සුරංගනා වැල් බයිලා කතා නැතුව සිඟිති ආතල් දෙන්නේ නැතුව මහ ආණ්ඩුවෙත් පුංචි ආණ්වෙත් බලය ගත් ජාතික ජන බලවේග ආණ්ඩුව හුණ්ඩුවක් වෙන්නේ නැතුව විද්‍යාමක පදනමක් ඇතිව වැඩ කර ජනතාවට වහාම සහන සලස්සන ලෙස  යුක්තිය උදෙසා ජනතා සාමුහිකයේ විධායක සභික  දර් ශන  තන්ත්‍රීගේ මහතා පැවසීය.

ඊයේ (17) කොළඹ පැවති මාධ්‍ය හමුවක දී ඒ මහතා එසේ ප්‍රකාශ කළේ ය.

වැඩි දුරටත් අදහස් දැක් වූ ඒ මහතා මෙසේ ද පැවසී ය.

ආණ්ඩුව දැන් කතා කර කර සිටියා හොඳටම ඇති. ආණ්ඩු බලය ද පළාත් පාලන බලය ද දැන් ඔබ සතුයි. ඒ නිසා සිඟිති සුරතල් ආතල් කතා කරන්නේ නැතුව දැන් වත් වැඩ කරන්න යැයි අපි සිවිල් සංවිධාන ලෙස මතක් කරන්න කැමති යි.

වසර ගණනාවක් කොළ පාට ව තිබූ  කොළඹ මහ නගර සභාව රතු පාට උනේ සජිත් විපක්ෂ නායකතුමාගේ නොහැකියාව නිසා බව අප වගකීමෙන් යුතුව ප්‍රකාශ කරනවා.

එතුමාට දැක්මක් නෑ. ඒ නිසා බලය ගන්න තිබුණු හොඳම අවස්ථාව එතුමා නැති කර ගත්තා. මේ තුළින් පෙනී යන්නේ සජිත්,අනුර, අනුර, සජිත් අතර තියන ආලවන්ත කමයි.

මේ දෙන්නා දෙන්නට දෙන්නා ආරක්ෂා කරනවා. ඒ ඇයි ? සජිත් සිටින තුරු අනුර දිනන බව අනුර දිසානායක සහෝදර ජනාධිපති තුමා දැන ගෙනයි සිටි නේ. අන්න ඒ නිසා අනුරට සජිත්ට ජන්දය දුන්නු ජනතවට නම් පව් කියලා තමයි අපි කියන්නේ.   

මාලිමාවේ හෙළුව හොඳම මෙම පළාත් පාලන මැතිවරණයේ දී සමහර පළාත්  පාලන ආයතනවල බලය ගන්න ගිය හැටි බලන විට ගත් ආකාරය බලන විට පෙනී යනවා.

ආණ්ඩුවේ පතිවන රෙද්ද පල්ලෙන් බේරෙන තත්ත්වයකට අද ආණ්ඩුව කරන කියන දේ වලින්ම දැකිය හැකි යි.

ලංකාවේ පළාත් පාලන ක්‍රමය සකස් කරන්න දැන් වත් ආණ්ඩුව පියවර ගන්න. පවතින නිතී රිතී මදි නම් බලය ඇති ඔබ ආණ්ඩුව නව නිතී සකස් කර පළාත් පාලන ක්‍රමය නිසා මඟට පෙන පුංචි ආණ්ඩුව ශක්තිමත් කර ගන්න  යහමගට ගන්න කටයුතු කරන්න.

පළාත් පාලන ආයතනවල නිසි වැඩ සටහනක් ඇතිව කටයුතු කරන්න. තාක්ෂණය සහ විද්‍යාමක ක්‍රමවේදයන් එයට එක් කරන්න. එය සිදු කරන්න. අර කතා මේ කතා කිය කියා ඉන්න එපා.

ලොවට කසළ ප්‍රශ්ණය සල්ලි ආකරයක් උනාට ලංකාවට එය විපතක් වී තියන නිසා රටේ කසළ මුදල් කරන්න වැඩ සටහනක් හදන්න මේ අයට හැකියාව තිබිය යුතුයි.

පළාත් පාලන ආයතනවල සිදු වන දුෂණ අක්‍රමිකතා අඩු කරන්න තාක්ෂණය භාවිතා කරන්න. ඇෆ් භාවිතා කර ඔන් ලයින් කරන්න හැකියි.

නගරය ලස්සන කරන්න නගරයේ කාණු පද්ධතිය සකස් කර පොදු මාවත් ගමේ පාරවල් සංවර්ධනය කර ජනතාවට සේවය සලස්සන්න.

රෑට විථි ලාපු ටික දල්වලා රෑ වන කම් ගමට යන මාර් ග වල බස් සේවා සකස් කරන්න. කොළඹ හා ගම්වල වත හා දුප්පත් ජනතාවගේ ප්‍රශ්ණවලට විසදුම් දෙන්න.

නගරය හැඩ කරන්න. ජනතාවට සහන දෙන්න. ඒ දේවල් ආණ්ඩුව පැත්තෙන් සිදු නර විට විපක්ෂයේ පිරිස මේවා කරන්න කියලා ආණ්ඩුවට පළාත් පාලන ආයතනවලට බල කරන්න. පුටු රත් කර  කර ඉන්න එපා.

ආණ්ඩුත් පුංචි ආණ්ඩුවෙත් බලය ලබා ගත් ආණ්ඩුව පොඩි සිඟිති ආතල් දෙන්නේ නැතුව දැන්වත් වැඩ කරන්නට යැයි ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

ප්‍රතිචාරයක් දක්වන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න