ප්‍රබල ප්‍රතිජීවක ඖෂධ හා හදිසි හෘදයාබාද වලට ලබා දෙන ඖෂධ හිඟයෙන් රෝගීන් හා ළමා ජීවිත අනතුරේ යැයි වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා මහතා පැවසීය.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් දත්ත පද්ධතියට අනුව මේ වන විට ප්‍රබල ප්‍රතිජීවක ඖෂධ උග්‍ර හිඟයක් නිර්මාණය වී වී ඇති බව ද හෙතෙම කීය.
ඒ නිසා බොහෝ ප්‍රාදේශීය රෝහල් සහ මූලික රෝහල්වල වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්නා රෝගීන්ට දැඩි දුෂ්කරතාවන්ට මුහුණපා ඇති බව ද චමල් සංජීව මහතා සඳහන් කරයි.
මෙම ඖෂධ අතර Flucloxacillin, Co Amoxyclave, Cefuroxime, CEFOTAXIME, CEFTRIAXONE, CEFTAZIDINE, AMIKACIN, Vancomycin, යන ප්‍රබල ප්‍රතිජීවක එන්නත් ඖෂධ ද ,නිර්වින්දනය සඳහා ලබා දෙන Lignocaine එන්නතද, හෘද රෝගීන් සඳහා ලබා දෙන Streptokinase එන්න ද වෛද්‍ය සැපයුම් ඒකකය තුළ උග්‍ර හිඟයකට ලක්ව ඇති බව ද ඔහු කීය.
මෙම ඇතැම් ඖෂධ රෝහල් පද්ධතිය තුළ පවතින නමුත් ඖෂධ හිඟයට ලක්ව ඇති රෝහල් සඳහා එම ඖෂධ ලබා ගැනීම දුෂ්කර වී ඇති හෙයින් ඇතැම් රෝගීන්ට වෛද්‍ය ප්‍රතිකාර සඳහා ග්‍රාමීය ප්‍රදේශවල සිට නගරබ ද ප්‍රදේශවලට පැමිණීමෙන් දැඩි ලෙස අපහසුතාවට පත් වන බව ද ඔහු කීය.
මෙයට අමතරව ඉන්සියුලින් වර්ග කොලෙස්ට්‍රෝල් හා හෘදයාබාධ සඳහා ලබා දෙන ඖෂධ හිඟය උග්‍ර වෙමින් පවතින බව ඔහු සඳහන් කළේ ය.
ඖෂධ හිඟය මාස හයක කාලය තුළ දී උග්‍ර වී ඇති බවත් මේ සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය හෝ රාජ්‍ය ඖෂධ සංස්ථාව සාධනීය ලෙස මැදිහත් නො වීම නිසා මිනිස් ජීවිත හානි වීමේ අවධානමක් පවතින බව ජනාධිපතිවරයා වෙත ද අවධාරණය කර සිටින බව ද ඒ මහතා කීය.