ලංකා සතොස සමාගම  විසින් දෛනික වැටුප් ගෙවිමේ පදනම මත  බදවා ගෙන  තිබු සේවකයින් 573 දෙනෙකුගේ     පැමිණිම සහ පිටවිම ඇගිලි   සලකුණු  යන්ත්‍රයක් මගින් සටහන්කර නො ගෙන  අත්සන්  ලේඛනයක්  මත පදනම්ව  2023 වර්ෂයේ දි රුපියල් තිස්හතර කෝටි, අනුලක්ෂ, හතලිස්එක්දහස්,අටසියහැට දෙකක මුදලක් (349,041,862)  වැටුප් ලෙස ගෙවා ඇති බව ජාතික විගණන කාර්යාලය පවසයි.

 මෙම සේවකයින් 2023 වර්ෂයේ දි  අලෙව්සැල් සදහා බදවාගෙන තිබුණි. සියළුම සේවකයින් සදහා  ඇගිලි සලකුණු යන්ත්‍ර මගින්  පැමිණිම පිටවිම  සටහන් කිරිමට කටයුතු කළයුතු බවට විගණනය මගින් නිර්දේශකොට ඇත.

 දෛනික වැටුප් ගෙවිමේ පදනම මත බදවාගනු ලබන සේවකයින්  දිගින් දිගටම සේවයේ නිරත නොවන බැවින්  පැමිණිම හා පිටවිම තහවුරුකරගැනිමට  ඇගිලි සලකුණු යන්ත්‍ර මගින් තහවුරුකර ගැනිම  අපහසු කටයුත්තක් බැවින්  පැමිණිම හා පිටවිම  අත්සන් ලේඛණයක් මගින් තහවුරුකරගනු ලබන බව  ලංකා සතොස සමාගමේ කළමණාකාරිත්වය විසින් විගණනයට සදහන් කොට ඇත.

ලංකා සතොස ලිමිටඩ් සමාගමේ 2023 වර්ෂයට අදාළ ගනුදෙනු වාර්තාවේ  මෙම තොරතුරු ඇතුළත්ව ඇත.

ප්‍රතිචාරයක් දක්වන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න