තරුණ තරුණියන්ට දෙස් විදෙස් රැකියා ඉලක්ක කරගත් රැකියා පුහුණු පූර් ණ ශිෂ්‍යත්ව 50000ක් ලබා දීමට ග්‍රාමීය සංවර්ධන දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවි බල ගැන්වීම් අමාත්‍යංශයට අනුබද්ධ සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් ක්‍රියාත්මක ඉදිරි වසර පහ තුළ පවුල් ලක්ෂ 20ක් සවිබලගැන්වීමේ Next Sri LAnka රාජ්‍ය වැඩසටහනට සමගාමීව අඩු ආදායම්ලාභී පවුල්වල වයස අවුරුදු 18ත් 35ත් අතර තරුණ තරුණියන් 50000ක් දෙස් විදෙස් රැකියාගත කිරීමේ රැකියා පුහුණු පූ ර් ණ ශිෂ්‍යත්ව වැඩසටහනක් ආරම්භ කර ඇත.

ඒ අනූව ජුලි 15 ට යෙදෙන ජාත්‍යන්තර තරුණ නිපුණතා දිනට සමගාමිව ජුලි 15 සිට 23 දක්වා පුරා සතියක් දිවයිනේ සියළුම ප්‍රාදේශීය ලේකම් කා ර් යා  ල වල දී උදෑසන 9.00 සිට සවස 4.00 දක්වා තරුණ තරුණියන්ගේ නිපුනත්වය පරික්ෂා කිරීමේ සම්මුඛ පරීක්ෂණ පැවැත්වීමට නියමිතය. www.nextsrilanka.lk වේත පිවිසීමෙන් ඔබට මේ සඳහා ලියාපදිංචි විය හැකිය.

ප්‍රතිචාරයක් දක්වන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න