ලාංකික ජනතාවගේ සෞඛ්‍යයට අහිතකර විෂ පොල්තෙල් බෙදා හැරීම දිවයින පුරා සිදු වේ . ඒ සදහා රජය දීර්ඝකාලීන හෝ කඩිනම් වැඩපිළිවෙළක් දියත් කර නැතැයි , පාරම්පරික සමස්ත ලංකා පොල් තෙල් ව්‍යාපාරිකයින්ගේ සංගමය පැවසීය.
ලංකාවේ පොල් නිෂ්පාදන ආශ්රිත කර්මාන්තය පිළිබඳව සමස්ත ලංකා පොල් තෙල් ව්‍යාපාරිකයින්ගේ සංගමයේ සභාපති රාජ්‍ය ආයතන ගණනාවකට ම දොස් පවරයි.
ආනයනික තෙල් වර්ග සහ දේශීය පොල්තෙල් වර්ග සදහා නව ප්‍රමීතීන් සහ පරීක්ෂණයන් සමාලෝචනය නොවීමේ තත්වය මත විෂ ආනයනික පොල් තෙල් ජනතාවට බෙදා හරිමින් සිටින බව බුද්ධික ද සිල්වා මහතා වැඩිදුරටත් පැවසීය .
මේ බව තහවුරු වූයේ අද ( සැප්තැම්බර් 27 ) කොළඹ මහජන පුස්තකාලයේ පැවති ප්රවෘත්ති සාකච්ඡාවක දී ය.
මේ නිසා නව ප්රමිතීන් හඳුන්වා දීමේ අවශ්‍යතාවය වැඩිදුරටත් ඒ මහතා පෙන්වා දෙමින් ප්‍රමිති කාර්යඅංශය, සෞඛ්‍ය අමාත්‍යාංශයේ කාර්යඅංශය, රේගුව , පාරිභෝගික අධිකාරිය , දේශීය පොල් කර්මාන්තකරුවන් සහ මව්බිම ලංකා පදනම වැනි කර්මාන්තකරුවන් නිසා පාරිභෝගිකයින් නියෝජනය කරන සංවිධානයක සහභාගිත්වය සහිතව ජාතික කමිටුවක අවශ්‍යතාවය නිර්දේශ කිරීම සඳහා යම් වැඩපිළිවෙලක් රජය ගතයුතු බව වැඩිදුරටත් ඒ මහතා පැවසීය.
කඩා වැටී ඇති දේශීය පොල් කර්මාන්ත පද්ධතිය නැවත නඟා සිටුවීම සඳහා ණය ආපසු ගෙවීම පිළිබඳව සහන පැකේජයක් හඳුන්වා දීම සහ බැංකු මඟින් දේපල වෙන්දේසි කිරීම අත්හිටුවීම රජය වහාම ක්‍රියා කළ යුතු බව වැඩිදුරටත් ඒ මහතා පැවසීය .
එහි දී තවදුරටත් සමස්ත ලංකා පාරම්පරික පොල් තෙල් නිෂ්පාදකයින්ගේ සංගමය රජය පහත සඳහන් ක්‍රියාමාර්ග වහාම ගත යුතු බව අවධාරණය කරයි .
පොල් ගෙඩි ලංකාවෙන් පිටරට යැවීම නතර කිරීම ,පොල් තෙල් ගෙන්වීම නතර කිරීම , පොල් කර්මාන්තය ආශ්රිත නිෂ්පාදන ප්‍රවර්ධනය වෙනුවෙන් ගුණාත්මක භාවය සුරැකීම , ප්‍රමිති නියාමනය කිරීම , කර්මාන්තයට තාක්ෂණය එකතු කිරීමට සහාය ලබා දීම , පොල් වගාව ප්‍රවර්ධනය කිරීම , අස්වැන්න වැඩි කරන සර්ව වගා ක්‍රම හඳුන්වා දීම , ගුණත්වයෙන් අඩු සියලු නිෂ්පාදන තහනම් කිරීම , කර්මාන්ත ප්‍රවර්ධන ආශ්රිත බැංකු ණය පහසුකම් තවදුරටත් ශක්තිමත් කිරීම වහාම රජය ගතයුතු පියවර බව අදාළ සමස්ත ලංකා පාරම්පරික පොල් නිෂ්පාදකයින්ගේ සංගමය පෙන්වා දෙයි .
මේ පිළිබඳව අදාළ ප්රවෘත්ති සාකච්ඡාව පිළිබද තොරතුරු පසුව ඉදිරිපත් කරන අතර ඒ පිළිබඳ අදාළ අංශවල විස්තර විමසීම තුළින් පොල් කර්මාන්තයට අදාළව තිබෙන ගැටලු පිළිබඳව තවදුරටත් හෙළිදරවු කිරීමට PFP News බලාපොරොත්තු වේ.
- සුමිත් කොඩිතුවක්කු –