බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ කාන්තා සැරයන් ප්‍රියදර්ශනී මන්ත්‍රීරත්න පදක්කම් තුනක් දිනා ගනියි.
රටවල් 44 ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගි වු යුරෝපා මාස්ටර් මලළ ක්‍රීඩා තරඟාවලියේ වයස අවුරුදු පනහ හැට කාණ්ඩයේ මීටර් 100X 4 රන් පදක්කම, තුම්පිම්ම පැනීම ලෝකඩ පදක්කම සහ හෙල්ල විසි කිරීමෙන් ලෝකඩ පදක්කම දිනා ගැනීමට අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය යටතේ ගම්පහ දිසා අධිකරණයට අනුයුක්තව සිතාසි හා ඇස්කිසි ක්‍රියාත්මක කරන්නකු ලෙස සේවය කරන කේ.පී.නාලක සමන්තසිරි මහතා සමත් වෙයි.
යුරෝපා මාස්ටර් මලළ ක්‍රීඩා තරඟාවලිය ඇල්බේනියාවේ මැයි 13 වන දින සිට 20 වන දින දක්වා පැවති අතර, ජයග්‍රහණය කළ නාලක සමන්තසිරි මහතා ඇතුළු ක්‍රිඩක ක්‍රීඩකාවන් අද (21) පෙරවරුවේ මෙරටට පැමිණිම සිදු විණි.
මේ අතර යුරෝපා මාස්ටර් මලළ ක්‍රීඩා තරඟාවලියට සහභාගි වු බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ බන්ධනාගාර කාන්තා සැරයන් ප්‍රියදර්ශනී මන්ත්‍රීරත්න මහත්මිය මීටර් 300 කඩුළු පැනීම තරඟයෙන් රිදී පදක්කම, මීටර් 80 කඩුළු පැනීමෙන් රන් පදක්කම සහ හෙල්ල විසී කිරීමෙන් රිදී පදක්කම දිනා ගැනීමට සමත් විය.
මෙම තරඟාවලිය සඳහා සහභාගි වු තවත් ක්‍රීඩකයින් දෙනෙකු ද ඔවුන් දෙදෙනා සමඟ මෙරටට පැමිණෙන ලදී.

ප්‍රතිචාරයක් දක්වන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න