යුවළකගේ විසි පොරන්දමට අමතරව නවතම පොරොන්දමක් සම්බන්ධව ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍ය විශේෂඥ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය කපිල ජයරත්න මහතා හෙළි දරව්වක් කර තිබේ.

යුවළකගේ විසි පොරන්දමට අමතරව නවතම පොරොන්දමක් සම්බන්ධව ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍ය විශේෂඥ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය කපිල ජයරත්න මහතා හෙළි දරව්වක් කර තිබේ.

ඊයේ (03) කොළඹදී පැවැති මාධ්‍ය හමුවක දී ඒ මහතා මෙම නවතම හෙළිදරව්ව කරමින්  වැඩි දුරටත් අදහස් දක්වමින් මෙසේද කීය.

මෙම වසරේ ලෝක උපත් ආබාධ දිනයේ තේමාව වන්නේ “කිසිවෙකු අත නොහැර ඉදිරියට යාම” යන්නයි.

උපත් ආබාධ යනු ගර්භිණී කාලය තුළ කුස තුළ සිදුවන යම්කිසි විකෘතිතාවයක් හෝ යම්කිසි ක්‍රියාවලියක් තුළින් සිදුවන ආබාධ තත්ත්වයක් වෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය අනාවරණය කර ගෙන ඇත්තේ ලොව පුරා සෑම වසරකම උපත් ආබාධ හේතුවෙන් අලුත උපදින බිළිඳුන් 303,000ක් මිය යන බවයි.

ඉන් ඇස්තමේන්තු ගත මරණ 90,000ක් අග්නිදිග ආසියාවේ සිදුවන අතර මරණ අනුපාතයට අමතරව උපත් ආබාධ දිගුකාලීන ආබාධ ඇති කරනු ඇති බවටත් එහිදි අනාවරණය වී තිබෙනවා.

මෙරට 2012 වසරේදී පළාත් තුනක් උපයෝගී කරගනිමින් පර්ශේෂණයක් පැවැත්වූ බවත් එහිදී සජීවි දරු උපත් 18,000ක් අධ්‍යයනය කළා . එහිදී මෙරට උපත් ආබාධ සහිත දරුවන් කොපමණ ඉපදෙන්නේද යන්න අධ්‍යයනය කරන්නට පියවර ගත්තා.

මෙහි දී ඇතැම් උපත් ආබාධ ඉපදුණු විට දක්නට ලැබෙන බවත් ඇතැම් උපත් ආබාධ අවුරුදු 60දී පවා දක්නට ලැබෙනවා. මෙම සියලුම උපත් ආබාධ සිදුව ඇත්තේ ගර්භිණී කාලයේදී යි.

මෙරට සජීවි දරු උපත් සංඛ්‍යාව ක්‍රමාණුකූලව අඩු වෙමින් පවතිනවා. පසුගිය වසරේදී සජීවි දරු උපත් 247,000ක් සිදුවූ ඇතැයිද දළ වශයෙන් මෙරට දරුවන් 4000-5000ත් අතර ප්‍රමාණයක් උපත් ආබාධ සහිතව උපදින බවට ඇස්තමේන්තු කර තිබෙනවා.

ඒ අනුව සජීවි දරු උපත් සංඛ්‍යාවෙන් 1%ත් -1.2%ත් අතර ප්‍රමාණයකට මෙම උපත් ආබාධ පවතින බවත් මින් වැඩිම උපත් ආබාධ ලෙස දැකිය හැක්කේ හෘද රෝග බවත් ඉන් පසු ගාත්‍රා ආශ්‍රිත ආබාධ තත්ත්වයන් සහ අනෙකුත් ආබාධ මෙන්ම ආහාර ජීර්ණ පද්ධතිය ආශ්‍රිතව මෙන්ම වකුගඩු ආශ්‍රිත ආබාධද බව දැකිය හැකියි.

මෙරට ළදරු මරණවලින් 39%ක් උපත් ආබාධ හේතුවෙන් සිදුවන බව පෙන්වා දිය හැකියි.

විවාහ වෙලා දරුවන් ලැබෙන්න සිටින විට වෛද්‍ය උපදෙස් ගන්නට සායනවලට යන ක්‍රමයක් ලංකාවේ ගැබිණි මාතාවන් සිදුකරන බව දැකිය හැකියි. නමුත්  දැන් අලුත්ම ක්‍රමය වන්නේ විවාහ වන්නට පෙර දෙදෙනා වෛද්‍යවරු හමු වී  වෛද්‍ය උපදෙස් ලබාගෙන නිසි පරිදි විවාහ වීමයි.

එවිට ඉපදෙන දරුවන් නිරෝගි වන්නට හැකි සෞඛ්‍ය පදනමක් ඇතිව කටයුතු කළ හැකි ව තිබෙනවා.

එවිට ආබාධිත දරුවන් අංග විකල දරුවන් හෝ මන්ද මානසික දරුවන් ඉපදෙන්නේ නෑ. ඒ නිසා මේ අපේ කාලයේ අලුත්ම විවාහ පොරොන්දම සම්බන්ධයෙන් විවාහ වන්නට සිටින ආදරවන්තයන් මෙන්ම ඒ අයගේ දෙමාපියන්ගේ ද දැඩි අවධානය යොමු විට යුතු බව පෙන්වා දිය හැකි යි.

විවාහ වී ගැබිණියක් වූ පසුව නිසි වෛද්‍ය උපදෙස් ගන්නට යනවාට වඩා විවාහ වන්ට ප්‍රථම නිසි වෛද්‍ය උපදෙස් ගෙන විවාහ වන්නේ නම් එය වැදගත් වෙනවා. එවිට රටට ඉපදෙන දරුවන් නිරෝගි වන්නට හැකියාවක් තිබෙනවා.

ඔබ ගැබිණි මාතාවක් නම් නිසි පරිදි වෛද්‍ය උපදෙස් නිරතුරුවම ලබා ගන්න. නිසි පරිදි ලබාදෙන ඖෂධ මාත්‍රාව භාවිතා කරන්න. හැම විටම වෛද්‍ය උපදෙස් ලබා ගන්නට පියවර ගන්නේ නම් ඉතාම වැදගත් වෙනවා. මේ අනුව ඔබ විවාහ වනවා නම් ගැබිණි වන්නට පෙර ඒ සඳහා සූදානම් වන්නේ නම් වැදගත් වෙනවා.

ලෝකයේ ළදරු උපත් වලින් සියයට දෙකක් ආබාධිත ආකාරයට බිහිවන ප්‍රවනතාවයක් දැකිය හැකියි. ලංකාවේ වසර ගණනකට පෙර දරු උපත් දහසකින් විසිදෙදෙනෙකු මිය ගියා. මෙය අදවන විට 14 දක්වා ද මේ වන විට ළදරු මරණ ප්‍රමානය දහසකට අට දෙනෙකු  බවට පත්ව තිබෙනවා.

ලංකාවේ වසරකට ළදරු උපත් ලක්ෂ තුනකට ආසන්නයි. ඉන් 4000 ක් 5000 ක් පමන පිරිසක් උපතින්ම ආබාධිත තත්ත්වයට පත්ව උපදිනවා. නමුත් මේ දරුවන් වැඩි පිරිසක් සුවපත් කරන්නට හැකි ලෝකයේ ඇති සුවිශේෂ වු වෛද්‍ය වරු  රෝහල් පහසුකම් වෛද්‍ය කා ර් ය මණ්ඩලය ඖෂධ මෙන්ම තාක්ෂණයද අප නිදහස් සෞඛ්‍ය සේවය සතුව තිබෙනවා.

නමුත් මේ සියල්ලම තිබුනත් ඔබ නිරතුරුවම විවාහ වූ  වූවා නම් දරුවන්ට ආදරෙයි නම් ඉතාම ඉක්මනින්ම වෛද්‍ය උපදෙස් ඇතිව නිරෝගිමත් දරුවන් හදන්නට පියවර ගත යුතුයි. ගැබිනියක් වී වෛද්‍යවරුන් හමුවන්නට පෙර ගැබිනියක් වන්නට පෙර වෛද්‍යවරුන් හමු වන්නට කටයුතු කරන්වා නම් වැදගත් වෙනවා.

සංජානනීය ආබාධ නැත්නම් උපත් ආබාධිත දරුවන් බිහිකිරීම මේ අනුව අපට වලක්වා ගත හැකිව තිබෙනවා.

හදවත් අසීරු රෝගි ආබාධිත දරුවන් වසරකට 900 ක් පමණ සුවපත් කරන්නට අප රටට හැකිව තියෙනවා. වෙනත් ආබාධිත වූ දරුවන් 600 ක් පමණ ද අප රට වෛද්‍යවරු සුවපත් කරන්නට හැකියාව ලැබි තියනවා. මේ අනුව අපේ දරුවන් 1500 ක් පමණ පිරිසක් මරණයෙන් ගලවා ගන්නට අප රටේ වෛද්‍යවරුන්ට වාර් ෂිකව හැකියාවක් මේ වන විට ලැබී තිබෙනවා.

මේ නිසා විවාහ වන්නට පෙර හා විවාහ වී සති ගණනයක් ගත වන්නට පෙර දරුවන් හදන්නට කල්පනා කරන දෙමාපියන් සිදුකළ යුත්තේ හැකි විගස ඉක්මනින්ම වෛද්‍යවරුයෙකු හමු වී නිසි වෛද්‍ය උපදෙස් ලබා ගැනීම ඉතා වැදගත් බව  ද ඒ මහතා ප්‍රකාශ කළේය.

මෙහි දී හරිත අලුත්ගේ, වජිර දිසානායක, දුම්න්ද සමරසිංහ, ගයානි ගුණවර් ධන ,සුසන්ත පෙරේරා,විඥා සුහසිංහ යන වෛද්‍ය මහත්ම මහත්මීන්ද මෙහි දී  අදහස් දැක් වූහ.  

ප්‍රතිචාරයක් දක්වන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න