රැකියාවේ යෙදි සිටියදි  අගතියට පත් පාර්ශව සදහා වන්දි හිමිවිය යුතු බවට අධිකරණය මගින් තින්දු කොට තිබුන ද  වන්දි නඩු 54ක්  සදහා සේවායෝජකයින් විසින් රුපියල්  එක්කෝටි විසිතුන්ලක්ෂ හතලිස්හතරදහස් එකසියදාහතක මුදලක් (12,344,117)  අදාළ  සේවකයින් වෙත ගෙවා නො මැති බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක සදහන් වේ.

කම්කරු වන්දි  උසාවි නියෝග මත වන්දි මුදල් ගෙවන ලෙස උසාවියෙන් නියෝග කොට තිබුණි. මෙකි වන්දි නඩු අතර  වරෙන්තු නිකුත්කර  වසර 10ක්  ඉක්මවු නඩු 11ක්ද, වසර 05-10 අතර නඩු 22ක් හා  වසර 01ත් 04ත් අතර නඩු 11ක් ද පැවති බව විගණනය මගින් අනාවරණය කොට ඇත.

 ආපාදාවන්ට ලක්වු කම්කරුවන් වෙත  වන්දිගෙවිමේ ක්‍රියාවලිය  විධිමත් හා කර්යක්ෂම විය යුතු බවට විගණනය මගින් නිර්දේශකොට ඇත. මේ පිළිබද කම්කරු අමාත්‍යංශයේ ප්‍රධාන ගණන්දිමේ නිලධාරිවරයා විගණනයට සදහන් කොට ඇත්තේ  කම්කරු වන්දි උසාවි නියෝගමත  වන්දි මුදල් නොගෙවන අවස්ථාවන්හිදි  වග උත්තරකරුගේ දේපල තහනම් කිරිම සදහා කම්කරු වන්දි ආඥාපනත අනුව  වරෙන්තු නිකුත්කරණු ලබන  බවය. එම වරෙන්තු ක්‍රියාත්මක කිරිමේ බලතල ඇත්තේ  වගඋත්තරකරු පදිංචි ප්‍ර දේශයට අදාළ  මහේස්ත්‍රාත්  අධිකරණයට බවද ප්‍රධාන ගණන්දිමේ නිලධාරිවරයා විගණනයට සදහන් කොට ඇත. ඒ අනුව වගඋත්තරකරුගේ දේපල පෙන්වා දිම, තහනම්කළ  දේපල  වෙන්දේසිකර වන්දි මුදල් අයකරගැනිම ආදි කටයුතු සදහා  ඉල්ලුම්කර පාර්ශවය  ඉදිරිපත් වි  මහේෂ්ත්‍රාත් උසාවියේ  එම පිස්කල් නිලධාරින්ට  සහයෝගය ලබාදිය යුතු බවද ප්‍රධාන ගණන්දිමේ නිලධාරිවරයා විගණනයට සදහන් කොට ඇත. එම කටයුතු සදහා ඉල්ලුම්කරුවන්  ඉදිරිපත් නොවිම මත   වරෙන්තු නඩු 54කට අදාළ  වන්දි මුදල් මෙතෙක් අයකරගැනිමට නොහැකිවි ඇති බවද ප්‍රධාන ගණන්දිමේ නිලධාරිවරයා විගණනයට සදහන් කොට ඇත.

කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශය සම්බන්දයෙන් 2023 වර්ෂයට අදාළව නිකුත්කොට ඇති විගණන වාර්තාවෙ මෙම තොරතුරු සදහන්ව තිබේ.

ප්‍රතිචාරයක් දක්වන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න