ලංකාවේ රාජ්‍ය සේවය කෙරෙහි පවත්නා දේශපාලන බලපෑම් පිළිබඳව මතුපිටින් කතා කරපු අවස්ථා අප‍්‍රමාණව තිබෙනවා.
නමුත් නෛතික සාධක මත කතා කිරීමේ අවශ්‍යතාවය මනාව ප‍්‍රදර්ශනය වන්නේ මේ පුංචි මැතිවරණයත් සමඟ.
ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජ දේශපාලන වාතාවරණයක් තුළ මහජන මතය නිර්භාදිතව ප‍්‍රකාශ කිරීමට තිබෙන ආරක්ෂාව සුරක්ෂිත කර ගැනීම පොදු මහජනතාවගේ ප‍්‍රධාන හිමිකමක්.
ඒ සඳහා වැය කෙරෙන මුදල් විනාශයක් හෝ අපතේ යැවීමක් ලෙස හෝ හඳුන්වන්න බැහැ.
එසේම මෙම පළාත් පාලන මැතිවරණය නිසා රටේ සමාජ ආර්ථිකය තුළ අලූත් පිබිදීමක් ඇති වනවාද නැද්ද යන්න තීරණය වන්නේ පසුවට.
එයින් වර්තමාන සමාජ දේශපාලනය පිළිබඳව සැබෑ චිත‍්‍රය කුමක්ද යන්න රට මෙන්ම ජාත්‍යන්තරයට ද
දැකබලාගැනීමට යම් අවස්ථාවක් උදා වන බව සත්‍ය පැත්තයි.
එසේම මෙහිදි විශේෂයෙන් සඳහන් කළ යුතු තවත් කරුණක් තියෙනවා.
මෙම මැතිවරණ ප‍්‍රතිඵලය තුළ ගැබ්වන අලූත් සමාජ දේශපාලන සංස්කෘතික අභිලාශයන් කුමක්ද යන්න.
මේ අභිලාශයන් මනාව හසුරුවාගැනීම හා කළමනාකරණය කිරීමට අලූතෙන් දේශපාලන පිටියට ප‍්‍රවේශ වන පුංචි මැතිවරණයෙන් ජයග‍්‍රහණය ලබන අදාළ දේශපාලන කණ්ඩායම් මනාව ඉටු කරයිද යන ප‍්‍රශ්නය
තවත් පැත්තක්.
ගාලූමෝදර අරගලය විසින් ඉල්ලා සිටින ලද ක‍්‍රමයේ වෙනසක් නැත්නම් සිස්ටම් චේන්ජ් එකක ආරම්භයක් මේ වෙන්න පුළුවන්.
පැරණි දේශපාලන ක‍්‍රමය හා එහි ගමන් මග තවදුරටත් අනුමත කිරීමක් ජනතාව කළ යුතුද යන ප‍්‍රශ්නය පොදු ජනතාව තුළ තිබෙන්නක්.
ඒ පිළිබඳ පිළිතුරක් සඳහා මේ පුංචි මැතිවරණය එක් සාධකයක් පමණයි.
මෙම පළාත් පාලන මැතිවරණය සඳහා තරග වදින අපේක්ෂකයන්ගේ ස්වභාවය මෙන්ම දැනට ඒ සඳහා කාන්තා හා තරුණ නියෝජනයට අවකාශය මදි වීම තවත් පැත්තක්.
කිසිදු සමාජ දේශපාලන විඥානයක් නොමැති පවතින ගර්හිත හා තක්කඩි දේශපාලන විකට රූපවල අවිචාර අනුගාමික නඩයන් මතුවේද කියන එක තවත් පැත්තක්.
එවැනි තත්ත්වයක් තුළ රටටත් ජනතාවටත් කුමක් අත්විය හැකිද යන්න තේරුම් ගැනීමද ලාංකිකයින්ගේ මූලික බුද්ධිමත් තීරණයක් විය යුතුයි.
කෙසේ හෝ මැතිවරණ කොමිසමට ස්වාධීන කටයුතු කිරීමට මෙන්ම ඒ සඳහා පහසුකම් ලබාදීමේ වගකීමද ආණ්ඩුව සතුයි.
එවැනි වගකීම පැහැර හැර තිබෙන පසුබිමක නීතිමය ප‍්‍රතිපාදන සොයා යන තත්ත්වයකට මැතිවරණ කොමිසම මේ වන විට පත්වී තිබෙනවා.
එයට ප‍්‍රධාන හේතුවක් නම් ශී‍්‍ර ලංකා නීතිඥ සංගමයේ හිටපු සභාපතිවරයා රහසිගතව මුණගැසීම පිළිබඳව පොදු පෙරමුණේ මන්තී‍්‍රවරයකු මේ වන විට චෝදනා නඟා තිබෙනවා.
මැතිවරණ නිරීක්ෂණ සංවිධාන ඒකාබද්ධ ප‍්‍රකාශයක් මේ සඳහා නිකුත් කළ යුතු වෙනවා.
සාධාරණ හා නිදහස් මැතිවරණයක් පැවැත්වීම තාවකාලික භාරකර පාලකයන්ගේ යුතුකම හා වගකීම බව තේරුම්ගත යුතුයි.
ඒ රටේ උසස් මැතිවරණ සංස්කෘතියක් නිර්මාණය කිරීමට ඉවහල් වන යම් සාධකයක් බව තේරුම් ගැනීම ද තවත් පැත්තක්.
ජයවර්ධන පාලන යුගයේ මේ රටේ ඇතැම් නොසන්ඩාල වැඩ සිදුවූයේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී හා ජනතා පරමාධිපත්‍ය
ගැන සඤ්ඤායනා කරමින් බව අපට හොඳට මතකයි.
උපායශීලි උපක‍්‍රමශීලී ජනමත විචාරණය 1982 පැවැත්වීම එහි අසෝභන එක් පරිච්ෙඡ්දයක්.
පාර්ලිමේන්තු නිල කාලය දීර්ඝ කිරීම, මැතිණියගේ ප‍්‍රජාඅයිතිය අහෝසි කිරීම වැනි දේවල් පවා ජයවර්ධනගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී චර්යාව තුළ අපට දකින්න ලැබුණා.
එහෙව් රටක ජනතා පරමාධිපත්‍ය මෙන්ම ප‍්‍රජාතන්ත‍්‍රවාදය වූවද ව්‍යවස්ථාවක ලියා තිබෙන දේවල් පමණක් විය හැකි ද?
අද උද්ගතව තිබෙන්නේ අශිෂ්ඨ මෙහෙයුම් නොඉවසන ප‍්‍රබුද්ධ හා විදග්ද සමාජ දේශපාලන හා සංස්කෘතික සමාජයක්.
ජාති ආගම් භේදවලින් ඔවුන් මෙහෙයවීමට නොහැකි බව බුද්ධිමත් ජනතාව නම් තේරුම්ගෙන තිබෙනවා.
නමුත් භික්ෂු සමාජය විසින් ගොඩනගා තිබෙන රැුවටීම්, ව්‍යාජ රඟදැක්වීම් සැණකින් හඳුනාගැනීමට හැකි අපේ වැඩිහිටි සමාජය සතු බුද්ධිය කොතැනද කියන ප‍්‍රශ්නය මතු වෙනවා.
එය පසුගිය ඉතිහාසය තුළ දේශපාලන ඡුන්ද ප‍්‍රතිඵලවලින් මනාව පෙනී යන කරුණක්.
පැරැුණි ගතානුගති හා ජරාපත් සමාජ දේශපාලනය වෙනුවට අලූතින් හිතන සාමාජික අපේක්ෂා දැල්වෙමින්
තිබෙන බව ඡුායාත්මකව අපට පෙනෙන සුළුයි.
නමුත් මහා ඡුන්දයකට හෝ පළාත් පාලන ඡුන්දයකට ගිය පසු අවසානයේ ඉදිරියෙන් සිටින්නේ පාදඩ දේශපාලනයයි.
මේ තත්ත්වය අරඹයා ආගම, ජාතියට මුවා වී භික්ෂු සමාජය පාදඩ දේශපාලන සංස්කෘතිය සංවර්ධනය සඳහා
ගෙන යන වෙහෙසකර උපායශීලී කූඨ කි‍්‍රයාමාර්ග පිළිබඳව රැුඩිකල් දේශපාලන පක්ෂ ජනතාව දැනුවත් කිරීමට අසමත් වීම තවත් පැත්තක්.
නිදහසින් පසු ගෙවී ගිය වසර 74කට වැඩි කාලයක් මුළුල්ලේ බලකාමී හා අවස්ථාවාදී දේශපාලන සූත‍්‍රවලින් මේ වන විට ජනතාව ව්‍යවුලට පත්වෙලා තියෙනවා.
කඩා වැටුණු රටක් තවදුරටත් රැුවටීමට ලක් නොවන පරිසරයක් ගොඩනැගීම රැුඩිකල් දේශපාලන විකල්ප කණ්ඩායම්වල යුතුකම හා වගකීම විය යුතුයි.
රැුවටීමට ලක් නොවන සමාජ පරිසරයක් ගොඩනැගීමට නම් ඒ සඳහා වැඩවසම් සමාජය තුළ නඩත්තු කරන සමාජ මතවාද දිය කර හැරීමට අදාළ විකල්ප දේශපාලන කණ්ඩායම් සකී‍්‍රය පියවර ගත යුතුයි.
ව්‍යාජ ප‍්‍රභූවරු හරහා රටේ දේශපාලනය තීරණය කිරීමට හෝ සාමාන්‍ය ජනතාවගේ සාමාන්‍ය බුද්ධියට නිගා දෙන සමාජ වපසරිය විනාශ කිරීම සඳහා වාමාංශික එසේ නැත්නම් සත්භාවයෙන් කි‍්‍රයා කරන දේශපාලන කණ්ඩායම්වල ප‍්‍රධාන වගකීමක්.
ජාතිය ආගම සංස්කෘතිය ආදී සැම දෙයක්ම දේශපාලන බලය වෙනුවෙන් උගස් කළ භික්ෂු සමාජය මේ රට අඳුරු යුගයකට ගෙන යාමට නිහඬව උපායශීලීව දායක වී තිබෙන බව තේරුම්ගත යුතුයි.
ඒවා නිවැරදිව හඳුනාගැනීමට උවමනා සමාජ දේශපාලන විඥානයක් සහිත ජනතාවක් බිහි කිරීම අද දවසේ වැදගත්ම කාර්යභාරයයි.
බඩගෝස්තරවාදී දේශපාලන සමාජ සංස්කෘතිය තවදුරටත් දිගු වීමට ඉඩ නොදීම විකල්ප දේශපාලන කණ්ඩායම්වල ප‍්‍රධාන වගකීමක්.
මේ රටේ වාමාංශික දේශපාලන ඉතිහාසය තුළම අපට අත්දකින්න ලැබුණේ ධනපති දේශපාලනය සමඟ මුක්කු ගසන සමාජ සංස්කෘතියක්.
කොහොම වෙතත් මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය මුදල් නැතැයි කියන දේශපාලන විකටයින් විවිධ ව්‍යාජ කි‍්‍රයාමාර්ග මේ වන විට මහජනතාවට කාන්දු කරමින් ඉන්නවා.
ඒ අතර භික්ෂු සමාජය ද මතුපිටින් විරෝධාකල්ප දක්වමින් තවත් පැත්තකින් මේ අවස්ථාවේ දේශපාලන සඳහා මැතිවරණ පැවැත්වීම අවශ්‍ය නැතැයි ප‍්‍රකාශ කරමින් ඉන්නවා.
2023 අයවැය ලේඛනයට අත එසැවූ අය අතර මැතිවරණය සඳහා රුපියල් බිලියන 10ක් වෙන් කළ බව දන්නා කීපදෙනාම තේරුම්ගන්න අවශ්‍යයි.
එදා මුදල් වෙන් කිරිම ඉවසූ මැති ඇමැතිවරුන් අද එයට විරුද්ධ වන්නේ කොහොමද? අපට රටක ප‍්‍රජාතන්ත‍්‍ර අයිතියක් වන ඡුන්දය කල් දැමීම අනුමත කරන්න පුළුවන්ද? යථාර්ථය සැබැවින්ම සියලූම ධනපති දේශපාලන පක්ෂවල වටහාගැනීම අවශ්‍ය වෙනවා. ඔවුන්ට ඒ සඳහා ඥානය නැත්නම් ඥානය පහළ කිරීම සඳහා කටයුතු කළ යුතුයි.
රජයේ අභිමතය පරිදි මැතිවරණ කල් දැමීම ආණ්ඩුවකට සුදුසු නොවේ.
මැතිවරණයක් ප‍්‍රකාශයට පත් කිරීමෙන් පසු කල් දැමීමට බරපතල සමාජ ආපදාවක් ඒ තුළින් මතු වෙනවා. එහෙත් ආර්ථික අර්බුදයක් ඊට ප‍්‍රමාණවත් නොවන බව නීති ක්ෂේත‍්‍රයේ මතයයි.
ආණ්ඩුව ලහි ලහියේ අලූත් පනත් යෝජනා ඉදිරිපත් කරන්නේ එය නිවැරදි කර ගැනීමටද?
තමන්ගේ සටකපට අරමුණු නිසා බව අමුතුවෙන් කිව යුතු නැහැ.
මේ ගැන තවදුරටත් කරුණු කියනවා නම් ජනවාරි හා පෙබරවාරි මෙන් මාස දෙක සඳහා රාජ්‍ය අංශයේ වැටුප් ගෙවීම සම්බන්ධයෙන් දැඩි ගැටලූකාරී තත්ත්වයක් මතු වූ බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන ප‍්‍රකාශ කළේ කැබිනට් තීරණ දැනුම්දීම සඳහා පසුගිය 10 වැනිදා ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති රැුස්වීමකදී.
ඒ බව ඔහු ජනාධිපතිවරයාගේ කරපිටින් ඒ බව ප‍්‍රකාශ කරේ.
රාජ්‍ය භාණ්ඩාගාරය බින්දුවට වැටී තිබෙන බව ප‍්‍රකාශ කිරීමෙන් ජනතාව තුළ වැරදි මතයක් නිර්මාණය කරමින් මැතිවරණය කල් ඉකුත් කර ගැනීමට ආණ්ඩුවගන්නා සටකපට උත්සාහය එයින් සනාථ වෙනවා.
රජයේ සියලූ අමාත්‍යංශය සඳහා අයවැයෙන් වෙන් කළ මුදලින් 5%ක් කපා දැමීමට කැබිනට් මණ්ඩලය යෝජනා කළ බව ද මෙහිදී බන්දුල ගුණවර්ධන ඇමැතිවරයා ප‍්‍රකාශ කර සිටියා.
ආර්ථිකයේ කඩාවැටීම හේතුවෙන් 2022 වර්ෂයේ බදුවලින් ලැබෙන ආදායම වසර මුලදී විශාල ලෙස අඩු වී
තිබෙන බව අමාත්‍යවරයා සඳහන් කරමින් ඔහුගේ මැතිවරණය සඳහා මැදිහත් වීමේ නොහැකියාව අනියම් ලෙස ප‍්‍රකාශ කරමින් ඉන්න සමාජ වපසරියක් සමස්ත ආණ්ඩුව තුළම දියත් වෙමින් තිබෙනවා.
නමුත් එසේ කියන ගමන් නීතිය අනුව කටයුතු කිරීමට තිබෙන අවකාශය පිළිබඳව මගහැරීමට නොහැකි නිසාදෝ බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා පසුගියදා අදාළ කොළඹ දිස්ති‍්‍රක්කයේ ඇප තැන්පත් කිරීම සිදුවූවා.
රාජ්‍ය සේවක වැටුප්, විශ‍්‍රාම වැටුප්, රාජ්‍ය ණය සඳහා ගෙවන පොලී සහනාධාර වශයෙන් අත්‍යවශ්‍යම වියදම්
දැරීමට රජයට සිදුවී තිබෙන නිසා පුංචි ඡුන්දයට යා නොහැකි බව පුන පුනා අමාත්‍යවරු ප‍්‍රකාශ කරන්නේ ගොවියන්ට ණය සහනාධාර දීමට මැතිවරණය පැවැත්වුවහොත් නොහැකි බව ප‍්‍රකාශ කරමින්.
සමෘද්ධි දීමනාව ලබාදීම සතියකින් හෝ දෙකකින් ප‍්‍රමාද විය හැකි බවද ඇමැතිවරයා මෙහිදී ප‍්‍රකාශ කරා.
මීට අමතරව තවත් අමාත්‍යවරු වෙනත් උපක‍්‍රමශීලී ලෙස පැහැදිලිව ආණ්ඩුවේ නොහැකියාව මුදල් නැතිකම නැවත නැවත කියන අතර තවත් පැත්තකින් එක්සත් ජාතික පක්ෂය හා ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ ඒකාබද්ධව ඡුන්දය පැවැත්වීම සඳහා ඡුන්දයට මැදිහත්වීම සඳහා මේ වන කොට කි‍්‍රයා කරමින් ඉන්නවා.
පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන සෑම කොට්ඨාශයකම පක්ෂ දෙකේ අපේක්ෂකයන් සාකච්ඡුාමය පදනමකින් පසු සුහදව නම් කළ නාමයෝජනා ලබාදීමට කටයුතු කරන බව එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මේ අතර ප‍්‍රකාශ කළා.
මේ කරුණු අනුව මනාව ප‍්‍රදර්ශනය වන්නේ කුමක්ද?
පැහැදිලිවම එම පසුබිම තුළ ඊළඟට අමාත්‍ය මණ්ඩලය තීරණයක් පසුගියදා රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යවරයා ලබාදුන්නා.
එනම් ඇප මුදල් තැන්පත් භාරගැනීමට සිදු නොකරන්න යැයි දිසාලේකම්වරුන්ට දැනුම් දුන්නා.
රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා එම දැනුම් දීමත් සමඟ සමාජ විරෝධතා සංදේශය තත්ත්වය රට තුළ මතුවෙන්න පටන් ගත්තා.
ඇප මුදල් තැන්පත් භාර ගැනීම අඛණ්ඩව සිදු කරන ලෙස සියලූම දිස්ති‍්‍රක් තේරීම් භාර නිලධාරින් හා ශාඛා සහකාර තේරීම්භාර නිලධාරින් වෙත මැතිවරණ කොමිසම ඒ අතර දැනුම්දීමක් සිදු කරා.
ඇප මුදල් තැන්පත් භාරගැනීම කටයුතු සිදු කිරීමට තේරීමභාර නිලධාරින්ට කිසිදුමය නීතිමය බාධාවක්
නොමැති බව කොමිසන් සභාව මේ වන විට දැනුම් දී අවසන්.
මේ පිළිබඳව කොමිසන් සභාවෙන් කළ විමසීමකදී ඇප මුදල් තැන්පත් භාරගැනීම වැළැක්වීමට අමාත්‍යංශ ලේකම්වරයාට කිසිදු නීතිමය අයිතියක් නොමැති බව කොමිසම ප‍්‍රකාශ කළා.
මේ අතර කොමිසම අදාළ අමාත්‍යංශ ලේකම්වරයා කොමිසම ඉදිරියට ගෙන්වීමට කටයුතු කර තිබෙනවා. පසුගියදා අදාළ ලේකම්වරයා කොමිසමට පැමිණ ඒ පිළිබඳව සිය සමාව ඉල්ලනු ලැබීය.
ඊට අමතරව මේ අතර පොලිස් මූලස්ථානයට නීතිඥ කණ්ඩායමක් විසින් අදාළ අමාත්‍යංශයේ ලේකම්වරයාට විරුද්ධව පැමිණිල්ලක් සිදුකර තිබෙනවා.
පළාත් පාලන මැතිවරණය සඳහා මැතිවරණ කොමිසන් සභාව නාමයෝජනා කැඳවා තිබෙන අවස්ථාවක මැතිවරණයට ඇප භාර ගැනීම නැවත දන්වන තුරු නවත්වන ලෙස සියලූ දිස්ති‍්‍රක් ලේකම්වරුන්ට නියෝග කිරීම සඳහා කැබිනට් මණ්ඩලය තීරණය කිරීම ඇත්තටම නීති විරෝධීද?
එය සහමුලින්ම ජනතාවගේ ප‍්‍රජාතාන්ත‍්‍රික අයිතිය උල්ලංඝනය කිරීමක් වශයෙන් අපට පෙනේ.
ජනාතා පරමාධිපත්‍යයට එරෙහිව යාමක් බව සියලූම දේශපාලන පක්ෂ හා රාජ්‍ය නොවන සංවධාන මේ වන විට ප‍්‍රකාශකර තිබෙනවා.
මැතිවරණයක් ප‍්‍රකාශයට පත් කළාට පසුව මැතිවරණය පැවැත්වීම සඳහා අවශ්‍ය කි‍්‍රයාදාමය පවත්වාගෙන යෑම මැතිවරණ කොමිසන් සභාවේ වගකීමක්.
මැතිවරණය සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය ගෙන ඇති තීන්දුව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරන නීති විරෝධී තීන්දුවක්ද?
ජනතා පරමාධිපත්‍ය හා ප‍්‍රජාතන්ත‍්‍රවාදය උල්ලංඝනය කිරිම උදෙසා ආණ්ඩුව මේ ගෙන ඇති අත්තනෝමතික කි‍්‍රයාවලියට එරෙහිව මුළු රටම පෙරට ඒමට සූදානම්ද?
මෙහිදී නෛතික තත්ත්වය තේරුම් ගැනීම ඉතාම වැදගත්. ඒ පිළිබඳව පුළුල් සමාජ සංවාදයක දිගුවීම වඩාත් වැදගත්.
ඊට හේතු සාධක නම් මෙතෙක් ඒ පිළිබඳව කිසිදු බුද්ධිමතකු හෝ විකල්ප සමාජ කණ්ඩායම් හෝ සමාජ සංවාදය දිගු නොකිරීම නිසා.
ඒ පිළිබඳව කෙටි සටහනක් තවදුරටත් ගෙන ඒමට බලාපොරොත්තු වෙනවා.
1972 ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව යටතේ රාජ්‍ය නිලධාරින් පත්කිරීම මාරු කිරීම හා සේවයෙන් පහ කිරීම සම්බන්ධයෙන් වගකීම අමාත්‍ය මණ්ඩලයට තිබුණා.
එකී බලතල කි‍්‍රයාත්මක කිරීම සම්බන්ධව කි‍්‍රයා පටිපාටියටද බලතල පවරාදීමේ පටිපාටියද ඇතුළු රාජ්‍ය සේවය පිහිටුවීම, රාජ්‍ය නිලධාරින් බඳවාගැනීමේ පටිපාටි නියම කිරීම සහ රාජ්‍ය නිලධාරින්ගේ පැවැත්ම පිළිබඳව රීති මාලා නියම කිරීමද 72 ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව යටතේ අමාත්‍ය මණ්ඩලය සතු වූවා.
රාජ්‍ය නිලධාරින්ට අදාළ සියලූම කරුණු පිළිබඳව විධිවිධාන සැලසීම හා ඒ කරුණු නිශ්චය කිරීමේ බලය අමාත්‍ය මණ්ඩලයට ඇති බව එකී බලය ඇති අමාත්‍යවරයකුට හෝ රාජ්‍ය නිලධාරියෙකුට පවරා ඇති අවස්ථාවක වුවද එම කාර්යයන් කි‍්‍රයාත්මක කිරීමේ බලය අමාත්‍ය මණ්ඩලයට ඇති බව ද ඉතිහාසය තුළ
තිබෙන ලේඛන අනුව පැහැදිලි වෙනවා.
ඉහත බලතල කි‍්‍රයාත්මක කිරීම සම්බන්යෙන් අමාත්‍ය මණ්ඩලයේ හෝ අමාත්‍යවරයෙකු හෝ රාජ්‍ය සේවක උපදේශක මණ්ඩලය හෝ රාජ්‍ය සේවා විනය මණ්ඩලයේ හෝ රාජ්‍ය නිලධාරියෙකු හෝ කිසිම නිර්දේශයක් නියෝගයක් හෝ තීරණයක් කවර ආකාරයෙන් හෝ ප‍්‍රශ්න කිරීම යුක්තිය පසඳලීමේ කිසිම ආයතනයකට හෝ අධිකරණයකට හෝ නොමැති බව 72 ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව යටතේ සඳහන් වූවක්.
රාජ්‍ය නිලධාරින් පත් කිරීම මාරු කිරීම හා සේවයෙන් පහ කිරීම සම්බන්ධයෙන් වූ බලය මේ ආකාරයෙන්
අමාත්‍ය මණ්ඩලයට, අමාත්‍යවරයකුට පැවරීම තුළින් 1972 ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අනුව රාජ්‍ය සේවය දේශපාලනකරණය වූ බව ඔබට අමුතුවෙන් කිව යුතු නැහැ.
ඒ අනුව 1970 බලයට පත් වූ සිරිමාවෝ බණ්ඩාරනායක ආණ්ඩුව 1972 ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සකස් කරමින් ස්ථිර ලේකම්වරු පත් කරා.
පසුව එය අමාත්‍යංශ ලේකම්වරුන් බවට පත් වුණා.
බොහෝ අමාත්‍යංශවලට ලේකම්වරු පත් කිරීමේදි 1965 බලයට පත් වූ ආණ්ඩුව මෙන්ම සම්ප‍්‍රදායන්ගෙන් බැහැරව යමින් පෞද්ගලික දැන හැඳුනුම්කම් මත ලේකම්වරු පත් කිරීමට කි‍්‍රයා කරන සංස්කෘතියක් බිහි වුණා.
අධිකරණ අමාත්‍යංශයේ ලේකම් ලෙස එවකට නිහාල් ජයවික‍්‍රම මහතා ද, නිවාස අමාත්‍යංශයේ ලේකම් ලෙස නාත් අමරකෝන් මහතා ද, අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් ලෙස ආචාර්ය පේ‍්‍රමදාස උඩුගම මහතා ද, රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම් ලෙස පී. බී. ගාමිණී වික‍්‍රමනායක මහතා ද පත් කරන ලද්දේ එවැනි පසුබිමක් හමුවේ.
ඉන් පසුව 1978 ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව යටතේ රාජ්‍ය සේවය කෙටියෙන් අප දැන හඳුනාගැනීම වැදගත්.
1977 බලයට පත් වූ ආණ්ඩුවේ ප‍්‍රධාන මැතිවරණ පොරොන්දුවක්ව තිබුණේ 72 ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් දේශපාලනකරණය වූ රාජ්‍ය සේවය ස්වාධීන කිරීම සඳහා වූ විධිවිධාන නව ආණ්ඩුව විසින් සකස් කරනු
ලබන බව ඔවුන්ගේ දේශපාලන පොරොන්දුවක් වුණා.
ඒ අනුව 1948 – 1972 ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවල සඳහන් පරිදි 1978 ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ ද රාජ්‍ය සේවය සඳහා වෙනම පරිච්ෙඡ්දයක් ඇති වුණා.
නමුත් 1972 ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව මගින් දැඩි දේශපාලනකරණය වූ රාජ්‍ය සේවය අලූතින් ඇතුළත් කර ඇති විධිවිධාන ස්වාධීන රාජ්‍ය සේවයක් ඇති කිරීම සඳහා කොපමණ දුරට ප‍්‍රමාණවත් වූවාද යන්න සලකා බැලීම ඔබ ඊළඟ ලේඛනය තුළින් බලාපොරොත්තු වන්න.
ලිව්වේ
සුමිත් කොඩිතුවක්කු