උණවටුන සංචාරක කලාපයේ මේ වන විට ඇති බරපතල පරිසර,සෞඛ්‍ය ප්‍රශ්ණ ඇති කරන්නට සහයෝගය ලබා දුන් හබරාදුව ප්‍රාදේශිය සභාවේ නිලධාරින්ට විරෝධය ප්‍රකාශ කරමින් ඊයේ (26) ප්‍රදේශවාසිහු සභා පරිශ්‍රය ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත වූහ.
මෙම අවස්ථාවට විශාල පිරිසක් එක්ව සිටියහ. පෝස්ටර්, බැනර්, කටවුට් ප්‍රදර්ශනය කරමින් ඔවුන් පැය ගණනාවක් උද්ඝෝෂනයක නිරත වූහ.
සමස්ත ලංකා සුළු හා මධ්‍ය පරිමාණ සංචාරක ව්‍යවසායකයන්ගේ එකමුතුවේ සභාපති සමීර සේනක ද සිල්වා මහතා මෙසේ පැවසීය.
වැසි ජලය ගලා බසින මහජනතාවට අයත් ඇල මාර්ග වෙනස් කිරීම සම්බන්ධව මීට පෙර ද විවිධ ආකාරවලින් විවිධ අවස්ථාවල සභාවට කරුණු සහිතව ලිඛිතව දැනුවත් කළා. නමුත් මේ අය ඒ සම්බන්ධයෙන් කිසිදු තීරණයක් මේ වන විටත් ගෙන නැති බව ද ඒ මහතා කීය.
ප්‍රදේශයේ ස්වාභාවිකව වැසි ජලය ගලා බැස යාමට තිබූ ඇළ මාර්ගවල සැබෑ ප්‍රමාණයන් මේ වන විට නො මැති බවත් බොහෝ ඇළ මාර්ග වසා දමා ඇති බවත් ඒ නිසා තවත් එවැනි ඇල මාර්ග මත නීති විරෝධී ඉදිකිරීම් කර තිබෙන නිසා මඳුරු උවඳුර හා වෙනත් පරිසර සෞඛ්‍ය පරිසර ප්‍රශ්ණ රැසක් ඇතිව තිබෙන බවද එශු කීය.
මේ සියල්ලම වකකිවයුත්තේ හබරාදුව ප්‍රාදේශිය සභාවයි. එහි පාලනය කරන නිලධාරින් බව අප මෙහි දී පෙන්වා දිය හැකියි. අනවසර ඉදි කිරිම් සඳහා අවසරය දී තියෙන්නේ හබරාදුව ප්‍රාදේශය සභාවේ නිලධාරින්. ඒ අයට විරෝධය ප්‍රකාශ කරන්නට අප මේ ආකාරයට විරෝධතාවයක් සිදු කළ බව ද ඒ මහතා කීය.

ප්‍රතිචාරයක් දක්වන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න