2024 උසස් පෙළ විභාගයෙන් මෙවර සියයට 64.73ක් සරසවි වලට සුදුසු කම් ලබා ඇති බව විභාග කොමසාරිස් ජනරාල් එම්. ජේ. එම්. සී අමිත් ජයසුන්දර මහතා පවසයි.
විවිධ අයතා සිදු කරමින් විභාගයට පෙනි සිටි අයදුම් කරුවන් 456 කගේ ප්‍රතිපල අත්හිට වූ බව ද ඒ මහතා කීය.
2024 දි උසස් පෙළ විභාගයට පෙනී සිටි පාසල් අයදුම් කරුවන්ගේ සංඛ්‍යාව 222 774 ක් වූ අතර පෞද්ගලික අයදුම් කරුවන් පිරිස වූයේ 51587 ක් පමන බව ද ඒ මහතා කී අතර අයදුම් කල සමස්ත පිරිස වූයේ 27 4361 ක් බව ද ඒ මහතා කීය.
සරසවිවළට සුදුසුකම් ලැබු පාසල් අයදුම් කරුවන්ගේ ප්‍රමාණය 149964 ක් විය. සරසවි ප්‍රවේශය සඳහා සුදුසු කම් ලැබු පෞද්ගලික අයදුම් කරුවන් පිරිස 27624 ක් පමණ බව ද විභාග කොමසාරිස් ජනරාල් වරයා ප්‍රකාශ කළේ ය.
මේ අනුව සරසවි වලට සුදුසුකම් ලැබු ඇති සිසුන් පිරිස 177 588 ක් බව ද බව විභාග කොමසාරිස් ජනරාල් එම්.ජේ.එම්.සී අමිත් ජයසුන්දර මහතා වැඩිදුරටත් පැවසීය.