නුවරඑළිය ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුළ පරිසරය අපවිත්‍ර වන පරිදි විවිධ ස්ථාන ආශ්‍රිතව පෝස්ටර් අලවන පුද්ගලයන්ට එරෙහිව  නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමට  නුවරඑළිය ප්‍රාදේශීය සභාව පියවර ගෙන තිබේ.

ඒ අනුව මින් ඉදිරියට දැන්වීම් ප්‍රදර්ශනය කිරීමට සකස් කොට ඇති ස්ථාන හා දැන්වීම් පුවරුවල හැර පරිසරය අපවිත්‍ර වන  පරිදි අනෙකුත් ස්ථානවල දැන්වීම් ඇලවීම සිදු නොකරන ලෙසත්, එසේ දැන්වීම් අලවන පිරිස් හා පුද්ගලයන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක  කිරීමට පියවර ගන්නා බව ප්‍රාදේශීය සභාව පවසයි.

මෙසේ පසුගිය දිනවල පරිසරය විනාශ වන ආකාරයෙන් පෝස්ටර් අලවා තිබූ පිරිසකට එරෙහිව නීතිමය ක්‍රියා මාර්ග ගත් බවත්, එහෙදී එම පෝස්ටර් අලවන ලද පිරිස් ලවාම එම පෝස්ටර් ගලවා ඉවත් කොට එම ස්ථාන පිරිසිදු කිරීමට පියවර ගත් බව ප්‍රාදේශීය සභාව සඳහන් කරයි.

මින් ඉදිරියට නුවරඑළිය ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුළ  නියම කොට ඇති ස්ථානවල හැර අනෙකුත් තැන්වල  පෝස්ටර් අලවන පිරිස් දුටුවොත් ඒ සම්බන්ධයෙන් නුවරඑළිය ප්‍රාදේශීය සභාවේ 0522229822 හෝ 0522229527 දරණ දුරකතන අංකවලට කඩිනමින් දැනුම්දීමට පියවර ගන්නා ලෙස මහජනතාවගෙන්  වැඩිදුරටත් ඉල්ලා සිටිති.

ප්‍රතිචාරයක් දක්වන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න