වදකාගාර රැසක දී අහිංසක මිනිසුන් 60 000 ක් අමු අමුවේ මරා දැමු පිරිස් පිළිබඳව දැන දැනත් වත්මත් ආණ්ඩුව මේ සියල්ලම යටපත් කරන්නට කටයුතු කරන ආකාරයක් දැකිය හැකි බව පෙරටුගාමී සමාජවාදී පක්ෂ පවසයි.
බටලන්ද වඳකාගාරය ඇතුළු රට පුරා වසර 88,89 කාලවල දී ක්‍රියාත්මක වූ වඳකාගාර රැසක තොරතුරු සිද්ධි ඇසින් දුටු එකම සාක්ෂිකරු හදිස්සියේම අපරාධ විම ර්ශ න අංශයට පැමිණි එම පැමිණිල්ල සිදු කර තිබේ.
ඒ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මධ්‍යම කාරක සභික ඉන්ද්‍රානන්ද සිල්වා මහතා ය.
ඊයේ (02) කොළඹ අපරාධ විම ර් ශන අංශයට පැමිණ පැමිණිල්ල සිදු කිරීමෙන් පසුව මාධ්‍යයට අදහස් දැක්වමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මධ්‍යම කාරක සභික ඉන්ද්‍රානන්ද සිල්වා මහතා මෙසේ පැවසීය.
වදකාගාරවලට සම්බන්ධ පුද්ගලයින් වහාම අත්අඩංගුවට ගන්නා ලෙස අප මේ ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා. අප වසර ගණනාවක් මේ සිද්ධින් සම්බන්ධයෙන් වගකිව යුතු අයට කීවා. ලිඛිතව කරුණු කියා සිටියා. නමුත් සියල්ලම යටපත් කර තිබුනා.
අප අද ආවේ මේ සිද්ධින් සම්බන්ධව වගකිව යුතු පුද්ගලයන්ට දඩුවම් දෙන්න කියා මේ ආණ්ඩුවෙන් ඉල්ලන්නට යි.
මම මේ රටේ පවත්වා ගෙන ගිය වදකාගාරවල තොරතුරු ඝාතනයට ලක් කළ පිරිසගේ තොරතුරු ආදි සියල්ලම මා සතුව තියනවා. මා හා තවත් පුද්ගලයන් රැසක් මේ සිද්ධින් ඇසින් දුටු සාක්ෂි අප සතුව දැනට තියනවා.
මේ නිසා මේ ඝාතනවලට සම්බන්ධ වූ පිරිස් සම්බන්ධයෙන් පරික්ෂණයක් කර නිසි දඩුවම් ලබා දෙන්න යැයි අප මේ ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා.
මේ ආණ්ඩුවට යුතුකමක් තියනවා මේ ඝාතනවලට සම්බන්ධ වූ පිරිස් වලට නිසි දඩුවම් දෙන්න. 60 000 ක් පමණ ජීවිත ඝාතනය කළ පුද්ගලයනට දැන්වත් මේ වත්මන් ආණ්ඩුව දැඩුවම් දෙනු ඇති බව අප විස්වාස කරනවා.
මා හෝ අප ලබා දෙන තොරතුරු නැති කරන්නට මාව ඝාතනය කල ද මේ තොරුතුරු සාක්ෂි යටපත් කරන්නට බැහැ. ඒ සියල්ලම අප රහසේ රස් කර ආරක්ෂා කර තියනවා.
මේ රට පාලනය කළ ගජ මිතුරු පාලකයන් මෙම පරික්සනයන් දිගින් දිගටම යටපත් කළා. නමුත්, මේ නව ආණ්ඩුව ද මේවාට වගකිව යුතු අය දැන දැනත් ඒවා ප්‍රමාද කරන්නට කටයුතු කරන බව දැකිය හැකි යි.
අපි පවසන්නේ ජනතාවගේ නාමයෙන් ජනතාවගේ කැමැත්ත අනුව ජනතා අධිකරනරණට භාර දුන් මේ තොරතුරු ගැන වහාම පරික්ෂණයක් කර වැර දී වැඩ කල තව මත් ජීවත්ව සිටින පිරිස්වලට නිසි දඩුවම් දෙන ලෙස අප මේ වත්මන් ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බව ද ඒ මහතා පැවසීය.