ඉතිහාසයේ උගත් දේශපාලන පාඩම් වාමාංශික දේශපාලන පක්ෂ මනාව හඳුනා නොගැනීම හා ආත්මාර්ථ කාමීත්වය තුළ ලංකාවේ දේශපාලන පක්ෂවල තවදුරටත් අනාගතය කොයිබටද?
මේ පිළිබඳව කරුණු පැන නගින්නේ කරුණු කිහිපයක් මත.
ජනතා විමුක්ති පෙරමුණ තනි ගමනකට සූදානම් වෙමින් තිබෙනවා.
ලංකාවේ වාමාංශික දේශපාලන පක්ෂවල ඉතිහාසය පසුවිපරමකට ලක් කිරීම ඒ නිසා මෙහිදී වැදගත් වෙනවා. ඒ වගේම වී. අයි. ලෙනින්ගේ කියමනක්ද මෙහිදී සිහිපත් කළ යුතු වෙනවා.
අවස්ථාවාදය යනු හදිසියේ ඇති වූ දෙයක් නොවේ.
වැරදීමකින් ඇති වූ දෙයක්වත් නැතහොත් පුද්ගලයින්ගේ ද්‍රෝහිකමක්වත් නොවේ එය සමස්ථ ඓතිහාසික වකවානුවක සමාජ නිපැයුමක්.
මෙහෙම කරුණු කියන්න හේතු වෙන්නේ පසුගිය කාලය පුරා ජනතා විමුක්ති පෙරමුණේ හැසිරීම භාවිතය නිසා.
සමගි ජනබලවේගයේ පොදු විරෝධතා හමුවලදී ජනතා විමුක්ති පෙරමුණ ඊට සහභාගි වන්නේ නැහැ. මේ ගැන තවදුරටත් අලූත්ම සංසිද්ධිය වාර්තා වුණේ 2022.12.13 වන දින.
ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති උතුරු නැගෙනහිර පිළිබඳ දැනට තිබෙන ප‍්‍රශ්න නිරාකරණය පිළිබඳව සියලූම දේශපාලන පක්ෂ කැඳවීමේ සාකච්ඡුාවට ජනතා විමුක්ති පෙරමුණ සහභාගි වුණේ නැහැ.

සර්ව පාක්ෂික මට්ටමේ මේ සාකච්ඡුාව තුළ කරුණු 3ක් සාකච්ඡුාවට බඳුන් වෙලා තිබෙනවා.
උතුරු නැගෙනහිර පිළිබඳව දැනට තිබෙන ප‍්‍රශ්න දේශපාලන සිරකරුවන් පිළිබඳව, බලය බෙදීම, පළාත් සභා මැතිවරණ ක‍්‍රියාවලිය, නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව පිළිබඳ සාකච්ඡුාවට බඳුන් වෙලා තිබෙනවා.
ජනතා විමුක්ති පෙරමුණේ මේ හැසිරීමට වඩා විකල්ප දේශාපලන පක්ෂවල එකමුතුවක් නැති කමත් තවත්
ගැටලූවක්.
පොදු ජනතා ප‍්‍රශ්න හමුවේ ජනතා විමුක්ති පෙරමුණ පෙරටුගාමීන් දෙපිළකට බෙදී යන්නේ ශ‍්‍රී ලංකාවේ අවජාතක ලාංකිකයින්ගේ සැබෑව ප‍්‍රදර්ශනය කරමින්ද යන ප‍්‍රශ්නය මතුවෙන සුළුයි.
1935දී මෙරට ප‍්‍රථම දේශපාලන පක්ෂය හැටියට ලංකා සම සමාජ පක්ෂය පිහිටුවනු ලැබුවා. ඒ වෙනකොට රට ඉදිරියේ අභියෝග රැුසක් තිබුණා.
ලංකා සමසමාජ පක්ෂය ඒවාට සාධනීය මැදිහත්වීමක් කරනු ඇතැයි බොහෝ දෙනා එදා අපේක්ෂා කළා.
එහෙත් එය භේදභින්න වීම්, දෙකට වීම්, නැවත පටු අරමුණු මත එක් වීම් නැවත නැවතත් ඒ දේම අද ජනතා විමුක්ති පෙරමුණෙන්ද සිදුවෙමින් පවතින සුළුයි.
1947 පැවති මහ මැතිවරණයෙන් ප‍්‍රධාන කඳවුරු දෙක වූයේ දක්ෂිණාංශික එක්සත් ජාතික පක්ෂයත්, වමේ ව්‍යාපාරයත්.
අසීමාන්තික ලෙස බිඳී වෙන් වී තිබූ වමට සිදුවූයේ පරාජය අත්පත් කර ගැනීම පමණයි.
ජයග‍්‍රහණයක් පිළිබඳව ඉතා වාමාංශිකයින් වුණත් වැඩි උනන්දුවක් නොදැක්වූයේ එක් ඉලක්කයක් කරා යාමට හේතු සාධක පිළිබඳව තවදුරටත් කරුණු අප හැදෑරිය යුතු බව මෙහිදී සිහිපත් කරන්න ඕන.
1952 මහ මැතිවරණයේදී මුළු ආසන අනූපහෙන් එක්සත් ජාතික පක්ෂය ආසන 54ක් ජයග‍්‍රහණය කරා.
ඒ වෙනකොට බණ්ඩාරනායක අලූතින් පිහිට වූ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට ආසන 9ක් වාමාංශික පක්ෂ වෙන් වෙන්ව ආසන 13ක් ලබාගත්තා.
නමුත් ශක්තිමත් විපක්ෂයක් වීමේ ඉඩකඩ ඔවුනොවුන්ම එකිනෙකා අවුරා ගත්තා.
වම එක්වුණා නම් විපක්ෂ නායක ධුරය ලබාගැනීමට එදා අවස්ථාව හිමි වෙන්න තිබුණා.
නමුත් ඒ වෙනුවට සිදුවුණේ එක්සත් ජාතික පක්ෂයෙන් ගිලිහී පැමිණි අලූත් ධනවාදී පක්ෂයේ නායකයා වූ බණ්ඩාරනායක විපක්ෂ නායක කමට පත්වීමයි.
1960 මාර්තු මැතිවරණයේදී ලංකාවේ ඊළඟ අගමැතිවරයා එවකට විපක්ෂ නායකයා වූ ආචාර්ය එන්. එම්. පෙරේරා හෝ මහජන එක්සත් පෙරමුණේ නායක පිලිප් ගුණවර්ධන විය හැකි බවට දේශපාලන අනාවැකි පළවෙමින් තිබුණා.
එහෙත් අසමගිව වෙන්ව තරග කිරීමේ ප‍්‍රතිවිපාක වුණේ ඔවුන් නියෝජනය කළ දේශපාලන පක්ෂ දෙකම පරාජයට පත්වීමයි.
ඒ වගේම පොදු ජනතා ප‍්‍රශ්න හමුවේ ජනතා විමුක්ති පෙරමුණත් පෙරටුගාමීනුත් දෙපිළිකට බෙදී ලංකාවේ හැසිරෙන මේ තත්ත්වය වර්ථමාන ආර්ථික අර්බුදය තවදුරටත් දිගු වීමක් සඳහා මේ විකල්ප දේශපාලන පක්ෂ දෙක යම් ධනපති දේශාපලන පක්ෂවලට අනුග‍්‍රහයක් ලබාදෙනවාද යන ප‍්‍රශ්නය මතුවෙන සුළුයි.
පොදු හතුරා හඳුනාගැනීමට මේ දෙපාර්ශ්වයේ ඇති නොහැකියාව රටේ අභාග්‍යයක් ද?
වසර 74ක් පුරා රටේ ආර්ථික, සාමාජික, සංස්කෘතික ව්‍යසනයන්වලට පොදුවේ එදා මෙදා සියලූ දේශපාලන පක්ෂ වගකිව යුතුයි.
ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබඳ බරපතල අභියෝගයකට මුහුණ දී සිටින මේ අවස්ථාවේදී විකල්ප දේශපාලන පක්ෂ සිය දැනුම අවබෝධය සාමාන්‍ය ජනතාවට ආත්මගත කිරීමට අසමත් වී තිබෙනවා.
එම අසමත්වීමේ ප‍්‍රතිඵලය සෑම මැතිවරණයකදීම ¥ෂිතයින් රටේ පාලන බලය අත්පත් කරගත් ඉතිහාසයක්
තුළින් වර්තමානය ගොඩනැගී තිබෙනවා.

ඊට ප‍්‍රධානම කරුණු අතරින් වැඩවසම් සමාජ ක‍්‍රමය තුළින් භික්ෂු සමාජයේ වැදි බණ ප‍්‍රමුඛ වෙනවා.
මීට අමතරව උගත් යැයි විද්වත් විවිධ සමාජ සංස්ථා පාදඩ දේශපාලනයේ සියල්ලන්ගේ කුණු සේදීමට පියවර
ගැනීම තවත් පැත්තක්.
මේ නිසා පොදු සාමාන්‍ය ප‍්‍රජාව යම් මැතිවරණයකදී නිවැරදි තීරණයක් ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගත වෙලා තිබෙනවා.
දේශපාලන මනා සමාජ සාක්ෂරතාවයක් ප‍්‍රජාව තුළ වර්ධනය කළ යුතු අවස්ථාවක විකල්ප දේශපාලන පක්ෂ එකිනෙකාට චෝදනා ගොඩනගමින් සිටිනවා.
1980 ජුලි වර්ජනයේදී පැරණි වාමාංශික නායකත්වයට හැකි වූයේ කුමක්ද?
එක් ලක්ෂ දාහතර දාහක් පමණ වැඩ වැරූ කම්කරුවන්ගේ රැුකියා අයින් කර දීම පමණයි.
ආණ්ඩුවට එරෙහිව විපක්ෂය එකට එකතු කර ගැනීමේ සුවිශේෂී භූමිකාවක් එවරද වමට නොතිබුණු අතර ධනපති ආණ්ඩුව එය නිසිසේ ප‍්‍රයෝජනයට ගත් බව ඉතිහාසයේ මනා සාක්ෂියක්.
එදා සිදුවූයේ කම්කරුවා පාවාදීමට ලක්වීම පමණයි.
1983 ජනතා විමුක්ති පෙරමුණ තහනම් කිරීමේ පටන් 1988 – 1990 දක්වා මර්දනකාරී ක‍්‍රියා පිළිවෙත පැරණි වම ආණ්ඩුවට ලබාදුන් නියත ආශිර්වාදය අතිශයින් බලවත්.
ජනතා විමුක්ති පෙරමුණ නැගීම බිහි වන්නේ ඔය අතරතුර. ඒ සටන්කාමී මුහුණුවරක් ගත් දේශපාලන ව්‍යාපාරයක් වුණා.
පාර්ලිමේන්තුවට එපිට සිට බලය ලබාගැනීම පිළිබඳ දැඩි අපේක්ෂාවක් ඔවුන් තුළ තිබුණා.
ජනතා විමුක්ති පෙරමුණේ නායකයා වූ රෝහණ විජේවීර කරලියට එන්නේ එන්. ෂන්මුගදාසන්ගේ ලංකා කොමිනිස් පක්ෂයේ චීන පිලෙන්.
පසුව ඔහු ජනතා විමුක්ති පෙරමුණ පිහිටුවා ගන්නවා.
1971 කැරැුල්ලෙන් පසු ජනතා විමුක්ති පෙරමුණ ද යළිත් කණ්ඩායම් කීපයකට කැඞී විසිරී යනවා.
හැමදාම ජනතා විමුක්ති පෙරමුණ සෙසු දේශාපලන පක්ෂවලට චෝදනා එල්ල කරන්නේ එම දේශපාලන පක්ෂවල තිරසාර ප‍්‍රතිපත්තියක් නැති බව කියමින්.
එහි සිටින නියෝජතයන් එහෙට මෙහෙට පනින බවත් කියමින්.
වෙනත් දේශපාලන පක්ෂවල පාරිශුද්ධ බව හොයන ජනතා විමුක්ති පෙරමුණේ ඉතිහාසයද කියන තරම් පාරිශුද්ධ නැති බව අපි තේරුම් ගන්න ඕන.
වගකීම් විරහිත දේශපාලන ළදරුකම් ඔවුන්ට ද අපමණව තිබුණා.
මෑත ඉතිහාසයේ ගත් විට සියලූ දේශපාලන පක්ෂ පාහේ තමන්ගේ වගකීම ඉතාමත්ම අවාසනාවන්ත ලෙස පැහැර හැර තිබෙනවා.
සමගි ජනබලවේගයට, යූපීයන්ට, පොහොට්ටුවට, ජනතා විමුක්ති පෙරමුණට ආදී සියල්ලන්ටම එය වලංගුයි. හැත්තෑහතේ මහ මැතිවරණයෙන් පස්සෙ මේ රටේ වම සේදී ගියා.
ඉන් අනතුරුව සම්ප‍්‍රදායික දේශපාලන පක්ෂ දෙකේ මතවාදයන් ඒ පක්ෂ දෙකටත් වඩා හොඳින් කර
තබාගෙන ගියේ වම නියෝජනය කරමින් පැමිණි දේශපාලන නියෝජිතයින්. කරුණු කොහොම වෙතත් මේ තත්ත්වය ලංකාවේ ප‍්‍රජාවට එතරම් හිතකර නැහැ.
ලංකාවේ දේශපාලන විෂය මූලික සමාජ පරිවර්තනය කිරීමේ වගකීමෙන් විකල්ප දේශපාලන පක්ෂ මඟහැර
තිබීම ඉතාම කනගාටුවට කරුණක්.

සිත, මනස හා විඥානය දේශපාලන පිරිමැසුම් සන්නිවේදනය සංවර්ධනය කිරීමේ මාවත ගොඩනැගීමේ වගකීම ඇත්තේ ලංකාවේ විකල්ප දේශපාලන පක්ෂවලට.
සාමාන්‍ය ප‍්‍රජාවගේ වැඩවසම් කි‍්‍රයාකාරිත්වයට නැවත නැවත ආගමික අංශවලින් කරන දැල් එළීම බුද්ධිමය මෙහෙවරකින් අදාළ වේදිකා ගොඩනැගීම සිදු කළ යුත්තේ සූක්ෂම ලෙසයි.
ආගමික බැඳීම් මිත්‍යා විශ්වාසයන් පාදක කරගෙන ආගමික අංශ හා ධනපති දේශපාලන පක්ෂ සූක්ෂමව මෙතෙක් ගෙන ආ විවිධ අරුමෝසම් වැඩසටහන් දිගින් දිගටම ඇදෙන්නේ කි‍්‍රයාත්මක වන්නේ ඇයිද යන්න විකල්ප දේශපාලන පක්ෂ සිතා බැලිය යුතුයි.
ඊට අභියෝගාත්මක මානව හා භෞතික කේන්ද්‍රීය සංකල්ප ඇතුළත් වැඩසටහන් දියත් කිරීමට විකල්ප දේශපාලන පක්ෂ අසමත් වීම නිසයි.
ඒ සඳහා මැදිහත්ව පසුගිය කාලය තුළ දී විකල්ප දේශපාලන පක්ෂ සකී‍්‍රය වැඩසටහන් දියත් කර තිබුණේ නම් ඉදිරි මහ මැතිවරණයත් ලාංකික ඡුන්ද දායකයින් ප‍්‍රතිනිර්මාණාත්මක සමාජ සූදානමක් ඇති කරන සුළුයි.
නමුත් අවාසනාවකට ලංකාවේ විකල්ප දේශපාලන පක්ෂවලින් අතීත ඇරියස් එකිනෙකාට පිරිමසා ගනිමින් සිටින තත්ත්වයක් දකින්නට ලැබෙනවා.
දේශපාලන සමාජ කි‍්‍රයාවලින් නිදන්ගතව පවතින සම්ප‍්‍රදායික සමාජ පිළිකා මනාව හඳුනාගෙන කි‍්‍රයාකාරීමේ හැකියාව මේ නිසා විකල්ප දේශපාලන පක්ෂ ඉතාම දුර්වල තත්ත්වයකට පත් වී තිබෙනවා.
මේ තත්ත්වය ඉතාම කනගාටුදායක තත්ත්වයක්.
ජනතා විමුක්ති පෙරමුණ ඉතාමත්ම තීරණාත්මක අවස්ථාවලදී තෝරාබේරා ගත් දේශපාලන උපාය උපක‍්‍රම සහමුලින්ම අසාර්ථක වූ තත්ත්වයක් දකින්නට තිබෙනවා.
හැත්තෑ එකේ කැරැුල්ල ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන නොමේරූ බව පිළිබිඹු වූවක් කියලා අපට හිත හදාගන්න පුළුවන්.
නමුත් මෑත යුගයේ පැවති ගෝල්ෆේස් අරගලයේදී රට සතියකට වඩා වැඩි කාලයක් අරාජිකව පැවති අවස්ථාවේදී රට වෙනුවෙන් ජනතා විමුක්ති පෙරමුණට කළ හැකි කාර්ය භාරය රට ලබාගැනීමේ මැදිහත් වීම සිදුවූවාද යන ප‍්‍රශ්නය මතුවන සුළුයි.
රෝහණ විජේවීර හිරෙන් නිදහස් වී පැමිණි පසු පැවති පළමු ජනාධිපතිවරණයේදී පවා ඔහුට හිමිකර ගත හැකිවූයේ ඡුන්ද දෙලක්ෂ හැත්තෑතුන් දහස හාරසිය විසි අටක් පමණයි.
එය සියයට 4.19ක් වගේ ප‍්‍රමාණයක්.
1988 දෙසැම්බර් 19 දින පැවති ජනාධිපතිවරණයට ජනතා විමුක්ති පෙරමුණ සිදු කළේ සන්නද්ධ බලපෑමක්.
එහි බරපතල ඛේදවාචකය වූයේ එතෙක් පැවති එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව පෙරළා දැමීමට තිබුණු අවස්ථාව අහිමි වීම පමණයි.
1994 ජනාධිපතිවරණයේදී ජනතා විමුක්ති පෙරමුණ පොදුජන එක්සත් පෙරමුණට සහය දී ජනාධිපතිවරණයෙන් ඉවත් වුණා.
එහෙම ඉවත් වුණා කියා ඔවුන් ජනාධිපති ධුරය අහෝසි කරන්නට තියා එහි අඟලක් වත් වෙනස් කරන්නට නොහැකි වුණා.
තමන් වෙත ලිඛිතව දුන් පොරොන්දුව කඩ කළ බව දැන දැනම ජනතා විමුක්ති පෙරමුණ අවසාන යුගයේදී චන්ද්‍රිකා ආණ්ඩුව සමඟ පරිවාසයකට එක් වුණා.
1999 දෙසැම්බර් 21 පැවති ජනාධිපතිවරණයේදී නන්දන ගුණතිලකට ලබාගත හැකි වුණේ ඡුන්ද තුන් ලක්ෂ හතළිස් හතර දහස් එකසිය හැත්තතුනක් පමණයි.
එහි ප‍්‍රතිශතය ලෙස සියයට 4.8ක් කියල කියන්න පුළුවන්.
2005 ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ බලයට ගෙන ඒම වෙනුවෙන් විශාල කාර්යභාරයක් ඉටු කළේ ජනතා විමුක්ති පෙරමුණ.

අද ඔවුන් උනුත් එකයි මුනුත් එකයි යනුවෙන් මොනතරම් කෑ ගැසුවද උනුත් විකල්ප දේශපාලනය විසින් පාදඩ දේශපාලනය බලයට ගෙන ඒම වෙනුවෙන් ජනතා විමුක්ති පෙරමුණ ඉතාම තීරණාත්මක කාර්ය භාරයක් ඉටු කොට තිබෙනවා.
මේ සියල්ලකගේම අවසානයේ ප‍්‍රදර්ශනය වන්නේ කුමක්ද? ජනතා විමුක්ති පෙරමුණේ අසාර්ථක බව ද?
චන්ද්‍රිකා ආණ්ඩුව තුළ ඇමතිධුර හතරක් ජනතා විමුක්ති පෙරමුණ දැරුවා.
2005 මහින්ද රාජපක්ෂ බලයට ගෙන ඒමට කටයුතු කළේ ඔහුට සුනාමි චෝදනාව පවා එල්ල වී තිබෙන අවස්ථාවක.
රාජපක්ෂ රෙජිමයට දශකයට වඩා වැඩි කළක් මේ රට සිය ග‍්‍රහණයට ගන්නට ඉඩ කඩ සැලසීමේ පුළුල් කාර්යභාරයක් ජනතා විමුක්ති පෙරමුණ ඉටු කළ බව මහජනතාව තේරුම්ගත යුතුයි.
2010 වසරේ පැවති ජනාධිපතිවරණයේදී විපක්ෂයේ අපේක්ෂකයා වූ හිටපු හමුදාපති සරත් ෆොන්සේකාට සහය ලබාදීමට ජනතා විමුක්ති පෙරමුණ කි‍්‍රයා කළේ මහින්ද රාජපක්ෂට එරෙහි බලවේගයක් ලෙසින්.
ඒ වන විට ජනතා විමුක්ති පෙරමුණ විමල් වීරවංශ ඇතුළු විශාල කණ්ඩායමක් ඉන් ඉවත් වී තිබුණා. විමල් ජනතා විමුක්ති පෙරමුණේ සිට ප‍්‍රචාරක ලේකම්වරයා.
අනෙක් පක්ෂවල මහලේකම්වරු පක්ෂ මාරුකොට ඇති අතර ජනතා විමුක්ති පෙරමුණට ද ඒ චෝදනාවෙන්
ගැලවෙන්නට බැහැ.
ඓතිහාසික සම්ප‍්‍රදායික වැඩවසම් සමාජ පිළිකා තනිව හඳුනාගැනීමට නොහැකිව ජනතා විමුක්ති පෙරමුණ
ලතැවෙමින් තිබෙන තත්ත්වයක් මේ තුළින් පෙන්නුම් වන්නේ නැද්ද? කේන්ද්‍රීය සියලූ චලිතයන් ලංකාව පුරා විසිරණය වී තිබෙනවා.
ඒ සඳහා පුළුල් සමාජ සංදියාවකට ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු විපක්ෂ දේශපාලන පක්ෂ යා යුතුයි. ඒ සඳහා යථාර්ථවාදී කි‍්‍රයාශීලී එළැඹුමක් අවශ්‍යයි.
විකල්ප දේශපාලන පක්ෂවල වගකීම ඇත්තේ කොහිද යන්න පශ්චාත් නිවැරදි සමීක්ෂණයේදී හඳුනාගන්න එවිට පුළුවන් වේවි.
ලිඛිත හෝ වාචික සැබෑ පශ්චාත් සමීක්ෂණයකදී ලාංකික දේශපාලන ඉවුර හඳුනාගත හැකි මාර්ගය ඉන් සකසා ගන්න පුළුවන් වෙයි.
ඒ තුළින් හඳුනාගන්නා ගැඹුර මගින් අදාළ සාකච්ඡුා මණ්ඩප අදාළ දේශපාලන පක්ෂවලට කි‍්‍රයාත්මක වෙන්න පුළුවන්.
ඒ සඳහා විකල්ප දේශපාලන පක්ෂ ප‍්‍රජාවට සවන් දී මේ ගුණය වර්ධනය කර ගත හැකියි.
නමුත් අද සිදු වන්නේ විකල්ප දේශපාලන ප‍්‍රමුඛ නායක නායිකාවන් වේදිකාවල බෙරිහන් දීම පමණයි. එදා වාමාංශික දේශපාලන පක්ෂ සිදු කළෙත් එවැනිම කාර්යභාරයක්.
විකල්ප දේශපාලන පක්ෂ නායක නායිකාවන් පවසන ඇතැම් කරුණු ප‍්‍රජාව තේරුම් ගෙන ප‍්‍රජාව කි‍්‍රයාත්මක කරන්නේ නම් මැතිවරණ ප‍්‍රතිඵල සාර්ථක වෙන්න ඕන නේද?
නමුත් ලංකාවේ වාමාංශික දේශපාලන පක්ෂවල ඉතිහාසයේ සිටම සම්ප‍්‍රදායික මානව කුසලතා ප‍්‍රජාවගේ සාම්ප‍්‍රදායික මානව කුසලතා සැබැවින්ම හඳුනාගැනීමට නොහැකිවීම නිසා වසර හැත්තෑ හතරක් පුරාම මැතිවරණ ප‍්‍රතිඵල බිංදුවට පත් වූයේ කෙසේද යන්න තේරුම් ගැනීමට අසමත් වී තිබෙනවා.
ජනතා විමුක්ති පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ලෙස සිටි නන්දන ගුණතිලක විමල්ට කලින් ජනතා විමුක්ති පෙරමුණෙන් ඉවත් වූ චරිතයක්.
පසුව ඔහු විමල් ළඟට ද ඉන් අනතුරුව එක්සත් ජාතික පක්ෂයට ද එක් වුණා.

රෝහණ විජේවීරගෙන් පසු ජනතා විමුක්ති පෙරමුණේ වැඩිම කාලයක් නායකත්වය දැරූ අසහාය පන්නයේ නායකයා වුණේ සෝමවංශ අමරසිංහ.
සෝමවංශ අමරසිංහගේ දුවනියක් පිළිබඳව මෑත දිනවල සාකච්ඡුාවට බඳන් වෙනවා. ඒ පිළිබඳ වැඩි දුර සාකච්ඡුා කිරීමට පීඑෆ්පී නිවුස් සූදානම් නැහැ.
නමුත් ජනතා විමුක්ති පෙරමුණේ 88 – 89 අරගලයේදී සෝමවංශ අමරසිංහ ලංකාව හැර ගියේ අනෙක් සියලූ දෙනා බිලි දෙමින්ද යන ප‍්‍රශ්නය මතුවන සුළුයි.
ඊට ලංකාවේ එවකට හිටපු ජනාධිපති රණසිංහ පේ‍්‍රමදාස මහතාගේ යම් සහයෝගයක් ලැබුණාද යන ප‍්‍රශ්නය
ගැටලූ සහගතයි.
අනුර දිසානායක පක්ෂයේ නායකයා වෙලා මාස කිහිපයක් යන විට සෝමවංශ නැවතුනේ මහින්ද රාජපක්ෂ
ළඟ.
අනෙක් පක්ෂවල පාරිශුද්ධ බව සොයන ජනතා විමුක්ති පෙරමුණේ ඉතිහාස තත්ත්වය එහෙමයි. අද ජනතා විමුක්ති පෙරමුණට විශාල රැුල්ලක් මේ වන විට තිබෙනවා.
එය ඇත්ත වශයෙන්ම රටේ ආර්ථික ප‍්‍රධාන ගැටලූ අර්බුදය සාධක මතයි.
හැබැයි ඒ රැුල්ල මැතිවරණයේ දී ඡුන්ද පෙට්ටි අසලදී භාවිතා වේද යන ප‍්‍රශ්නය ඉතිහාසය අධ්‍යයනය කිරීමේදී ගැටලූ තත්ත්වයක්.
දශක හයකට වැඩි කාලයක් තිස්සේ අත්දුටු තත්ත්වයක්.
මේ වන විට ජනතා විමුක්ති පෙරමුණට තිබෙන ඒ රැුල්ල මනාව කළමනාකර ගැනීමේ හැකියාව ජනතා විමුක්ති පෙරමුණට ඉදිරියට තිබේද යන ප‍්‍රශ්නය තවත් ප‍්‍රශ්නයක්.
මෙවැනි රැුලි ඉතිහාසය පුරා විවිධ අයුරින් අපට දකින්නට ලැබී තිබෙනවා.
අවසාන ප‍්‍රතිඵලයේදී ඒ රැුළිවල තත්ත්වය අප නොහිතන ප‍්‍රතිඵල ගෙන දෙන සුළුයි. මේ හැම එකකටම ආගමික සබඳතාවයක් තිබෙනවා.
මේ රටේ ජනතාව හුරු පුරුදු කරපු හුරු පුරුදු වී තිබෙන සම්ප‍්‍රදායන් වැඩවසම් ක‍්‍රමයන් පිළිබඳ තේරුම්
ගෙන ඔවුන්ව ප‍්‍රඥාවන්ත කිරීමේ වැඩපිළිවෙළක් විකල්ප දේශපාලන පක්ෂ මනාව කි‍්‍රයාත්මක නොවන පරිසරයක් තමයි ඊට ප‍්‍රධාන සාධකය.
විවිධ ආගමික සබඳතා මත වර්ධනය වී තිබෙන සමාජ මිත්‍යා හා වැඩවසම් හුරු පුරුදුවලට අභියෝග කිරීමේ චිත්ත වේගී සමාජ සන්නිවේදනයක් සමාජ ගත කිරීමට විකල්ප දේශපාලන පක්ෂ හෝ බුද්ධිමත් ප‍්‍රජාව උකටලී වී තිබෙනවා.
ආගමික මිනිස් හැසිරීම් තුළින් කොටුවී තිබෙන සම්ප‍්‍රදායන් නිර්වචනය කිරීමට නම් විකල්ප දේශපාලන පක්ෂ චිත්තවේගී බුද්ධිමය සන්නිවේදනය කිරීමට සැබෑ සමාජ සමීක්ෂණයට අදාළ අංශ වහාම යා යුතුයි.
2023 අය වැයෙන් අධ්‍යාපනයට 14%කින් කපා හැර තිබෙනවා. බෞද්ධ කටයුතු අමාත්‍යංශයට වැඩි ප‍්‍රතිශතයක්
ලබාදීමෙන් පාලක පක්ෂයේ අරමුණු කොහොමද යන්න විකල්ප දේශපාලන නායක නායිකාවන් තේරුම් නොගැනීම කණගාටුවට කරුණක්.
මේ සඳහා නව පෙළඹුන් කෙසේ කළ යුතුද යන්න විකල්ප දේශපාලන පක්ෂ තේරුම් නොගන්නා තෙක් පාදඩ දේශපාලනය තවදුරටත් සාමාන්‍ය ජනතාවගේ සාමාන්‍ය බුද්ධියට නිගා දෙමින් ඔවුනොවුන් ශක්තිමත් වීම වැලැක්විය නොහැකියි.
සම්ප‍්‍රදායික හා වැඩවසම් ආගමික වැඳුම් පිදුම් පිළිබඳ චර්යාවන් පළමුවෙන්ම විකල්ප දේශපාලන පක්ෂ හඳුනාගැනීම තේරුම්ගැනීම සඳහා පුළුල් සමාජ විද්‍යාත්මක පරේෂණයක් දිවයින පුරා දියත් කළ යුතු වෙනවා.
ආගමික සම්ප‍්‍රදායික වැඩවසම් චර්යාවන් සමාජ කුසලතාවන් දක්වා වර්ධනය කර ඇති සමාජ පසුබිමක ප‍්‍රතිනිර්මාණය කිරීම පහසු කාර්යභාරයක් නොවේ.

එය වෙහෙසකර කටයුත්තක්.
අදාළ සමාජ කි‍්‍රයාකාරිත්වයේදී විකල්ප දේශපාලන පක්ෂවලට ප‍්‍රතිගාමීන්ගේ ආවේග කි‍්‍රයාත්මක වීමේදී ඒ සඳහා ප‍්‍රඥාවන්ත පිළිතුරු ලබාදීමට අදාළ බලධාරින් සමත් විය යුතුයි.
සම්ප‍්‍රදායික වැඩවසම් ආගමික හුරු පුරුදු හමුවේ ප‍්‍රජාවට තේරුම් ගැනීමේ හා අනිකාව දැනුවත් කිරීමේ අදහස් හුවමාරුව සඳහා නව චර්යා ප‍්‍රතිමාන හඳුන්වාදීම ද බුද්ධිමත් සමාජ අංශ කි‍්‍රයාත්මක කළ යුතුයි.
සමාජ අංශ කි‍්‍රයාත්මක එවැනි විකල්ප වැඩසටහන් කි‍්‍රයාත්මක වීමේදී ප‍්‍රජාවගේ බුද්ධිය හා බුද්ධි මට්ටම එක සමාන වෙන්නේ නැහැ. ඒ සඳහා සමාජ මනෝවිද ්‍යා ගැටලූ හඳුනාගැනීමේ මාවත් අදාළ සමීක්ෂණ පති‍්‍රකාවේ අන්තර්ගත කළ යුතුයි.
සමාජය මේ සඳහා මැදිහත් නොවන්නේ කුමන හේතු මතද යන්න ප‍්‍රජාවගෙන් ප‍්‍රශ්න කළ යුතුයි.
සම්ප‍්‍රදායික මිත්‍යා මත වැලැක්වීම සමාජයෙන් ඉවත් කිරීම සඳහා ප‍්‍රජාව යෝජනා කරන්නේ මොනවාද යන්න අදාළ සමාජ සමීක්ෂණ පති‍්‍රකාවේ අන්තර්ගත විය යුතුයි.
ආගමික ඇබ්බැහිකම මිත්‍යා සමාජ විශ්වාසයන් නිසා පාදඩ දේශපාලන නඩ සාමුහිකව සාමාන්‍ය ජනතාවගේ සාමාන්‍ය බුද්ධියට නිගා දෙන වපසරිය මනාව හඳුනාගැනීමට පශ්චාත් සමීක්ෂණයේදී මනාව හෙළිදරව් වනු ඇත.
දිගුකාලීන දේශපාලන සාක්ෂරතාවය සඳහා ශක්තිමත් ජන විඥානයක් ගොඩනැගීම තුළින් යහපත් විකල්ප දේශපාලන සංස්කෘතියක් කළමනාකරණය කිරීමේ හැකියාව ඉන් පසුව විකල්ප දේශපාලන පක්ෂවලට අවකාශය හිමිවනු ඇත.
ලිව්වේ
සුමිත් කොඩිතුවක්කු

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න