ලුණුගම්වෙහෙර පොලිස් වසමට අයත් අක්කර කාල්ගොඩ ප්රදේශයේදී (30) වෙනිදා 67 හැවිරිදි පුද්ගලයෙකු පොරවකින් කොටා ඝාතනයකර ඇතැයි ලුණුගම්වෙහෙර පොලීසිය පවසයි.
මෙලෙස ඝාතනයකර ඇත්තේ ලුණුගම්වෙහෙර සාම මාවත රණවිරු නිවාස පෙදෙසේ පදිංචි ජී.ලෙස්ලි ද සිල්වා (67) නැමති විවාහකයෙකි.
ඔහු සිය යතුරුපැදියෙන් යමින් සිටියදී පිටුපසින් පැමිණි බොලෙරෝ වර්ගයේ කැබ්රථයක් යතුරුපැදියේ හැපී ඇත. ඒ අවස්ථාවේ කැබ්රථයේ සිටි රියදුරු වැටී සිටි යතුරුපැදිකරුට කැබ්රථයේ තිබූ පොරොවක් ගෙන කැබ්රථය ඉස්සරකිරීමට ඉඩ නොදුන්නේ යැයි පවසමින් දකුණු උරහිසට සහ වම් උරහිසට පොරොවෙන් කොටා තිබේ. බරපතළ තුවාල ලැබූ යතුරු පැදිකරු ලුණුගම්වෙහෙර ප්රාදේශීය රෝහලට ඇතුලත් කරන විටත් මියගොස් සිට ඇත.
එම ප්රදේශයේම සැකකරු සහ ඔහුගේ කැබ්රථය පොලීසිය මඟින් අත්අඩංගුවටගෙන තිබේ.