කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කළේ ය.
ජාතික සත්ත්ව සංගණනයේ වාර්තාව (12) බත්තරමුල්ල කෟෂි කර්ම අමාත්‍යංශයේ දී එළි දැක් වූහ.
මහනුවර දිස්ත්‍රික්කයේ පහතහේවා හැට ප්‍රාදේශිය ලේකම් බල ප්‍රදේශයේ 60 994 රිලවන් සිටින බවත් මහනුවර දිස්ත්‍රික්යේ වර්ග ක්‍රිලෝ මීරයකට රිලවුන් 662 ක් සිටින බව ද හදුනා ගෙන තිබේ.
කෑගල්ලේ ගලිගමුව ගලිගමුව ප්‍රාදේශිය ලේකම් බල ප්‍රදේශයේ රිලවුන් 79 480 සිටින බව ද මෙහි දී අනාවරණය වී තිබේ.
රිලව් දිස්ත්‍රික්ක වශයෙන් වැඩි පුරම සිටින්නේ මහනුවර දිස්ත්‍රික්කයේ ය. එම සතුන් ප්‍රමාණය 634 668 කි.
වඳුරන් වැඩි පුරම සිටින්නේ අනුරාධපුරයේ ය. සතුන් 170315ක් මෙහි වදුරන් සිටී. හම්බන්තොට දිස්ත්‍රික්කයේ වඳුරන් 155 452 ක් සිටින බව තහවුරු වී තිබේ. දඩු ලේනා වැඩි පුරම සිටින්නේ කුරුණෑගලය. ඒ 546715කි.
වැඩිපුරම මොනරුන් සිටින්නේ කුරුණැගලය. ඒ සතුන් ප්‍රමාණය 621517කි.
යාපනයේ අලිමන්කඩින් පහළ ප්‍රදේශ යාපනයේ දැක ගත හැකි වන්නේ රිලවුන් 689 කි. යාපනයේ දඩු ලේනුන් 1309 ක් සිටින අතර මොනරුන් 1370 ක් සිටින බව තහවුරු වී ඇති බව ද වඳුරන් 21274ක් යාපනයේ සිටින බව හදුනා ගෙන තිබේ.
කෘෂිකර්ම අමාත්‍යාංශයේ එම කමිටුව මගින් සත්ත්ව සංගණනයට මිලියන 2.7 ක මුදලක් වැය වී ඇති බවත් සංගණන ලංකා ඉතිහාසයේ මේ වැනි මෙ වැනි දැවැන්ත කටයුත්තක දී රජයට වැය වූ අවම මුදල මෙය බව ද එම නිලධාරිහු පැවසුහ.
සංගනනයේ වියම ඉතාම අඩුයි. ඒ අනුව රජයේ මුද්‍රණ නිතිගත සංස්ථාව සංගණන වර් තා සටහන කරන්නට වැය කළ මුදල රුපියල් 24 7800 ක් වෙන බවත් එක් පත්‍රිකාවක් මුද්‍රණය කරන්නට වැය වූ මුදල ශත 30 ක් බවත් ඔවුහ පැවසුහ.
මේ අනුව වන සත්ව සංඝනනය සඳහා ආණ්ඩුව වැය කළ මුදල රුපියල් 27 16 314 බව ද ඔවුහු ප්‍රකාශ කළහ.
සංගනනයට සම්බන්ධ වු රාජ්‍ය ආයතන 17 ක නිලධාරින් 14 දෙදෙනෙකුගෙන් සමත්විත කමිටුව මගින් මෙම තොරතුරු මාධ්‍යයට ඉදිරිපත් කරනු ලැබූහ.
ජාතික සත්ව සංගණනයේ වාර්තාව ප්‍රකාශයට පත් කර එකරමින් එම කමිටුවේ සමාජිකයන් මෙසේ පැවසූහ.
මෙසේ ප්‍රකාශයට පත් කර ඇත්තේ කෘෂිකර්ම අමාත්‍යාංශය මඟින් ඉකුත් මාර්තු 15 වන දින සිදු කළ ජාතික සත්ත්ව සංගණනයේ වාර්තාව අමාත්‍යාංශය සඳහන් කළේ ය.
මෙහි දී රාජ්‍ය නිලධාරිහු මෙන්ම ජනතාව ද ලබා දුන් සහයෝගය අගය කරන බව ද ඔවුහු පැවසු හ.
පළමුව මෙම සංගනනය කිරීමට විනාඩි දහයක කාලයක් තළ සිදු කරනට සැලසුම කළ ද පසුව අප කමිටිවු මගින් එය විනාඩි 05 කට සීමා කළ බව ද එම නිලධාරිහු පැවසු හ.
රිලා වඳුරු දඩුලේනා සහ මොනරා රට පුරා ගැවසෙන් ආකාරය අනුව රට මැද මෙම ගහනය වැඩිපුර දකිය හැකි අතර උතුරු නැගෙනහිර වන සතුනගේ පැතිරීමේ අවම ප්රවනතාවයක් දැකිය හැකි බව ද ඔවුහු පෙන්වා දුන්හ.
යාපනයේ රිලවුන් අඩු බවත් රට මැද ප්‍රදේශවල රිලවුන් වැඩි බව ද වගා බිම්, පූජා නගර පාසල් හා සමහර පොදු ස්ථාන වල සතුන්ගේ ව්‍යාප්තිය වැඩි වී ඇති බව ද ඔවුහු පැවසු හ.
සත්ව සංගණනය වාගේම සත්ව කළමණාකරණ වැඩ සටහනනට ජන මාධ්‍යවලින් ලබා දුන් සහයෝගය අප කමිටිවු අගය කරන බව ද ඉදිරියට මෙම කටයුතු සඳහා සහයෝගය ලබා දෙන ලෙස ද ඔවුන් ඉල්ලා සිටියේ ය.
වනසතුන් වැඩිපුරම ජීව්වන ප්‍රදේශ තළ මෙම සතුන් වැඩි වීමට ප්‍රධාන හේතුව වශයෙන් හඳුනාගෙන ඇත්තේ නිසි පරිදි කසළ කළමනාකරණය සිදු නො කිරිමයි.
මෙයට අමතරව සතුනට වැඩි වශයෙන් ආහාර තිබිම නිසා ඒවා සතුන් අනුභව කර පෝටීන් සහිත ආහාර වැඩිපුර ගෙන ප්‍රජනන ක්‍රියාවලිය ශක්තිම් වූ නිසා බව ද හෙළි වී ඇති බව ද කමිටුව ප්‍රකාශ කළහ.
වන සතුන් වන්ද්රීකරණය කිරීමට අවශ්‍ය සැලසුම් සකස් කරන්නේ ඉතාම විද්යාමකවයි. එය අප නිර්දේශ කර අතිබවද මෙහිදිඅවදාරණය විය.
නමුත් මේ සඳහා මෙම ක්‍රියාවලිය දෙස බලා එම තින්දු තිරණ ගනු ලබන්නේ සත්ව සංවිධාවල ආකල්ප ආගම දහම ආදි ආගමික සාධක ද සතුනට ආදරය කරන හා සතුන්ට ප්‍රිය කරන ජනතාවගේ අදහස් ද මතයි ඒ සියල්ලම සිදු කරන්නට නිර්දේශ කර තිබෙන්නේ යැයි ද කීය.
සතුන් දුපත්වලට යොමු කරනවා ද නැතිනම් විදෙස් රටවලට යවනවාද නැතිනම් වෙනත් ක්රමසකස් කරනවාද යන්න අප නිරිදේශ කරමින් තියෙන්නේ වැඩිපුර ජනතාවගේ අදහස් අනුවයි.
අප මේ සත්ව සංගණනය අනුව රටට නිර් දේශ කර සිටින වැදගත් නිර්නායක යක් ලෙස ප්‍රජා භෝග ආරක්ෂණ කමිටු ඇති කිරිම යි. සතුන් වැඩි පුරම බෝවන්නට හේතුවක් වී ඇත්තේ සමහර විලෝපීය සතුනගේ අඩු වීමයි. නරියන් හිඟවීම ද මේ සතුනගේ වැඩි වීමට හේතුවක් ලෙස හදුන්වා දිය හැකියි.
මෙම සතුනගේ පාලනය සඳහා නිර්දේශ කරන රැසක් අප ඉදිපත් කර තිබෙන බව ද ඔවුහු පැවසුහ.
මෙම සත්ව පාලන කටයුතු සඳහා සහයෝගයට සිවිල් ආරක්ෂක කමිටු හා නිලධාරින් හා ආරක්ෂක නිලධාරින්ද යොදා ගන්නා අතරම සත්ව සංවිධාන ද විද්‍යාමකව මෙය සිදු කරන්ට අප නිර්දේශ කර තිබේ.
අප ලබා ගත් මෙම සියලුම තොරතුරු විෂය භාර අමාත්‍ය වරයාට හා අමාත්‍යංශ ලේකම් වරයාට ද බාර දෙනු ලැබු බවත් ඒ අනුව එතුමන්ලා මෙහි අවසන් තීන්දු තීරණ ගන්නා බව ද සත්ව සංගනන කමිටිවේ නිලධාරිහු පැවසුහ.
සියලුම තොරතුරු පැහැදිලි වන සටහන්ද මෙහි අමුණා ඇත!