කොළඹ කුරුඳුවත්ත ප්‍රදේශයේ පිහිටි මාර්ටින් වික්‍රමසිංහ පදනමක තිබූ මිල කළ නො හැකි කෞතුක භාණ්ඩයක් වන රන් මිශ්‍ර රුවල් නැවක් සොරා ගෙන විකුණා එම මුදලින් මත්කුඩු භාවිතා කළ බව කියන සැකකාර පුද්ගලයකු ජුනි මස 16 දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය (22) කොළඹ බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කළාය.
නාරාහෙන්පිට ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන ජයකුමාර් නැමැත්තෙකු එසේ අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නියම කෙරුණි.
මත්කුඩු සන්තකයේ තබාගැනීමේ චෝදනාවකට අදාළව මාලිගාකන්ද මහේස්ත්රාතත් අධිකරණය මගින් සැකකාර පුද්ගලයා මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බවත් කුරුඳුවත්ත මාර්ටින් වික්ර්මසිංහ පදනමේ තිබූ රන් මිශ්රග රුවල් නැවක් සොරා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන්ද ඔහු සැකකරුවකුු වන බැවින් ඔහුව අධිකරණය වෙත ඉදිරිපත් කිරීම සඳහා බන්ධනාගාර අධිකාරිවරයා වෙත නියෝගයක් නිකුත් කරන ලෙසට කුරුඳුවත්ත පොලිසිය කරන ලද ඉල්ලීමක් සලකා බලමින් මහේස්ත්රාුත්වරිය එසේ නියෝග කළාය.
සිද්ධිය සම්බන්ධයෙන් කරුණු දක්වමින් කුරුඳුවත්ත පොලිසිය අධිකරණය හමුවේ කියා සිටියේ මත්කුඩු සන්තකයේ තබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකාර පුද්ගලයා අත්අඩංගුවට ගෙන සිදුකළ ප්රීශ්න කිරීම්වලදී එම මාර්ටින් වික්රයමසිංහ පදනමේ තිබූ එම රන් මිශ්රට රුවල් නැව සොරා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුගෙන් තොරතුරු හෙළිවූ බවය.
එසේ සොරා ගන්නා ලද එම කෞතුක භාණ්ඩය සැකකාර පුද්ගලයා විසින් රුපියල් 7000 ක මුදලකට නුගේගොඩ ප්ර දේශයේ පුද්ගලයෙකුට විකුණා තිබියදී සොයාගත් බවද පොලිසිය අධිකරණයට දැන්වීය.
එම කෞතුක භාණ්ඩය විකුණා ලබාගත් මුදල් වලින් සැකකාර පුද්ගලයා මත්කුඩු භාවිතා කර ඇති බවද පොලිසිය අධිකරණය හමුවේ පැවසීය.
සැකකාර පුද්ගලයා විසින් එසේ විකුණා තිබියදී සොයා ගන්නා ලද කෞතුක භාණ්ඩය කුරුඳුවත්ත පොලිසිය මගින් අධිකරණය වෙත ඉදිරිපත් කළ අතර එය නැවත කුරුඳුවත්ත ප්රිදේශයේ පිහිටි මාර්ටින් වික්රතමසිංහ පදනම වෙත මුදා හැරීමට අවශ්යද පියවර ගන්නා ලෙසටද මහේස්ත්රාදත්වරිය කුරුඳුවත්ත පොලිසියට නියම කළාය.