ශ‍්‍රී ලංකාවේ රාජ්‍ය අංශය යන අමාත්‍යංශ දෙපාර්තමේන්තු සංස්ථා මණ්ඩල බහුතර ප‍්‍රජාවක් පිළිකුල් සහගත ලෙස ප‍්‍රතික්ෂේප කරති.
ඇතැම් සුළු සේවකයාගේ සිට නිලධාරි සමාජ සංස්ථාවේ රාජ්‍ය අංශයේ පමණක් නොව විධායකය හා ව්‍යවස්ථාදායකය දක්වා ජනතාව තුළ ඇත්තේ යහපත් ආකල්ප නොවේ.
රාජ්‍ය ආයතනවල අකාර්යක්ෂමතාවය නිසා ඉහත තත්ත්වය උද්ගත වී තිබේ.
දාහතර ලක්ෂයක් පමණ වන නිලධාරින්ගේ අකාර්යක්ෂමතාවය වර්ථමාන ආර්ථික අර්බුදයේ ප‍්‍රධාන සාධකයක් බව පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරු පවසති.
දේශපාලන පක්ෂවලට හා නායක නායිකාවන්ට නැගෙන චෝදනා මේ වන විට රාජ්‍ය නිලධාරින්ට දේශපාලන අධිකාරින් බැර කරමින් සිටිති.
රාජ්‍ය සේවයේ ප‍්‍රතිව්‍යුහකරණයක් සිදුවෙලා නැති පරිසරයක් තුළ මේ වන විට රාජ්‍ය පරිපාලන ස්වදේශීය කටයුතු පළාත් සභා හා පළාත් පලාන අමාත්‍යංශය රාජ්‍ය සේවයේ නිලධාරි ක‍්‍රියාකාරකම් පිළිබඳ සමාලෝචනයක යෙදී ඉන්නවා.

ඒ සඳහා රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම්වරයා කමිටුවක් මේ වන විටත් පත් කර තිබෙනවා. ප‍්‍රදේශීය ලේකම් කාර්යාලයක් අලූතින් ආරම්භ කරන්නේ නම් ඒ සඳහා අවශ්‍ය නිර්නායක මොනවාද? ඒ සඳහා ජනගහනය පදනම් කරගන්නවාද?
අමාත්‍යංශයේ ජනගහනය පදනම් කරගෙන ඒ බී සී ආකාරයෙන් වර්ගීකරණයකට ලක් කිරීමට අපේක්ෂිතය. දිවයින් පුරා ග‍්‍රාම නිලධාරි වසම් දාහතරදහස් විසි දෙකක් ප‍්‍රජාවට සේවය කිරීමට පිහිටුවා තිබෙනවා.
රජයේ ඉහළ නිලධාරින්ගේ සිට ග‍්‍රාම නිලධාරින් දක්වා රාජකාරි සේවය මනාව ඉටු නොවන බව දෛනිකව පුවත්පත් හා වෙනත් මාධ්‍ය වාර්තා කරනවා.
ජනතාව විවිධ අයුරින් පීඩා විඳින විට මනාව විපරම් කිරීමේ යාන්ත‍්‍රණයක් නැතිකම ප‍්‍රධාන ගැටලූවක්.
රාජ්‍ය අංශයේ අකටයුතුකම් පිළිබඳ පැමිණිලි කිරීමට 1905 කෙටි දුරකථන අංකයක් මෑතක දී හඳුන්වා දී
තිබෙනවා.
නමුත් එවැනි ක‍්‍රම සක‍්‍රීය ද යන ප‍්‍රශ්නය මතු වෙනවා.
එවැනි අංක භාරව සිටින නිලධාරින්ගේ දුබලකම් නිසා රාජ්‍ය අංශයට ඒ සඳහා මනා පිටුවහලක් ලැබෙනවාද යන්න තවත් ප‍්‍රශ්නයක්.
කෙසේ වෙතත් පරිපාලන දිස්ත‍්‍රික්ක ලේකම්ට ඇති පොලිස් බලතල අනුව ඔහු විසින් පත් කරන සාම නිලධාරි තනතුරක් වන ග‍්‍රාම සේවා නිලධාරින්ටත් හිමි කිරීමට අදාළ කටයුතු සංවිධානය වෙමින් තිබෙනවා.
අපරාධ නඩු විධාන සංග‍්‍රහය අනුව පොලිස් කොස්තාපල්වරයටකුට හිමි බලතල පෙරලා ග‍්‍රාම නිලධාරියෙකුට සාම නිලධාරියෙකු වශයෙන් හිමි වෙනවා.
එය වැඩිදුරටත් විග‍්‍රහ කරන්නේ නම් සාමය කඩවන සිද්ධියක් අරඹයා යම් සැකකරුවෙකු කෙළින්ම අධිකරණය වෙත ඉදිරිපත් කිරීමේ අයිතිය තිබෙනවා.
වරෙන්තුවක් ඇතිව හෝ නැතිව වෙන්න පුළුවන්.
නමුත් අද වන විට ග‍්‍රාම නිලධාරි තනතුර පාදඩ දේශපාලන හැසිරීම හා භාවිතය නිසා ඔවුන් නොවුන් සමග’ බද්ධ වීම නිසා අපේක්ෂිත රාජකාරිය මනාව ඉටුවේද?
ග‍්‍රාමීය නාගරික දේපල අරඹයා පවුල් සංස්ථාවේ සාමාජික සාමාජිකාවන් අතර අපමණ විවිධ ගැටුම් ඇතිවෙන සුළුයි.
ඔවුන් එකිනෙකාගේ දේශපාලන පක්ෂ අනුව ග‍්‍රාම නිලධාරිවරයාගේ පක්ෂපාතීත්වය ඉදිරි කාලය තුළ දී කෙසේ විය හැකිද?
බොහෝ විට ග‍්‍රාම නිලධාරීන් සේවය කරන්නේ පදිංචි ප‍්‍රදේශය ආශ‍්‍රිතවයි.
රාජ්‍ය නිලධාරින් අකාර්යක්ෂම වීමට මතුපිටින් පෙනෙන කරුණු කාරුණා පමණක් හේතු වන්නේ නැති බව රාජ්‍ය අංශයේ වගකිව යුතු බලධාරින් තේරුම්ගත යුතු වෙනවා.
රාජකාරිය කිරීමට අපහසු වන ආකාරයෙන් රාජකාරි පැවරීම නිසා ද රාජ්‍ය නිලධාරින් අපහසුවට පත්වන අවස්ථා තිබෙනවා.
ඒ බොහෝ විට රාජ්‍ය නිලධාරීන්ගේ අංශ ප‍්‍රධානීන්ගේ රුචි අරුචිකම් අනුව සිදු වන්නක්.
රටේ පුරවැසියන්ගේ දත්ත එකතු කිරීම අලූතින් පත්වන රාජ්‍ය නායකයාගේ මරබිය නිසා පසුගිය කාලයේදී නැවත විටින් විට එම දත්ත එකතු කිරීම සිදු වූවා.
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පත්වීමත් සමග රටේ විවිධ ආයතන මගින් පසුගිය කාලයේදී විටින් විට සිදුවූවා.
මෙය පවුල් සංස්ථාවට අත්දකින්න ලැබුණා.

පොලිසියේ විවිධ කොට්ඨාශ මගින් නැවත නැවත මහජන දත්ත එකතු කිරීම පොදු ප‍්‍රජාවට ඉමහත් හිසරදයක් වූවා.
පොලිසියේ විවිධ කොට්ඨාශවල රාජකාරි මේ නිසා අතපසු වූවා නොවේද?
ඒ පිළිබඳව පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරු ඒ දිනවල ව්‍යවස්ථාදායකය තුළ ප‍්‍රශ්න නැගුවා.
මෙවැනි පරිසරයක් තුළ අමාත්‍යංශය රටේ සියලූම පුරවැසියන්ගේ දත්ත නැවත ග‍්‍රාම නිලධාරි හරහා එකතු කරගැනීමේ වෑයමක යෙදී ඉන්නවා.
ශ‍්‍රී ලංකාව බංකොලොත් බව නිල වශයෙන් රජය ප‍්‍රකාශ කළේ විදේශ ණය ආධාර ලබාගැනීමේ ඉලක්ක මත.
එවැනි පරිසරයක් තුළ රටේ ප‍්‍රජාවගෙන් 90%ක් පමණ දරිද්‍රතාවයට හා එදිනෙදා කෑම වේල සපුරා ගැනීමට නොහැකිව අන්ත දුගී භාවයක පත්වෙලා තිබෙනවා.
පුරවැසියන්ගේ ඉඩමේ අක්කර හා පර්චස් ප‍්‍රමාණය කොපමණ ද යන්න මේ දත්ත සොයාගැනීමේදී නැගෙන ප‍්‍රශ්නයක්.
එහිදී ලියුම්කරුට මෙවැනි නැවත පෙරළා ප‍්‍රශ්න මතු කිරීමට සිදු වී තිබෙනවා.
තක්සේකරු වරිපනම් බද්දට අමතර තවත් බද්දක් රජය එකතු කිරීමට ද මේ වෑයම. පවුලේ සාමාජිකයන් ගණන කීයද?
ඡුන්ද නාම ලේඛනය මගින් පවුලේ සාමාජික සංඛ්‍යාව තේරුම් ගැනීමට අමාත්‍යංශයට තිබෙන නොහැකියාවද? රෙජිස්ට‍්‍රාර් දෙපාර්තමේන්තුව සතුව ඔවැනි සංඛ්‍යාලේඛන නැතිද?
නිවසේ වහළය තහඩුද?
එවැනි නිවෙස්වලට රජය සිවිලිම ගසා නිවස් හිමියන්ට තහඩුවලින් අවුරශ්මිය නැති කිරීම සඳහා ලබාදෙන උත්සාහයක්ද?
ගෙවතු කීයද? අදාළ පවුල්වලට ගෙවතු තවත් වැඩි කිරීම සඳහා පහසුකම් ලබාදීමට අපේක්ෂිතද?
ගෙවත්තේ තේක්ක ගස් කීයද? අදාළ ගස් මැන බලා ගස්වලටත් බද්දක් ගැසීමට රජයේ වෑයමක්ද? යන ප‍්‍රශ්නය මතු වන්නේ නැද්ද?
පුරවැසියන්ගේ උපන්දිනය නැවත දත්ත ගත කරන්නේ රෙජිස්ට‍්‍රාර් ජෙනරාල් දෙපාර්තමේන්තුව සිය වගකීම් පැහැර හැර තිබෙන නිසාද?
මෙවැනි දත්ත එකතු කිරීමේදී පෙරළා නැවත ජනතාව තුළ මතුවන ප‍්‍රශ්න අපමණ නොවේද?
ග‍්‍රාම නිලධාරියාගේ සිට ඉහළම නිලධාරියා දක්වා මහා පරිමාණයෙන් ¥ෂණ වංචා සිදු කිරීම වළක්වාගැනීම සඳහා බිම් මට්ටමින් යෝජනා ලබාගැනීමේ සමාජ සමීක්ෂණයක් පැවැත්වීම මීට වඩා සුදුසු නොවේද?
රට දුප්පත් වීම හා බංකොළොත්වීම අවම කර ගැනීම සඳහා කාලීන සැලසුම් සකස් කර ගැනීම රාජ්‍ය පරිපාලන සේවයේ අධිකාරීන්ගේ වගකීමක් නොවේද?
රාජ්‍ය නිලධාරින් හා සේවකයන් සතු විය යුතු ජාතික පොදු අරමුණු ගිලිහීයාම නිසා අගාධය උඩුදුවා
තිබෙනවා නොවේද?
පටු හා පෞද්ගලික රාජ්‍ය නිලධාරි අරමුණු ඉවත් කරන පොදු සමාජමය අරමුණු කරා රට ගෙන යන වැඩපිළිවෙළක් අදාළ අමාත්‍යංශ ප‍්‍රතිපත්තිමය සැලැස්මක් දියත් කළ යුතු නොවේද?
ග‍්‍රාම නිලධාරි තනතුරු හොබවන බොහෝ පිරිස් අතුරු රැුකියා ව්‍යාපාරික අවස්ථා උත්පාදනය කර ගෙන
තිබෙනවා.
ඒ පිළිබඳ පසුවිපරම් කිරීමේ ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා ක‍්‍රියාත්මක වීමේ යාන්ත‍්‍රණයක් නැති නිසා ඇතැම් ග‍්‍රාම නිලධාරි වසම්වලින් නෛතික රාජකාරිය මනාව ඉටු නොවන බව නැගෙන චෝදනවලට අමාත්‍යංශයේ පිළිතුර කුමක්ද?

මේ සඳහා එක් සාධකයක් ඉදිරිපත් කරන්නේ නම් ග‍්‍රාම නිලධාරින් අතර නීතිඥයන් 20ක් පමණ දැනට සේවයේ යෙදී සිටියදීම නොතාරිස් හා නීතිඥ වෘත්තියේ රාජකාරි ඔවුන් අමතක කර සිය සම්පූර්ණ කාලය
ග‍්‍රාම නිලධාරි රාජකාරි සඳහා පමණක් වෑයම් කරනවාද?
මෙවැනි පැති මනාව අදාළ අමාත්‍යංශ කළමනාකරණය කර තිබේද?
කාලීනව දෛනිකව එකිනෙකට වෙනස් පැන නගින බාහිර හා අභ්‍යන්තර රාජ්‍ය සේවයේ අභියෝගවලට විසඳුම් හා කඩිනම් ආමන්ත‍්‍රණය කිරීමේ යාන්ත‍්‍රණයක් රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශය සතුද?
ඇත්ත බොරුව කිරීමට ද බොරුව ඇත්ත කිරීමට ද ශ‍්‍රී ලංකාවේ අති දක්ෂ පාර්ශ්වය රාජ්‍ය නිලධාරින්ය.
එසේම නෛතික පදනමින් ලිඛිතව ප‍්‍රශ්න කළ විට නිහඬ පිළිවෙතක් අනුගමනය කරන බහුතරය ද රාජ්‍ය නිලධාරින්ය.
ඒ පිළිබඳව ලියුම්කරු සතු අත්දැකීමක් පහත දැක්වේ.
නීතිඥයින් නොතාරිස්වරු ඔප්පු ලිවීමේදී රජයට හිමිවිය යුතු මුද්දර ගාස්තු නොගෙවා වංචනිකව පැහැර හැරීම පිළිබඳව විමර්ශනය කිරීමේ වගකීම ඇත්තේ රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ විමර්ශන අංශයටයි.
අප පීඑෆ්පී නිවුස් වෙබ් අඩවිය ලද තොරතුරු ආශ‍්‍රිතව වැඩිදුරටත් විස්තර විමසීමේ අරමුණින් එවකට අතිරේක ලේකම් චන්ද්‍රරත්න පල්ලේගම මහතාට ලියාපදිංචි තැපෑලෙන් 2020.09.03 දින ලිඛිතව කරන ලද ඉල්ලීම නොසලකා හැරීම නිසා පසුව විමර්ශන අංශයෙන් විමසීමේදී දැනගන්නට ලැබුණේ ඒ මහතා මාරුවක් ලබා ගොස් තිබෙන නිසා නව අතිරේක ලේකම් වන්නේ ධම්මික මුතුගල මහතා බව දැනගන්නට ලැබුණි.
ඒ අනුව නව අතිරේක ලේකම් ධ්මිමක මුතුගල මහතාව 2020.09.17 වන දින ලියුම්කරු විසින් දුරකථනයෙන් අමතන ලදී.
නීතිඥ වසන්ත විජේරාජ රණසිංහ මහතා 2002 සිට 2017 දක්වා ඉඩම් රෙජිස්ට‍්‍රාර් කාර්යාලයට මුද්දර ගාස්තු නොගෙවා සඟවාගෙන සිටින ලද ඔප්පු 389 පිළිබඳව දැනුවත් කරන ලදී.
එහි වටිනාකම රුපියල් ලක්ෂ 500කට ආසන්න බවත් ඒ පිළිබඳ විමර්ශනයක් කිරීමට අමාත්‍යංශයේ ප‍්‍රධානියා වශයෙන් කටයුතු කර තිබේද යන්න ලියුම්කරු ප‍්‍රශ්න කරන ලදී.
ඊට ධම්මික මුතුගල මහතා පැවසුවේ ලිඛිතව ඒ පිළිබඳව දැනුම් දෙන ලෙසය.
එවිට ලියුම්කරු පැවසුවේ හිටපු අතිරේක ලේකම් දැනුවත් කර ලිඛිතව දන්වා ඇති බවය.
එම ලිපිය අස්ථානගත වී ඇති බව පැවසූ මුතුගල මහතා එහි පිටපතක් එවන ලෙස ලියුම්කරුට පැවසීය.
ඉන්පසුව ලියුම්කරු එදිනම පෙර ලිපියේ පිටපතක් තුළ මුතුගල මහතාට පූර්ව සටහනක් ඇතුළත් කර 2020.09.17 දින ලියාපදිංචි තැපෑලෙන් යවන ලදී.
ඉන් පසු විටින් විට අතිරේක ලේකම් ධම්මික මුතුගල මහතාට දුරකථනයෙන් ලියුම්කරුගේ ඇමතීම්වලට පිළිතුරු දීමට ඒ මහතා අසමත් විය.
රාජ්‍ය ඒකාබද්ධ අරමුදලට බැර විය යුතු ලක්ෂ 500කට ආසන්න මුදලක් හිමි කරගැනීම සඳහා විමර්ශන කාර්යභාරයක් ඉටු නොකළ මුතුගල මහතා වැනි තවත් නිලධාරින් කොපමණ ඉන්නවාද? යන්න විමසීමට ප‍්‍රඥාවක් ඇති නිලධාරි බලධාරින් ශී‍්‍ර ලංකාවේ ඇත්තේ ද?
නෛතිකව රජයට හිමි විය යුතු බදු මුදල් ලබාගැනීම සඳහා නෛතික පියවර නොගන්නා පරිසරයක් තුළ රටේ බංකොළොත් භාවය ප‍්‍රතිනිර්මාණය වන්නේ කෙසේද?
එය මෙසේය.
මුදල් අමාත්‍යංශය හා දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව හා රාජ්‍ය අංශයේ වෙනත් ආර්ථික විශේෂඥයින්ගේ ඉලක්කය සාමාන්‍ය ජනතාවට දරාගත නොහැකි ආකාරයට විවිධ බදු පැනවීමය.
300%ක් හා 600%ක් අතර පරිභෝජන භාණ්ඩ ඉහළ යාම තුළ ගවේශණශීලී මාධ්‍යය තුළ එය අප නිර්වචනය

කරන්නේ පාදඩ දේශපාලනයේ කෙරුවාවන් ලෙසය.
අතිරේක ලේකම් ධම්මික මුතුගල මහතාට ලිඛිතව දැනුම් දී වසර 2ක් ඉක්ම ගොස් ඇතත් තවමත් ලිඛිතව තොරතුරු පීඑෆ්පී නිවුස් වෙත ලබාදීමට අසමත් වී තිබේ.
තොරතුරු දැනගැනීමේ පනත යටතේ එය බලවත් වරදක්.
රජයේ නිලධාරින්ගේ වගකීම, යුතුකම පැහැරහැරීම පිළිබඳව ඉහත සඳහන් කළේ එක් උදාහරණයක් පමණි. මෙවැනි තොරතුරු ගවේශනශීලී මාධ්‍ය මෙහෙවරක යෙදී සිටින අපට කොතෙකුත් ලැබී ඇත.
රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය යටතේ ඇති ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල, දිස්ති‍්‍රක් ලේකම් කාර්යාල, විශ‍්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව හා රෙජිස්ට‍්‍රාර් ජෙනරාල් දෙපාර්තමේන්තුව යටතේ පවතින ආයතනවල යම් අකටයුත්තක් හමුවේ අමාත්‍යංශය හඳුන්වාදී තිබෙන 1905 කෙටි දුරකථන අංකයට පැමිණිලි කිරීමෙන් මෙවැනි තත්ත්වයක්
තුළ පළදායි ප‍්‍රයෝජන ජනතාවට අත්වේද?
විමර්ශන අංශය භාර ප‍්‍රධානියා අතිරේක ලේකම් ධම්මික මුතුගල මහතාගේ රාජ්‍ය සේවයේ හැසිරීම හා භාවිතය කෙසේද යන්න නැවත කියවීමට ඉහත සඳහන් කරුණු අනුව පාඨක ඔබට තේරුම්ගත හැකිය.
1905 අංකයට දෛනිකව දැනට 20ත් 25ත් අතර ලැබෙන පැමිණිලිවලින් මේ වන විට විසඳා හෝ විමර්ශනය කර ඇති කොපමණ අවසන් කර තිබේද යන්න අමාත්‍යංශ ප‍්‍රධාන ලේකම්වරයාගේ සොයා බැලීමේ වගකීම මතක් කිරීමට කැමැතියි.
රාජ්‍ය පරිපාලනයේ දී ඇවැසි ආයතන සංග‍්‍රහය මනාව කි‍්‍රයාත්මක වන්නේ නම් මෙවැනි තත්ත්වයන් මතුවන්නේද?
එය ප‍්‍රමාණවත් නොවන්නේ නම් අදාළ නෛතික ප‍්‍රතිපත්ති මතු කිරීම, සැලසුම් කිරීම, අදාළ අනුමැතිය සඳහා පියවර ගැනීම ප‍්‍රධාන ලේකම්වරයාගේ කාර්යභාරයයි. වගකීමය.
රාජ්‍ය අංශය මෙතෙක් සිදු කළේ අත්හදාබැලීම්ය. සමීක්ෂණ පති‍්‍රකා මගින් නියාමන වැඩසටහන්ය. සම්මත විධික‍්‍රමයට අනුකූල ව්‍යාපෘතීන්ය.
නමුත් වසර 74ක් පුරා රට තල්ලූ වී ඇත්තේ මහා ප‍්‍රපාතයකයට.
කරුණු කෙසේ වෙතත් අද රටට අවශ්‍යව ඇත්තේ කඩිනම් වැඩසටහන්ය. සෘජු ප‍්‍රතිචාර සංවර්ධනයට දිසාගත වන පුරෝගාමී මෙහෙවරයන්.
එමෙන්ම තිබෙන සම්පත් ආශි‍්‍රත කරගෙන අඩු පිරිවැයකින් සාර්ථක ව්‍යාපෘති දියත් කිරීමේ ක‍්‍රමවේදයන් අද අත්‍යවශ්‍යම කාලීන උත්සාහයන් රාජ්‍ය අංශයේ ප‍්‍රධානීන් යොමු විය යුතු අවස්ථාවක අප පසුවේ.
ඒ සඳහා ජනමාධ්‍ය අමාත්‍යංශය යටතේ ඇති රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව රාජ්‍ය අංශයේ පාර්ශ්වයන්ට සිය දෙනෙත්වලින් බලා අසා, සිය රාජකාරිය සඳහා ආත්මගත වන ආකාරයට යම් කි‍්‍රයාමාර්ගයක් මේ වන විට ගෙන ඇත.
රාජ්‍ය අංශයේ වගකීම් යුතුකම් සෝදාපාලූ වන පරිසරයක රජයේ නිලධාරියෙකුට ලැබෙන අසමතුළිත රාජකාරි හමුවේ දැනුම, අදෘශ්‍යමාන තොරතුරු විවේක බුද්ධියෙන් අධ්‍යයනය කර ගැනීමට නිලධාරින් යොමු කරන කි‍්‍රයාදාමයක්.
එය සාමුහිකත්වය කේන්ද්‍රගත කරගෙන කුතුහලය විචිත‍්‍ර ලෙස පැය දෙකහාමරකට සමෝදානය කරන්නක්.
රජයේ කිසියම් වැඩමුළු කි‍්‍රයාත්මක කිරීමේදී ඊට සහභාගිත්වයේ ඌනතාවය ඇති නොකරන පුළුල් ආකර්ෂණීය පෙළඹවීමක් ඇති කරන සුලූ කි‍්‍රයාදාමයක්.
අදාළ වැඩසටහන ආරම්භයේදී සාකච්ඡුාමය සංවාදයක් ද අවසානයේදී නැවතත් රාජ්‍ය නිලධාරි පාර්ශ්වයේ
ඥානයේ ඥාන මණ්ඩලයක් සඳහා මනස හුරු කරවන කි‍්‍රයාදාමයක්.
රූපය කෝණය ජවනිකාව හා මානව සම්බන්ධතාවල සමාජ සංකතනය වැඩසටහනේ අන්තර්ගතයයි.

අදාළ කි‍්‍රයාදාමයේ පුරෝගාමියා රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂක ආචාර්ය හර්ෂ බී අබේකෝන් මහතාය.
ඒ මහතාගේ අදාළ අංශවල සේවක සේවිකාවන්ගේ සේවය මනාව කාර්යක්ෂමව ලබාගැනීමට ද අබේකෝන් මහතා සමත්ව ඇති බව ලියුම්කරුට මෙහිදී දැක බලාගැනීමට හැකි විය.
රාජකාරිමය නොව පොදු සේවය යන සංකල්පය මත අදාළ අංශයේ නිලධාරි නිලධාරිනියන් කළමනාකරණය කිරීම අබේකෝන් මහතාගේ දක්ෂකම විය හැක.
කළමනාකරණය යනු සීමිත සම්පත් උපරිම ලෙස ඵලදායි ලෙස කළනාකරණය කිරීමය.
ජනමාධ්‍ය අමාත්‍යංශය යටතේ ඇති ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව රාජ්‍ය අංශය සඳහා සමෝදානත්මක වැඩපිළිවෙලක් මේ වන විට කි‍්‍රයාත්මක කිරීම අගය කළ යුත්තක්.
දෙපාර්තමේන්තුවේ ශ‍්‍රවනාගාරය ඒ සඳහා යොදාගෙන තිබේ.
ඉන් පැහැදිලි වන්නේ තිබෙන සම්පත් උපරිම ලෙස ප‍්‍රයෝජන ගැනීමක්.
ඒ සඳහා ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ඉලක්ක කර ගෙන ඇත්තේ පොලිසිය ඇතුළු ති‍්‍රවිධ හමුදාවයි.
ඉන් ප‍්‍රමුඛත්වය හා දෙපාර්තමේන්තුව සමඟ අත්වැල් බැඳගෙන ඇත්තේ ශී‍්‍ර ලංකා පොලිසියේ පොලිස් මාධ්‍යය කොට්ඨාශයයි.
අත්හදා බැලීමේ පියවර සඳහා මාසිකව කි‍්‍රයාත්මක වේ.
මේ නිසා අදාළ හමුදා අංශවලට මොළය පහදා ගැනීමේ අවකාශය ලැබී තිබේ.
වර්ථමාන විරෝධතා සුළං හමන අතට පියාසර කළමනාකරණ ගුණය වර්ධනය කරන සුළුයි. ඇස්වලින් තේරුම් ගැනීමේ හැකියාව ලැබී තිබේ.
දෙසවන්වලින් අසා මධ්‍යස්ථ සත්‍ය සංකලනය කරගත හැකියි.
යම් ආරක්ෂක කණිෂ්ඨ නිලධාරියෙකුගේ සිට ඉහළම නිලධාරියා දක්වා සමාජ වස්තු බීජ දෙබස්වලින් සවන්
දීමේ ගුණය වර්ධනය කරන සුලූයි.
හදවතින් කතා වස්තුව දැක බලා ඇහුම්කන් දීමේ සංවේදී ගුණය නිසා සහකම්පනික කුසලතාවය මතු කරන සුළුයි.
ශී‍්‍ර ලංකාවේ ආරක්ෂක අංශ මේ වන විට සංකීර්ණ සමාජ අර්බුද හමුවේ විවෘත සමාජයේ ප‍්‍රධාන නගර මාවත් හා ප‍්‍රසිද්ධ ස්ථානවලදී මහජන කි‍්‍රයාකාර විරෝධතාවලදී පෙළඹවීම් ඇති කරන සුළුයි.
එය රාජ්‍ය අංශයේ හෝ විරුද්ධ දේශපාලන අංශවලින් විය හැකියි.
පාලන බලපෑම ප‍්‍රචණ්ඩත්වය හා ත‍්‍රාසය ඇති කරන සුලූ විවිධ පෙළඹුම් හමුවේ රූපය, කෝණය, සමාජ සංකතනය, සමාජ ආචාර ධර්ම පද්ධතිය හරියාත්මක ආරක්ෂක අංශ සුරකීමේ වගකීම පිළිබඳ ශික්ෂණයක් ඇති කරන සුළු අභියෝගයකට අධ්‍යතන ශී‍්‍ර ලංකා පොලිසිය, ති‍්‍රවිධ හමුදාව මුහුණ දී සිටිති.
ඒ සඳහා අවශ්‍ය විචාර විකල්ප අවධානය යොමු කරන සංකල්ප ඇතුළත් සිනමා කෘතීන් තෝරාගෙන ආරක්ෂක අංශවලට විනෝදාස්වාදය ලබාදෙන සමාජ සාක්ෂරතාවයක් ඉලක්ක කිරීම දෙපාර්තමේන්තුවේ අපේක්ෂාව විය හැකියි.
සිනමා ආකෘතියක් හා ආකෘතිය විසින් සමෝදානය කරන අන්තර්ගතයක් 2022.11.18 වන දින ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ශ‍්‍රවනාගාරය තුළ දී ප‍්‍රදර්ශනය කළ තලාෂ් චිත‍්‍රපටය : ඕඔ්ක්්ිය* චිත‍්‍රපටය තුළින් දැක ගත හැකි විය.
එමෙන්ම සිනමා ආකෘතියේ අන්තර්ගතය තුළ ඇති විවිධ මිත්‍ය මතවාද ඔසවා තැබීම පිළිබඳව පසුව වෙනම සාකච්ඡුා කළ යුතු කරුණක්.
මිත්‍යාව විශ්වාස නොකරන පොලිස් නිලධාරියාත් චිත‍්‍රපටය අවසානයේ දී මිත්‍යා අන්තර්ගත ආකෘතිය විශ්වාස කරන තත්ත්වයට චිත‍්‍රපටයේ අධ්‍යක්ෂවරයා සිය නිර්මාණය කර තිබෙනවා.

සිනමා කෘතියේ ප‍්‍රධාන චරිතය අදාළ පොලිස් ස්ථානයේ ප‍්‍රධානියා වේ.
උත්තමපුරුෂ දෘෂ්ටි කෝණයෙන් පොලිස් චරිතය ගොඩනගා තිබෙන අධ්‍යක්ෂකවරයා ප‍්‍රසිද්ධ රූපසපුවෙන් අගතැන් ගණිකාවක් ඉදිරියේ අදාළ පොලිස් නිලධාරියා විතැන් කර තිබේ.
කතාවස්තුව ආරම්භ වන්නේ ඉන්දියේ මුහුදු වෙරළක් අභියස උඩුබුරලන සුනඛයෙකුගේ දර්ශනයක් තුළින්ය.
චිත‍්‍රපටය පුරා අදෘෂ්‍යමාන අවතාරයක සංකේතයක් බඳු එම රූපරාමුවෙන් අධ්‍යක්ෂකවරයා කිසියම් නිහඬ පණිවුඩයක් පේ‍්‍රක්ෂකයාට ලබාදෙයි.
කාලය මධ්‍යම රාති‍්‍රයේ හෝ අළුයමට ආසන්න වේලාවක් විය හැකිය.
නන්නත්තාර වූ කාන්තාවක් හෝ තවත් කීපදෙනෙකු වෙරළක් අසබඩ පරිසරයක් තුළින් දැඩි නිහඬතාවය බිඳ දමමින් සුනඛයාගේ උඩුබිරුම සිදුවේ.
ඒ අතර ප‍්‍රධාන මාර්ගයේ පුෂ් බයිසිකලයක් පැදගෙන එන පුද්ගලයෙකුගේ දැර්ශනයක් ඈතින් පෙනේ.
මේ සමඟම ඉතාම වේගයෙන් හා පාලන කරගත නොහැකි ආකාරයට ශීඝ‍්‍රගාමී මෝටර් රථයක දර්ශනය
තුළින් සියල්ලකගේ සන්සුන් බව නැති කරයි. චිත‍්‍රපටයේ ගුප්ත බව ඇරඹෙන්නේ ඉන් පසුවය.
ඉන් පසුව මාරාන්තික අනතුරක් හරහා හඹා යන පොලිස් නිලධාරියාගේ භූමිකාව දිගහැරෙයි. වේගයෙන් හඹා එන මෝටර් රථයේ සිටින්නේ එක් පුද්ගලයෙකු පමණි.
මුහුදට හෝ සුවිශාල ගඟක් ආශ‍්‍රිත ජලාශයට අදාළ රථය තල්ලූ වන්නේ පාලනය කළ නොහැකි තත්ත්වයක්
තුළ බව පේ‍්‍රක්ෂකයාට අවබෝධ වේ.
සිනමා ආකෘතියේ අවධිමත් භාවය පිළිබඳ ගැටලූ මතු කළත් එය පේ‍්‍රක්ෂකයාගේ මනසට ප‍්‍රශ්න මතු නොකරයි.
හේතුව සිනමා ආකෘතිය පේ‍්‍රක්ෂකයාට වැළඳගත හැකි ආකාරයට සිනමා අධ්‍යක්ෂකවරයා සිය ආකෘතිය නිර්මාණය කර තිබෙන නිසයි.
මුල මැද හා අග යන ති‍්‍රවිධ අවස්ථා කුතුහලයෙන් පේ‍්‍රක්ෂකයාට බලා සිටීමට අධ්‍යක්ෂකවරයා සිය නිර්මාණය දිගහැර තිබෙනවා.
සිනමාවේ දිගහැරෙන සිදුවීම් මාලාව තුළ සියුම් තර්ක මතුවන අවස්ථා නැතුවාම නොවේ. හදිසි අනතුර නිමිත්ත මගින් චිත‍්‍රපටයේ රචකයා සිදුවීම් මාලාවක් ඉලක්ක කර ඇත.
සිද්ධි ගලනය මගින් ආකෘතිය නිර්මාණය කිරීමට අධ්‍යක්ෂකවරයා සමත් වී තිබෙනවා.
පොලිස් නිලධාරියාගේ පරීක්ෂණ හමුවේ අන්‍යෝන්‍ය බැඳීම්වල සමීපත්වය අවතාරයක් සමඟ මුසු කිරීම සමස්ථ නිර්මාණයේ හරය බවට අධ්‍යක්ෂකවරයා පත්කර තිබෙනවා.
ඒ අතර පොලිස් නිලධාරියාගේ කසාද බිරිඳ ගෘහනියක් හා සිය දරුවා අහිමිවීම පිළිබඳව කියවීම සිනමා කෘතියේ එක් අන්තර්ගත ආකෘතියක්.
පොලිස් නිලධාරියාද සිය දරුවා නැතිවූයේ තමන්ගේ වරදන් බව යම් පසුතැවීමක පසුවෙයි.
ඉන්දියාවේ කවර සංස්කෘතික බීජයක් වුවද ලංකාවට හමා එන ස්වභාවික නැඹුරුවකට ලංකා සමාජය හින්දු, තෙලිඟු, දෙමළ ආදී චිත‍්‍රපටවලින් ගොදුරු වී තිබේ.
භූගෝලීය සංස්කෘතික සමානතාවයන් ආරම්භ වූයේ විජය ඇතුළු පිරිසකගේ පැමිණීමේ ප‍්‍රාග් දිගු ඉතිහාසය දක්වා දිව යන කරුණක්.
ඉන්දියානු පවුල් කුටුම්භය තුළ පැන නගින මානසික ගැටලූව අදාළ පොලිස් නිලධාරියාගේ පවුලේ පසුබිම
තුළ ද වර්ධනය වන සුලූ ආකාරය චිත‍්‍රපටය තුළින් මනාව ප‍්‍රදර්ශනය කරයි.
පොලිස් නිලධාරියෙකුට සිය පවුලේ බිරිඳගේ සැබෑ ගැටලූව කවරක් දැයි හඳුනාගැනීමට නොහැකි වීම

පිළිබඳව දිගින් දිගටම රූප අධ්‍යක්ෂකවරයා රාමු කර පෙළ ගස්වා තිබෙනවා.
එය රාජකාරිය කරන පොලිස් නිලධාරියාගේ සමීපතමයා දක්වා තත්ත්වය බරපතලයි.
එහිදී බිරිඳගේ ආගමික විශ්වාසයන් දුර්මතයන් හා පොලිස් නිලධාරියෙකුට සහජයෙන් වර්ධනය වන ආත්මාර්ථකාමී සිවිල් බලය නිවසක් ඇතුළත හා ප‍්‍රධාන මාර්ගයක් දක්වා දෙපාර්ශ්වයේ ගැටුම උග‍්‍ර කර
තිබෙනවා.
පොලිස් නිලධාරියෙකුගේ රාජකාරිමය වගකීම හමුවේ ලබන පීඩනය බිරිඳගේ අත්තනෝමතික හැසිරීම සොයා යන අසල් වැසි නිවසේදී පොලිස් කාරයකු සිය ප‍්‍රකාශනයන් තුළින් අදාළ ආගමික නැඹුරුවකට බිරිඳව ගොදුරු කර ගැනීම පිළිබඳව පොලිස් තර්ජනය සියල්ලක් තුළින් අධ්‍යක්ෂකවරයා පේ‍්‍රක්ෂකයාට කියන්නේ කුමක්ද?
සිවිල් ජනතාවගේ අයිතිවාසිකම් රැුකීම සඳහා රාජකාරිමය බැඳීමක ඉන්නා සාම නිලධාරියකු බිරිඳගේ ස්වාධීන පරම අයිතිවාසිකම් උල්ලංඝනය කරන පරිසයක ඔහුට හොඳ පොලිස් නිලධාරියෙකු විය හැකිද? යන ප‍්‍රශ්නය එක් පැත්තකින් මතු කරනවා.
ස්වාමියාගේ වහලියක් වීමට තවදුරටත් නොකරන බව ඇයගේ ප‍්‍රකාශනයන් තුළින් අධ්‍යක්ෂකවරයාගේ ගම්‍ය කිරීම තවත් පැත්තක්.
හදිසි අනතුර, මිනීමැරුම්, ස්තී‍්‍ර ¥ෂණ, සොරකම්, වංචා, කූඨ ලේඛන හා හොර නෝට්ටු සැකසීම බලගතු අපරාධයේ සිට සුලූ වැරදි දැක්වා මූලික පරීක්ෂණ පැවැත්වීමේ වගකීම ඇත්තේ පොලිසියටයි.
මනුෂ්‍ය ශරීර හා ජීවිතය පිළිබඳ සහ දේපළ හානි කිරීම, තර්ජනය ඊට අදාළ වෙනත් අතුරු වැරදිවලට අදාළව මූලික පරීක්ෂණ ප‍්‍රවේශය පොලිසියයි.
ලෝකයේ කොයි රටක වුවත් පොලිසියේ වගකීම කාර්යභාරය එසේ වූවත් වර්තමාන ශී‍්‍ර ලංකාවේ පොලිසියේ කාලීන වගකීම හා රාජකාරිය යම් කඩඉමකට තල්ලූ වී තිබේ.
නීතිවිරෝධී රැුස්වීම්, කලහය, කැරලිගැසීම්, ආර්ථික හා සමාජ අර්බුද හමුවේ දේශපාලන විවිධ අරමුණු සඳහා යැපෙන සමාජ සංස්කෘතියක් මෑතක සිට ශී‍්‍ර ලංකාව තුළ දිගු වෙමින් තිබේ.
රජය මෙය සලකන්නේ මහජන සාමයට තර්ජනයක් ලෙසය.
මෙවැනි පසුබිමක් හමුවේ පොදු ප‍්‍රජාවට අවහිර බාධා ඇතිකරන විරෝධතා පාලනය කිරීමට වැඩි වගකීමක් රජය පොලිසියට පවරා තිබේ.
කාලීන අවශ්‍යතා මත ති‍්‍රවිධ හමුදාව කැඳවීමද විටින් විට සිදු වෙමින් තිබේ.
පොලිසිය හෝ ති‍්‍රවිධ හමුදාවේ හැසිරීම හා භාවිතය අනුව පොදු මහජන යුක්ති ධර්මය සංකේතවත් වන්නේ එවැනි අවස්ථා වලදීය.
ලංකාවේ ඇතැම් ජනමාධ්‍ය දේශපාලන පක්ෂ පාක්ෂිකත්වය අනුව අර්ථකතනය කරති.
නීතියේ මූලධර්ම රැුකීමත් මානසික පොදු සමජ අයිතිය තර්කානුකූලව දැකීමත් පොලිසියට හා ති‍්‍රවිධ හමුදාවට අද දවසේ ඇති අභියෝගාත්මක තත්ත්වයක්.
අවිචාරය පිටු දැකීමටත් පෞද්ගලික රුචිකත්වය හා ආවේගයන් පාලනය කර ගැනීමට පොලිසියට හා ති‍්‍රවිධ හමුදාවට මේ චිත‍්‍රපටය තුළින් ලබාදෙන සමස්ථ පණිවුඩයයි.
ලිව්වේ
සුමිත් කොඩිතුවක්කු

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න