රට පුරා ඉන්සියුලින් හිඟය නිසා රෝගීන්ගේ ජීවිත බරපතල අවදානමට ලක්ව ඇති බව සෞඛ්‍ය වෘත්තීය වේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමු දේශ් මහතා පවසයි.

මේ අනුව දැනට රට තුළ ඇති ඉන්සියුලින්  ජාතික අවශ්‍යතා සපුරා ලිය හැක්කේ තවත් දින 10 කට පමණ ක් බව ද ඔහු සඳහන් කළේ ය.

මේ අවුල විස දීමට වහා ක්‍රියාමාර්ග ගන්නා ලෙස වගකිව යුතු අංශ වලින් ඉල්ලීමක් කරන බව ද හෙතෙම කියා සිටියේ ය.

මෙයට අමතරව අත්‍යවශ්‍ය වැදගත් ඖෂධයක් වන මිස්ටාඩ් ඉන්සියුලින් සම්බන්ධයෙන් මේ වන විට පවතින තත්ත්වය රෝගී ජීවිත සඳහා දැඩි අවදානමක් ඇති බව දැකිය හැකි බව ද හෙතෙම කියා සිටියේ ය.

මෙම ඉන්සියුලින් සඳහා මාසික අවශ්‍යතාවය ඒකක 1 83 000 ක් පමණ වන අතර වෛද්‍ය සැපයීම් අශයෙ හි දැනට පවතින සංචිතය ඒකක 1 11 000 ක් සහ රෝහල් හා ආයතනවල සංචිතය ඒකක 1 19 000 ක් පමණ වන බව ද ඔහු කීය.

ඒ අනූව ජාතික වශයෙන් පවතින සම්පූර්ණ ඒකක  ප්‍රමාණය 2 31 000 ක් පමණ බව ද ඔහු ප්‍රකාශ කළේ ය.

මේ වන විට  තවත් දින 10 ක පමණ පරිභෝජනය සඳහා පමණක් ප්‍රමාණවත් බව කියවෙන අතර අප්‍රේල් මාසය අවසන් වන විට පවා මූලික අවශ්‍යතාව සපුරා ලිය නො හැකි තත්ත්වයක් පවතින බව ද ඔහු ප්‍රකාශ කළේ ය.

මිස්ටාඩ් ඉන්සොයුලින් හි වැදගත්කම සහ හිඟයක ප්‍රතිවිපාක ඉතා දරුණ විය හැකි බව ද ඔහු කීය.

මිස්ටාඩ් ඉන්සියුලින් යනු I/II වර්ගයේ ප්‍රමාණවත් රුධිර සීනි පාලනයක් අවශ්‍ය වූ ප්‍රමාදිත ක්‍රියාකාරී ඉන්සුලින් ආශ්‍රිත රෝගීන්ට භාවිතා වන අත්‍යවශ්‍ය ජීවිතාරක්ෂක ඖෂධයක් බව ද ඔහු කීය.

මෙය නොමැතිවීමෙන් සිදුවිය හැකි දැඩි හානිකර ප්‍රතිවිපාක රැසක් ඇති බව ද ඔහු කීය.

Hyperglycemia – රුධිරයේ සීනි මට්ටම අවධියට ඉක්මවීම, Diabetic ketoacidosis – ජීවිතය සඳහා මරණාත්මක තත්ත්වයක්, සංඛුචිත රෝහල් ප්‍රතිකාරය සහ ICU අවශ්‍යතාවය, රෝගීන්ගේ මරණය දක්වා වන අවදානමක් ඇතිවිය හැකි බව ද ඔහු ප්‍රකාශ කළේ ය.

අප සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය ලෙස Mistad Insulin හිඟය සම්බන්ධයෙන් වහා ක්‍රියාත්මක විය යුතු ක්‍රියා මාර්ග ගන්නා ලෙසද හෙතෙම කියා සිටි යේ ය.

අවශ්‍ය වහාම සෙවීම සහ ආනයනය සඳහා විශේෂ ක්‍රියාත්මක සැලැස්මක් ගෙන ඒම, රෝහල්වලට ප්‍රමුඛතාවය සහිත බෙදාහැරීමක් ක්‍රියාත්මක කිරීම, රෝගීන්ට විකල්ප ප්‍රතිකාර ක්‍රම පිළිබඳව නිවැරදි මාර්ගෝපදේශන ලබා දීම, රජයේ නිල ප්‍රකාශනයක් මගින් ජනතාවට තත්ත්වය පිළිබඳ ව පැහැදිලි කිරීම වහා සිදු කළ යුතු බව ද සෞඛ්‍ය වෘත්තීය වේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමු දේශ් මහතා වැඩි දුරටත් ප්‍රකාශ කළේ ය.

ප්රතිචාරයක් දක්වන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න