ජාතික සමගිය ආගමික සංහිදියාව වැඩි දියුණු කිරීම අරමුණු කරමින් අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය, ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ උපදෙස් හා මග පෙන්වීම අනුව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය විසින් සංවිධානය කළ ඉෆ්තාර් උත්සවය සර්ව ආගමික නායකයින්ගේ සහභාගිත්වයෙන් අධිකරණ අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී අද පස්වරුවේ ( 01) පැවැත්විණි.
මෙහිදී අදහස් පළ කළ අධිකරණ අමාත්‍යතුමා මෙසේ සදහන් කළේය.
ජාතික සමගිය හා ආගමික සුහදත්වය ගොඩ නැංවීම ගොඩනැංවීම අධිකරණ අමාත්‍යාංශය සතු වගකීමක් බව කිව යුතුයි. ඒ සදහා සියලු ග්‍රාම නිලධාරී වසම් ආවරණය වන පරිදි ජාතික සංහිදියා කමිටු ස්ථාපිත කර තිබෙනවා. රට ගොඩ නැංවීම සදහා සියලු ජාතීන් එක් විය යුතුයි. අපේ අනාගත පරපුරට යහපත් රටක් නිර්මාණය කිරීමට සියලු දෙනා කැපවි කටයුතු කළ යුතුයි. අතීතයේ අපේ රටේ වැඩිහිටියන් සියලු ජාතීන් සමග එක්ව සහයෝගයෙන් කටයුතු කලා. මුස්ලිම් ජනතාව රාමසාන් මාසය තුළ උපවාසයේ යෙදෙමින් උස් පහත් භේදයෙන් තොරව එක්ව කටයුතු කිරීම, අනෙකාගේ හැගීම් කෙරෙහි සංවේදීවීම, එකිනෙකාට උපකාර කිරීම අගය කළ යුතු බව ද අමාත්‍යතුමා සදහන් කළේය.
ඉස්ලාම් දින දර්ශනයට අනුව නව වන මාසය රාමලාන් මාසය වන අතර, ඒ මාසය තුළ මුස්ලිම් ජනතාව රාමසාන් උපවාසයේ නිරත වෙති.
උස් පහත් භේදයෙන් තොරව එක්ව කටයුතු කිරීම, අනෙකාගේ හැගීම් කෙරෙහි සංවේදීවීම, එකිනෙකාට උපකාර කිරීම මුස්ලිම් බැතිමතුන් රාමසාන් උපවාස සමය තුළ සිදු කරයි.


පුජ්‍ය ආචාර්ය, ගලගම ධම්මරංසි නායක ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝ රත්නය, බාබුශර්මා කුරුක්කල්තුමා, නිශාම් පියතුමා, සර්ව ආගමික ආශිර්වාද එක් කළ අතර, විදේශ කටයුතු අමාත්‍ය, ජනාධිපති නීතිඥ, අලි සබ්රි, අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ ලේකම්, නිහාල් රණසිංහ, නිබ්‍රාස් මොහොමඩ් යන මහත්වරුන් අදහස් පළ කළ අතර, අධිකරණ හා බන්ධනාගාර කටයුතු රාජ්‍ය අමාත්‍ය නීතිඥ, අනුරාධ ජයරන්ත, රාජ්‍ය අමාත්‍ය කාදර් මස්තාන්,  ශ්‍රී ලංකාවේ ඉන්දුනීසියානු මහ කොමසාරිස් Dewi Gustina Tobing , පාර්ලිමේන්තු මන්ත්‍රි ඒ.එච්.එම්.ෆවුසි, හිටපු පලාත් සභා මන්ත්‍රි නවුසර් ෆවුසි, ජාතික සමගිය හා ආගමික ප්‍රතිසන්ධානය සදහා වු කාර්යාලයේ සභාපති චරිත් මාරඹේ යන මහත්ම මහත්මීන්  ඇතුළු මුස්ලිම් ආගමික මවුලවිතුමන්ලා, රාජ්‍ය තාන්ත්‍රික නියෝජිතයින් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න