ලබු, ලබු කිව්වහම ලබු ගෙඩිය, ලබු කැටිය, ලාබය, එල්බිම නැත්නම් මල් පිපුණු අත්ත, එල්ලෙන කියන අදහස් එනවා.
ලබු කබල, ලබු කබල කිව්වම ලබු කැටය සමාන වෙනවා, ලබු මදය ඉවත් කොට වේලා සාදා ගන්න බඳුනට කියන්න පුළුවන්.
ලබු වන, ලබු වැල් ගහන වනය වෙන්න පුළුවන් එහි අර්ථය.
ලබු බහිනවා, අණ්ඩකෝෂය විශාල වෙනවයි කියන එක ඉන් අදහස් වෙනවා.
ලබ්ද, පැමිණි ලබන ද කියන අදහස.
ලබ්ද අවසරය ඒකේ අදහස ලැබූ අවකාශය.
ලබ්ද කියන එකේ තවත් හේතුවක් ලැබූ හේතුව.
ලබ්ද මාත‍්‍රා, ලබ්ද මාත‍්‍රා ලැබූ පමණක් වූ ලැබූ නමුත් නොලැබූ කියන අදහස එනවා.
ලබ්දික, ලබ්දික කිව්වම දෘෂ්ඨිය නැත්නම් දෘෂ්ඨිය ඇති කියන එක.
ලබ්දිය, ලබ්දිය කිව්වම ලැබීම, ආගම, දෘෂ්ඨි, මතය, ඇදහීම, අවබෝධය, පරිඥාණය, යම් ගණනක් බෙ¥ විට
ලැබෙන උත්තරය ලබ්දිය තුළ අන්තර්ගතයි.
ලබ්බ, අද ලියුම්කරුගේ ප‍්‍රධාන අන්තර්ගතය මෙයයි.
ලබ්බ, නොමේරූ ලබු ගෙඩිය එහෙම නැත්නම් ලබු ගෙඩිය, ලොකු වූ අණ්ඩකෝෂයටත් කියනවා. ලොකු වූ මානවයාගේ අණ්ඩකෝෂයටත් ලබ්බ කියනවා.
හොඳයි, මේ ලබ්බ අරබයා මේ වන විට විද්වත් විචාරශීලී මාධ්‍යකරුවෙක් සීඅයිඞීයට ගොදුරක් බවට මේ වන විට පත් වෙලා තියෙනවා.
ඔහු කවුද? ඇත්තටම ඔහු සේපාල අමරසිංහ.
මෙරට ජනමාධ්‍යවේදීන් අතර හොඳ ඥාන මණ්ඩලයක්.
මුද්‍රිත මාධ්‍ය කලාවේ ඔහුගේ අවසන් ප‍්‍රකාශනය වූයේ ‘පැපරාසියා’ කියන මාසික සඟරාව.
ඒ පැපරාසියා කියන සඟරාව දැනට වසර 10කට පමණ පෙර ඔහුගේ සංස්කාරකත්වයෙන් තමයි එළි දැක්වුණේ.
හැබැයි කෙටි කාලයක් තුළ ඒ සඟරාවේ අලෙවිය පිළිබඳ ගැටලූවක් හෝ වෙනත් කරුණක් නිසා එය වෙළෙඳපොළෙට ඒම නැවතිලා තියෙනවා.
සේපාල සිය මාධ්‍යය හරහා කිසියම් දැනුමක් පොදු සමාජයට කාන්දු කළ පුද්ගලයෙක් විදියට මේ ලියුම්කරු දකිනවා.
මගේ මතකයේ හැටියට 2018 අවසන් භාගයේ හෝ 2019 මුල් කාලයේදී කොළඹ 7, ගී‍්‍රන්පාත් පාරේ පිහිටි මහවැලි කේන්ද්‍රයේදී ජනමාධ්‍යවේදීන්ගේ විද්වත් මාධ්‍ය වැඩසටහනක් තිබුණා.
ඒ අවස්ථාවට සේපාලත් පැමිණ සිටියා.
එහිදී දැඩිව සේපාලව විවේචනයට ලක් වුණා.
හේතුව ඒ වන විට ගෝඨාභය රාජපක්ෂ සිය දේශපාලන කි‍්‍රයාකාරකම් සඳහා මූලික කටයුතු ආරම්භ කර
තිබුණු කාලපරිච්ෙඡ්දයයි.
චෝදනාව වූයේ ගෝඨාභයට කඬේ යාම පිළිබඳව.
ඊට එරෙහිව පෙරළා කිසිවකු ඒ අවස්ථාවේදී මහවැලි කේන්ද්‍රයේදී සේපාල වෙනුවෙන් ඉදිරිපත් නොවන පරිසරයක් තුළ ලියුම්කරු ඉදිරියට ගොස් මයික‍්‍රෆෝනය අතට ගෙන සේපාල වෙනුවෙන් කරුණු දැක්වූවා.
මේ සංසිද්ධියෙන් සිහිපත් වුණේ කරුණු ගණනාවක් නිසා.
ලංකාවේ මහනුවර දළදාවට ලබ්බ යනුවෙන් ඇමතීම පිළිබඳව පසුගිය දිනවල ජනමාධ්‍ය තුළත් පාර්ලිමේන්තුවේත් මනාව කරුණු දිගහැරුණා.
මේ පිළිබඳව විවරණයක් කරන්න පෙර ඇත්තටම විකල්ප මාධ්‍ය කලාව වෙනුවෙන් පෙනී සිටිය සේපාල පිළිබඳව කරුණු කීමට පෙර ලංකාවේ විකල්ප මාධ්‍ය කලාව තුළ භාවිතා වන්නා හා හැසිරීම පිළිබඳව කිසියම් සටහනක් තබන්න ඕන කියල ලියුම්කරුගේ විශ්වාසයයි.
ඒ විශ්වාසය තුළ 1964. 12. 14 දක්වා ගෙන යන ඉතිහාසයක් තියෙනවා.
මාධ්‍ය ක්ෂේත‍්‍රයේ ඇත්ත පුවත්පත බිහිවීමට පෙර තිබුණු තත්ත්වය හා ඇත්ත පුවත්පතේ භූමිකාව තුළ සිදු වූ සේවය යම් දුරකට ඇගයීමකට ලක් කරන්නත් එමෙන්ම විකල්පය නාමයෙන් ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය, වාමාංශික එක්සත් පෙරමුණ, ශි‍්‍ර ලංකා නිදහස් පක්ෂය සමඟ ගොනුව කරන ලද කාර්ය භාරය සහ එහි විකල්පය හරහා යම් සමාජ කාර්යභාරයක් රටට වුණාද කියන එක.
මාධ්‍ය ක්ෂේත‍්‍රයේ උපහාස රසය ගෙන එන ලද මාධ්‍ය අවස්ථා 1964ට පෙර තිබුණා. නමුත් පළමු විකල්ප පුවත්පත ඉදිරියට ඇත්ත පුවත්පත සලකන්න පුළුවන්.
58ක වසරක අඛණ්ඩව කියන්නත් බැහැ විටින් විට වාමාංශික දේශපාලන පක්ෂවල අවශ්‍යතාවය අනුව ඔවුන්ගේ රුචි අරුචිකම් අනුව ඇත්ත පුවත්පත නවත්වමින් නැවත පටන් ගනිමින් මේ වන විට වසර 58ක් ඉදිරියට ඇවිල්ල තියෙනවා.
ඇත්ත බිහි වෙන්න විෂය මූලික කොන්දේසි නිර්මාණයක් තිබුණා.
ඒ ධනේෂ්වරයේ සියලූ මුද්‍රිත මාධ්‍යයන් එක කඳවුරකට පෙළ ගැසී පොදු ජනතාවගේ ප‍්‍රගතිශීලී ගමනට බාධා පමුණුවන හැසිරීමත් භාවිතයත් ඒ වෙනකොට තිබුණා.
පශ්චාත් නිදහස් ලංකාවේ වාමාංශික පක්ෂ තුන ලංකා සම සමාජ පක්ෂය, ශී‍්‍ර ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය සහ මහජන එක්සත් පෙරමුණ එක්ව 1963 දී වාමාංශික එක්සත් පෙරමුණ පිහිටුවීමත් සමඟ තමයි ‘ඇත්ත’ බිහිවෙන්න යම් අඩිතාලමක් මතු වන්නේ.
එවකට බලේ සිටියේ සිරිමාවෝ බණ්ඩාරනායක රජය.
දේශපාලන අර්බුදයකට ලක්ව ඉදිරියට යන්න නොහැකිව හිටපු එදා රජය ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය සභාග රජයක් පිහිටුවීමට තීරණය කිරීමත් සමඟ ධනපති පන්තියේ පුවත්පත් සමාගම් එකට එක් වූයේ තම ව්‍යාපාරික ප‍්‍රතිවිරෝධතාවයන් ද සමනය කර ගනිමින්.
ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ උත්සාහය වූයේ එක්සත් ජාතික පෙරමුණ සමස්තයක් ලෙස ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය සමඟ එක් විය යුතු බවක්.
නමුත් ඒ උත්සාහය සාර්ථක වුණේ නැහැ.
නව සභාග රජයට එරෙහිව පුවත්පත් සමාගම් තුනක් එනම්, ලේක්හවුස් නැතහොත් බේරේ ගෙදර අනර්වර්ත නාමය කියනවා නම්, ටයිම්ස් ඔෆ් සිලෝන් එය ඒ කාලයේ සමයං ගෙදර ලෙස නම් කළා, ගුණසේන සමාග මේ අධිකාරිය යටතේ පැවති දවස ආයතනය එය හැඳින්වූයේ මඟුල් ගෙදර ලෙස නම් කළේ.
මේ පුවත්පත්වලින් පිටත වෙනත් පුවත්පතකට මාවතක් හෝ වෙළෙඳපොළක් තිබුණේ නැහැ. ඒ නිසා ජනතාවගේ මතය කළමනාකරණය කරන්න එදා රජයට පුළුවන්කමක් තිබුණේ නැහැ. පුවත් පනතක අවශ්‍යතාවය පැන නැගුනේත් ඒ සමඟමයි.
පුවත්පත් පනත පාර්ලිමේන්තුවේදී පරාජයට පත් වුණා. ආණ්ඩු පක්ෂයේ මන්තී‍්‍රවරු ගණනාවක් එදා පිල් මාරු කළා.
ආණ්ඩු පරාජය වූ දින එනම් 1964.12.09 දින ගාලූමෝදර පැවැති යෝධ රැුලියකදී එවකට කොමියුනිස්ට් පක්ෂයේ ප‍්‍රධාන ලේකම් පීටර් කේනමන් යෝජිත ඇත්ත පත‍්‍රය ප‍්‍රකාශයට පත් කළා.
එම පුවත එදා ජනතාව පිළි ගත්තේ වේගවත් ඔල්වරසන් හඬින්. අපේක්ෂා කළ පරිදි ඇත්ත 1964.12.14 දින නිකුත් වුණා.
එහි මිල ශත 10ක් පමණයි.
ඇත්ත යන නම ලබාදුන්නේ උපදේශක එවකට සිටි කර්තෘ එස්. රත්නවීර මහතායි. පළමු දිනම පිටපත් 35,000ක් එදා නිකුත් වෙලා තිබෙනවා.
රාතී‍්‍ර 7.00ට ඇත්ත පුවත්පත මුද්‍රණයට ගියාම පසුදින දහවල් 12 දක්වා එක දිගට පත‍්‍රය මුද්‍රණය සීග‍්‍රව සිදු වූයේ ඉල්ලූම දිගු වුණු නිසයි.
පළමුවන කර්තෘවරයා වූයේ ප‍්‍රවීණ මාධ්‍යවේදී රිචඞ් විජේසිරි.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයකු වූ යූ. ඊ. පෙරේරා, විජේසිරිට සහය වුණා.
වෘත්තීය සමිති සහ බහුජන සංවිධානවල සහය එදා ඇත්ත පුවත්පතට නොඅඩුව ලැබුණා.
දින කිහිපයයි ගියේ එවකට දවස පුවත්පතේ සේවය කළ ශී‍්‍ර ලාල් කොඩිකාර ඇතුළු කණ්ඩායමක් ඊළඟ ලේක්හවුස්හි දිනමිණ කර්තෘ වූ වී. ඒ. සිරිවර්ධන, ටයිම්ස් හා ලංකාදීප පුවත්පතේ සිටි ධර්මසිරි ජයකොඩි, ඊවා රණවීර, කරුණාසේන ජයලත් ආදීන් රහසිගතව ඇත්තට සහය දුන්නා.
ආනන්ද විද්‍යාලයේ ගුරුවරයකු වූ සරත් අම්බලන්ගොඩ, කුලසිරි රාජපක්ෂ මේ අතර ඇත්තට එක් වුණා. ඇත්ත ආණ්ඩු පරාජය කරන සහ නව ආණ්ඩු පිහිටුවන බලගත අවියක් බවට පත් වුණා.
1965, 1970, 1989, 1994 මහ මැතිවරණවලදී එහෙම නැත්නම් ජනාධිපතිවරණවලදී ප‍්‍රධාන විකල්ප පුවත්පත වූයේ ඇත්ත කියල කිව්වොත් වඩාත් නිවැරදියි.
ඇත්තට එරෙහිව නඩු බොහොමයක් එදා අධිකරණවල ගොනු වුණා. පාර්ලිමේන්තු වරප‍්‍රසාද ප‍්‍රශ්න එමට ආවා.
ඇත්ත පුවත්පත් ආයතනය සීල් තැබූ අවස්ථාත් වුණා. 2013 සිට ඇත්ත පසුකාලීනව නැවත ආරම්භ වුණා.
සංකීර්ණ දේශපාලන තත්ත්වයන් තුළ මෙන්ම වර්තමානයේ ප‍්‍රබල ආර්ථික අර්බුද හමුවේ මේ වන විට යූටියුබ් කියන සමාජ ජාලාව ඉදිරියට ඇවිල්ල තිබෙනවා.
1964 දෙසැම්බර් 14 වන දින ප‍්‍රගතිශීලී කඳවුරේ මතවාදය ජනතාවට ගෙන යෑමේ අරමුණින් ඇත්ත පුවත්පත එසේ ආරම්භ වෙනවා.
එකල ලේක්හවුස්, ටයිම්ස්, දවස පත්තරවල තිබුණු ඒකාධිකාරියට එරෙහිව වෙනත් පත්තරයක් ආරම්භ කිරීම සුවිශාල අභියෝගයක්.
බණ්ඩාරනායක අගමැතිතුමාගේ ඝාතනයෙන් පස්සේ පත් වුණු 1965 බණ්ඩාරනායක මැතිනියගේ ආණ්ඩුවට පත‍්‍ර සමාගම්වල දැඩි ප‍්‍රහාරයන්ට මුහුණ දෙන්න සිද්ධ වුණා.
එම අභියෝගයට මුහුණ දීම ඇත්ත සාර්ථකව මුහුණ දුන්නා. ඇත්ත පුවත්පතේ මිල ශත 10ක් පමණයි වුණේ.
දිනපතා පුවත්පතක් වුණ ඇත්ත කාර්යාලය ආරම්භයේදී පැය 24ම වැඩ කරන ස්ථානයක් බවට පත් වුණා. අලූත් පුවත්පත වැඩ කරන ජනතාව අතර ජනපි‍්‍රයම පුවත්පත බවට පත් වුණා.
පත්තර සමාගම්වලට ඒකාධිකාරයට එරෙහිව පොදු ජනතා පැතුම ඇත්ත මගින් ප‍්‍රකාශයට බොහෝ විට පත් වුණාද කියන ගැටලූවක් මතුවන සුළුයි.
මොකද ඇත්ත විකල්ප පුවත්පතක භූමිකාව වුණාට පොදු ප‍්‍රජාවගේ මානසික පරිවර්තනයක් කරන්න තරම් සමත් වුණාද කියන ගැටලූව මත ලියුම්කරුට එය මතු වන්නේ.
එකමුතු බවේ ශක්තිමත් ප‍්‍රජා සංස්කෘතියක් ඇත්ත නිසා ගොඩ නැගුණෙත් නැහැ.
ධනවතුන්ගේ ධනයට සියලූ දේ කළ නොහැකි බව යම්කිසි දුරකට ඇත්ත සනාථ කළ බව සත්‍යයක්.
තොරතුරු ලබාදීම පත්තර නැමීම, පත්තර බෙදීම වැනි බොහෝ කටයුතු පොදු ප‍්‍රජාවගේ ප‍්‍රජා සේවයක් විදියට සිදුවුණු අවස්ථා ඇත්ත තුළ වුණා.
ටික කලක් යන විට ප‍්‍රධාන පත‍්‍රවල සේවය කළ ප‍්‍රගතිශීලීන් පුවත්පත්වලින් ඉවත් ව කර්තෘ මණ්ඩලයට එක්වීම තුළින් ඒ බව සනාථ වෙනවා.
නමුත් රටේ ඉදිරි දැක්මක් ඉදිරි ගමනක් වාමාංශික කඳවුරක් බවට සමස්ථ රටම ඇත්ත පුවත්පත මගින් පත්වුණාද නැහැ.
ඇත්තටම එදා සිටපු වාමාංශිකයන්ගේ මනදොල අවශ්‍යතාවයන් ධනපති දේශපාලන පක්ෂවල එකතුව සඳහා කි‍්‍රයාකාරකම් නම් බොහෝ විට සිදුවෙලා තිබෙනවා.
ලාංකීය පුවත්පත් කලාවේ හැරවුම් ලක්ෂයක් කියලා ඇත්ත විකල්ප පුවත්පත සලකන්න පුළුවන්.
ලියුම්කරු ලේක්හවුස් ආයතනයේත්, ටයිම්ස් ආයතනයේත් සේවය කරන කාලයේදී ඇත්තටම ඇත්ත පුවත්පතේ කර්තෘ වාක්‍ය පළමුවෙන්ම කියවල තමයි දින චර්යාව පටන් ගන්නේ.
ඒ බී. ඒ. සිරිවර්ධනගේ කතුවැකිය ප‍්‍රධානයි කිව්වොත් නිවැරදියි.
එස්. ජී. එස්. රත්නවීරගේ දේශපාලන ලිපිය, ශී‍්‍ර ලාල් කොඩිකාරගේ කොලම හා රංචාගොඩ ළමයා කවි, යූනුස්ගේ කාටුන්වලින් ලංකාවට හඳුන්වාදුන් අප්පුහාමි අතිශය ජනපි‍්‍රය තේමා වුණා.
ජනතාවට අහිතකර ප‍්‍රතිපත්තිවලට දැඩි ලෙස පහර දෙමින් ඒවා වෙනස් කිරීමට ඇත්ත යම් දායකත්වයක් වුණා.
ඊට ප‍්‍රතිවිරුද්ධ පාක්ෂිකයන් පවා දිනපතා කියවන පුවත්පතක් බවට ඇත්ත පත් වුණා.
ඒදා තිබූ සම්ප‍්‍රදායික පත‍්‍ර සම්ප‍්‍රදාය උඩු යටිකුරු කරමින් හදවතට දැනෙන භාෂා ශෛලියකින් ජනතාව ආමන්ත‍්‍රණය කළ බව ඇත්ත.
ඒ නිසාම පොදු ජනතාවගේත් පුවත්පතක් බවට එදා ඇත්ත පත් වුණා.
නිරන්තරයෙන් ප‍්‍රතිවාදීන්ගේ තර්ජන ගර්ජන, පුවත්පත සීල් තැබීම තොරතුරු තහනම් කිරීම, අධිකරණය හමුවේ තිබූ නඩුවලින් සිදුවූ බලපෑම, සීඅයිඞී මැදිහත් වීම වැනි විවිධ බාධක එදා ඇත්තට තිබුණා.
ඇත්ත පුවත්පත යම් දුරකට අදීන පත‍්‍ර කලාවක් ලංකාවට දායාද කළා කියලා කින්නත් පුළුවන්.
නමුත් රටේ සමාජ පරිවර්තනයකට ඇත්ත පුවත්පත කොතෙක් දුරට දායක වුණාද කියන ගැටලූව මතු වුණේ ඇයි?
ඊට හේතු බොහොමයක් තියෙනවා. වැඩ වසම් සමාජ ක‍්‍රමයක් එක්ක සම්ප‍්‍රදායික මතවාද බේරාගෙන වැඩ කරපු මේ රටේ ධනපති පන්තිවල හැසිරීම හා භාවිතය නිසා බොහෝ වෙලාවට එදා විකල්ප පුවත්පතක් වූ ඇත්තට තමන්ගේ කාර්ය භාරය මනාව ඉටු කරන්න අපහසු වුණා.
නමුත් ඇත්ත පුවත්පත තුළින් බිහි වුණු විවිධ සමාජ කණ්ඩායම් පසුකාලීනව විවිධ මුහුණුවරින් විවිධ චින්තන ව්‍යාපාර එක්ස් කණ්ඩායම් ආදී බිහි වුණා යැයි කිව්වොත් වඩාත් නිවැරදියි.
මහින්ද රාජපක්ෂගේ පාලන තන්ත‍්‍රය හෙවත් රෙජිමය මතවාදී තලයේදී බේරාගැනීමට සටන් කළ අය අතර නලීන් ද සිල්වා, ගුණදාස අමරසේකර, විමල් වීරවංශ, දයාන් ජයතිලක, වසන්ත බණ්ඩාර වැනි අය ඒ සංස්කෘතිය තුළ සමාජ වපසරියක් අපට දකින්න පුළුවන්.
ඊට පස්සේ මෛතී‍්‍ර පාලනය නැත්නම් රනිල් මෛතී‍්‍ර ආණ්ඩු කාලය එහෙම නැත්නම් යහපාලන කාල පරිච්ෙඡ්දයේදී නිර්මාල් රංජිත් දේවසිරි, ජේ. සී. වැලිඅමුණ, නිශාන්ත ශී‍්‍ර වර්ණසිංහ, ශිරාල් ලක්තිලක, කේ. ඩබ්. ජනරංජන, කරුණාරත්න පරණවිතාන, සුදර්ශන ගුණවර්ධන වැනි අය බිහි වුණේ ඇත්ත පුවත්පතේ පටන්ගැන්මේ විකල්ප රටාවේ කිසියම් සංකේතවත් අවස්ථා වශයෙන් දකින්න පුළුවන්.
කොළඹ විශ්විවිද්‍යාලයේ මහාචාර්ය නලීන් ද සිල්වාගේ ආභාෂය ලැබූ ජාතිවාදීන් ලෙස හැඳින්වෙන්න පුළුවන් පිරිසක් ඒ අතර හිටියා.
දීප්ති කුමාර ගුණරත්නගේ ආභාෂය ලැබූ බහු සංස්කෘතිවාදීන් යැයි හඳුන්වන්න පුළුවන් පිරිසක් ද බිහි වුණේ ඇත්ත පුවත්පතේ ගෙන ගිය කිසියම් මතවාදී අරගල තුළ නිසයි කියන එක දකින්න පුළුවන්.
පසුගිය කාලය පුරා විවෘත දේශාපලන සංවාදවල ඒ පරම්පරා බිහි වීමට ඇත්ත පුවත්පතේ යම් දායකත්වයක්
තියෙනවා.
සාමාන්‍යයෙන් ලංකාවේ සිවිල් සමාජයේ මතවාදී අවකාශ නියෝජනය ඉතාම වැදගත් කියලා ලියුම්කරු දකිනවා.
කොහොම වෙතත් ජාතිවාදයට එරෙහිව මතවාදී බලයක් ගොඩනැගීමට ආගම්වාදී ජාතිවාදී මතයන්ට එරෙහිව ගොඩනැගුණු චරිතයක් තමයි සේපාල.
ඒ චරිතය මේ වන විට මතවාදය වසා දැමීම සඳහා ජාතිවාදී මුවාවෙන් හැසිරෙන භාවිතා වන පිරිසක් පෙරමුණ ගෙන තිබෙනවා.
ඒ පිළිබඳව අපි තවදුරටත් දිගු ගැඹුරු විවරණයකට ඉඩ තබමින් දැනට සමු දෙන්නම්.
ලිව්වේ
සුමිත් කොඩිතුවක්කු