සුභ නැකතට ගමත් අනුරට ම කියා මෙවර පළාත් පාලන මැතිවරණයේ දී ඔබේ ජන්දය මාලිමාව ඉදිරියේ සහෝදරත්වයෙන් සටහන් කරන්න යැයි ජාතික   ජන බලවේගයේ මහරගම නගර සභාවට මාකුඹුර කොට්ඨාශයෙන් නගර සභා අපේක්ෂකයෙකු ලෙස ඉදිරි පත්ව සිටින   සුරේෂ් නිශාන්ත පෙරේරා මහතා පැවසීය.

ඒ මහතා එසේ පැවසු වේ මාකුඹුර ප්‍රදේශයේ පැවැති ප්‍රචාරක රැස්වීම් කිහිපයකට එක් වෙමිනි.

මෙහි දී  සුරේෂ් නිශාන්ත පෙරේරා මහතා මෙසේ ද පැවසීය.

ජාතික ජන බල වේගයේ මාකුඹුර කොට්ඨාශයේ සජීවී ක්‍රියාකාරිකයෙන් ලෙස මම නිරතුරුව ගමට  ප්‍රදේශයට සේවාවන් කර තිබෙනවා. 

මෙවර පළාත් පාලන මැතිවරණයේ දී මා මාකුඹුර කොට්ඨාශයෙන් විශිෂ්ඨ ජයක් ලබනවා. ඒ විතරක් නොව මහරගම ඡන්ද  බලප්‍රදේශයේ සියලුම කොට්ඨාශ ජාතික ජන බලවේගය ජයග්‍රහණය කරනවා. රටම සුභ නැකතට ගමම ගමේ ආණ්ඩුව ද මේවර ජය ගන්නේ මාලිමාවයි.‍

අපි එහෙමෙ ප්‍රකාශ කරන්නේ දුෂණයට, වංචාවට හා බලය අයතු  ලෙස පාව්චිචි කිරීමට විරුද්ධව ජනතාව පසුගිය ජනාධිපති වරණයේ දී මහ මැතිවරණයේ දීත්  විශිෂ්ට ජයක් අපට ලබා දුන්නා.

මෙවර පළාත් පාලන මැතිවරණයේ දීත් ජනතාව ජාති ආගමික හේදයකින් තොර ව  තොරව යහපත් පාලනයක් සඳහා මහරගම නගර සභාවේ බලය ජාතික සුවිශේෂ ජයග්‍රහණයක් ලබා දෙන බව ඒකාන්තයි.

අපි හැම විටම ජනතාවගේ පැත්තේ සිටයි තීන්දු තරණ ගත්තේ ජනතාව නිරතුරුවම අපි සමග සිටින්නේ අන්න ඒ නිසා බව ප්‍රකාශ කරන්නට කැමැති යි.

හැමවිටම ජනතාවට අසාධාරණයක සිදු වීමට ඉඩ දුන්නේ නෑ.  

මහරගම නගර සභාවට අයත් සියලුම ආදාහනාගාරවලට අහිංසක මිනිසනුගේ අය කරන මුදල දෙගුණ  තෙගුණ ලෙස වැඩි කරන්නට පාලක පක්ෂය උත්සාහ කලා. අපි වරුද්ධ වුනා.  මුදල් වැඩි කිරීමට අප ඉඩ දුන්නේ නෑ.

මහරගම නගර සභාවට අයත් වාහනවලට ඩීසල් සමඟ භූමි තෙල් කවලම් කර දැමීමට පුරුදු වී සිටියා. මේ මගින් ඩීසල් වලින් ඔවුන් අයුතු ලෙස මුදල් කොල්ල කෑවා. ඒ විතරක් නො වෙයි. නගර සභාවේ වාහන අක්‍රීය වීමට එය හේතු වුණා.  මා ඇතුළු ජාතික ජන බල වේගයේ මන්ත්‍රීවරු එක්ව මේ ආකාරයට දුෂණයට විරද්දව කටයුත කළා. එදා වගේම අපි අදත් එහෙම සිදු කරනවා.

මාකුඹුර කොට්ඨාශයෙන් විශිෂට් ජයක් ලබනවා.මාකුඹුර කොට්ඨාශයේ ජනතාවගේ යහපත උදෙසා කටයුතු රැසක් සිදු කරනවා.

දීර් ග  කාලයක් තිස්සේ මාලපල්ල මාකුඹුරේ කොට්ඨාශයෙන් ජනතානගේ ඉල්ලීමත් තිබුණා මා තමයි හයිලෙවල් පාරේ සිට ආරම්භ වන මායා මාවත මාලපල්ල නුගගහලන්ද පෙදෙස දක්වා දිගු කර දෙන ලෙස එයට බාධාවක් තිබුණු  දුම්රිය හරස් මාර් ගයක් නොමැති  බව  මේ සඳහා දුම්රිය දෙපාර්තමේතුවේ නිලධාරින් විවිධ හේතු කියනවා.

මෙවර එවැනි හේතු කියන්න බැහැ රටට ආදරය කර වැඩ කරන ජනාධිපති වරයෙකු  තුනෙන් 3/2 බලයත් හිමි පාර් ලි මේ න්තුව තිබේ නම් අපට ප්‍රශ්ණයක් නෑ.  

අමාත්‍ය බිමල් රත්නායක සහෝදරයාගේ උපදෙස් පරිදි ගමට ප්‍රදේශයට සංවර්ධන වැඩ කටයුතු රැසක් අප දියත් කරනවා. ජනතාවගේ ඉල්ලීම ඉටු කිරීමට කටයුතු කරන බව නො පැකිලිව ප්‍රකාශ කරනවා.

දැනට මාලපල්ල මාකුඹුර ප්‍රදේශයේ දරුවන්ට තරුණ තරුණියන්ට ක්‍රීඩා කිරීමට ක්‍රීඩා පිටියක් නැහැ. මා දැනට මාකුඹුර බහු කා ර්  මධ්‍යස් ථානය ආසන්නයේ ඉඩමක් ඒ සඳහා සොයා බලා තියනවා. එහි වැඩ සිදු වෙමින් තියනවා.

මෙම ප්‍රදේශයේ ළමා හා මාතෘ සායනයක් ඇති කරන්නට ද පියවර ගන්නවා. ජනතාවගේ කැළි කසළ ප්‍රශ්ණය, මැසි මදුරු උවදුර මෙන්ම නිදහස් පරිසරයක් ඇති කරන්ට පියවර ගන්නවා.

මගේ සටන් පාඨය ජනතාවට යහපත් විදියට ජීවත් වෙන්න හැකි පරිසරයක් ඇති කරන්නට පළාත් පාලන ආයතනයකින් කළ හැකි කළ යුතු සියල්ලම සිදු කිරීම යි.

ගම ප්‍රදේශය සංවර්ධනය කරලා ජනතාව අපට ලබා දුන් ජනවර මේ ගරුත්වය අපි සුරක්ෂිත කරනවා. ගමට අපට අපේම මන්ත්‍රිවරයෙක් පත් කර ගන්නට ඔබ සියලුම දෙනා එක්ව අපට සහයෝගය සහෝදරත්වයෙන් ලබා දෙන්න.

රටත් එක්ක ගමත් එකට සංව ර් ධනය නවතම දිසාවකට ගමන් කරන්නට අපිට හැකියාවක් දැක්මක් නායකයෙක් සිටිනවා. එය ජනතාව දන්නවා. ඒ නිසා රට ම මේවර ගමේ බලය ද ජනපති තුමාට ලබා දෙන බව විස්වාස බව ද ජාතික   ජන බලවේගයේ මහරගම නගර සභාවට මාකුඹුර කොට්ඨාශයෙන් නගර සභා අපේක්ෂකයෙකු ලෙස ඉදිරි පත්ව සිටින   සුරේෂ් නිශාන්ත පෙරේරා මහතා පැවසීය.

ප්රතිචාරයක් දක්වන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න