සමාජයේ සිදුවෙමින් පවතින සත්‍ය වෙනුවට අසත්‍ය රජ වෙන්න පටන් අරන්.
සත්‍ය පුවතක උපත වර්ධනය හා පසුවිපරම සඳහා ගවේශණශීලී ජනමාධ්‍ය සංස්කෘතියක් ප‍්‍රවර්ධනය කිරීම ව්‍යවස්ථාදායකය කළ යුතු ප‍්‍රධාන වගකීමක්.
නමුත් පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ විපක්ෂ සියලූ දෙනා පණිවිඩකරුට පහර දීමේ මාවත තෝරාගෙන තිබෙන බව පැහැදිලිව ඔප්පු වුණා සේපාල අමරසිංහ සිද්ධිය අරඹයා.
සාමාන්‍ය ජනතාවගේ සාමාන්‍ය බුද්ධියට නිගා දීමේ චේතනාවෙන් වෛරක්කාරී මහජන නියෝජිත ප‍්‍රකාශන නිසා පෙරළා සේපාල සිද්ධියේ පසු විපරම් කළ යුතු පැති කතා කිරීම මේ ලේඛනයේ ඉලක්කයයි.
ඇත්තටම සමාජයට සාමූහික පරිකල්පනයක් නැති බව ඉන් මනාව ගැඹුරින් විවරණය වුණා. අපිට එසේ ගැඹුරු නිදහස් වගකීම් පෙරදැරිව කි‍්‍රයා කිරීමේ සංස්කෘතියක් තිබෙනවද?
බැලූ බැල්මට ජනමාධ්‍ය හා බැඳුණු පාඨයක් තමයි නිදහස. ඓතිහාසික භූමිකාවක ජනමාධ්‍යට සීමා වන්නේ නැහැ.
වඩා යහපත් ලෝකයක් සමාජය හා මානව ජීවිතයක් සඳහා වන පුළුල් අරුතෙන් එය සැමදා කි‍්‍රයා කරන්න අවශ්‍යයි.
ව්‍යුහාත්මක ආයතනික ප‍්‍රතිසංස්කරණ සඳහා නිදහස් මාධ්‍ය කලාව ගෙන ගිය අරගලය මොට කරන්න පසුගිය දිනවල පාර්ලිමේන්තුවේ හැසිරීම් හා භාවිතය තුළින් පෙන්නුම් වූ සත්‍යයක්.
ලංකාවේ සමාජ ආයතනික ප‍්‍රතිසංස්කරණ මගින් පමණක් ඓතිහාසික අත්දැකීම් තේරුම් ගෙන කි‍්‍රයා කිරීමේ වටිනාකම පුරවැසියන් වගකිවයුත්තන් තේරුම් නොගැනීම ඉතාම ගැටලූ සහගතයි.
මතුපිටින් නොව මිනිසා අභ්‍යන්තරිකව පරිවර්තනය වීමේ අවශ්‍යතාවයක් අද අපට තිබෙනවා.
අභ්‍යන්තර අවුලක ඉන්න සමාජ අර්බුදයක් තුළ ලාංකික මානවයාට යහපත් ලෝකයක් හෙට දවසේ බිහි කරගන්න පුළුවන්ද?
සැබෑ ලෙස නිදහස භූක්ති විඳින සමාජයක් අපිට උරුමව නැහැ.
හුදෙක්ම තමන්ගේ අදහස් නිසා බෞද්ධ චින්තනය අයුතු ලෙස භාවිතා කරන භික්ෂු සමාජයක හැසිරීම හා භාවිතය තුළ සේපාල අමරසිංහගේ ප‍්‍රකාශනය මේ තත්ත්වය මනාව සමාජගත කර තිබෙනවා.
ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශී‍්‍ර සද්ධර්මය සම්භාව්‍යයි, විශිෂ්ඨයි, සුවිශේෂයි. ඒ සඳහා තිබෙන ගෞරවනීයත්වය රැුක ගත යුත්තේ කවුද?
බුදුරජාණන් වහන්සේගේ සද්ධර්මය තුළින් යැපෙන බෞද්ධ යථිවර සමාජය නොවේද?
ශී‍්‍ර ලංකාවේ බෞද්ධාගමේ භාරකරුවන් වී සිටින සංඝ සමාජය සිය රාජකාරිය මනාව ඉටු කර තිබෙනවාද? ඔවුන් පොදු සමාජයෙන් යැපෙන්නේ ශ්‍රේෂ්ඨ බුදුරජාණන් වහන්සේ නිසා නොවේද?
සාමුහික පරිකල්පනය සමාජගත නොවීම අද අපි අත් විඳිමින් ඉන්නවා කියල කිව්වොත් වඩාත් නිවැරදියි.
පැමිණි සෑම ආණ්ඩුවක් සමඟම මාධ්‍ය නිදහස ආශි‍්‍රත කරුණු නිසා ජනමාධ්‍යකරුවන්ට නිරන්තරයෙන්
ගැටෙන්න සිද්ධ වුණා.
නමුත් අපේ ලංකාවේ මාධ්‍යවල අරගල නිසා යම් දුරකට සාධාරණ ලෙස ආඩම්බර වෙන්නත් පුළුවන්.
රාජ්‍ය අපගේ වාහනය නම් ආණ්ඩුවක් කියන්නේ අපේ අවශ්‍යතා ඉටු කරගැනීමේ අරමුණින් අර වාහනය ධාවනය කිරීම උදෙසා අප වාරිකවට බඳවා ගන්නා රියදුරා වැන්නෙක් පමණයි.
වරින් වර එන මේ ආණ්ඩු රියදුරෝ අපගේ රාජ්‍ය නමැති වාහනය වෙනත් උවමනා පෙරදැරි කරගෙන නැවත සකස් කරලා බහුතර භික්ෂු සමාජයේ ඕනෑ එපාකම් මත පාදඩ දේශපාලන සංස්කෘතියක් දෛනිකව සංවර්ධනය කරමින් ඉන්නවා.
මේ වන විට එහි ස්වභාවය හුඟක් නරක් වෙලා තිබෙන බව සේපාල අමරසිංහගේ ප‍්‍රකාශනය තුළින් මතු වූවක්.
ඒ වගේම රාජ්‍ය එහි උපන්ගෙයි ස්භාවයෙන්ම යම් මර්දනකාරී ලක්ෂණ අඩංගු කර ගන්නා බව විටින් විට අපට අත්දකින්න ලැබුණා.
නමුත් රාජ්‍ය සම්බන්ධ මේ ගැටලූවලට මුල් ඇත්තේ කොහිද?
අපගේ සමාජය සකස් කර ඇති ගැඹුරු ව්‍යුවාහත්මක හා සංස්කෘතික පදනම නොවේද? ශී‍්‍ර ලංකාව බෞද්ධ රටක්.
ශී‍්‍ර ලංකාව තුළ බහුතරයක් ඉන්න ජනතාව සිංහල බෞද්ධ ජනතාව.
ඒ නිසා බෞද්ධ ජනතාවගේ ඡුන්ද පදනම රැුක ගැනීම සඳහා භික්ෂුව මෙවලමක් කරගෙන යැපෙන සමාජ සංස්කෘතියක විවිධ අත්දැකීම් අප සතුයි.
බෞද්ධ භික්ෂූන්ගේ ගැටලූසහගත චර්යාවන්වලින් ප‍්‍රකාශ වන්නේ කුමක්ද?
භික්ෂු සමාජයේ ඇතැම් පාදඩ දේශපාලන හැසිරීම හා භාවිතය ප‍්‍රවර්ධනය රටට හානිකරන සුලූු බව නොවේද?
මේ නිසා එය බුදුරජාණන් වහන්සේගේ ශ්‍රේෂ්ඨ ධාතූන් වහන්සේලා සඳහා ගෞරවය අහිමි වෙන තත්ත්වයට ප‍්‍රකාශන නිකුත් වන සමාජ පසුබිමක් මේ වන විට සංවර්ධනය වෙලා තිබෙනවා.
ගැඹුරු අර්ථයෙන් ගත් කල රජය හා සමාජය පටිච්ඡු සමුප්පාද සම්බන්ධයක පවතින්නේ. රාජ්‍ය පිළිබිඹු කරන්නේ අපගේ සමාජයයි.