මේ වන විට දිවයින පුරා ඩෙංගු රෝගීන් 26,775 කට අධික පිරිසක් හඳුන ගෙන ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශිලා සමරවීර මහත්මිය කීවා ය.

ලබන 30 වැනිදා සිට ජුලි මස 05 වැනිදා දක්වා දිස්ත්‍රික් 16 ක මදුරු මර්දන සතියක් ක්‍රියාත්මක කරන බව ද ඇය කීවා ය.

අප කළ විමසුම දී ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශිලා සමරවීර මහත්මිය මෙසේ ද සඳහන් කළේ ය.  

වැඩිදුරටත් අදහස් දැක් වූ ඒ මහත්මිය මෙසේ ද කීවා ය.

මේ වන විට ළමා මරණ එකක් වාර්තා වී ඇති අතර රෝගීන්ගෙන් සියයට 45 ක්  බස්නාහිර පළාතෙන් වාර්තා වී ඇතැ යි ද ඇය ප්‍රකාශ කළා ය.

රට පුරා පුරා ඩෙංගු රෝගීන් 26,775 ක් සහ ඩෙංගු මරණ 14ක් සිදු ඇති බවත්  බස්නාහිර නැගෙනහිර සබරගමුව සහ දකුණු පළාත්වල රෝගීන් වැඩි වශයෙන් හඳුනා ගෙන ඇති බව ද ඇය කීවා ය.

පවතින නිරිත දිග මෝසම් වර්ෂාපතන තත්ත්වයත් සමඟ මදුරු ඝනත්වය ඉහළ ගොස් ඇති බැවින් එය පාලනය කිරීම සඳහා මෙම මදුරු මර්දන සතිය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව ද ඇය සඳහන් කළේ  ය.

මෙහි දී අවධානම් පරිශ්‍රවල ඩෙංගු මදුරුවන් බෝවිය හැකි ස්ථාන සොයා බලා ඒවා ඉවත් කරන්න අපේ සෞඛ්‍ය කණ්ඩායම් යොදවන බවත් එහිදී ඔබ නිවසේ හෝ ආයතනයේ හෝ වෙත් ස්ථානයක අපරික්ෂාකාරී ලෙස මදුරුවන් බෝවන ස්ථාන පවත්වාගෙන ගියොත් රතු නිවේදන නිකුත් කිරීම සිදු කරන බවත් දැඩි අවවාද සිදු කරන බව ද ඇය කීවා ය.

කෙසේ නමුත් මඳුරුවන් බෝවන ස්ථාන පවත්වා ගෙන යමින් මඳුරුවන් බෝවන්නට පහසුකම් සපයන සෞඛ්‍ය නිර්දේශ ක්‍රියාත්මක නො කරන පුද්ගලයන් හා ස්ථාන සම්බන්ධයෙන් සොයා බලා දැඩි නීති රිති හා දඩ අය කරන්නට ද පියවර ගන්නට  අප දැඩිව අවදානය යොමු කර සිටින බව ද ඇය කීවා ය.

ප්‍රතිචාරයක් දක්වන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න