ලංකා විදුලි බලමණ්ඩලයට අයත් විදුලි මනුවට අනවසර වයරයක් සවිකර වංචනික ලෙස විදුලිය ලබා ගත්තේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා ලැබූ අයෙකුට මීගමුව අතිරේක මහේස්ත්‍රාත් සුදර් මා ප්‍රේමරත්න මහත්මිය විසින් 21 වෙනි දින වංචනක ලෙස භාවිතා කර ඇති ඒකක ප්‍රමාණය වෙනුවෙන් රුපි.59929 ශත.43 ක වන්දි මුදලක් ද අමතරව රුපියල් (පනස් දාහක)50000ක දඩයක්ද ගෙවන ලෙස නියෝග කළාය
මෙලෙස නියෝග ලැබූවේ ගොඩක පර වත්ත කිඹුලපිටිය පදිංචි නිවැසියෙකුටය,ලංකා විදුලි බල මණ්ඩලයේ විමර්ශන ඒකකය මගින් වැටලීම සිදුකර අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.