ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්තා අභිබවා ලාංකික සමාජයේ ආර්ථික දත්ත විවිධ අංශ වලින් නිකුත් වෙමින් තිබේ.

ඊට ප්‍රධාන හේතුව වී ඇත්තේ මහ බැංකුව නිකුත් කරන ආර්ථික දත්ත ඇතැම් වාර්තා විශ්වාසනීයත්වයෙන් තොර බවට ලාංකික සමාජය තුළ ඇති වී තිබෙන අවිශ්වාසය යි.

මේ නිසා සමාජයේ විවිධ පාර්ශවවලින් ද්විතියික දත්ත පදනම් කරගත් සමීක්ෂණ රට තුළ සිදු වෙමින් තිබේ.

ලාංකික සමස්ථ බදු වලින් 70% භාණ්ඩ හා සේවා මත පනවන ලද බදු වේ.

රට මුහුණ දී තිබෙන ආර්ථික උද්ධමනකාරී තත්වයෙහි ප්‍රධාන පසුබිම වක්‍ර බදු බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යානය අධ්‍යයන අංශයේ කණ්ඩායම සමීක්ෂණයක  දී හෙළි වී තිබේ.

අදාළ සමීක්ෂණයට අනුව රටේ සාමාන්‍ය පවුලක මාසික බදු බර රුපියල් 28000 කි.

දරිද්‍රතාවයේ උපරිම සීමාව තුළ සිටින පවුලක මාසික බදු බර රුපියල් 14000 කි.

දිළිඳුම පවුල් සඳහා රුපියල් 4500 ක මාසිකව සමෘද්ධිය ලැබුණ ද රජයේ බදු බර එම පවුල්වලටත් රුපියල් 6675 ක් නැවතත් බැර වී තිබේ .

  • සුමිත් කොඩිතුවක්කු-

ප්රතිචාරයක් දක්වන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න