ලෝක නිද්‍රා දිනය මාර්තු 14 වෙනිදාට යෙදී තිබේ.පුද්ගලයෙකුට නිසි පරිදි නින්ද අත්‍යවශ්‍ය සාධකයක් බවත් නින්ද නොයෑම ශරීරයේ රෝග රැසකට බලපාන බව කැළණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ භෞතවේද අධ්‍යන අංශයේ අංශ ප්‍රධානී ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය විශේෂඥ වෛද්‍ය දිලේෂා වාදසිංහ මහත්මිය පැවසුවාය.ඊයේ (12) කොළඹ දී පැවති මාධ්‍ය හමුවක දී ඇය එසේ කීවාය. වැඩිදුරටත් අදහස් දැක් වූ ඒ මහත්මිය මෙසේ ද ප්‍රකාශ කළාය.ලෝක නිද්‍රා දිනය මාර්තු 14 වෙනිදාට යෙදී තිබෙනවා. නිද්‍රා සෞඛ්‍ය ප්‍රමුඛතාවය කර ගමු යන්න මෙවර මෙම දිනයේ තේමාවයි. නින්දට ජනතාවට ප්‍රමුකතාවයක් දක්වන්නේ නෑ. නින්ද ජනතාවට ප්‍රධානයි. මනස හා ශරිරය නිරෝගිව තබා ගන්නට නින්ද උපකාර වෙනවා.ජීවිතයේ වයස් ප්‍රමානනේ තුනේ එකක් නින්දට වැය කරනවා. නින්දේ වැදගත් ජීවියෙකුට වැදගත් වේ. මතකය වර් ධනය කර ගන්නට නින්ද වැදගත් වේ. මිමිනිසාට නිදාගත්තාම තම ක්‍රියාකාරි බව වැඩිකර ගන්නට හැකි වෙනවා. ජීවිතය නිරෝගිමත් කරගන්නට නින්දට හැකි වෙනවා. නින්ද මනස සුවපත් කර ගන්නටද හේතු වේ. නින්දේ හොද සෞඛ්‍ය පුරුදු මේවර ලෝක නිදී දිනයේ තේමාව වී ඇති බද ඇය කීය.නින්ද කඩා දරුවෙක් පැය 12 ද වැඩිහිටි අයෙක් ට පැය 7 හෝ 8ක් අවශ්‍ය වේ. නින්ද අඩුවිම නිසා විවිධ ප්‍රශ්ණ ඇතිවේ. අසනීප වීමටද හැකියි. මනස ටද තුළටද රෝග ඇති වේ ජීවන කාලයද අඩුවන්නට හේතු වේ. ජනතාව නින්දට මුලිකත්වය දෙන්න. සුවදායික නින්දකට සුදුසු පරිසරයක් තිබිය යුතුයි.නිදි රෝග යනු මොනවා ද දැනගත යුතුයි. නිතර නිතර නිතර අවදි වීම ආදි රෝග ද තිබේ. රෝග රැසක් තිබෙනවා නම් නිසි පරිදි නින්ද යන්නේ නෑ.සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රජා සෞඛ්‍ය පිළිබඳ ලේඛකාධිකාරී වෛද්‍ය ඉඳුමිණි ගුණතිලක මහත්මිය මෙසේ කීවාය.නින්දේ සනීපාරක්ෂාව වැදගත් වන්නේය. ශරිරියට නින්ද සෞඛ්‍යයට පමනක් නොව රටේ ආර්ථිකයට ද වැදගත් වෙනවා. නින්දේ සනීපාරක්ෂාව සම්බන්ධව මැන බැලීමේ ටූල් එකක් අප සොයා ගෙන තිබෙනවා.නින්දට සම්බන්ධට හැසිරිම් රැසක් තියනවා. කාලය අවිධි වීම දිවා කාලයේ කෙටි කාලයකට නොයා යෑම, නින්දට ආස්නවද දී තේ බොන්න එපා.‍ නිදියන ඇඳ වෙනත් දේවලට භාවිතා කරන්න එපා . දුරකතනය අරගෙන නිදි ඇඳට යන්න එපා යැයි ද නිදාගන්නා වු කාමරය සුදුසු පරිසරයක් තිබි ද වැදගත් වෙන බවද ඇය කීවාය.

ප්‍රතිචාරයක් දක්වන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න