මත්ද්‍රව්‍යය හා පාතාල ව්‍යාපාරික දෙමටගොඩ රුවන්ගේ පුත් හරහා නාරාහේන්පිට විහාරස්ථානයකට ලක්ෂ ගණනක් වටිනා වාහනයක් ලැබීම. මවගේ භාරකාරත්වයෙන් විහාරස්ථානයට ලබා දෙන දරුවා ඉල්ලා අධිකරණයට යන පියවරු.
“ධර්මයේ හැසිරෙන්නා ධර්මය විසින් රකී” ඒ ගෞතම බුදු වදනයි. නමුත් අද සිදු වී ඇත්තේ කුමක් ද? “ධර්මය කියන්නා රාජ්‍යය ආරක්ෂක සෙබඵන් රකිති.” මහජන දේපල රැකීම ආරක්ෂක අංශ වල වගකීමක් වුවද ආගමික ස්ථානවලට හා පෞද්ගලිකව භික්ෂූන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මහජන මුදල් වැය කල යුතුද? ආගමික පූජ්‍ය ආයතන ඇත්තේ මහජනතාවට නිදහසේ වන්දනාමාන කිරීමටය. ඇතැම් භික්ෂූන් වහන්සේලාගේ බුදු වදන අභිබවා චේතනාත්මක වංචා, දේපල හිමිකරගැනීම, පුරා විද්‍යා කැනීම්, අයුතු පාදඩ සම්බන්ධතා, බාල වයස් දරුවන් සම ලිංගික සබඳතා සඳහා හුරු කර ගැනීම, නිධාන සොයා විහාරස්ථානවල කැනීම් කිරීම, විහාරාධිපතිකම අයුතු ලෙෂ ලබාගැනීමට උත්සාහ දැරීම කරුණු අරභයා විවිධ අධිකරණවල නඩු පැවරී තිබේ. ලාංකික සමාජයේ වගකීම්, වගවීම් විය යුතු පොලිස් සමාජය හා භික්ෂු සමාජ සංස්ථාව පාදඩකරණය විය යුතුද? ශ්‍රී ලංකා පොලීසිය මහජන සාමය සුරකීම සඳහා සංස්ථානගත වී ඇති දෙපාර්තමේන්තුවක්. ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රේෂ්ඨ සද්ධර්මය ප්‍රජාව සඳහා කාන්දු කල යුතු සංඝ සමාජය ප්‍රජාවගේ හැඟීම් අවුස්සන බණ තුලින්ම තමන්ගේ සුඛෝපබෝගී යැපීම සඳහා ක්‍රියා කරන්නේ නම් සමාජය කල යුතු වන්නේ කුමක්ද? සාමාන්‍ය ප්‍රජාවගේ සාමාන්‍ය බුද්ධියට නිගාදෙන දුබලතා ප්‍රබල කරගෙන යැපෙන සංස්කෘතිය තුළ සංඝ සමාජයේ ඇත්තේ වගකීම්, වගවීම් ඉක්මවා යන සිවිල් සමාජයට වැයවීම් නොවේද? මහජන විවිධ පැමිණිලි පරීක්ෂාකිරීමේ හා සිය නිරීක්ෂණ ගරු අධිකරණය වෙත නිවැරදිව වාර්තා කිරීමේ වගකීමක් හෝ හැකියාවක් නැති තැන ඇත්තේ දියාරු රටාවක් නොවේද? පොලිසියේ පහළ සිට ඉහළ දක්වා සිදුකර තිබෙන අක්‍රමිකතා පොලිස්පතිට වාර්තා වීම ඊට හොඳ උදාහරණයක්. නියෝජ්‍ය පොලිස්පති, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී, පොලිස් අධිකාරී, සහකාර පොලිස් අධිකාරී, පොලිස් ස්ථානාධිපතිවරු, අපරාධ, රථවාහන, විශේෂ විමර්ශන, විවිධ පැමිණිලි අංශ ස්ථානාධිපතිවරු දක්වා විවිධ දූෂණ අක්‍රමිකතා ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවෙන් ලාංකික ජනතාවට සිදුවී තිබෙන අගතීන් වසර ගණනාවක සිට සිදුවන්නක්.

ඒ පිළිබඳව මුරපල්ලාගේ භූමිකාව වසර ගණනාවකට දිවයන්නක්. ඔබට මතක ඇති නියෝජ්‍යය පොලිස්පති කොටකදෙණිය මහතා ලාංකික මාධ්‍යවලින් දැවැන්ත ප්‍රතිරූපයක් ගොඩනගාගෙන අවලක්ෂණ ක්‍රියාවලින් සමන්විත කොටකදෙණිය මහතා පොලිස්පතිකම සඳහා ඉව අල්ලමින් සිටියදී මුරපල්ලා සිය භූමිකාව නිවැරදිව හෙළිකිරීම නිසා ඔහුට පොලිස්පතිකම අහිමි වුණා. මේ සඳහා වැඩි විස්තර දැන ගැනීමට කැමතිනම් “ශ්‍රී ලංකාවේ රාජ්‍ය දුරාචාරය” කෘතිය කියවන්න. පාතාල නායකයෙකු වූ නාවල නිහාල් ලාංකික ජේෂ්ඨ පුරවැසියන්ට මතක ඇති.ඔහුගේ මිනී මැරීම්, අපරාධ දූෂණ, පාතාල නායකත්වයට උඩගෙඩි දුන්නේ නාවල නිහාල්ගේ ඥාතියෙකු වන පොලිස් අධිකාරී බන්දුල වික්‍රමසිංහ. නාවල නිහාල් යනු අන්වර්ථ නාමයක්. සැබෑ නම නිහාල් වික්‍රමසිංහ. බලයේ සිටි දේශපාලඥයින්ට කඩේ ගිය බන්දුල වික්‍රමසිංහ පොලිස් දෙපාර්තමේන්තුවේ ප්‍රකට වූයේ ෂෝ ලෙසයි. කපටි ප්‍රදර්ශනාත්මක ක්‍රියාකාරකම් හමුවේ ජනමාධ්‍යයන් බන්දුල වික්‍රමසිංහ ෂෝ ගේ ක්‍රියාකාරකම් වලට ඉහළ ප්‍රචාරයක් එදා ලබාදුන්හ. ඌරාගේ මස් ඌරා උඩ තබා කැපීමේ න්‍යාය රාජකාරිය කරගත් පොලිස් අධිකාරී පසුව බන්දුල වික්‍රමසිංහ දෙමටගොඩ පිහිටි කොළඹ අපරාධ කොට්ඨාසයේ (CCD) ප්‍රධානියා බවට පත්වුණා. ඉන් පසුව දිගින් දිගටම පාතාල නායකයින් බොහෝ රාත්‍රී වලදී ඔහු සහ ඔහුගේ පොලිස් කණ්ඩායමෙන් මැරුම් කෑවා. මෙය සමාජ යහපතක්සේ බැල්මට පෙනුනේ තිරය පිටුපස තිබුණේ අභෝභන දර්ශනයකි. මේ මිනීමැරුම් ලාංකික ජනමාධ්‍යය සාධාරණය කලේ පුවත්පත් වල ප්‍රධාන සිරස්තලය ලබාදීමෙන්. නමුත් මේ පිළිබඳව ලාංකික ජනමාධ්‍යය පසුවිපරමක් කිරීමට එදා අසමත් වුණා. ඒ නිසා පොලින් දෙපාර්තමේන්තුව තුළ නීතිය කැලෑ වැදුණා. සොරබඩු පෙන්වීමට, ආයුධ සහ සැක තැන් බැලීමට සැකකරුවන් සමඟ යන පොලිස් නිලධාරීන් අනික් පාතාල නායකයින් මරුමුවට පත් වන ඉතිහාසය ආරම්භවන්නේ නිහාල් වික්‍රමසිංහ පාතාල නායකයාට සිය ඥාතියා වන පොලිස් අධිකාරී බන්දුල වික්‍රමසිංහගේ උපායශීලී අධම වංචාකාරී මෙහෙයුම් වල ප්‍රතිඵලයක් වශයෙන්.

මත්ද්‍රව්‍ය තොග අලෙවිකරුවාගේ සිට සිල්ලර බෙදාහරින්නා, විකුණුම්කරුවන් අතර නිරන්තර ගැටුම් ඇතිවන්නක්. ඔවුන් එකිනෙකා අතර කාලයක් මත සබඳතාවයක් තිබෙනවා. ඔහුනොවුන් අතරත් තරඟකාරීත්වය එකිනෙකාට එරෙහිව ගැටුම් ඇතිවන්නේ සුඛෝපබෝගී වාහන, රත්තරන්, සුපිරි නිවාස, ඉඩම් මිලදීගෙන තරවෙන විටයි. එකෙක් අභිබවා තව එකෙක් මුදුනා වන විට සීතල යුද්ධ ගිනියම් වෙනවා. අලුත්ම සිද්ධිය දෙමටගොඩ රුවන් ගෙන ඇති සුඛෝපබෝගී වාහන 4 ක් ඉලක්කකරගෙන රුපියල් කෝටි 20 ක් අරභයා නීති විරෝධී දේපොළ විමර්ශන කොට්ඨාශය සිදු කරන විමර්ශණය. ඉඩම් වෙනත් දේපල මිලියන 320 රුවන්ගේ සහෝදරයා හා බිරිඳ ඉපයීම ප්‍රකෝටි ගණනක් මත්ද්‍රව්‍ය වලින් උපයාගන්නා සුපිරි මත්ද්‍රව්‍යය වෙළඳුන්ට සංවර්ධනය වෙන්න අවස්ථාව පොලිසිය ලබා දීම මේ මගින් සනාථ නොවන්නේද? පොලිසියේ නිද්‍රාශීලීබව නොවේද? පොලිස් මත්ද්‍රව්‍යය නාශක කාර්යංශයේ සිට දූෂණ අපරාධ හා විවිධ මාදිලියේ ජඩකම් වැළැක්වීමට මහජන මුදලින් වැටුප් ලබන දෙපාර්තමේන්තු, කාර්යාංශ හා අංශ වල අකාර්යක්ෂමතාවය ප්‍රදර්ශනය නොවන්නේද? අදාළ වගකිවයුතු අංශ වල අකාර්යක්ෂමතාවය එක නීතියක් එක රටක් බල්ලට යනවා. නීතිය මත පැමැණිල්ලක තොරතුරු විමර්ශනය කර ගරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීම පොලීසියේ වගකීමක්. නීතිය ගැන තඹ දොයිතුවක් ජන විඥානයට පරමාදර්ශ ක්‍රියාකාරීත්වයක් පොලිසියට නැතිකම අභාග්‍යයක්.

දෙමටගොඩ රුවන් 2005 වසරට පෙර පොල්, කරපිංචා අලෙවි කල සුඵ වෙළෙන්දෙක්. 2005 ට පසුව අනුන්ගේ ත්‍රීවීලරයක් කුලියට එලවපු සාමාන්‍ය පුරවැසියෙක්. දුමින්ද සිල්වාගේ සහයකයෙකු වූ දෙමටගොඩ චමින්ද පාදඩ දේශපාලනය වෙනුවෙන් මිනීමරා ගරු ශ්‍රේෂ්ඨාධිකරණය මගින් වරදකරු වු ඔහුගේ සොහොයුරු රුවන් චමිල සුසන්ත රුපියල් කෝටි විසිපහක වර්තමාන අයිතිකරු CID මැදිහත්වීමෙන් අදාල බැංකු ගිණුම් කිහිපයක් මේ වන විට අත්හිටුවා තිබෙනවා. මේ පාතාල මැරයන්ගේ මුරදේවතාවන් ලාංකික පාදඩ දේශපාලනයේ නියමුවන්, ඔවුන්ගේ ගමන් බිමන් සඳහා නිල නොවන ආරක්ෂාව පාතාල දේශපාලනයෙන්.
සමාජයට අගතියක් ගෙන දෙන මැරයන්, පාතාල නායකයින් හා ඔවුන්ගේ සගයින් පිළිබඳ විමසිලිමත්ව සක්‍රීය ක්‍රියාකාරී අවධියකින් සිටීම පොලිස් දෙපාර්තමේන්තුවේ වගකීමක්. අපරාධකරුවන් අදෘෂමාන ලෙස ආර්ථික, සමාජීය හා දේශපාලනිකව ප්‍රවර්ධනය වන විට ස්ථාන හා පුද්ගල පරීක්ෂණ සිදු කිරීමේ පරම වගකීම පොලිසිය සතුයි.
වගකීමේ හා වගවීමේ පොලිසියේ කාර්්‍යයභාරය දියාරුනම් නීති ගරුක පුරවැසියාට උරුම කරන්නේ අභාග්‍යයක්. දෙමටගොඩ ගිම්හාන රෙස්ටුරන්ට් අයිතිකරුවන් වන රුවන්, චමින්ද අයියා මලෝලාගෙන් සෞභාග්‍යය ලද පොලිසියේ පහළ සිට ඉහළට හා බන්ධනාගාර නිලධාරීන්ගේ නම් ලැයිස්තුවක් සොයා ගන්න පුඵවන්. යම් අපරාධයක් සිදු වූ විට ස්ථානීය පරීක්ෂණයක් සිදුකිරීමේ දී හෙළිවන සී. සී. ටීවී දර්ශන මාධ්‍යයට මුදාහැරීම පොලිසියේ සාමාන්‍යය සම්ප්‍රදායක්. නමුත් දෙමටගොඩ රුවන්ගේ දෙමටගොඩ, වේඵවන පාරේ අංක 90 ස්ථානයේ මහා ප්‍රසාද නිවස ප්‍රදර්ශනයට පොලිසිය මාධ්‍යයට අවකාශය ලබාදුන්නාට ගිම්හාන රෙස්ටුරන්ට් වෙත පසුගිය කාලයේ දී පැමිණි පොලිසියේ හා බන්ධනාගාර නිලධාරීන්ගේ රූප රාමු පෙන්වීමට මෙතෙක් අසමත් වෙලා තිබෙනවා. දෙමටගොඩ ප්‍රදේශවාසීන් පවසන්නේ බන්ධනාගාර හා පොලිස් නිලධාරීන් නිරන්තරව ගිම්හාන රෙස්ටුරන්ට් වෙත පැමිණි නිසා අමුතු බලයක් මේ පාතාලයින්ට ලැබුණු බව.
ගිම්හාන රෙස්ටුරන්ට් ගොඩනැගිල්ලේ නෛතික හිමිකරු බත්තරමුල්ලේ ව්‍යාපාරිකයෙක්. රුපියල් කෝටි පහක් වටිනා දේපල වෙනුවට රුවන්ලා ඔහුට ගෙවා ඇත්තේ එක් රුපියල් කෝටියක් පමණයි. බියවද්දවා අයුතු ලෙස ලබා ගෙන ඇති දේපලේ සැබෑ වටිනාකම ලබා ගැනීමට ඔහු දිසා අධිකරණය වෙත ගිහිල්ලා තිබෙනවා පෞද්ගලිකව.
ශ්‍රී ලංකා පොලිසියේ වගකීම කාර්යයභාරය මඟහැරුණු අවස්ථාවක් අදාල ව්‍යාපාරිකයා පෞද්ගලිකව දිසා අධිකරණය වෙත යාම රුපියල් ලක්ෂ පන්සියයක් වටිනා දේපල රුපියල් ලක්ෂ 100 කට තක්සේරුකර පාතාලය මැර බලයෙන් ගන්නා විට ක්‍රියාත්මක විය යුතුව තිබුණේ ශ්‍රී ලංකා පොලිසිය නොවේද? පොදු සමාජයේ හා යහ පැවැත්මට හානිකර ක්‍රියා වලදී පොලිසිය බොහෝ විට පවසන්නේ සිවිල් නඩුවක් දාලා පෞද්ගලිකව විසඳගන්න කියලා.
අපරාධ නිමිත්ත දැන දැනම පොලිසිය මඟ හැරීමේ ක්‍රියාවලිය දිවයින පුරාම සිදුවෙනවා. අසල්වැසියාගෙන්, ඥාතියාගෙන්, පාතාල මැරයන් හෝ පාදඩ දේශපාලඥයා වෙනත් පාර්ශවයක් මගින් මෙවන් අත්දැකීම් ඔබත් ලබා තිබේනම් පොලිසිය පැමිණිල්ල විභාගයේදී විත්ති පාර්ශව ඉදිරියේම පෞද්ගලිකව සිවිල් නඩුවක් දමාගෙන විසඳගන්න ඔබට උපදෙස් ලබාදී තිබේනම් ඔබේ පැමිණිල්ලේ විත්ති පාර්ශවයේ බලහත්කාරය, වංචාව, අන්තර්ගත නම් 0703431018 අංකයට අපව අමතන්න.
දෙමටගොඩ රුවන්ලා කෝටිපතියන් නොව ප්‍රකෝටිපතියන් කර ඇත්තේ පොලිසියේ වගකීම හා වගවීම මඟ හැරීම නිසා. පොලිස් ඉතිහාසයේ පොලිස්පතිගේ සිට පොලිස් පොඩ්ඩා දක්වා මැරයන්, වංචාකරුවන්, මිනීමරුවන්, සුපිරි විෂ මත්ද්‍රව්‍යය පාතාල නායකයන්, කැසිනෝ දුරාචාර ව්‍යාපාර පවත්වාගෙන යන දුරාචාර ව්‍යාපාරිකයන් සමඟ සබදතා ඉතිහාසය අප්‍රසන්නයි.
වසර දෙදහ දශකය ආරම්භයේදී සුප්‍රකට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වූයේ ඔගස්ටන් ජේසු දුසන්. එවකට පොලිස්පති වූයේ ආනන්ද රාජා මහතාය. මේ මහා මත්ද්‍රව්‍යය ජාවාරම්කරු ඔගස්ටන් සිය දියණිය වෙනුවෙන් කොළඹ හිල්ටන් හෝටලයේ දෙදහස් දෙක වසරේ මාර්තු 13 වන දින පැවැත්වූ සුපිරි සාදයේ ප්‍රධාන අමුත්තා වූයේ එවකට පොලිස්පති ආනන්ද රාජා මහතාය. මත්ද්‍රව්‍යය සමාජයෙන් තුරන් කිරීමට නෛතිකව බැඳී සිටින පොලිස් දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා ජාවාරම්කරුවන්ගේ සාද වල නම් රාජ්‍ය දුරාචාරය කෙබඳුද? නියෝජ්‍යය පොලිස්පති නිමල් ජයසුන්දර, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අගුණාවල හා ජේසුදුසන්ගේ සමීප හෙරොයින් ජාවාරමට උදව් කල පොලිස් පරීක්ෂකවරුන්, උප පොලිස් පරීක්ෂකවරුන්ද ඒ අතර සිටියි.
එවකට වැල්ලම්පිටිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක බුවනෙකසිරි බණ්ඩාර මුණසිංහගේ නිල නිවසේ ග්‍රෑම් 1 යි මිලිග්‍රෑම් 16 ක් හෙරොයින් සොයා ගත්තේ 2014 වසරේදී. මෙවන් ඉතිහාසගත ඕන තරම් ඇති තොරතුරු නොතකා හරින්නට පුඵවන්ද? අනූව දශකයේදී නාවල නිහාල් ගෝඩ් ෆාදර් යන නමින් ප්‍රකට වූයේ නාවල නිහාල් ප්‍රභූ හා අහිංසක ව්‍යාපාරිකයින්ගෙන් කප්පම් ගැනීම ඔහුගේ අධිකාරිය යටතේ සිදුවිය යුතු බව සෙසු පාතාල නායකයින් නොදැන සිටීම ගැටඵ මතු කිරීමක්. බලහත්කාරයෙන් සුපිරි නිවාස ඉඩම් ලියවා ගැනීම ඔහුගේ නොදැනුවත්කමින් සිදුවීම අදාල පාතාල නායකයාට සාක්ෂි නැති මරණයක්. සෘජු මරණ, අනියම් මරණ, වක්‍ර මරණ සඳහා නාවල නිහාල්ට පොලිස් රැකවරණය එදා ලැබුණි. පාදඩ දේශපාලනයේ උපදේශකයින් වශයෙන් ක්‍රියාකල ඇතැම් ආචාර්්‍යය ලේබලය ඉදිරියට දමාගෙන ගුවන් විදුලිය, රූපවාහිනිය හා වෙනත් පෞද්ගලික මාධ්‍යය වලින් වැදිබණ කියමින් පාදඩ දේශපාලන පවුල් වල ප්‍රතිරූපය ගොඩනැගූ ඇතැම් දේශකයින් නිහාල්ගේ ඥාතීන්.
ලාංකික මැරයන්ගේ සියඵ වතගොත නාවල නිහාල් සතුව එදා පැවතිය. JWP.සූරියප්පෙරුම නාවල නිහාල් නොදැනුවත්ව යම් පාතාල නායකයෙක් ධනය උපයා ඇත්නම් නාවල නිහාල්ගේ ප්‍රතිරූපය ඉක්මවා යම් පාතාල නායකයෙකු මතුවේ නම් සංවිධානාත්මක මරණයක් අදාල පාතාල නායකයාට ලබා දුන්නේ පොලිස් අධිකාරී බන්දුල වික්‍රමසිංහ හරහා. තිරය පිටුපස නාවල නිහාල්ගේ භූමිකාව දිග හැරෙන්නේ මෙසේ. වැඩි ධනයක් ප්‍රතිරූපයක් වර්ධනය කරගෙන සුඛෝපබෝගී දිවියක් ගෙනයන මැරයෙකු සමඟ මතුපිටින් කිසිම අමනාපයක් නාවල නිහාල් සිදුකර ගන්නේ නැත. වෙනදාට වඩා හිතවත්කම, මැර ක්‍රියා සඳහා අවශ්‍යය නිහාල්ගේ දායකත්වය උපරිම ලබා දීම. ඒ සමඟ අදාල මැරයාගේ, පාතාල නායකයාගේ හිතවත්කම උපරිමයට ගෙනයාම හා ඔහුගේ දුර්වල තැන් මනාව හඳුනා ගැනීම ස්ත්‍රී ලෝලත්වය ඇති අයෙක්නම් කැමති ආකාරයට සැපයීම. අදාල සියඵ පහසුකම් සහිත සුපිරි පාටියක් සංවිධානය කිරීම. මධ්‍යම රාත්‍රිය ඉක්මවා යන මධුපාන හා කාන්තා ශරීර භුක්තිය හමුවේ කඩාවඳින්නේ පොලිස් අධිකාරී බන්දුල වික්‍රමසිංහ ඇතුඵ දෙමටගොඩ කොළඹ අපරාධ කොට්ඨාසයේ කණ්ඩායමක් අත්අඩංගුවට ගැනීමක් නැත. වෙඩි තැබීමක් පමණි. අදාල පාතාල නායකයින්ගේ පෙර වැරදි ගොනුව පොලිස් අධිකාරී වික්‍රමසිංහට නිහාල් වික්‍රමසිංහගෙන් නොහොත් නාවල නිහාල්ගෙන් සූක්ෂම ලෙස ලබාදීම සිදුවන්නේ. ඒ අනුව පූර්ව සැලසුම් දෙමටගොඩ පිහිටි කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් මගින් දිනය හා නිශ්චිත වේලාව පොලිස් අධිකාරී බන්දුල වික්‍රමසිංහට නාවල නිහාල්ගෙන්ම පාතාල ඝාතන සිදුවන්න පැය කිහිපයකට පෙර අදාල ස්ථානය, ගමන් මාර්ගය ලැබෙනවා.
දෙබඩි පොලිස් චරිත රඟපාන ඉහළ සිට පහළ දක්වා පොලිස් දෙපාර්තමේන්තුවේ එදත් සිටියා අදත් ඉන්නවා. නාදුනන තුවක්කුකරුවන් බිහිවන්නේ මෙවැනි දුරාචාරය සඳහා පොලීසියේ වගකීම මෙහෙයවන ඇතැම් නිලධාරීන් නිසා. පාදඩ දේශපාලඥයින්ට නම් මෙවැනි දුරාචාර පොලිස් නිලධාරීන් පණිවුඩකරුවන් පාදඩ දේශපාලනයේ ක්‍රියාකාරකම් සඳහා අභ්‍යන්තර රහසිගත ක්‍රියාවලියන් එවැනි දුරාචාර පාතාල සබඳතා අත්විඳිමින් රාජ්‍යය සන්නද්ධ බලය පාවිච්චි කරමින් මහා ධන කුවේරයන් වූ විශ්‍රාමික පොලිස් ලොක්කන්ගේ රහස් වැළලී යා යුතුද? හෙළිදරව් නොවූ එවන් තොරතුරු එදා පොලිස් පොඩ්ඩන් වූ මේ වන විට උසස්කම් ලබා සිටින නීති ගරුක පොලිස් නිලධාරීන් අදාල සිද්ධීන් සමුදාය කිසියම් පිළිවෙලකට අපට ඉදිරිපත් කරන්නේ නම් හෙළිදරව් කිරීමට අප සූදානම්.
තමන්ට අභිමත පිළිවෙලක් පමණක් අනුගමනය කරන ඇතැම් පොලිස් නිලධාරීන් නිසා දෙපාර්තමේන්තුවට සිදුවන අගතිය. එවන් නිළධාරීන් පිළිබඳ පොලිස් කොට්ඨාසය, පොලිස් ස්ථානය හා අංශය නිලධාරී තනතුර නම හා ඔහුගේ හෝ ඇයගේ දුරකථන අංකය දක්වා හෙළිදරව් කිරීම මුරපල්ලා සම්ප්‍රදායයි. නියෝජ්‍ය පොලිස්පති කොටකදෙණියගේ නිළ දුරකතන අංක හෙළිකරමින් ව්‍යවස්ථාදායක සභාවට තොරතුරු ලබා දෙමින් අපේක්ෂිත පොලිස්පතිකම අහිමි කිරීම එක් උදාහරණයක්.

පුරවැසියෙකු යම් පැමිණිල්ලක් පොලිසිටය සිදු කරන්නේ සිදු වූ අගතියකින් පසුව අගතිය හා පැමිණිල්ල නිවැරදිව කියවා තේරුම්ගෙන පරීක්ෂණය නිවැරදි දිශාවට දිශාගත නොකරන පොලිස් ස්ථාන, නිලධාරීන් පිළිබඳ අත්දැකීම් ඔබ සතුනම් ඔබගේ අප්‍රමාණ නෛතික ප්‍රතිවිරෝධය හෙළිදරව් කිරීමට අවස්ථාව සඳහා අමතන්න 0703431018.

රාජකාරිය අකුරට පොලිස් නිළධාරියා සිදු නොකරන්නේ නම් මහජන මුදලින් වැටුප් ලබන පොලිස් පරීක්ෂකවරයා ඔබගේ පැමිණිල්ල විත්තිය හමුවේ දියකර හැරියේ නම් ඔබගේ තර්කානුකූල ඉදිරිපත් කිරීම විත්තිය හමුවේ විත්තියට වාසිදායක ලෙස බැහැර කරන්නේ නම් පසුව ඔබගේ පැමිණිල්ල පිළිබඳව ඉහළ නිළධාරීන් පසුගාමීත්වයක් දක්වන්නේ නම් ඔවුහුත් අලංකාර වචන වලින් පුරසාරම් වචන වලට පමණක් නීතිය කොටු කරන්නේ නම් සාවද්‍ය සාපරාධී ක්‍රියාවන් විත්තිය දිගින් දිගටම කරගෙන යන පසුබිමක ඔබගේ පැමිණිල්ල සමථ මණ්ඩලයට යොමු කර පොලිසිය නිහඬ පිළිවෙතක් අනුගමනය කරන්නේ නම් සමථ මණ්ඩලයට පැමිණිලි යොමු කිරීම යකඩ මල්ලට ගුල්ලො විදිනව වගේ මේ පිළිබඳව පසු වැඩසටහනකින් කරුණු ඉදිරි පත් කිරීමට මුරපල්ලා අපේක්ෂා කරනවා. පොලිස් පරීක්ෂණ හමුවේ විත්තිය පැමිණිල්ල දිගින් දිගටම අගතියට පත් කරන බීජ ව්‍යාප්තිය විත්තියේ සෘජු මැදිහත්වීමෙන් දෙවන, තෙවන පාර්ශව හරහා ක්‍රියාත්මක කිරීමේ දී පොලිසිය නිහඬ නම් ඔබත් මුරපල්ලා 0703431018 අමතන්න.

පොලිසිය පිළිබඳ තොරතුරු අප සතුයි. භික්ෂු සමාජයේ සාමය කඩවීම, නිකායන් අතර තරඟකාරීත්වය, විහාරාධිපතිකම් සඳහා නොනවතින රහසිගතව සිදුවෙන රහස්‍යය උපාය මාර්ග, ඒ සඳහා සංඝ කාරක සභා වලින් භික්ෂූන් ඉවත් කිරීම සඳහා සාමුහිකව ඇතැම් භික්ෂූන්ගේ පාදඩ ක්‍රියාකාරකම් අරභයා තොරතුරු ඉදිරියේදී ඔබවෙත සමාජගත කිරීමට අපේක්ෂා කරනවා. විහාර දේවාලගම් අරභය ඇති අප්‍රමාණ ඉඩම් දේපල වල භුක්තිය සඳහා ඇතිවන ගැටුම් හා වෙනත් තොරතුරු ඔබ සතු නම් අපවෙත ලියන්න.

Nawala Nihal / Nihal Wickramasinghe
H.M.G.B.Kotakadeniya
Sri Lanka”s police chief T. E. Anandarajah


මහා සංඝරත්නයේ ගෞරවනීය හැසිරීම හා භාවිතය පාදඩනම් බුදුදහමේ චිරස්ථිතිය කොයිබටද?
ගවේශණශීලී ජනමාධ්‍යවේදී මුරපල්ලා විසිනි.

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න