ඉන්දියාවේ කේරළ වෙරළ තීරයේ සිට මුහුදු සැතපුම් 38ක් ඔබ්බෙන් MSC ELSA-3 නමැති නෞකාව අනතුර හේතුවෙන් ලංකාවට සිදුව ඇති හානිය සම්බන්ධයෙන් අධ්‍යනයක් සිදු සිදු කරන්නට ධීවර අමාත්‍යංශය පියවර ගෙන තිබේ.
ඒ අනුව මෙරට වෙරළ තීරයන්ට ගොඩගැසූ ප්ලාටික් කොටස් හේතුවෙන් සාගර පරිසරයට සිදු ව ඇති බලපෑම අංශ කිහිපයක් යටතේ අධ්‍යනය කරන්නට නියමිතව තිබේ.
මේ සම්බන්ධව නාරා ආයතනයේ පරිසර අධ්‍යයන අංශයේ ප්‍රධානී ආචාර්ය කේ.ඒ.ඩබ්ලිව්. ශ්‍යාමලී වීරසේකර මහත්මිය මෙසේ පැවසුවා ය.
ඉන්දියාවේ කේරළ වෙරළ තීරයේ සිට මුහුදු සැතපුම් 38ක් ඔබ්බෙන් MSC ELSA-3 නමැති නෞකාව අනතුරට ලක්වීමෙන් එහි තිබූ ඉන්ධන ප්ලාටික් තොග හා අන්තරායකර ද්‍රව්‍ය අඩංගු බහාලුම් මුහුදට පතිත වී ඇති බවද ඇය කීවා ය.
මුලින්ම කල්පිටියේ සිට උස්වැටකෙයියාව දක්වා වූ වෙරළ තීරය නිරීක්ෂණය කරන ලද බවත් පසුව හලාවත මන්නාරම සහ යාපනය ප්‍රදේශවලට මෙම හානියේ දැඩි බලපෑමක් එල්ල වී ඇති බව තහවුරු වූ බවත්ය.
ගාල්ල, මන්නාරමේ South bar beach ප්‍රදේශය සහ යාපනයේ ඩෙල්ෆ්ට් දූපත, නාගදීපය ඇතුළු බොහෝ දූපත්වලට ප්ලාස්ටික් පෙලට් පැමිණ ඇති බවට තොරතුරු ලැබී ඇත. හලාවත ප්‍රදේශයේ, විශේෂයෙන්ම මුතුපන්තිය හා උඩප්පුව යන ප්‍රදේශවල ද සැලකිය යුතු තරම් ප්ලාස්ටික් පෙලට් තැන්පත් වී ඇති බවට තොරතුරු ලැබී තිබෙන බව ද ඇය කීවා ය.
මෙම තත්ත්වය පරීක්ෂාකිරීම සඳහා නාරා ආයතනයෙන් විශේෂ කණ්ඩායමක් මන්නාරම වෙත යොදවා ඇති බවත් පරිසර හානි තක්සේරුව කිරීමේ වගකීම නාරා ආයතනයට පැවරී ඇති බවද ඇය කීවාය .
පරිසර හානි තක්සේරු කිරීමේදී ප්ලාස්ටික් පෙලට්ස් මගින් වෙරළ දූෂණය වී ඇති ආකාරය පිළිබඳව අධ්‍යයනය කරන බවත් නැවේ තිබූ කැල්සියම් කාබයිඩ් වැනි අහිතකර රසායනික ද්‍රව්‍යවල බලපෑම තක්සේරු කිරීමට ජල නියැදි රැස් කිරීමත් සමාන්තරව සිදු කරන බවත් ආචාර්ය වීරසේකර මහත්මිය පැවසුවා ය.
වෙරළබඩ වෘක්ෂලතා සහ මසුන්ට (විශේෂයෙන් ගල්පර ආශ්‍රිත මසුන්) සිදුව ඇති හානි පිළිබඳව ද අධ්‍යයනය කරන බවත් මාළුන්ගේ කරමල්වල හෝ වෙනත් අයුරකින් ගිලී ඇති ප්ලාස්ටික් පෙලට්ස් මගින් සිදුවන හානිකර තත්ත්වයන් පිළිබඳව පර්යේෂණ කණ්ඩායමක් මගින් විමර්ශනය කරන බවත් ඇය කීවාය.
මේ වන විට මන්නාරමේ නියැදි එකතු කිරීම අවසන් කර ඇති අතර, යාපනය ප්‍රදේශයේ (ඩෙල්ෆ්ට් දූපත නාගදීපය) නියැදි එකතු කිරීමේ කටයුතු ආරම්භ කර ඇති බවත් කෙසේ වෙතත් මේ වන තුරු කිසිදු මසුන් මියයාමක් වාර්තා වී නොමැති බව ද ඇය කීවාය.
පරිසර හානිය තක්සේරු කිරීමට අමතරව ධීවර ප්‍රජාවට සිදුව ඇති බලපෑම සහ සමස්ත සමාජ ආර්ථික බලපෑම තක්සේරු කිරීම සඳහා විශේෂ කණ්ඩායමක් යාපනයට පිටත් කර හැර ඇති බවද ඇය කීවාය.
ඊට සමගාමීව, කල්පිටියේ සිට හලාවත දක්වා වූ ප්‍රදේශය නිරීක්ෂණය කිරීමට තවත් කණ්ඩායමක් යොදවා ඇති අතර, ගාල්ල හා මාතර ඇතුළු තවත් බොහෝ ප්‍රදේශවල ද නාරා ආයතනය විසින් අධ්‍යයන කටයුතු සිදු කරමින් සිටින බව ද ඇය කීවා ය.