ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ පසුගිය තයිපොංගල් දිනයදා යාපනයට ගියා. යාපනයේදී ජනාධිපතිවරයා සුවිශේෂ ප‍්‍රකාශයක් සිදු කළා.
මේ සුවිශේෂ ප‍්‍රකාශයත් සමඟ ලංකාවේ ජාතිවාදී මුහුණුවරින් හැසිරෙන දේශපාලනඥයින්ට හා ජාතිය ආගම විකුණාගෙන කන යැපෙන පාදඩ භික්ෂු සමාජයට හොඳ අභියෝගයක් වශයෙන් මේ අවස්ථාවේ කියන්න පුළුවන්.
එනම් 13 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ විධිවිධාන හා රාජ්‍ය සේවය අරඹයා තමයි රනිල් වික‍්‍රමසිංහගේ මේ ප‍්‍රකාශය මතු වුණේ.
සියලූම ජාතීන්ට නියෝජනය වන පරිදි රනිල් වික‍්‍රමසිංහ 13 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව කි‍්‍රයාත්මක කරන බව ඔහු පැවසුවා.
හැබැයි මේ ප‍්‍රකාශය තුළ ඔහුට ඇත්තේ කූඨ දේශපාලන උපායමාර්ගයක්. උතුරු නැගෙනහිර ඡුන්ද කඩා ගැනීමේ ඉලක්කයක්.
ඊට පෙර ලංකාවේ දේශපාලන ඡුන්ද ව්‍යාපාරවලදී මහින්ද රාජපක්ෂ එල්.ටී.ටී.ඊ එකට මුදල් ලබාදී ඡුන්දය ප‍්‍රතික්ෂේප කිරීම තුළින් උතුරු නැගෙනහිර ජනතාව ඔහුගේ ජයග‍්‍රහණය ඉලක්ක වුණා.

මේ සඳහා සම්බන්ධිකාරකයකු වූයේ ටිරාන් අලස් මහතා බව ඒ දිනවල ප‍්‍රකාශයට පත් වුණා. මෙය ඒ පිළිබඳව වැඩිදුර සාකච්ඡුා කිරීමට අවස්ථාව නොවේ.
නමුත් ඒ පිළිබඳව පුළුල් සාකච්ඡුාවක් ඉදිරි ලේඛනයකින් බලාපොරොත්තු වන්න.

13 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් 1977 ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ නමවන පරිච්ෙඡ්දයේ කිසිදු ව්‍යවස්ථාවක් හෝ විධිවිධානයක් වෙනස් කරේ නැහැ.
එම සංශෝධනය සමඟ පාර්ලිමේන්තුවේදී සම්මත වූ 1987 අංක 42 දරණ පළාත් සභා පනත මගින් එතෙක් පැවැති රාජ්‍ය සේවය උඩු යටිකුරු කළා.
ඒ තුළින් ලංකාවේ රාජ්‍ය සේවය දැඩි බලපෑමකට, කම්පනයකට පත්කරනු ලැබුවා.

ඊට හේතුව වූයේ එම පනතේ 32 වන වගන්තිය පරිදි පළාත් සභා රජයේ සේවකයෙක් අනියම් ලෙස සංස්ථාපනය වීම සඳහා අවශ්‍ය මූලික පදනමක් බිහි කර තිබීමයි.
ඒ අනුව පළාත් සභා රජයේ සේවයේ නිලධාරින් පත් කිරීම, මාරු කිරීම, ඔවුන්ගේ විනය පාලනය හා සේවයෙන් පහ කිරීම පළාතේ ආණ්ඩුකාරවරයාට පැවරුණා.
ආණ්ඩුකාරවරයා පත් කරන්නේ විධායක ජනාධිපතිවරයා.

එහි ප‍්‍රතිඵලය වූයේ සෑම පළාත් සභාවකම ඒ ඒ පළාත් ආණ්ඩුකාරවරයාගේ බලයට පත් වූ වෙනම පළාත් සභා රාජ්‍ය සේවයක් නිර්මානය කිරීමයි.
ලංකාවට සුවිශාල උවදුරක් බවට පත්ව තිබෙනවා පළාත් සභා ක‍්‍රමය. පළාත් සභා ක‍්‍රමය එන්නේ 13 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව යටතේ.
මේ මොහොතේ රනිල් වික‍්‍රමසිංහ ජනාධිපතිවරයා 13 වන ආණ්ඩුව මුළුමනින්ම කි‍්‍රයාත්මක කිරීමට උනන්දු වන්නේ එක් කරුණක් නම් ඉන්දියාවේ දැඩි බලපෑමයි.
අනෙක් කරුණ නම් උතුරු නැගෙනහිර ඡුන්දය උපයාගැනීමේ උපායශීලී මාර්ගයක් කියල කිව්වොත් වඩාත් නිවැරදියි.
එතකොට මේ 77 ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ නම වන පරිච්ෙඡ්දයේ මොනවද තිබෙන්නේ කියල අපි පළමුවෙන් සාකච්ඡුා කරමු.
ශී‍්‍ර ලංකා ප‍්‍රජාතාන්ති‍්‍රක සමාජවාදී ජනරජයේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ නම වන පරිච්ෙඡ්දය විධායකය. ඒ නමවන පරිච්ෙඡ්දය තුළින් පැහැදිලිව රජයේ සේවය පිළිබඳව නිර්වචනය කර තිබෙන්නේ.
නීතිපතිවරයා ද යුදහමුදාවේ, නාවික හමුදාවේ, ගුවන් හමුදාවේ සහ පොලිස් හමුදාවේ ප‍්‍රධානියෝද ජනාධිපති වරයා විසින් පත් කළ යුතු යැයි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් හෝ වෙනත් ලිඛිත නීතියකින් හෝ නියමිත සියලූ රජයේ නිලධරයෝද ජනාධිපතිවරයා විසින් පත් කරනු ලබන්නාහ.
යනුවෙන් නමවන පරිච්ෙඡ්දයේ සඳහන්ව තිබෙනවා.

හොඳයි අපි රජයේ සේවය මොකක්ද කියල ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අනුව සලකා බලමු.

55 (1* ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ විධිවිධානයන්ට යටත්ව රජයේ නිලධරයන් පත් කිරීම, මාරු කිරීම, සේවයෙන් පහ කිරීම සහ රජයේ නිලධාරින්ගේ විනය පාලනය අමාත්‍ය මණ්ඩලය වෙත මෙයින් පවරනු ලබන බව සියලූම රජයේ නිලධරයෝ දන්නා බව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ එසේ සඳහන් වෙනවා.
ජනාධිපතිවරයාට මේ බලය කේන්ද්‍රගත වීම ඇත්තටම කිසිම දේශපාලන පක්ෂයක් පුළුල් සමාජ සංවාදයක් කරල නැහැ.

හේතුව රටේ අර්බුද, විවිධ ගැටලූ මතුවෙන්න ප‍්‍රධාන සාධකයක් තමයි ජනාධිපතිවරයාට සියලූම රාජ්‍ය නිලධාරින්ගේ අධිකාරින්ගේ බලය ඔහු වෙත කේන්ද්‍රගත කර ගෙන සිටීම.
දෙපාර්තමේන්තු 55 (2* වගන්තිය යටතේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ මෙසේ සඳහන් වෙනවා.

දෙපාර්තමේන්තු ප‍්‍රධානින් සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලය සතු පත් කිරීමේ, මාරු කිරීමේ, සේවයෙන් පහ කිරීමේ සහ විනය පාලනයේ බලතල අමාත්‍ය මණ්ඩලය විසින් පවරා නොදිය යුත්තේය යනුවෙන් 1978 ව්‍යව්සථාවේ සඳහන්.
ඇත්තටම 13 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සම්පූර්ණයෙන්ම කි‍්‍රයාත්මක නොවුණත් පළාත් සභාව අරඹයා කි‍්‍රයාත්මක වීම පටන් ගත්තා.
නමුත් තවදුරටත් අමාත්‍ය මණ්ඩලයට බලය කේන්ද්‍රගත කරගැනීම රටේ අර්බුදකාරී තත්ත්වයක් වුණා.

ඒ පිළිබඳව වාමාංශික හෝ රැුඩිකල් දේශපාලන පක්ෂ මුනිවත රකින්නේ ඔවුන් බලයට පත් වූ පසු බලය
තමන් වෙත කේන්ද්‍රගත කරගැනීමේ ඉලක්කයෙන්ද කියල ප‍්‍රශ්නයක් මතු වෙනවා.

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 55 වගන්තියේ 3 ලේඛනයට අනුව සෙසු රජයේ නිලධාරියන් සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලය සතු පත්කිරීමේ, මාරු කිරීමේ, සේවයෙන් පහ කිරීමේ සහ විනය පාලන බලතල අමාත්‍ය මණ්ඩලය විසින් කලින් කල රාජ්‍ය සේවා කොමිෂන් සභාවට පවරා දිය හැක්කේය යනුවෙන් සඳහන් කර තිබෙනවා.
නමුත් එය හුදෙක් හිතලූවක් පමණයි.

කෙසේ වුවද මේ ව්‍යවස්ථාව යටතේ බලය පවරාදීමක් කර තිබූණත් නිශ්චය කොට දක්වනු ලැබිය හැකි නිලධර ඝන මාරු කිරීම සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලය සතු බලතල කවර වූ හෝ අමාත්‍යවරයකුට අමාත්‍ය මණ්ඩලය විසින් කලින් කල පවරා දිය හැක්කේය.
එසේ බලය පවරාදෙනු ලැබූ විට රාජ්‍ය සේවා කොමිෂන් සභාව හෝ එහි යම් කමිටුවක් විසින් එය නිලධර
ඝන සම්බන්ධයෙන් ඒ බලතල කි‍්‍රයාත්මක නොකළ යුත්තේය යන්න ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ නම වන පරිච්ෙඡ්දයේ රජයේ සේවය සම්බන්ධව සඳහන් වෙනවා.
මේ අතර අනු ව්‍යවස්ථාවේ කාර්ය සඳහා මාරු කිරීම යන්නෙන් රජයේ නිලධාරියෙකු වැටුපෙහි වෙනසක් නොමැතිව එකම සේවයේ එක් තනතුරකින් වෙනත් තනතුරකට හෝ එකම අමාත්‍යංශයේ නැතහොත් දෙපාර්තමේන්තුවේ එකම ශ්‍රේණියේ එක් තනතුරකින් වෙනත් තනතුරකට හෝ මාරු කිරීම අදහස් වේ.
එතකොට ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 55 වන වගන්තියේ 4 වන වගන්තියට අනුව මෙසේ සඳහන් වෙනවා.

රජයේ නිලධාරින් බඳවාගැනීමේ පටිපාටි නියම කිරීම සහ රජයේ නිලධරයන්ගේ පැවැත්ම පිළිබඳව රීති මාලා කි‍්‍රයාත්මක කිරීම ද, උසස් කිරීම් හා මාරු කිරීම් සිදුකිරීමේදී අනුගමනය කළ යුතු ප‍්‍රතිපත්ති නියම කිරීමද රජයේ නිලධරයන් පත් කිරීම, මාරු කිරීම, සේවයෙන් පහ කිරීම හා ඔවුන්ගේ විනය පාලනය යන මේ කරුණු පිළිබඳ බලතල කි‍්‍රයාත්මක කිරීමේ පටිපාටිය හා එකී පවරාදීමේ පටිපාටිය නියම කිරීම ද ඇතුළුව රජයේ නිලධරයන්ට අදාළව සියලූ කරුණු පිළිබඳව විධිවිධාන සැලැස්වීම හා ඒ කරුණු තීරණය කිරීම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ විධිවිධානවලට යටත්ව අමාත්‍ය මණ්ඩලය විසින් කරුණු ලබන්නේය.
බලය ලබාදෙන බව කිව්වත් බලය ආපසු ගැනීම අමාත්‍ය මණ්ඩලයට සිදුවන්නේ ඒමයි.

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 55 වන වගන්තියේ 5 වන වගන්තියට අනුව 126 ව්‍යවස්ථාවේ පළවුණු අනු ව්‍යවස්ථාව යටතේ ශ්‍රේෂ්ඨාධිකණයට පැවරී ඇති අධිකරණ බලයට යටත්ව රජයේ නිලධාරියෙකු පත් කිරීම, මාරු කිරීම, සේවයෙන් පහ කිරීම හෝ ඔවුන්ගේ පාලනය හා සම්බන්ධ යම්කිසි කාරණයක් පිළිබඳව අමාත්‍ය මණ්ඩලයේ හෝ අමාත්‍යවරයෙකුගේ හෝ රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ හෝ රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ කමිටුවක හෝ රජයේ නිලධාරියෙකුගේ හෝ කිසිම නියමයක් හෝ තීරණයක් විමසීමට ඒ පිළිබඳව මතයක් ප‍්‍රකාශ කිරීමට හෝ කවර වූ හෝ ආකාරයකින් ප‍්‍රශ්න කිරීමට කිසිම අධිකරණයකට හෝ විනිශ්චය අධිකරණයකට බලය හෝ අධිකරණ බලය නොමැත්තේය.

මෙන්න යුක්තිය පසඳලීමේදී සාමාන්‍ය ජනතාවට අත්වන ඉරණම පිළිබඳ ඛේදවාචකය 5 වන වගන්තිය අනුව ඔබට පැහැදිලි වනු ඇති.
ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 55 වන වගන්තියේ 6 වන ලේඛනයට අනුව මේ ව්‍යවස්ථාව සහ 56 වන ව්‍යවස්ථාවේ සිට 59 වන ව්‍යවස්ථාව තෙක් වූ ව්‍යවස්ථාවල (ඒ ව්‍යවස්ථා දෙකම ඇතුළුව කාර්ය සඳහා රජයේ නිලධාරියා යන්නට යුද හමුදාවේ, නාවික හමුදාවේ හෝ ගුවන් හමුදාවේ සාමාජිකයෙක් ඇතුළත් නොවන්නේය යන්න සඳහන් වෙනවා.
රජයේ සේවකයාව ආණ්ඩුවේ පැවැත්ම සඳහා හමුදා නිලධාරින් රජයේ සේවයේ යන ලේබලයෙන් ඉවත් කර
තිබෙනවා.

එතකොට රාජ්‍ය සේවා කොමිෂන් සභාවට බලය ඡුායාත්මකව ලබාදී ඇති පරිසරය පිළිබඳව මේ අවස්ථාවේ සොයා බලමු.
56 ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 56 වන වගන්තියේ 1 වන ලේඛනයට අනුව ජනාධිපතිවරයා විසින් පත් කරනු
ලබන තැනැත්තන් 5 දෙනකුට නොඅඩු සංඛ්‍යාවකින් සමන්විත රාජ්‍ය සේවා කොමිෂන් සභාවක් වන්නේය. එතකොට කවුද රාජ්‍ය සේවා කොමිෂන් සභාව පත් කරන්නේ.
විධායකය විසින්.

එතකොට විධායකයේ අවශ්‍යතා මතය, ඕනෑ එපාකම් අනුව ඔවුන් කි‍්‍රයා නොකරන්නේ ද යන්න ගැටලූවක් මතු වෙනවා.
ජනාධිපතිවරයා විසින් එම සාමාජිකයන් අතුරින් එක් සාමාජිකයකු කොමිෂන් සභාවේ සභාපති ලෙස නම් කළ යුත්තේය.
එතකොට රාජ්‍ය සේවා කොමිෂන් සභාවට ඇති නෛතික බලය මතුපිටින් දීම චීස් බටර් තැවරීමක් වැනි කරුණක් නොවේද?
ඔවුන් සියල්ලක්ම ස්වාධීනව පත් නොවන පරිසරයක් තුළ ඒවායේ බලය ජනාධිපතිවරයා දක්වා කේන්ද්‍රගතවීම
තුළ ඇති යථා තත්ත්වය කුමක්ද?

ලංකාවේ දේශපාලන පක්ෂ ස්වාධීන රාජ්‍ය සේවයක් සඳහා හඬක් නගනවාද?

වාමාංශික හෝ රැුඩිකල් දේශපාලන පක්ෂවල ඒ සම්බන්ධව හැසිරීම, භාවිතය අපි ඉදිරි කාලයේදී විවරණයට
ලක් කරමු.

එතකොට ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 56 වන වගන්තියේ 2 කොටසේ මෙහෙම සඳහන් වෙනවා.

යම්කිසි තැනැත්තෙක් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙක් වේ නම් ඒ තැනැත්තා රාජ්‍ය සේවා කොමිෂන් සභාවට පත් නොකළ යුත්තේය.
නැතහොත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සාමාජිකයකු ලෙස නොසිටිය යුත්තේය.

යම්කිසි තැනැත්තෙක් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙක් නම් ඒ තැනැත්තා රාජ්‍ය සේවා කොමිෂන් සභාවට පත් නොකළ යුත්තේය.
මතුපිටින් දේශපාලනයක් සම්බන්ධ වෙන්නැති ස්වරූපයක් එයින් සනාථ කරනවා.

නමුත් සියලූම ප‍්‍රධානීන් පත් කිරීමේ වගකීම, කාර්යභාරය මෙහෙයවීම ජනාධිපති වරයාට කේන්ද්‍රගත වෙලා
තියෙනවා.

56 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ වගන්තියට අනුව 3 වන කොටස මෙහෙම සඳහන් වෙනවා.

රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සාමාජිකයකු ලෙස පත්වන තෙක් රජයේ නිලධාරියෙකු නැතහොත් අධිකරණ නිලධරයෙකු සිටි සෑම තැනැත්තෙක්ම එකී පත්වීම ක‍්‍රියාත්මක වූ විට එකි ධුරය නතර විය යුත්තේය.

තවද එවැනි සෑම තැනැත්තෙක්ම රජයේ නිලධාරියෙකු වශයෙන් හෝ අධිකරණ නිලධාරියෙකු වශයෙන් නැවත පත්වීමට සුදුස්සෙක් නොවන්නේ යනුවෙන් සඳහන් වෙනවා.
එසේ වූවද එවැනි යම් තැනැත්තෙකු රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සාමාජිකයකුව සිටීම නතර වන තෙක් හෝ අවස්ථාවෝචිත පරිදි ඔහු රජයේ සේවකයෙක් නම් හෝ නැතහොත් අධිකරණ නිලධාරියෙක් නම් යම් වයසට එළැඹි කල්හි ඔහු විශ‍්‍රාම ගත යුතු යැයි නියම කරනු ලැබේද?
ඔහු එසේ සාමාජිකයකුව සිටියදී එම වයසට එළැඹෙන තෙක් රජයේ නිලධාරියෙකු හෝ අධිකරණ නිලධරයෙකු ලෙස රජයේ සේවයෙන් විශ‍්‍රාම වැටුප් සහිතව ධුරයක් දරණ ලෙස ද එම සේවය වෙනුවෙන් විශ‍්‍රාම වැටුප්, පාරිතෝෂික හෝ වෙනත් දීමනා පිළිබඳ ප‍්‍රධානය පිළිබඳ වූ යම් විධිවිධානයක කාර්ය සඳහා සැලකිය යුත්තේය යනුවෙන් 56 වන වගන්තිය යටතේ තවදුරටත් සඳහන් වෙනවා.
56 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ ලේඛනවලට අනුව හතර වන පේළියේ මෙසේ සඳහන් වෙනවා.

රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සෑම සාමාජිකයෙක්ම ස්වකීය අත්සන තබා ජනාධිපතිවරයා වෙත යවන
ලිපියක් මගින් නියමිත දිනයට කලින් ඉල්ලා අස්වුවහොත් හෝ ජනාධිපතිවරයා විසින් හේතු දක්වා ධුරයෙන් ඉවත් කරනු ලැබුවහොත් මිස පත් කරනු ලැබූ දින සිට අවුරුදු 5ක කාලයක් සිය ධුරය දරන්නේය.
ඒත් ඒ සෑම සාමාජිකයෙක්ම නැවත පත් කරනු ලැබීමට සුදුස්සෙක් වන්නේය.

ඒ අනුව පෙනී යන්නේ ජනාධිපතිවරයාගේ බලය සහ දේශපාලන පැවැත්ම සඳහා කඬේ යන රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සාමාජිකයෙකුට නැවත පත් කිරීමට ජනාධිපතිවරයාට අවකාශය තිබෙන බව නොවේද?
ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 56 වගන්තිය යටතේ 5 කොටසේ මෙසේ සඳහන් වෙනවා.

ජනාධිපතිවරයා විසින් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ කවර වූ හෝ සාමාජිකයකුට නිවාඩු දිය හැකි අතර රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සාමාජිකයකු වීමට සුදුසුකම් ඇති තැනැත්තෙකු ඒ නිවාඩු කාලය සඳහා
තාවකාලික සාමාජිකයකු වශයෙන් පත්කරනු ලැබීය හැක්කේය යනුවෙන්.

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 56 වගන්තියේ 6 පේළියට අනුව රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සාමාජිකයින්ට පාර්ලිමේන්තුව විසින් නිශ්චය කරනු ලබන වැටුප් ගෙවිය යුත්තේය.
ඒ වැටුප් ඒකාබද්ධ අරමුදල වැය බරක් වන්නේය.

ඒ වැටුප් ඒ සාමාජිකයන්ගේ ධුර කාලය තුළ අඩු කළ නොකළ යුත්තේය යනුවෙන් ද සඳහන් වෙනවා. රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ලේකම්වරයෙක් පත්වෙනවා.
ඒ ලේකම්වරයා කොමිෂන් සභාව විසින් පත් කරනු ලබන බව 56 වන ආණ්ඩුක‍්‍රම ව්‍යව්සථාවේ ලේඛනයේ 7 වන පේළියේ එසේ සඳහන් වෙනවා.
56 ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා ලේඛනයේ 8 වන පේළියේ කොමිෂන් සභාවේ කවර හෝ රැුස්වීමක් සඳහා අවශ්‍ය
ඝන පූර්ණය තිදෙනෙකුගෙන් සමන්විය යුතු බව සඳහන් වෙනවා.

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 56 9 වන පේළියට අනුව රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සාමාජික ධුරයක් හිස්ව
තිබුණ ද කොමිෂන් සභාවට ක‍්‍රියා කිරීමට බලය ඇත්තේය.

එවැනි යම් පුරප්පාඩුවක් හෝ යම් සාමාජිකයකු පත් කිරීමේලා යම් දෝෂයක් හෝ තිබූ පමණින් කොමිෂන් සභාවේ යම් ක‍්‍රියාවක් නැතහොත් කටයුත්තක් නිර්බල නොවන්නේය.
නිර්බල වන්නාක් සේ නොසැලකිය යුත්තේය යනුවේන සඳහන් වෙනවා.

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 56 වන ව්‍යවස්ථාවේ 10 වන පේළියට අනුව දණ්ඩ නීති සංග‍්‍රහයේ 9 වන පරිච්ෙඡ්දයේ කාර්ය සඳහා රාජ්‍ය සේවා කොමිෂන් සේවා සභාවේ සාමාජිකයකු රජයේ සේවකයකු ලෙස සැලකිය යුත්තේද යනුවෙන් සඳහන් වෙනවා.
ඒ පිළිබඳව පසුව තවදුරටත් අපි කරුණු විවරණය කර ගමු.

ඒ අනුව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 57 වගන්තියේ 1 වැනි පේළියට අනුව අමාත්‍ය මණ්ඩලය විසින් රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත විධානයක් කරමින් ඒ විධානයේ නිශ්චය කොට ඇති යම් රජයේ නිලධාරි
ඝන සම්බන්ධයෙන් කොමිෂන් සභාවේ බලතල ක‍්‍රියාත්මක කිරීම සඳහා කොමිෂන් සභාවේ කමිටුවක් පත් කරන ලෙස රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සභාපතිවරයාට විධාන කරන කවර අවස්ථාවක වුවද රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සභාපතිවරයා විසින් ඒ සඳහා රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ කමිටුවක් පත් කළ යුත්තේය යනුවේන සඳහන් වෙනවා.
ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 57 හි 2 වන පේළියට අනුව මේ ව්‍යවස්ථාවේ 1 අනු ව්‍යවස්ථාව යටතේ විධානයක් කරනු ලැබූ විට රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සභාපතිවරයා විසින් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සාමාජිකයන් තිදෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පත් කළ යුත්තේය.
රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සභාපතිවරයා එසේ පත් කරන ලද කමිටුව සාමාජිකයකු වන අවස්ථාවක ඔහු ඒ කමිටුවේ සභාපතිවරයා හිස්වේය යනුවෙන් ද සඳහන් වෙනවා.
වැඩිදුරටත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සභාපතිවරයා එසේ පත් කරන කමිටුවක සාමාජිකයකු නොවන අවස්ථාවක ඒ කමිටුවේ සාමාජිකයන් අතරින් ඔහු විසින් ලියවිල්ලක් මගින් නම් කරනු ලබන යම් සාමාජිකයකු ඒ කමිටුවේ සභාපතිවරයා විය යුත්තේය යන්න තවදුරටත් දෙවැනි පේළියේ සඳහන්.
ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 53 වගන්තියට අනුව 3 වන පේළියේ මෙසේ සඳහන් වෙනවා.

එවැනි යම් කමිටුවක් පත් කරනු ලැබූ විට ඒ කමිටුව පත් කිරිම සඳහා වූ විධානයේ නිශ්චය කොට දක්වා ඇති රජයේ නිලධාරි ඝන සම්බන්ධයෙන් රාජ්‍ය සේවා කොමිෂන් සභාව සතු පත් කිරීමේ, මාරු කිරීමේ, සේවයෙන් පහ කිරීමේ හා විනය පාලන බලතල කොමිෂන් සභාව විසින් ක‍්‍රියාත්මක කිරීම නතර විය යුත්තේය යනුවෙන් සඳහන් වෙනවා.
57 වන ව්‍යවස්ථාවට අනුව එහි 4 වන පේළියේ මෙසේ සඳහන් වෙනවා. ඒ එක් එක් කමිටුවට ලේකම් වරයෙක් වන්නේය.
ලේකම්වරයා රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් පත් කරනු ලබන්නේය.

එවැනි යම් කවර වූ රැුස්වීමක් සඳහා අවශ්‍ය ඝන පූර්ණය තිදෙනෙකුගෙන් පමණක් සමන්විත වූ බව ද
තවදුරටත් සඳහන් වේ.

එවැනි යම්කිසි කමිටුවක සාමාජික ධුරයක් හිස්ව තිබුණ ද ඒ කමිටුවට ක‍්‍රියා කිරීමට බලය ඇත්තේය යනුවෙන් සඳහන්.
තවද එවැනි යම් පුරප්පාඩුවක් හෝ යම් සාමාජිකයෙකු පත් කිරීමෙහිලා යම් දෝෂයක් හෝ තිබූ පමණින් ඒ කමිටුවේ යම් ක‍්‍රියාවක් නැතහොත් කටයුතුත්තක් නිර්බල නොවන්නේය.
නිර්බල වන්නාක් සේ නොසැලකිය යුත්තේය යනුවෙන්ද තවදුරටත් සඳහන් වෙනවා.

එතකොට ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 58 වන ව්‍යවස්ථාවේ 1 වන පේළියට අනුව රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් හෝ ඒ කොමිෂන් සභාවේ කමිටුවක් විසින් කවර වූ හෝ ඝනයක රජයේ නිලධරයන් පත් කිරීමේ, මාරු කිරීමේ, සේවයෙන් පහ කිරීමේ හෝ ඔවුන්ගේ විනය පාලනය කිරීමේදී ඒ කොමිෂන් සභාව හෝ කමිටුව හෝ සතු බලතල අමාත්‍ය මණ්ඩලය විසින් නියම කරනු ලබන යම් කොන්දේසිවලට යටත්ව රජයේ නිලධාරියකුට පවරා දෙනු ලැබිය හැක්කේ ය යනුවෙන් වැඩිදුරටත් සඳහන් වෙනවා.
58 වන ව්‍යවස්ථාවට අනුව එහි 2 වන පේළියේ මෙසේ සඳහන් වෙනවා.

මීට ඉහතින් අනු ව්‍යවස්ථාව යටතේ රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් හෝ ඒ කොමිෂන් සභාවේ කමිටුවක් විසින් හෝ යම් රජයේ නිලධාරියෙකු වෙත බලය පවරා දෙනු ලැබුවේද ඒ රජයෙන් නිලධාරියා විසින් කරන
ලද මාරුකිරීම් හෝ සේවයෙන් පහ කිරීමකින් හෝ විනය කටයුත්තක් සම්බන්ධව කරන ලද වෙනත් යම් නියමයකින් අතෘප්තකර කවර වූ හෝ රජයේ නිලධරයකුට අවස්ථාවෝචිත පරිදි රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත හෝ එකී කමිටුව වෙත හෝ අභියාචනය කිරීමට අයිතියක් ඇති බව වැඩිදුරටත් සඳහන් වෙනවා.

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 59 වන ව්‍යවස්ථාවට අනුව පත් කිරීම් ආදිය වෙනස් කිරීමට හෝ අමුතු කිරීමට හෝ අවලංගු කිරීමට අමාත්‍ය මණ්ඩලයට ඇති බලය සඳහන් එය මෙසේ ගොනු කරන්න පුළුවන්.
රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් හෝ කොමිෂන් සභාවේ කමිටුවක් විසින් හෝ අභියාචනයේදී නැතහොත් අන්‍යාකාරයකින් කරන ලද යම්කිසි පත්කිරීමක් මාරු කිරීමේ නැතහොත් සේවයෙන් පහකිරීමේ නියමයක් හෝ විනය කටයුත්තක් සම්බන්ධව කරන ලද වෙනත් යම්කිසි නියමයක් වෙනස් කිරීමට අමුතු කිරීමට, අවලංගු කිරීමටද බලය තිබෙන බව වැඩිදුරටත් සඳහන් වෙනවා. ඒ 59 වෙනිිඪ’ පේළියට අනුව.
‘අ’ පෙළියට අනුව අමාත්‍ය වරයකු විසින් කරන ලද යම්කිසි නියමයක් වෙනස් කිරීමට, අමුතු කිරීමට හෝ අවලංගු කිරීමට ද ‘ඇ’ පේළියට අනුව රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් හෝ ඒ කොමිෂන් සභාවේ අනු කමිටුවක් විසින් හෝ 58 වන ව්‍යවස්ථාවේ 1 වන අනු ව්‍යවස්ථාව යටතේ බලය පවරා දෙන ලැබූ රජයේ නිලධාරියකු විසින් කරන ලද යම්කිසි පත්කිරීමක් වෙනස් කිරීමට, අමුතු කිරීමට හෝ අවලංගු කිරීමට අමාත්‍ය මණ්ඩලයට බලය ඇත්තේය.
සම්පූර්ණයෙන්ම බලය අමාත්‍ය මණ්ඩලය හා ජනාධිපතිවරයා කේන්ද්‍ර කරගෙන පැවැත්ම තුළ ඇතිවෙමින් පවතින ගැටලූ අප‍්‍රමාණයි.
මේ සම්බන්ධව ඉතාම වැදගත් කරුණ වන්නේ රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම්වරයාගේ ක‍්‍රියා කලාපය පසුගිය දිනවල අභියෝගයට ලක් වුණා.
ඔහුට බලය කේන්ද්‍රගතවීම ජනාධිපතිවරයා හෝ අමාත්‍ය මණ්ඩලය සතු බව නොදැන ඔහු මැතිවරණ කොමිෂන් සභාව ඉදිරියට ගොස් සිය සමාව ඉල්ලා තිබෙනවා.
මෙය වඩාත් සැලකිල්ලට ගත යුතු සාකච්ඡුාවට බඳුන්විය යුතු පැත්තක්.

අමාත්‍ය මණ්ඩලයේ බලය පිළිබඳව රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ කටයුතුවලට අයුතු ලෙස මැදිහත්වීම වැදගත් බව ද ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 60 යන වගන්තියට අනුව සඳහන් වෙනවා.
එය අපි පසුව සොයා බලමු.

යම් තැනැත්තෙක් ස්වකීය කාර්ය ඉටු කිරීමේලා හැර කෙළින්ම හෝ අන් අයුරකින් නැත්නම් ඒ තැනැත්තා විසින්ම හෝ අන් තැනැත්තකු මාර්ගයෙන් කවර වූ හෝ ආකාරයකින් රාජ්‍ය සේවා කොමිෂන් සභාව හෝ රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ යම් කමිටුවක හෝ ඒ කොමිෂන් සභාවේ යම් සාමාජිකයකු හෝ එකී කොමිෂන් සභාව විසින් හෝ කමිටුව විසින් පවරා දෙන ලද බලතල අතුරින් යම් බලතලයක් ක‍්‍රියාත්මක කරන යම් රජයේ නිලධරයෙකුගේ හෝ යම් තීරණයකට බලපෑමක් කෙරේද නැතහොත් බලපෑම් කිරීමට තැත් කරේද ඒ සෑම තැනැත්තෙක්ම වරදක් කරන්නේය.
ජූරි සභාවක් නොමැතිව පවත්වන නඩු විභාගයකින් පසුව මහාධිකරණය විසින් වරදකරු කරනු ලැබූ විට රුපියල් 1000ක් නොඉක්මවන දඩයකට හෝ අවුරුද්දකට නොවැඩි කාලයක් දෙයාකාරයෙන් එක් ආකාරයක බන්ධනාගාරගත කිරීමකට හෝ ඒ දඩය හෝ බන්ධනගාරගත කිරීම යන දඬුවම් දෙකටම හෝ ඔහු යටත් වන්නේ යනුවෙන් සඳහන් වෙනවා.
එසේ වුවද රජයේ සේවයේ ධුරයක් සඳහා ඉල්ලූම් කරන ඉල්ලූම්කරුවෙකු හෝ අපේක්ෂකයකුට හෝ යම්
තැනැත්තකු විසින් සහතිකයක් හෝ චරිත සහතිකයක් දීම මේ ව්‍යවස්ථාවේ ඇතුළත් කිසිවකින් තහනම් නොවන්නේය.
ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 61 වන පේළියට අනුව මේ පරිච්ෙඡ්දයේ සඳහන් යම් ධුරයකට පත් කරන ලැබූ
තැනැත්තෙකු මෙහි හතරවන උපලේඛනයේ දක්වා ඇති ප‍්‍රතිඥාව දී ඊට අත්සන් තබන තෙක් හෝ දිවුරුම්දී ඊට අත්සන් තබන තෙක් ස්වකීය ධුරයට අයත් කාර්යන්හි නොයෙදිය යුත්තේය යනුවෙන් නිල ප‍්‍රතිඥාවක් හෝ දිවුරුම් දීමක් කළ යුතු බව වැඩිදුරටත් සඳහන් වෙනවා.
මේ පිළිබඳව අප වඩාත් මනාව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ නෛතික තත්ත්වයන් පිළිබඳව මතු කළේ හේතු කීපයක් මත.

රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම්වරයා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව නොකියවා මැතිවරණ කොමිෂන් සභාව ඉදිරියේ සමාව ඉල්ලීම අරඹයා සෙසු රාජ්‍ය නිලධාරින් දැනගත යුතු කරුණු මතු කිරීම සඳහා පී.එෆ්.පී. නිවුස් මෙසේ කරුණු අවධාරණය කළ අතර තවදුරටත් මේ පිළිබඳව කරුණු විවරණය කරන්න බලාපොරොත්තු වෙනවා.
13 බලාත්මක කිරීමේ ජනාධිපතිවරයාගේ ප‍්‍රකාශය ඉදිරි කාලයේදී ලාංකික සමාජයට උඩයටිකුරු වන පරිසරයක් ඉදිරියේදී නිර්මාණය වන සුළුයි.
ඉදිරි අසංකීර්ණ සමාජ සංයුතිය හමුවේ 13 වන ව්‍යවස්ථා පෙරළිය පිළිබඳ න්‍යායාත්මක කරුණු රජයේ සේවකයාත් සාමාන්‍ය ප‍්‍රජාවත් දැනගෙන සිටීමත් ඉතාම වැදගත්.

ලිව්වේ
සුමිත් කොඩිතුවක්කු

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න