රෝහල්වල ජීවිත ආරක්ෂක සහ අත්‍යවශ්‍ය ඖෂධ බරපතල් හිඟයක් පවතින බව සෞඛ්‍ය වෘත්තීය වේදීන්ගේ සම්මේලනයේ සභාපති රවි කුමුදේශ් මහතා පැවසීය.

 ලියාපදිංචියෙන් තොර ඉන්දියන් ඖෂධ ගෙන්වීමේ සැලසුමක් දැකිය හැකි බවද ඒ  මහතා  කීය.

ජාතික වට්ටෝරු සමාලෝචන කමිටුව මගින් රෝහල්වල භාවිතය සඳහා අනුමත කර ඇති ඖෂධ වර්ග 612ක් අතරින් ජීවිත ආරක්ෂක ඖෂධ වර්ග 13ක් අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 460ක් සහ අත්‍යවශ්‍ය නොවන ඖෂධ වර්ග 139ක් ලෙස වෙන් කර ඇති බව ද ඒ මහතා කීය.

නමුත් මේ අතරින් විශේෂ අවධානයක් යොමු විය යුතු තත්ත්වයක් වාර්තා වී ඇති බව ද ඔහු කීය.

ජීවිත ආරක්ෂක ඖෂධ 13න් 03ක් සම්පූර්ණයෙන්ම වෛද්‍ය සැපයුම් අංශයේ සහ රජයේ රෝහල්වල බිංදුවට පත් වී ඇති බව ද දැකිය හැකි බව ද ඔහු කීය.

අත්‍යවශ්‍ය ඖෂධ 460කින් 183ක් වෛද්‍ය සැපයුම් අංශයේ තොග බිංදුවේ පවතින අතර රෝහල්වලදී 49ක් පමණයි බිංදුවේ පවතින්නේ යැයි ද හෙතෙම ප්‍රකාශ කළේය.

අත්‍යවශ්‍ය නොවන ඖෂධ 139න් 48ක් වෛද්‍ය සැපයුම් අංශයේ බිංදුවේ පවතින අතර රෝහල්වලදී ඒ ගණන 15 ක් පමණ බවද ඔහු කීය.

මෙම තොරතුරු අනුව ජීවිත ආරක්ෂක සහ අත්‍යවශ්‍ය ඖෂධවල බිංදුවට පත් තත්ත්වය රෝහල් රෝගීන්ගේ ජීවිත ආරක්ෂාවට දැඩි තර්ජනයක් වන බවත්  වී. ඊ.එන් (VEN) විශ්ලේෂණය අනුව සම්පත් ප්‍රමුඛතා පිළිබඳව නව සැලසුම් කිරීමේ අවශ්‍යතාවයක් පැහැදිලි දැකිය හැකි බව ද ඔහු පැවසීය.

රෝහල්වල ඖෂධ තොග කළමනාකරණය කිරීම සඳහා VEN විශ්ලේෂණ ක්‍රමය යොදා ගෙන ඇති බවත් මෙහි දී ඖෂධ වර්ග Vital (ජීවිත ආරක්ෂක) Essential (අත්‍යවශ්‍ය) සහ Non-essential (අත්‍යවශ්‍ය නොවන) ලෙස වෙන් කර තිබෙන බවද හෙතෙම ප්‍රකාශ කළේ  ය.

මෙම වර්ගීකරණය මගින් සෞඛ්‍ය සේවා තුළ තීරණ ගැනීම්,සම්පත් ප්‍රමුඛතා සහ තොග කළමනාකරණය පහසු කර කරන බව ද ඔහු පැවසීය.

මෙවැනි හිඟයන් සඳහා පිළියම් නොයොදා සිටීම මගින් ඇති වන හදිසි අත්‍යවශ්‍යතාවය භාවිත කරමින් ලියාපදිංචි නොවූ බාල ඖෂධ සහ හොරා ඖෂධ ගෙන්වීම සඳහා පාර කපාන්නා වෑයමක් ක්‍රියාත්මක වන බවද හෙතම ප්‍රකාශ කළේ ය.

ප්රතිචාරයක් දක්වන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න