංගල්‍ය උත්සවයක් තබා වෙන කුමන උත්සවයක්වත් සංවිධානය කරන්න රනිල්ට පුළුවන්ද? මම පුදුමයෙන් මේවා දිහා බලාගෙන සිටියා.’’
මුණුපුරා එසේ පවසනවා.
‘‘හිටපු අගමැති ඩඞ්ලි සේනානායක මැතිතුමා නැතුවුණාම සීයා කෙළින්ම ගියා සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය හමුවන්න. ඒ වෙලාවේ සීයට ඩඞ්ලිත් එක්ක ප‍්‍රශ්නයකුත් තිබුණා. ඩඞ්ලි සේනානායක මැතිතුමාගේ දේහය තැන්පත් කරලා තිබුණ වුඞ්ලන්ඞ් එකට ගියෙත් ගැටලූවක් මතුවේවිද සැකයකුත් සීයාට තිබුණා. නමුත්

එතුමා එතනට ගොස් සොයා බලා ඉන් පසුව කෙළින්ම ගියේ අගමැතිනිය හමුවන්න. අවමංගල්‍ය කෙරෙන්න
ඕන විදිය ගැන එතුමිය සමඟ මුහුණට මුහුණ කතා කළා. ලංකාවේ විශාලතම හා සංවිධානාත්මක අවමංගල්‍ය උත්සවය එයයි. නමුත් ඒ විදියේ කිසිම වැඩක් රනිල් වික‍්‍රමසිංහ මහතාට කරගන්න බැරි වුණා.’’
‘‘මගේ තාත්තා සම්පුර්ණයෙන්ම අවමංගල්‍ය උත්සවය රනිල්ට භාර දුන්නා. රනිල්ට අවශ්‍ය වුණා මේ අවමංගල්‍ය උත්සවයෙන් ලොකු දේශපාලන පිම්මක් පනින්න. මොකද එයා දැනගෙන සිටියා ඩඞ්ලි සේනානායක මහතාගේ උත්සවයෙන් පස්සෙ එක්සත් ජාතික පක්ෂයට ලොකු පිබිදීමක් ආව කියල. ජේ. ආර්. ජයවර්ධන මහත්තයට ලොකු පිළිගැනීමෙක් පක්ෂය ඇතුළෙ තිබුණා. ඒ නිසා රනිල් පැය 24 පාහේ වොඞ් පෙදෙසේ සිටියා. සීයට අවසන් බුහුමන් දක්වන්න ආව මිනිස්සු අතරට ගිහිල්ල පෝලිමේ දිගටම ආචාර කර කර සිටියා. මේක නාඩගමක් විදියටයි මම දැක්කේ. අපේ පවුල වෙනුවෙන් මේ භාරගත්තා නම් රජය එක්ක හරියට කතා කරල උත්සවය සාර්ථක කරගන්න විදිය එතුමා දැනගන්න ඕන. නමුත් එවැනි දෙයක් අපි දැක්කෙ නැහැ. අවසානයේදී සීයගේ අවසන් උත්සවය රාජ්‍ය උත්සවයක් ලෙස සිද්ධ වුණේ නැහැ. පාර්ලිමේන්තුවට පවා ඒ යෝජනාව ගියේ නැහැ. නමුත් රජය පැත්තෙන් යම් සහයෝගයක් දුන්නා. රජය පැත්තෙන් අවශ්‍ය දේවල් කරගන්න රනිල්ට බැරි වුණා. ඒක එතුමාගෙ නායකත්වයේ හා වගකීම් දැරීමේ දුර්වලකමක්’’
යනුවෙන් ජේ. ආර්. ජයවර්ධනගේ මුණුබුරා අදාළ කෘතියේ එසේ සඳහන් කර තිබෙනවා.
දැන් මේ තුළින් සනාථ වන්නේ කුමක්ද?
රනිල් වික‍්‍රමසිංහ යනු නොහැකියාව ඇති අදක්ෂ අකාර්යක්ෂම පුද්ගලයෙක් බව නොවේද?
එක්සත් ජාතික පක්ෂයේ අති බහුතරය පිටතට ගොස් සමඟි ජනබලවේගය හරහා මුළු රටේම බලය ලබා
ගන්නට හරි ආකාරයේ ජනබලයක් ගොඩනගාගෙන සංවිධානය වෙමින් පවතින වටපිටාවක් දැනට දකින්නට
තිබෙනවා.
එය රනිල් වික‍්‍රමසිංහට දරාගන්නට බැරි තත්ත්වයක් ද පෙන්නුම්වන සත්‍යයක්.
තවත් පැත්තකින් ජනතා විමුක්ති පෙරමුණ පොහොට්ටුවේ කලකිරුණු ඡුන්ද දායකයින් ඩැහැගෙන ජනතා විමුක්ති පෙරමුනේ බලය වැඩිකරගැනීමට සංවිධානය වන මොහොතක් මේ අප පසුකරන්නේ.
එක්සත් ජාතික පක්ෂයට බලය ස්ථාපිත කිරීමට බැරි වේ යැයි කුකුස තිබෙන නිසා රනිල් කලබල වී මැතිවරණය කල් දමමින් ඉන්නවා.
සමඟි ජනබලවේගයේ හා ජනතා විමුක්ති පෙරමුණේ අති බහුතරයක් සැදුම්ලත් ජාතික ජනබලවේගයට වඩා රනිල් ඉතාම ආපස්සට ගොස් තිබෙන අවස්ථාවක අප පසුවන්නේ.
සමගි ජනබලය හා එහි සිටින 99%ක්ම එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයින් හා නායකකාරකාදීන් නිසා රනිල්ගේ හුදකලාවීම සාධාරණයි.
රනිල් අයහපත් රාජ්‍ය පාලනයක් කරගෙන යමින් තමන්ගේ ඉතිරි කාලය පූර්ණ කරගෙන ධුරයෙන් සමුගන්න
තීරණය කරනවා නම් ඒ සඳහා තවමත් ඔහුට යහපත් ප‍්‍රතිචාරයක් දැක්විය හැකි සමාජ පරිසරයක් තිබෙනවා. රනිල්ගේ යහපත් කල්කිරියාව නමුත් දකින්නට නැති තරම්.
ඔහු කූඨ ලෙස රටේ අනාගතය භාරගන්නට අලූත් කූඨ සමාජ පරිවර්තනයක් සඳහා සැනසුම් සුසුම් හෙළමින් ඉන්නා මොහොතක රටේ ඛේදනීය තත්ත්වය තවදුරටත් සාධක කරන සමාජ පරිසරයක් මතුවෙමින් තිබෙනවා.

ලිව්වේ
සුමිත් කොඩිතුවක්කු

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න