ලංකා ධීවර සංස්ථාව මෙවර අවුරුද්දට සහන මිලට මාළු මල්ලක් හදුන්නා දෙන බව ලංකා ධීවර සංස්ථාවේ සභාපති ජේ.ඒ.කේ. මාකර් මහතා  මහතා පැවසීය.

කොළඹ දි පැවැති වැඩ සටහනක්ට එක් වෙමින් ඒ මහතා එසේ පැවසීය.

මේ අනුව අප ලංකා ධීවර සංස්ථාව විසින් සාධාරණ මිලට නැවුම් මාළු සහ ළඟ දීම අත් බෑගයේ දමා ගෙන යා හැකි ග්‍රෑම් 300/400 Frozen Fish පැකට් හඳුන්වා දෙනු ලබන බව ද ඒ මහතා කීය.

ඉදිරියේ එළඹෙන අවුරුදු සමයේ ඇතිවිය හැකි මාළු හිඟය අවම කිරීමට සහ මිල වැඩිවීම පාලනය කිරීමට මෙම පියවර ගෙන ඇති බවත් හෙතෙම කීය.

දැනටමත් හඳුනාගත් සතොස අලෙවිසැල් 21ක මූලික ව්‍යාපෘතියක් ලෙස ග්‍රෑම් 300-400 ප්‍රමාණයේ කුඩා frozen fish පැකට් හඳුන්වා දීමට නියමිත ඇති බව ද ඒ මහතා කීය.

එම කුඩා ප්‍රමාණයේ ඇසුරුම් කාගේත් අත් බෑගයේ වුව ද පහසුවෙන් ගෙන යා හැකි නව නිෂ්පාදනයක් ලෙස හඳුන්වා දෙන බව ලංකා ධීවර සංස්ථාවේ සභාපති ජේ.ඒ.කේ. මාකර් මහතා  වැඩිදුරටත් පැවසීය.

ප්‍රතිචාරයක් දක්වන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න