රුසියන් ජාතික සංචාරකයන් විසින් උනවටුන ප්‍රදේශයේ සංචාරක වීසා මත රැදී සිටිමින් ව්‍යාපාර කටයුතු කරගෙන යාම දේශීය සංචාරක ව්‍යාපාරයට ඉමහත් තර්ජනයක්ව පවතී. උනවටුන හැපි බනානා හෝටලයට යාබදව පිහිටා ඇති “gretcha” “ග්‍රේචා” අවන්හල මේ සම්බන්ධයෙන් ඉතා ප්‍රසිද්ඨියක් උසුලයි. රුසියන් ජාතික Andrei Gretcha යන පුද්ගලයා විසින් පවත්වාගෙන යන මෙම අවන්හලේ ගෙවීම් සදහා විදේශිකයන්ට රූබල් වලින් ඔවුන්ගේ රුසියන් බැංකු ගිණුම් වලට මුදල් බැර කල හැකි අතර තවද ඔවුන් ලබා දී ඇති QR කේත ඔස්සේ “Crypto” “USDT” හරහා ඔවුන්ගේ බැංකු සහ Crypto Wallet වලට මුදල් ලබා ගැනීමේ හැකියාව පවතී. ඉහත රුසියානු ජාතික පුද්ගලයා විසින් එම හෝටලය ආශ්‍රිතව සංචාරක ව්‍යාපාරයක් පවත්වාගෙන යන අතර එහි සියලු ගෙවීම් සිදු කරන්නෙ ඉහත ක්‍රම මගිනි.

ඔහුගේ සහචරයෙක් වන බෙලරුසියන් ජාතිකයෙක් වන Kirill යන අයද මෙම ව්‍යාපාරය ආශ්‍රිතව Poker ක්‍රීඩාව පවත්වාගෙන යයි. මෙම Poker ක්‍රීඩාව රුපියල් 10000ක් අඩුම මුදලකින් පටන් ගත හැකි අතර දිනකට ලක්ශ ගනනින් රුසියන් ජාතිකයන් උනවටුනේ සහ හික්කඩුවේ රහසිගතව පවත්වාගෙන යන නිවසක ක්‍රීඩාව කරයි. රජයේ නීති රෙගුලාසි අනුව සූදු ක්‍රීඩාව සදහා බලපත්‍රයක් ලබා ගත යුතු අතර එය දැඩි නියාමනයක් සහිතව කල යුත්තකි. නමුත් ඉහත විදේශීය ජාතිකයන් විසින් ඉතා රහසිගතව කරන මෙම ජාවරම නිසා රටට නැතිවන විදේශ විනිමය සහ බදු ආදායම විශාලය. Poker Ceylon යන නමින් Instagram ගිනුමකට අනුබද්දිතව පවත්වාගෙන යන මෙම රහසිගත සූදුව සමගම එම සූදු ක්‍රීඩකයන් හට රුසියන් රූබල් වලින් ගෙවීම් කිරීමේ හැකියාවක් පවතී. මෙම සියලුම රුසියන් ව්‍යාපාරිකයන් හට අවශ්‍ය උපදෙස් ලබාදීම සදහා Andrei Gretcha යන රුසියන් ජාතික පුද්ගලයා විසින් Russian Business Club යන නමින් telegram group එකක් පවත්වාගෙන යන අතර ඊට අමතරව Viktoria Palnther යන රුසියානු ජාතික කාන්තාව සමග තවත් Telegram සමූහයක් පවත්වාගෙන යන අතර එම සමූහය හරහා දිවයිනට පැමිණෙන රුසියන් සහ යුක්‍රේනියන් සංචාරකයන් සම්බන්ධ කරගෙන යයි. දැනට එම Telegram Group වල සාමාජිකයන් 15000කට ආසන්න ප්‍රමානයක් සිටින අතර එම group හරහා Tour Packages, Scooter rental, ගෙවල් කුලියට දීම, Money exchange යන සේවා පවත්වාගෙන යයි. දිනකට විශාල මුදල් ප්‍රමාණයක් මෙම පුද්ගලයන් විසින් හුවමාරු කරන ලබන අතර ඔවුන් මේ සදහා Hatton National බැංකුවේ Cardless Atm ක්‍රමය භාවිතා කරන ලද අතර රුසියානු සංචාරකයන් හට telegram හරහා ඔවුන් සමග සම්බන්ධ වී එම රුසියන් නියෝජිතයාගේ රුසියන් බැංකු ගිණුමට මුදල් බැර කර පසු ලංකාවෙ සිටින රුසියන් නියෝජිතයා විසින් එම සංචාරකයා හට HNB ATM එකකින් මුදල් ලබා ගැනීමට හැකි පරිදි cardless කේතයක් ලබා දේයි. මෙම රුසියානු Telegram Group එකේ රුසියන් ජාතිකයන් විසින්ම ඔවුන් ඔවුන්ගේ නිවාස අශ්‍රිතව පවත්වාගෙන යන කුඩා ව්‍යාපාර සදහා වෙළද දැන්වීම් පළකල හැකි අතර එම එක වෙළද දැන්වීමක් සදහා ඩොලර් 30ක මුදලක් අය කෙරේ. මෙහි ඇති සුවිශේශී බව වන්නේ දේශීය ව්‍යාපාරිකයන් හට මෙම වෙළද දැන්වීම් පළ කල නොහැකි බවයි. දේශීය ව්‍යාපාරිකයන් හෝ ශ්‍රී ලාංකිකයන් මෙම telegram සමූහයට ඇතුල් වුවහොත් එම Group හසුරවන රුසියන් ජාතිකයන් විසින් ඔවුන් ඉතා ඉක්මනින් ඉවත්කරනු ලබයි. මෙම සියලු කටයුතු සම්බදීකරණය කරනු ලබන්නේ රුසියන් ජාතිකයන් විසින් “Papa” නැතහොත් එම බසින් “තාත්තා” ලෙස අන්වර්ත නාමයෙන් හදුන්වන Andrei Gretcha යන අය විසිනි. Andrei Gretcha යන පුද්ගලයා රුසියානු ආරක්ශක අංශ වලට අවශය පුද්ගලයෙක් බවත් ඔහු ලංකාවට පැමිණි දින සිට නැවත මව් රටට ගොස් නැති බවට බොහෝ දෙනා පවසයි.

ඉහත රුසියන් ජාතිකයන් විසින් සිදුකරන ක්‍රියාකාරකම් පිලිබද තොරතුරු සොයා බලා ඒ සම්බන්ධව සුදුසු ක්‍රියාමාර්ග ගන්නා මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.

ස්තූතියි

ප්රතිචාරයක් දක්වන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න