රාජ්‍ය දුරාචාරය ව්‍යාප්ත කරමින් ගෝඨාභය-රනිල් රජය කැසිනෝ දුරාචාර ව්‍යාපාරික ධම්මික පෙරේරා ආණ්ඩුවට එක් කර ගනී.

ශ්‍රී ලංකාවේ වර්තමාන ප්‍රධාන හා ප්‍රමුඛ කැසිනෝ ව්‍යාපාරිකයා ධම්මික පෙරේරා වේ.

පසුගිය මාස 6 ක කාලයක් තුළ කැසිනෝ බදු ගෙවීම පැහැර හැර ඇති බදු මුදල් ප්‍රමාණය රුපියල් බිලියන 515.15 කි.

බදු නීතියේ ඇති ලිහිල් තැන් මගහරිමින් ගෙවීම් පැහර හැර ඇති ධම්මික පෙරේරා වැනි දුරාචාර ව්‍යාපාරිකයකු පාර්ලිමේන්තුවට පත් කර ගැනීමට ගෝඨාභය-රනිල් රජය පියවර ගැනීම ආණ්ඩුවේ පාතාල ලැදියාව මනාව ප්‍රදර්ශනය කිරීමකි.

සාමාන්‍ය ව්‍යාපාරික ප්‍රජාව බදු ගෙවීම පැහැර හැරි අවස්ථාවල දී නඩු පවරන දේශීය ආදායම් දෙපාර්තමේන්තුව කැසිනෝ ධම්මික හා මරිනා කැසිනෝ ශාලාව පවත්වගෙන යන රවී විජේරත්න අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම ඉතා මන්දගාමී තත්වයක පසුවේ.

ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය ධම්මිකගේ කැසිනෝ දුරාචාර මාෆියාව පිළිබඳව සඳහන් නොකර ඉවත් වූ සමාගම් පිළිබඳ විස්තර පමණක් ප්‍රචාරය  කිරීම සිදු කරයි.

ඔහුගේ ප්‍රතිරූපය නැංවීම සඳහා දුරාචාර කැසිනෝ මාෆියාව පිළිබඳ විස්තර හෙළි නොකරන්නේ ලංකාවේ ශ්‍රව්‍ය දෘෂ්‍ය මාධ්‍යවල ඇති දුරාචාරය නිසාය.

සදාචාරය හා දුරාචාරය නිර්වචනය කර ගැනීමට අසමත් ජනමාධ්‍ය, දේශපාලකයන්, ආගමික පූජ්‍ය පක්ෂ නිහඬ පිළිවෙතක් අනුගමනය කරති. නීති විරෝධී බලවේග සමග අත්වැල් බැඳගෙන පාතාලයේ මැර කණ්ඩායම් සුරතල් කිරීම ආණ්ඩුවේ ප්‍රතිපත්තිය බව සූදු ව්‍යාපාරික කැසිනෝ ධම්මික ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයකු බවට පත් කිරීමෙන් රජය ජනතාවට වඩාත් තහවුරු කර ඇත.

කිසියම් දේශපාලන පක්ෂයක පුරප්පාඩු වූ අවස්ථාවල දී පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තරග කොට ලැයිස්තුවේ ඊළඟට නම සඳහන් අපේක්ෂකයා ඊළඟ මන්ත්‍රීවරයා වන්නේ නීතියේ හෝ වෙනත් ලිඛිත නීතියක් මගින් ය.

මැතිවරණයට තරග කිරීමට පෙර අදාළ පක්ෂයේ ජාතික ලැයිස්තුවේ නාම ලේඛනයට අනුව යම් අයකුගේ නම ඇතුළත්ව ඇත්නම් ඒ සඳහා ද අවකාශ ඇත.

මේ දෙඅංශයෙන් ම ධම්මික පෙරේරා ගේ නම පොහොට්ටු පක්ෂය මැතිවරණ කොමිෂන් සභාව හමුවේ ඉදිරිපත් කර නැත.

එවැනි පසුබිමක පැය 24 ක් ඉකුත්වීමට පෙර මැතිවරණ කාර්යාලය අදාළ දැනුම් දීම පාර්ලිමේන්තුවට කර ඇත. ඒ නිසා කොමිෂන් සභාවේ සභාපතිවරයාගෙන් පහත සඳහන් ප්‍රශ්න ඇසීමට සිදුවී තිබේ.

1. නීති බලාත්මක කිරීම හා සුරක්ෂිත කිරීම මැතිවරණ කොමිෂන් සභාවේ වගකීම නම් කැසිනෝ ධම්මික පොහොට්ටුවේ මන්ත්‍රීවරයකු වශයෙන් පත් කිරීම නීතියට එකඟද?

2. ජනතා පරමාධිපත්‍ය සුරක්ෂිත කිරීමට මැතිවරණ කොමිෂන් සභාවට ඇති සුවිශාල වගකීම පැහැර හැරීමක් ඉන් සිදු නොවන්නේද?

3. අණපනත් හා නීති රීති සියල්ල රටේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීම පිණිස සිටින මුර දේවතා ආයතනයක් වන ඔබ මැතිවරණ කොමිෂන් සභාව නීතියට එකඟ නොවන කාරණාවල දී සරල ප්‍රතිපත්තියක් ලෙස ක්‍රියා කිරීම හා සැලකීම සදාචාරාත්මක ද යන්න ඔබ කොමිසම ම විමසා බැලි යුතු ගැටලුවක් නොවේද?

4. රටේ සමස්ත සමාජ ආර්ථික ක්‍රියාවලියට බලපෑම් කරන මැතිවරණ කොමිෂන් සභාවේ පත් කිරීම රටේ අගතියට සාධක නොවන්නේද ?

5. ඉන් කොමිෂන් සභාවේ අවංක බව පිළිබඳව ජනතාව තුළ ප්‍රශ්න මතු නොවන්නේද?

6. කොමිෂන් සභාවේ විනිවද භාවය පිළිබඳ ගැටලු මතු නොකරන්නේද?

7. කිසිවක් නොසඟවා කථා කරන බවට ඔබ සභාව විටින් විට  ප්‍රකාශ කළත් කැසිනෝ ධම්මික පෙරේරාගේ මන්ත්‍රී ධූරය පිළිගැනීම පිළිබඳ විවෘතභාවයකින් කථා නොකරන්නේ ඇයි ?

8. රටේ ආර්ථික අර්බුදයක් පවතින මේ අවස්ථාවේ ඔබ සභාවට යම් කැපවීමක් නැතිද?

9. වගකීමට ඇති බැඳීම, වගවීම, අපක්ෂපාතීභාවය ධම්මික පෙරේරා දුරාචාර කැසිනෝ ව්‍යාපාරිකයා ගේ මන්ත්‍රී ධූරය කොමිෂන් සභාව පිළි ගැනීම තුළ ගැටලු ගණනාවක් ඇති කර නැතිද?

10. මේ සඳහා ජනතාවට යම් අවබෝධයක් ලබා දීම කොමිෂන් සභාවේ යුතුකම නොවේද?

11. බුද්ධිමත් ජනතා නියෝජිතයින් පත් කිරීම සඳහා ඇතැම් අවස්ථාවල දී උත්තේජනය ලබා දෙන ඔබ කොමිෂම දුරාචාර කැසිනෝ ව්‍යාපාරිකයකු ඉහළින් පිළිගැනීම ජනතාව ගේ විශ්වසනීයත්වය ඉච්ඡාඝ්‍භංගත්වයට තල්ලු කිරීමක් නොවේද?

12. මේ සඳහා යොමු වූ  පොහොට්ටු පක්ෂයේ නායකයන්ට අවබෝධ ඇති කරලීම සඳහා ගත් පියවර කෙබඳුද?

13. සුදුසුකම් ඇති නියෝජිතයින් පාර්ලිමේන්තුවට පත් කිරීම සඳහා දේශපාලන පක්ෂවලට පූර්ව අවබෝධයක් ලබා දීමේ වැඩපිළිවෙළක් කොමිසම සතු නැතිද?

14. මේ නිසා අතරමංව ඇත්තේ සාමාන්‍ය ඡන්ද දායකයන් නොවේද?

15. වසර 74 ක් පුරා ශ්‍රී ලංකාව පාලනයට හවුල් වූ නායකත්වය ලබා දුන් සෑම දෙනාම පවුල් පාලන ධූරාවලියක් තුළින් රට තුළ ඇති කළ ආර්ථික හානිය වර්තමාන අගතියේ මාවත නොවේද?

16. ඡන්දය පාවිච්චි කිරීමේ දී ප්‍රජාව මෙතෙක් අනුගමනය කළේ සිය සාමාන්‍ය බුද්ධියට තමන් ම නිගා දී ගැනීම් චර්යාවක් නොවේද?

17. මේ සඳහා ප්‍රජාතන්ත්‍රවාදයේ වටිනාකම පැහැදිලි කරන පුරවැසියන් බලගැන්විය යුතු දිවයින පුරා ක්‍රියාත්මක වැඩපිළිවෙළ කවරේද?

18. මේ තත්වය හමුවේ මහජනතාව ඡන්දය ලබා දීමෙන් බලාපොරොත්තු වන්නේ මඟුල් අවමඟුල් හා ප්‍රජාවගේ සුළු භෞතික අවශ්‍යතා සඳහා පෙනී සිටින සිල්ලර කටයුතු නොවේද?

19. මේ පසුබිම රාජ්‍ය දුරාචාරයේ විශේෂ ලක්ෂණ දිගු වීමට ගත වූ වසර 74 පුරා දක්නට නොලැබේද?

20. ආණ්ඩුවේ දුරාචාර ලක්ෂණ පූර්ව විවේචනයට ලක් කරන ශක්තිමත් වැඩපිළිවෙලක් සඳහා කොමිසම  ක්‍රියා කළ යුතු නොවේද?

21. අසීමිත බදු බර නිසා විවිධ පැතිවලින් ආර්ථික අර්බුද උද්ගත වන්නේ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයේ මෙවැනි අංශභාග රෝග පැති නිසා නොවේද?

22. කැසිනෝ ව්‍යාපාරය දැන් ගෙන යන්නේ සිය සහෝදරයා බව කියන ධම්මික පෙරේරාගේ ජනමාධ්‍ය ප්‍රකාශ ඔබ කොමිසම ඉහළින් පිළිගෙන තිබේද?

23. ධම්මික පෙරේරා කැසිනෝ ව්‍යාපාරය සහෝදර කුලප්පු ආරච්චිගේ දොන් අනුරාධ පෙරේරාට බැර කර තිබේ. මේ මන්ත්‍රී ධූරය ධම්මික පෙරේරාට ලබා දීම පිළිබඳ මහා පරිමාණයේ අත යට ගනුදෙනු පිළිබඳ සමාජයේ කතා බහට ලක් වී තිබෙනවා නොවේද?

24. සිය දුරාචාර ව්‍යාපාර ලේබලයෙන් ගැලවීමට අසීමිත මුදල් ගෙවා පාර්ලිමේන්තු යාම දුරාචාර ලේබලයෙන් ධම්මික පෙරේරා ගෙන ඇති කූඨ උපක්‍රමයකි. මෙවැනි උදාහරණ ඉදිරියට දමා ක්‍රියා කරන පුද්ගලයකු පාර්ලිමේන්තුවට ගිය පසු ඔහුගේ හැසිරීම හා භාවිතය, හොරකම හා කපටිකම රටට කෙසේ කාන්දු විය හැකිද?

25. මතක සමග ලට්ට ලොට්ට අතරට ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක, රත්නසිරි වික්‍රමනායක, පාර්ලිමේන්තුවට ගෙන ඒම සඳහා ගත් පියවර පූර්ව සාධකයක් වශයෙන් ධම්මික පෙරේරා සම්බන්ධයෙන් ද ඔබ කොමිසම සැලකුවාද?

මේ පිළිබඳව ගරු ශ්‍රේෂ්ඨාධිකරණය ට පුරවැසියන් තල්ලු කිරීමේ මාවතක් ජනමාධ්‍ය විසින් සංවර්ධනය කළ යුතු බව සමස්ත ජනමාධ්‍යම සැලකිය යුතු නොවේද? ඊට ඇකඩමික් තල්ලුවක් ඇති කිරීම කොමිසමේ වගකීම නොවේද?

  • සුමිත් කොඩිතුවක්කු

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න