දානපති අඹුසැමි යුවළක් ලෙස හදුන්වා දෙමින් වෙහෙර විහාර අළුත්වැඩියා කිරීමට ආධාර කරන බවත් විදෙස් රටක සේවය කර මෑතදී ලංකාවට පැමිණි බවත් පවසා දිවයිනේ විවිධ ප්‍රදේශවල පිහිටි විහාරස්ථාන ආරාම ඇතුළු ආගමික සිද්ධස්ථාන වලින් මුදල් සහ වටිනා භාණ්ඩ මංකොල්ලකෑ අයිස් මත්ද්‍රව්‍ය පානයට ඇබ්බැහිවූ අනියම් අඹුසැමි යුවළකගෙන් සැකකාර කාන්තාව පෑලියගොඩ පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන ඇති අතර සැකකරු සොයා පොලිස් විමර්ශන ආරම්භ කර ඇත.
මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ හලාවත මුගුණුවටවන ප්‍රදේශයේ පදිංචි ජයසිංහ මුදියන්සේලාගේ සන්ධ්‍යා කුමාරි නැමති 42 හැවිරිදි කාන්තාවකි. සැකකාර කාන්තාව අළුත්කඩේ අංක 5 අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව අප්‍රේල් මස 2වනදා හඳුනාගැනීමේ පෙරෙට්ටුවකට ඉදිරිපත් කරන ලෙසත් එතෙක් රක්ෂිත බංධනාගාර ගතකරන ලෙසත් මහේස්ත්‍රාත් වරයා නියෝග කර ඇත.
අයිස් මත්ද්‍රව්‍ය මිළදී ගැනීම සඳහා මුදල් සොයා ගැනීමට මෙලෙස අඹුසැමියන් ලෙස හදුන්වාදෙමින් මංකොල්ලකෑම් වල නිරතවී ඇතැයි පොලිස් විමර්ශන වලදී අනාවරණය වී ඇත.
මහරගම කිරිබත්ගොඩ පෑලියගොඩ ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවලින් සැකකාර යුවළ මංකොල්ලකෑම් සිදුකර ඇති බවට තොරතුරු වාර්තා වී ඇඇතැයි පොලිසිය පැවසීය.
පෑලියගොඩ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කළුවිතාරණ මහතාගේ උපදෙස් අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජයලත්,පොලිස් සැරයන් වරුන් වන 47575 එදිරිමාන්නපොලිස් කොස්තාපල් වරුන් වන35432 රංදෙණිය ,84832 කුමාර ,103784 දිසානායන කාන්තා පොලිස් කොස්තාපල් 10612 උදේශී යන නිලධාරීන් විසින් මෙම සිදුවීම සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකර ඇත.