සම සෞඛ්‍ය උපාධිධාරීන් බඳවා ගැනීමේ විභාගය සම්බන්ධව ජාතික ජන බලවේග ආණ්ඩුවේ පක්ෂ සංවිධායකවරුන් හා මෙවර ප්‍රාදේශීය සභා ඡන්ද අපේක්ෂකයන් මාර්ගයෙන් බලපෑම් කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මැතිවරණ කොමිසමට පැමිණිලි කරන්නට පියවර ගත් බව පරිපූරක වෛද්‍ය සේවා ඒකාබද්ධ බලමණ්ඩලයේ සභාපති රවී කුමුදේශ් මහතා පැවසීය.
මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වන හෙතෙම මෙසේ ද කීය.
සභාපති ලේකම් රාජ්‍ය සේවා කොමිෂන් සභාව, සභාපති ලේකම් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව, සෞඛ්‍ය අමාත්‍ය, සෞඛ්‍ය ලේකම්, සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වරයාට ද ලිඛිතව පැමිණිළි කළ බව ද ඒ මහතා කීය.
සම සෞඛ්‍ය උපාධිධාරීන් සෞඛ්‍ය අමාත්‍යාංශ සීමා වාසික පුහුණුවට ඇතුලත් කර ගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය හා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම ඒකාබද්ධව යෝජිත ක්‍රමවේදය නො සලකා හරිමින් සාමාන්‍ය දැනීම හා අභියෝග්‍යතාවය බුද්ධි පරික්ෂණයක් පැවැත්වීමට තීරණ කිරීම තිබු බවද හෙතෙම සඳහන් කළේ ය.
එකී විභාගයේ අයඳුම්කරුවන් අතරින් තොරාගත් පිරිසක් එම විභාගයට සහභාගී කරවා ගැනීම සඳහා ආණ්ඩු පක්ෂ සංවිධායකවරුන් හා මෙවර ප්‍රාදේශීය සභා ඡන්ද අපේක්ෂකයන් මාර්ගයෙන් බලපෑම් කිරීම සිදු කර ඇති බව ද ඒ මහතා කීය.
සෞඛ්‍ය සේවාවට අයත් පරිපුරක වෛද්‍ය සේවාවන්හි පවතින පුරප්පාඩු වෙනුවෙන් ආධුනිකයන් බඳවා ගැනීමට අදාලව සම සෞඛ්‍ය උපාධිධාරීන් අනිවාර්යය සීමාවාසික පුහුණුවට බඳවා ගැනීම වෙනුවෙන් සාමාන්‍ය දැනීම හා අභියෝග්‍යතාව ලිඛිත පරීක්ෂණයක් 2025.04.27 පැවැත්වීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබුණු බව ද හෙතෙම කීය.
වර්තමාන සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කරන වෛද්‍ය නලින්ද ජයතිස්ස මැතිතුමාගේ මඟ පෙන්වීම යටතේ හා පක්ෂයේ මඟ පෙන්වීම යටතේ ජාතික ජන බලවේගය ආණ්ඩු පක්ෂ සංවිධායකවරුන් හා මෙවර ප්‍රාදේශීය සභා අපේක්ෂකයන් ලෙස කටයුතු කරන අයළුන් අයඳුම් කරුවන් අතරින් තෝරා ගත් පිරිසක් වෙත දුරකථන ඇමතුම් ලබා දීමටත් ඔවුන් එකී විභාගයට සහභාගී කරවීම සඳහාත් ඊට අදාළව ඔවුන් පෞද්ගලිකව දැනුවත් කිරීමටත් කටයුතු කර තිබෙන බව ද ඔහු කීය.
මේ සම්බන්ධයෙන් අදාළ සාක්ෂි අප සතු ව ඇති බව ද හෙතෙම කීය.
මේ අනුව සාක්ෂිය අදාළ හඩ පට අනූව ජාතික ජන බලවේගයේ ආණ්ඩු පක්ෂයේ සංවිධායක සංජීව පුෂ්පකුමාර සහ පාලටුවේ NPP අපේක්ෂක රූබසිංහ පතිරණගේ හේෂාන් ධනුෂ්ක යන අය විසින් නලින්ද අයියා විසින් ජංගම දුරකථනය හරහා යොමු කල පෞද්ගලික කෙටි පණිවිඩයක් අනූව තොරා ගත් විභාග අපේක්ෂකයන් වෙත දුරකතන ඇමතුම් ලබා දෙමින් අදාළ විභාගය සඳහා සහභාගී වන ලෙසත් එසේ සිදු කරන ලෙස පක්ෂය ඔවුන්ට දැනුවත් කර ඇති බවත් පවසා ඇති බව ද ඒ මහතා පැවසීය.
ඒ නිසා මේ සම්බන්ධව අපක්ෂපාති පරික්ෂණයක් සිදු කරන ලෙස ද ඉල්ල සිටින බව ද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.