තිත්ත බෙහෙත් ජනතාවට පොවන්න යන ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ ඇත්තටම සත්භාවයෙන් රටේ අගතිය, ආර්ථික අහේනිය, ජනපීඩනය තේරුම් අරන් තියෙනවද?
ජනතාවට ඉවසන්න තිත්ත බෙහෙත් බොන්න දුෂ්කරතා කියන රනිල් වික‍්‍රමසිංහ ජනාධිපතිවරයා ආණ්ඩුවේ අමාත්‍යංශවල නිලධාරින්, අමාත්‍යවරුන්, මන්තී‍්‍රන් භුක්ති විඳින සුවිශේෂ වරප‍්‍රසාද හකුලා දැමීමට හෝ අවම කිරීමට මෙතෙක් කි‍්‍රයා කරල නැහැ.
ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ පළාත් පාලන මැතිවරණයේදී කිසිදු දේශපාලන පක්ෂයක් නියෝජනය කරන නොකරන බව ප‍්‍රකාශ කළා.
ඒ ප‍්‍රකාශය කරලා පැය 24ක් යන්න මත්තෙන් සිය ප‍්‍රකාශවලින් හා හැසිරීම හා භාවිතය තුළින්ම රනිල් වික‍්‍රමසිංහ ජනාධිපතිවරයාම සිය ප‍්‍රකාශනවල ඉච්ඡුා භංගත්වය තහවුරු කළා.
මේ පිළිබඳව ඉදිරියේදී තවදුරටත් පුළුල්ව විග‍්‍රහ කරන්න බලාපොරොත්තු වෙනවා.

පී.ආර්.සී. එහෙම නැත්නම් නිරෝධාන කාඞ්පත මේ සම්බන්ධව සංචාරක ප‍්‍රවර්ධන අධිකාරිය සංචාරක අමාත්‍ය හරින් ප‍්‍රනාන්දුගේ නියමය මත කෝවිඞ් විදේශවලින් එන අයගේ පැය 72ක් තුළ කෝවිඞ් එන්නත කාඞ්පත පිළිබඳව අවශ්‍ය නියෝගයක් නිකුත් කරා.
එය සෞඛ්‍ය අමාත්‍යංශය ඉවත දැමුවා.

සංචාරයකයින් සඳහා එන්නත් කාඞ්පත අනිවාර්ය කිරීම බල රහිත කිරීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණරත්න කි‍්‍රයා කළා.
සෞඛ්‍යයට අදාළ කි‍්‍රයාකාරකම් පිළිබඳව බලධාරියා තමන් බව ප‍්‍රකාශ කරන අසේල මහතා මේ වනකොට
ලංකාවේ පොදු ප‍්‍රජාවට සුවිශාල අගතියක් කරල තියෙනවා.

නිරෝධාන නීති ලිහිල් කිරීම සංචාරකයින්ට කඩිනමින් පියවර ගන්නකොට ලංකාවේ මිනිසුන් සඳහා නිකුත් කරන ලද ගැසට් පත‍්‍රය මේ වන තෙක් අවලංගු කරල නැහැ.
නැවත වරක් කොවිඞ් ලංකාවට ප‍්‍රවේශ වීම අවම කිරීම සඳහා රෙගුලාසි සංචාරක ප‍්‍රවර්ධන අධිකාරිය නිකුත් කිරීම පිළිබඳව ඇත්තටම යහපත් පැත්තක් තිබෙනවා.
එසේම ඩොලර් ප‍්‍රශ්නයකට මුහුණ දීල තිබෙන ලංකාව සංචාරකයින් ගෙන්වා ගැනීමේ අවකාශය ද අත්‍යවශ්‍යයි.

මේ පිළිබඳව සංචාරක ප‍්‍රවර්ධන අධිකාරියට නීතිමය බලයක් නැති බව අසෙල් ගුණරත්න මහතා ප‍්‍රවෘත්ති සාකච්ඡුාවක් කැඳවමින් ප‍්‍රකාශ කළා.
ඒ අනුව සෞඛ්‍ය මාර්ගෝපදේශ සංචාරකයින්ට නිකුත් කිරීම ලබන 20 දක්වා අකුලා ගැනීමට අධිකාරිය මේ වන විට පියවර ගෙන තිබෙනවා.
සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයගේ මේ කඩිනම් පියවර ලාංකික ජනතාවගේ අගතියට සාධක වූ පැත්තක් ද
තිබෙනවා.

මීට පෙර සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා නිකුත් කළ ලාංකික ප‍්‍රජාවට එම චක‍්‍රලේඛයට අනුව බස්වල
ගමන් කරන මගී සංඛ්‍යාව සීමා කරා. ඒ දැන් මාස ගණනාවකට පෙර.
එක් සීට් එකක එක් අයකුට පමණක් සීමා කිරීම තුළ බස් හිමියන්ට පාඩු ලැබීම නිසා රජය බස් ගාස්තු 300% කින් වැඩි කිරීමට එදා අවකාශය ලබාදුන්නා.
ඒ අනුව රුපියල් 12ක් වූ ටිකට් පත රුපියල් 34 දක්වා මිල වැඩි වූවා. රුපියල් 14ක් වූ ටිකට් පත රුපියල් 42ක් දක්වා වැඩි වූවා.
මේ තත්ත්වය අනුව එදා තිබුණු කොවිඞ් වසංගත තත්ත්වය ලංකාව තුළ අවම වෙලා තියෙනවා.

නමුත් ඒ අවම වීම සැලකිල්ලට ගෙන සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා සිය චක‍්‍රලේඛනය ආපසු කැඳවීමක් නොකරන සීමාවක් තුළ බස් හිමියන්ට හොඳ මුදල් ගරාගැනීමේ ක‍්‍රමයක් වර්ධනය වෙලා තියෙනවා.
රුපියල් 34 ටිකට් එකට රුපියල් 35ක් ගන්න එකත් රුපියල් 42 ටිකට් එකට රුපියල් 40, 45, 50 වශයෙන්
ගන්න කොන්දොස්තර මහතුනුත් රුපියල් 67 ටිකට් එක රුපියල් 75ට මිල කරන එකත් බහුලව පෞද්ගලික බස් සේවය තුළින් මනාව සිදු වන කරුණු කාරුණා.
ඒ නිසා මේ බස් ගාස්තු අවම කිරීමට නොහැකි වී ඇත්තේ සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයාගේ ගැසට් පත
තවම ඉවත් කිරීමට නොහැකි වූ නිසා බව ප‍්‍රවාහන අමාත්‍යවරයා පසුගියදා ප‍්‍රකාශ කරල තිබුණා.

මේ තුළින් ආර්ථික අගාධයකට තල්ලූ වී සිටින ජනතාව තවදුරටත් අගතියට තල්ලූ කිරීම සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා පත්කර තිබෙනවා.
මේ රාජ්‍ය නිලධාරින්ගේ පරස්පර ලේඛන නිකුත් කිරීමේ ක‍්‍රියාවලියේ එක් පැත්තක්.

පාර්යදුෂ්‍ය භාවය නැති බව රාජ්‍ය නිලධාරින්ගේ හැසිරීම හා භාවිතය සනාථ කරන්නක්. මේ වගේම අපි මේ පිළිබඳව තව ඉදිරියට සාකච්ඡුා කරන්න බලාපොරොත්තු වෙනවා. බිත්තර සඳහා ද රුපියල් 65 දක්වා රටේ ජනතාවට ගෙවීමට සිදුවෙලා තියෙනවා.
පවතින මිල ගණන් අවම කිරීම සඳහා රජය බිත්තර ඉන්දියාව හෝ පාකිස්ථානයෙන් ගෙන්වීමට ක‍්‍රියා කිරීමේදී සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජනරාල් හේමාලි කොතලාවල මහත්මිය බිත්තර වාණිජ මාෆියාව සමඟ එක්වීමක් සනාථ කරන කරුණුකාරණා අනාවරණය වෙමින් පවතිනවා.
මේ තත්ත්වයත් ඉතාම කණගාටුදායක තත්ත්වයක්.

ඉන්දියාවෙන් කුරුළු උණ පිළිබඳව මතු කරමින් අදාළ අනුමැතිය ලබාදීමට සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජනරාල්වරයා පසුගාමී තත්ත්වයක ඉන්නේ ඇත්තටම ජනතාවට තවදුරටත් පීඩාකාරී තත්ත්වයන් උරුම කරමින්.
මේ පිළිබඳව අපි ඉදිරියේ තවදුරටත් සාකච්ඡුා කරන්න බලාපොරොත්තු වෙනවා.

මේ රාජ්‍ය නිලධාරින්ගේ හැසිරීම භාවිතය නිසා අමාත්‍යංශ ලේකම්වරුන් ලවා ජනාධිපති ලේකම් සමන් ඒකනායක අත්සන් කරවාගත් ගිවිසුමක් ද පසුගිය දිනවල සිදුවී තිබෙනවා.
රාජ්‍ය මූල්‍ය කළමනාකරණය විෂය කාර්ය, පළදායිතාවය ආදී කරුණු පිළිබඳ අපේක්ෂිත කාර්යක්ෂමතාවය පවත්වාගෙන යෑමට විධිමත් වැඩපිළිවෙළක් අවශ්‍යයි.
එකී වගකීම ඉටු කිරීමට අසමත්වන ලේකම්වරුන් එකී තනතුරුවලින් ඉවත් කිරීමට නියමිත බව ජනාධිපති ලේකම් කාර්යාලයේ වටපිටාවෙන් ආරංචි වන සුලූයි.
නමුත් එකී නියමයන් පාර්යදුෂ්‍යභාවයකින් යුක්තව ඉටු කරන්නේද කියන ගැටලූවක් මතුවෙනවා.

පුද්ගල භේදයකින් තොරව සාධාරණව තක්සේරුවක් හා පාර්යදුෂ්‍යභාවයකින් යුතුව කෙරෙන්නේ නම් එය ජනතාවට දැනගැනීම සඳහා රනිල් වික‍්‍රමසිංහ ජනාධිපතිවරයාගේ නියමයෙන් අත්සන් කළ ගිවිසුම් කොන්දේසි ප‍්‍රසිද්ධ කිරීම ජනාධිපති ලේකම්වරයා පියවර ගත යුතුයි.
අධිකරණ සේවා කොමිෂන් සභාව දැනටමත් අධිකරණ සේවා නිලධාරින්ට චක‍්‍රලේඛ මගින් ලබාදුන් ඉලක්ක ඉටු කිරීමට අධිකරණ සේවා නිලධාරින් ක‍්‍රියාත්මක වෙමින් තිබෙන බව ද පෙනී යන සත්‍යයක්.
රාජ්‍ය සේවය යනු ජනතාවට සේවය කැපවූ යාන්ත‍්‍රණයක්.

ජනතාව රාජ්‍ය සේවය කෙරෙහි කිසිසේත් තෘප්තියකින් නම් පසු වන්නේ නැහැ.

රාජ්‍ය නිලධාරින් තමන්ට පැවරුණු වගකීම් අමතකකොට ජනප‍්‍රිය සේවා ස්ථානවල වසර 7 – 10 දක්වා රැුෙ
ඳමින් වෙනත් ව්‍යාපාර කරමින් ඉන්නවා.

ඒ තුළ ධනවතුන්ගේ හා දේශපාලනඥයන්ගේ උවමනා ඉටු කරනවා.

නැතිබැරි මිනිසාට ලැබෙන සමෘද්ධි ආධාර ලේඛනය සැකසීමත්, ප‍්‍රාදේශීය සභාවට භාරදීමත්, හිඟ විදුලි බිල්පත් නොගෙවූ මැති ඇමැතිගේ සේවා විසන්ඳි නොකිරීමත්, විමල් වීරවංශගේ බිරිඳගේ ශෂී වීරවංශගේ අවධිමත් ගමන් බලපත‍්‍රය ඇගේ ගෙදරටම ගොස් භාරදීමටත් රාජ්‍ය සේවය අගතියට, තුට්ටු දෙකට පත්වුණු අවස්ථා අපමණ තිබෙනවා.
ඒ නිසා රාජ්‍ය සේවයේ යම් ඉතිහාසය තුළ කාලපරිච්ෙඡ්දය තුළින් ආපු ගමන් මග හරහා මේ තත්ත්වය වර්ධනය වීම පිළිබඳව යම් හෙළිදරව්වක් කිරීම ඉතා වැදගත්.
ලංකාවේ නූතන රාජ්‍ය සේවය ආරම්භ වූයේ 1798 බව සාමාන්‍ය පිළිගැනීමක්. බි‍්‍රතාන්‍යයන් ශ‍්‍රී ලංකාවේ වෙරළබඩ ප‍්‍රදේශ 1796 දී අල්ලා ගත්තා.

එම ප‍්‍රදේශ ඔවුන් පාලනය කළේ ඉන්දියාවේ ගෝවේ නගරයේ පිහිටුවාගෙන සිටි පෙරදිග ඉන්දියානු වෙළෙඳ සමාගමක් මගින්.
ඒ කියන්නේ අපේ රට වෙළෙඳ සමාගමක් මගිනුත් මේ රට පාලනය කරල තියෙනවා.

එවැනිම තත්ත්වයක් මතුපිටින් නොපෙනුනත් අපි රාජ්‍ය සේවය කියා කිව්වාට කොම්පැණියකින් නැත්නම් වෙළෙඳ සමාගමකින් හැසිරෙන ක‍්‍රියාකරන රාජ්‍ය සේවයක් තමයි අද අපට දකින්නට ලැබෙන්නේ.
ලංකාවේ වෙරළබඩ ප‍්‍රදේශ ඉන්දියාවේ සිට පාලනය කිරීම එදා ඒ අවුරුදු දෙකක් තුළ අදික ලෙස වියදම් සහිත වුණා.
ශ‍්‍රී ලංකාවට වෙනම පාලන කණ්ඩායමක් එවීමට බි‍්‍රතාන්‍ය පාලකයෝ තීරණය කළේ 1798 දී.

ඒ අනුව බි‍්‍රතාන්‍ය ආණ්ඩුව විසින් ෆ්‍රෙඞ්රික් නෝත් ආණ්ඩුකාරවරයා සමඟ තවත් අට දෙනෙකුගෙන් සමන්විත සිවිල් සේවක කණ්ඩායමක් ශ‍්‍රී ලංකාව පාලනය කිරීම සඳහා 1798 ඔක්තෝම්බර් 12 දින ශ‍්‍රී ලංකාවට එවල
තියෙනවා.
එම කණ්ඩායම ශ‍්‍රී ලංකාවේ ආරම්භක සිවිල් සේවක රාජ්‍ය සේවක කණ්ඩායම ලෙස සලකන්න පුළුවන්. බි‍්‍රතාන්‍යයන් වෙනුවෙන් ශ‍්‍රී ලංකාව පාලනය කිරීමේ කටයුතුවල යෙදුනු ඔවුන්ගෙන් කෙනෙක් වූ ජෝන්
ලූෂින්ගන් යාපනයේ ආදායම් පාලක ලෙස පත් කරන විට 1804 දී ඔහුගේ වයස අවුරුදු 19ක් වුණා. ඒ වන විට ලංකාවේ පරිපාලනය සඳහා වැය වූ මුදල ආදායමට වඩා වැඩි වුණා.
සිවිල් සේවකයන්ට පඩි ගෙවීමේ ප‍්‍රශ්නයක් වුණා.

එබැවින් කැමැති කෙනෙකුට ව්‍යාපාර කටයුතු කිරීමට හෝ වැවිලි කටයුතු කිරීමට අවසර එදා දුන්නා.

එහි ප‍්‍රතිපලයක් ලෙස ජෝන් ලූසින්ගනන් රෙදිපිළි ආනයනය කිරීමට හා සුලූ මුලාදෑනීන්ගේ සහය ඇතිව විකිනීම සඳහා ව්‍යාපාරයක නිරත වුණා.
මෙන්න රාජ්‍ය දුරාචාරය ලංකාවේ ආරම්භ වන ක‍්‍රමය හා විදිය.

එම ක‍්‍රියාවලිය එවකට සිවිල් සේවයට නොගැලපෙන ක‍්‍රියාවක් ලෙස දුටු සර් තෝමස් මෙඞ්ලන්ඞ් ආණ්ඩුකාරයා විසින් 1806 දී සිවිල් සේවකයින් සඳහා වූ පරිපාලන නීති මාලාවක් සකස් කළා.
සිවිල් සේවය සඳහා සකස් කළ පළමුවන පරිපාලන රීති මාලාව එය ලෙස හඳුන්වන්න පුළුවන්.

රාජ්‍ය සේවයේ ආරම්භයේ සිටම රාජ්‍ය සේවය සම්බන්ධ විවිධ ගැටලූ ඒ වකවානු අනුව ඇති වී තිබූ බව පෙන්වා දෙන්න පුළුවන්.
ඉන් පසුව කෝල්බෲක් ප‍්‍රතිසංස්කරණ යටතේ ශ‍්‍රී ලංකාවේ රාජ්‍ය සේවය දියත් වුණා. පසුකාලීනව ඩොනමෝර් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව යටතේ රාජ්‍ය සේවය දියත් වුණා.
කරුණු කෙසේ වෙතත් සොල්බර් ව්‍යවස්ථා පාලන කාලයේ පුරවැසියකු වෙත රජයේ ආයතනයකින් යොමු කරන හැම ලිපියක් ආවසානයේම ඒකී කරුණු සහතික කරන නිලධාරින් අත්සන් කළේ මීට ඔබේ යටහත් සේවක යනුවෙන් දැක්වෙන ලිඛිත ප‍්‍රකාශයකින් අනතුරුවයි.
ඒ යුගයේ නිලධාරින් යොමු කළ හැම ලිපියක්ම ලැබුණු බව පළමුවෙන්ම දන්වා සිටීමත් එදා සෝල්බරි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව යටතේ දකින්න ලැබුණු ලක්ෂණයක්.
අදාළ පිළිතුර හෝ ප‍්‍රතිකර්මය දෙසතියකින් ලබාදීමටත් නිලධාරින් ක‍්‍රියා කළා. රාජ්‍ය සේවයට අනිවාර්ය වුණු ඒ ගුණාංගය දිගින් දිගටම සිදු වූවාද?
ජනරජය ව්‍යවස්ථාවට අනුව රජයේ සේවකයා නිලධාරියා බවට පත් වුණා. ජනරජ ව්‍යවස්ථාව යටතේ සේවකයා නිලධාරියා බවට පත් වුණා.

බදු ගෙවන පුරවැසියා අතවැස්සන් බවට ඒ තුළින් පත් වුණා.

අද වෙනතුරු තොරතුරු දැනගැනීම පනත යටතේ ව්‍යවස්ථාදායකය ජනතාවට හිමි කළ තොරතුරු දැනග ැනීමේ අයිතිය ද බොහෝ දුරට රාජ්‍ය නිලධාරින්ගේ තමන්ගේ අභිමතයට නතුකරගෙන හමාරයි.
වර්තමාන රාජ්‍ය සේවය රටේ ජනතාවගේ ආණ්ඩුවට එරෙහි සංවිධිත මාෆියාවක් කියල කිව්වොත් වඩාත් නිවැරදියි.
ජනාධිපති ලේකම් වරයා ලවා ගිවිසුමකින් ඇති කිරීමට ජනාධිපති වික‍්‍රමසිංහ කරන උත්සාහය යම් පැත්තකින්
අගය කළ යුත්තක්.

ඊට අමතරව රාජ්‍ය සේවය නොතකාහැරිය අතීත ක‍්‍රියාකාරකම් සොයා වහාම පිළියම් යෙදීම තෙක් පුළුල් කිරීමට වගබලා ගත යුතු බව සාමාන්‍ය ප‍්‍රජාවගේ බලාපොරොත්තුවයි.
මේ අනුව සෝල්බර් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව අපි එදා රාජ්‍ය සේවකයා ජනතාවගේ යටත් සේවකයා ලෙස නම් කිරීමම ප‍්‍රමාණවත් නැහැ.
ඒ පිළිබඳව යම් විග‍්‍රහයක් කිරීම වැදගත්.

ඩොනමෝර් ආණ්ඩුක‍්‍රමය යටතේ වූ රාජ්‍ය සේවයේ අඩු ලූහුඬුකම් ඉවත් කරමින් සෝල්බරි කොමිෂන් සභාව විසින් සකස් කරන ලද ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා යෝජනාවලිය අනුව රාජ්‍ය සේවකයාගේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම මාරු කිරීම අස්කිරීම හා වින්‍යානුකූල හැසිරීම පිළිබඳව ආණ්ඩුකාරතුමාට තිබූ බලය තවදුරටත් ඒ ආකාරයෙන්ම ප‍්‍රතිස්ථාපනය කර තිබුණා.
ආණ්ඩුකාරතුමාට අභිමත පරිදි එතුමා විසින් කොමසාරිස් මණ්ඩලය එහෙම නැත්නම් රාජ්‍ය සේවා කොමිෂන් සභාව පත් කළ යුතු බවට නිර්දේශයක් ඉදිරිපත් කර තිබුණා.
එමෙන්ම කොමසාරිස් මණ්ඩලය ආණ්ඩුකාරතුමාට අනුශාසනා කිරීමේ කාර්යයට පමණක් සීමා කර තිබුණා.

එහෙත් 1848 – 1972 දක්වා වසර 24 කාලය තුළ ක‍්‍රියාත්මක වූ සෝල්බරි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව මගින් සංස්ථාපනය කරන ලද රාජ්‍ය සේවා කොමිෂන් සභාව තුළින් සෝල්බරි කොමිෂන් සභාව විසින් අපේක්ෂා කළ පරිදි රාජ්‍ය සේවකයින්ගේ කාර්ය භාරය දේශපාලන බලපෑමෙන් තොරව ක‍්‍රියාත්මක වූවාද යන්න ගැටලූ සහගතයි.
1948 ක‍්‍රියාත්මක වූ සෝල්බරි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අනුව රාජ්‍ය සේවකයින්ගේ පත්වීම් මාරුවීම් සේවයෙන් පහ කිරීම් හා විනය පාලනය රාජ්‍ය සේවා කොමිෂන් සභාවට පවරා තිබුණා.
නමුත් ඩොනමෝර් ආණ්ඩු ක‍්‍රමය යටතේ රාජ්‍ය සේවකයින්ගේ උසස් කිරීම සඳහා රාජ්‍ය සේවා කොමිෂන් සභාවට එතෙක් තිබූ බලය නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ විධිවිධානවලින් මගහැරී ගියා.
ඒ අතර ආණ්ඩුකාරතුමාට අනුශාසනා කිරීම සඳහා රාජ්‍ය සේවා කොමිෂන් සභාවට බලය පැවරිය යුතු වුණා.

සෝල්බරි කොමිෂන් වාර්තාවේ සඳහන්ව තිබූ නිර්දේශය වෙනුවට ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව මගින් ඉහත සඳහන් සියලූම කාර්යයන් ඉටු කිරීම රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත බලය පවරා තිබුණා.
එමෙන්ම රාජ්‍ය සේවකයකුට තම තනතුර දැරිය හැක්කේ මහ රාජනියගේ කැමැත්ත ඇති තාක් දුරට පමණි යන්න ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ එදා 51 වෙනි ව්‍යවස්ථාවට අනුව අලූතින් එක් වූ නියමයක් වුණා.
අද තත්ත්වයත් එසේමයි.

අමාත්‍යවරයා හෝ අමාත්‍ය මණ්ඩලයට හෝ ජනාධිපතිවරයාගේ අභිමතය මත රාජ්‍ය සේවකයෙකුගේ සේවය
තවදුරටත් ලබාගැනීමේ අවකාශය වර්තමාන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව යටතේ ද ස්ථාපිත කර තිබෙනවා. ඒ පිළිබඳව පුළුල් පළල් විග‍්‍රහයන් ඉදිරියේදී බලාපොරොත්තු වන්න.
මේ තුළින් මුළු රාජ්‍ය සේවයම දේශපාලනයට යටත් කර ඇති බව අමුතුවෙන් කිව යුතු නොවේ.

1948 ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 51 ව්‍යවස්ථාවට අනුව සෑම අමාත්‍යංශයකම ස්ථිර ලේකම්වරයකු ඉන්න අවශ්‍ය වුණා.
එයයි නීතිය.

ඔහු අදාළ අමාත්‍යවරයාගේ පාලනයට හා මගපෙන්වීම යටතේ එක් යටත්ව එකී අමාත්‍යංශයේ ඇති දෙපාර්තමේන්තුවල අධීක්ෂණ කටයුතු මෙහෙයවීම විය යුතු වුණා.
මෙම විධිවිධාන තුළින් නිශ්චිතවම සියලූම අමාත්‍යංශවල කාර්යභාරය දේශපාලන බලයට නතුවී නැතැයි එදා
තත්ත්වය අනුව කිව නොහැකියි.

මේ රාජ්‍ය සේවයේ ධුරාවලිය අද දක්වා විකාශනය වී ඇත්තේ ඒ අනුවයි.

1950 වර්ෂයේ නිකුත් කරන ලද ස්ථිර ලේකම්වරුන් පිළිබඳ ව්‍යවස්ථාවට අනුව අමාත්‍යංශවලට ලේකම්වරුන් පත් කිරීමේදී ඔවුන්ගේ කුසලතාවය මත පත් කළ යුතු වෙනවා.
නමුත් පත්වීමේදී අග‍්‍රාමාත්‍ය වරයා විසින් ස්ථිර ලේකම්වරුන් වශයෙන් පත් කිරීමට යෝජිත නිලධාරින්ගේ
ලැයිස්තුව ආණ්ඩුකාරවරයාට යැවීමට පෙර අදාළ අමාත්‍යංශයේ ඇමැතිවරයාට පෙන්වා ඔහුගේ නිරීක්ෂණ
ලබාගැනීමේ ක‍්‍රමයක් ද එදා අනුගමනය කළා. අද තත්ත්වයත් එසේමයි.
රාජ්‍ය දුරාචාරයේ විකාශනය මේ තත්ත්වයේ හරයයි යථාර්ථයයි.

මේ තුළින් අමාත්‍යංශ ලේකම්වරුන් වශයෙන් පත් වූයේ කුසලතා ඇති අය ද යන්න ඒ අනුව පෙනී යන වැදගත් කරුණක් නොවන්නේද? නැතහොත් දේශපාලන පක්ෂ පාටකම ද යන්න වටහාගැනීම අපහසු නැහැ.
එතකුදු පමණක් නොව වචනාර්ථයෙන්ම ස්ථිර ලේකම් වූවද ඔහුගේ ලේකම් ධූරය ධුර කාලය රඳා පැවතුනේ අදාළ අමාත්‍යවරයාගේ මනාපය හා අභිමතය ඇති තාක්කල් පමණයි.
ඒ තත්ත්වය වර්තමානයේත් බහුලව දකින්නට ලැබෙනවා.

ඉවත් කිරීම මාරු කිරීම ඉන් පසු සිදුවන්නේ ඒ සැබෑ යථාර්ථය මතයි.

ඒ පිළිබඳව ඉදිරියේදී පුළුල් විග‍්‍රහයකට යන්න පී.එෆ්.පී. නිවුස් බලාපොරොත්තු වෙනවා.

අමාත්‍යවරයා තුළ පැහැදීමක් නැත්නම් එවැනි ස්තීර ලේකම්වරයෙකු අමාත්‍යංශයෙන් ඉවත් කිරීමට අගමැතිවරයාගෙන් ඉල්ලා සිටීමට ද ඇමතිවරයාට එදා අවකාශය තිබුණා.
මේ තත්ත්වය පමණක් නෙවේ පළමු වරට ස්ථිර ලේකම්වරුන්ගේ ව්‍යවස්ථාවෙන්ම බැහැරව ස්ථිර ලේකම්වරයකු පත් කිරීමේ ඉතිහාසයක් ලංකාවට තිබෙනවා.
සෝල්බරි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව යටතේම ඒ තත්ත්වය බිහි වුණා.

ඉන් පසුව 1965 රාජ්‍ය අමාත්‍යංශයේ ස්ථිර ලේකම්වරයා වශයෙන් පත් කරනු ලබන්නේ අගමැති සර් ජෝන් කොතලාවල මහතාගේ පෞද්ගලික ලේකම් ලෙස කටයුතු කළ රාජ්‍ය සේවයේ නොසිටියෙකු වූ ආනන්ද
තිස්ස ද අල්විස් මහතායි.

ඔහුගේ ප‍්‍රවර්ධනය පසුකාලීනව ප‍්‍රධාන පෙළේ අමාත්‍යවරයෙක් දක්වා දිගු වුණා. මේ සැබෑව දිගින් දිගටම රාජ්‍ය දුරාචාරයේ විකාශනයේ ප‍්‍රතිඵලයයි.
ඒ විකාශනයේ ප‍්‍රතිඵලය අද සමස්ත මුළු මහත් රටම භුක්ති විඳිමින් ඉන්නවා. මේ පිළිබඳව පුළුල් සමාජ විග‍්‍රහයන් සිදු නොවීම කණගාටුවට කරුණක්.
මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ කාලයේදි සිවිල් පරිපාලනයේ විභාගයක් නොකළ දුරාචාර කැෂිනෝ ව්‍යාපාරික ධම්මික පෙරේරා ප‍්‍රවාහන අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස පත් කිරීම තවත් උදාහරණයක්.

සිවිල් පරිපාලන සේවය සඳහා එක්වීමට තරග විභාගයක් පැවැත්වෙනවා.

නමුත් ඒ තරග විභාගය සමත් වූ බව හෝ ඒ පිළිබඳව නොසලකා පාදඩ දේශපාලනඥයන් විසින් සිවිල් සේවයට විවිධ අයුතු ලෙස නිලධාරින් පත් කරනවා අමාත්‍යංශ ලේකම්වරුන් වශයෙන්.
ඇත්තටම මේ තත්ත්වය පිළිබඳව ලංකාවේ සිවිල් පරිපාලන සේවය පිළිබඳ සංගමයක් තිබෙනවා. මේ සංගමය උගත් යැයි සම්මත සංගමයක්.
නමුත් මෙවැනි සංගමයක්වත් මෙවැනි දුරාචාර ව්‍යාපාරකයින් පාදඩයින් අමාත්‍යංශ ලේකම්වරුන් වශයෙන් පත් කිරීමේදී අනුගමනය කරන්නේ නිහඬ පිළිවෙතක්.
ඒ තුළත් ඇත්තේ රාජ්‍ය දුරාචාරයට දේශපාලනඥයන්ට අත්වැල් බැඳීමේ කලාවක් තවදුරටත් දකින්නට නොලැබේද?

ලිව්වේ
සුමිත් කොඩිතුවක්කු

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න