අනියම් සැමියා සමග දිය නෑමට යමින් සිටිය දී විවාහක සැමියා මග රැක  කඩුවකින් බෙල්ලට කොටා කාන්තාවක් ඝාතනය කොට ඇතැයි රඹුක්කන පොලිසිය පැවසීය.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ කටුපිටිය දකුණ ගුණවික්ර මලාගේරේණුකා කුමාරි නැමැති නැතැත්තියකි.

ඝාතනයට ලක්ව ඇති කාන්තාව කුරුණෑගල දිස්ත්‍රික්කයේ පොතුහැර පොලිස් වසමට අයත් කටුපිටිය කොස්ගොල්ල ප්‍ර දේහයේ පදිංචිව සිට ඇති බවත් වැඩිමහල් සහොදරයින් පස් දෙනෙක් යුත් පවුලක එකම බාල ගැහැණු දරුවා මෙම කාන්තාව බවත් පොලිසිය කියයි.

පසුව එම ගම්මානයේ පදිංචිව සිටි තරුණයෙකු සමග මීට වසර 24 පමණ ඉහතදී විවාහ වී සැමියාගේ නිවසේ පදිංචිව සිට ඇති බවත් සැමියා ගස් කපා අලෙවි කරන්නෙක් බවත් පොලිසිය පැවසීය.

මෙම යුවලට දැනට වයස අවුරුදු 23 ක පිරිමි දරුවෙක් සිටින බවත් පොලිසිය පැවසීය.

ඝාතනයට ලක්ව ඇති කාන්තාව සැමියාගේ හොඳම මිතුරෙකු වන ඒ ආසන්නයේ පිහිටි කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් රඹුක්කන පොලිස් වසමේ ගබ්බල ප්‍රදේශයේ අවිවාහක 45 හැවිරිදි පුද්ගලයෙකු සමඟ  මාස තුනක පමණ සිට අනියම් ඇසුරක් පවත්වා ගෙන ගොස් ඇති බවත් අනියම් ඇසුර හෙතුවෙන් පවුල් ආරවුලේ ආරම්භ වී ඇති බවත් පොලිසිය පැවසීය.

පසුව කාන්තාව අනියම් සැමියා සමඟ මීට මාස දෙකකට පමණ ඉහත දී පැන ගොස් දිවා කාලයේ ඔහුට අයත්ව තිබුණු ඉඩමක කටු මැටි පැලක ජීවත් වෙමින් සිට ඇති බවත් රාත්‍රියට නිවසට පැමිණෙන බවත් පොලිසිය පැවසීය.

ඉකුත් 01 වැනිදා සවස කාන්තාව කටු මැටි පැලේ සිට අනියම් සැමියා සමඟ අනියම්  සැමියාගේ නිවසට දිය නෑමට ඇදුම් පැළදුම් ගෙන කාන්තව පළමු ද අනියම් සැමියා ඊට පිටුපසින් ද ගමන් කරමින් සිට ඇති බවත් පොලිසිය පැවසීය.

කාන්තාවගේ විවාහක සැමියා කඩුවක් රැගෙන දෙදෙනා ගමන් කරමින් සිටි මාර්ගය ආසන්නයේ සැගවී සිට ඇති බවත් පළමු කාන්තාව සැගව සිටින සැමියා දැක අනියම් සැමියාට දිව යන ලෙස දන්වා ඇති බවත් පොලිසිය පැවසීය.

පසුව කාන්තාව ද දිව යමින් සිටින අවස්ථාවේ දී විවාහක සැමියා පසු පසින් දිව ගොස් කඩුවෙන් ගෙලට කොටා දිව ගොස් තිබුණි.

කාන්තාවගේ අනියම් සැමියා සිද්ධිය සම්බන්ධයෙන් රඹුක්කන පොලිසියට දිව ගොස් පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති අතර පසුව පොලිස් පරීක්ෂණ ආරම්භ කල බව රඹුක්කන පොලිසිය පැවසීය.

සිද්ධිය සම්බන්ධයෙන් රඹුක්කන පොලිසිය කෑගල්ල අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසුව කෑගල්ල වැඩ බලන මහෙස්ත්‍රාත් සේනක ඉලංගන්තිලක මහතා සිද්ධිය වු ස්ථානයට 02 වැනිදා ගොස් පරීක්ෂණය සිදු කෙරිණ.

දේහය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වා පස් වැනි වැඩිමහල් සහොදරයාට භාර දෙන ලෙසත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් නියෝග කෙරිණ.

දේහය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ ඊයේ 03 වැනිදා කෑගල්ල මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්යක නිලධාරි වෛද්යේ රුචිර නදීර මහතා විසින් සිදු කිරීමට නියමිතව තිබුණි. සැකකරු වන කුරුණෑගල පොතුහැර කටුපිටිය කොස්ගොස්ල්ලේ පදිංචි 51 හැවිරිදි මහ උක්ගොඩ දේවයලාගේ අමරකීර්ති නැමැත්තා  කනේරු ඇට කා.සිටිය දී පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන කෑගල්ල මහ රෝහලට ඇතුළත් කර අතර කෑගල්ල මහේස්ත්රාදත් සශිකා මිතුන ආරච්චිගේ මහත්මිය ඊයේ 03 වැනිදා සැකකරු පරීක්ෂා කර බලා ජුනි 19 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කළාය.

රඹුක්කන පොලිසියේ ස්ථානාධිපති ප්රිධාන පොලිස් පරීක්ෂක රොහාන් මහේෂ් අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක නිලන්ත මැණික්පුර පොලිස් සැරයන් මදුසංක (68714) පොලිස් කොස්තාපල්වරුන් වන ලක්මාල් (72599) මානවඩු (90544) කෑගල්ල කොට්ඨාස අපරාධ ස්ථාන පරීක්ෂණාගාරයේ ස්ථානාධිපති ප්ර(ධාන පොලිස් පරීක්ෂක තිවංක දෙහිමඩුගේ මහතාගේ උපදෙස් පරිදි පොලිස් පරීක්ෂක උපාලි ජයසේකර පොලිස් සැරයන්වරුන් වන අලහකෝන් (7393) ගුණසිංහ (19642) පොලිස් කොස්තාපල් රියදුරු (3954) විමර්ශන කටයුතු සිදු කෙරිණ.

ප්‍රතිචාරයක් දක්වන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න