සෞඛ්‍ය සේවා පද්ධතිය ඩිජිටල්කරණයට පත් කිරීම මූලික අරමුණ කර ගනිමින් පොකුරු සෞඛ්‍ය තොරතුරු පද්ධතිය දියත් කිරීම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් තඹුත්තේගම මූලික රෝහලෙන් ආරම්භ කර තිබේ.
මෙරට ප්‍රාථමික සෞඛ්‍ය සේවාව තුළ සුවිසල් පරිවර්තනයක් සනිටුහන් කරමින් ප්‍රාථමික සෞඛ්‍ය සේවා ඩිජිටල්කරණ ව්‍යාපෘතිය යටතේ පොකුරු සෞඛ්‍ය තොරතුරු පද්ධතිය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය (05) තඹුත්තේගම මුලික රෝහල කේන්ද්‍ර කර ගනිමින් දියත් කෙරිණි.
මෙම පොකුරු සෞඛ්‍ය තොරතුරු පද්ධතිය,මෙරට සෞඛ්‍ය සේවා පද්ධතිය ඩිජිටල්කරණය කිරීමේ සුවිශාල ඉදිරි පියවරක් වන බවත් රට තුළ සෞඛ්‍ය සේවා ප්‍රතිසංවිධානය කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් ගෙනයනු ලබන වැඩපිළිවෙළෙහි තවත් එක් කොටසක් ද වන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසී ය.
මෙම සෞඛ්‍ය පද්ධතිය තුළින් සම්පත් වඩාත් හොඳින් භාවිතා කිරීමටත්,පුළුල් සංවිධානාත්මක සත්කාර සේවාවක් ලබා දීමටත් එමෙන්ම දත්ත මත පදනම් වූ තීරණ වේගවත් ව ලබා දීමටත් හැකියාව ලැබෙනු ඇති බව ද ඔහු පැවසීය.
මෙම පොකුරු සෞඛ්‍ය තොරතුරු පද්ධතිය මඟින් ඉහළම විශේෂඥ සත්කාර සපයන රෝහලක් වටා ඇති රෝහල් සහ සායන “පොකුරු” ලෙස කාණ්ඩගත කර ඇති බවත්, එමගින් රෝහල් සහ සායනවල සිටින බලයලත් වෛද්‍යවරුන්ට සහ හෙදියන්ට රෝගියාගේ සෞඛ්‍ය වා ර් තා ,X-ray, රසායනාගාර පරීක්ෂණ ප්‍රතිඵල බෙහෙත් වට්ටෝරු සහ ප්‍රතිකාර මෙන් ම රෝගියාගේ රෝග ඉතිහාසය පිළිබඳ දත්ත අධ්‍යයනයට ඉඩ සැලසෙන බව ඒ මහතා කීය.
පෙන්වා දුන් අමාත්‍යවරයා එමගින් රෝගියාගේ සෞඛ්‍යය පිළිබඳ නිසි දත්ත සහ කරුණු ඉතා කෙටි කාලයක් තුළ අධ්‍යයනය කර හැකි බැවින් නිවැරදි ප්‍රතිකාර ලබා දීමට පහසු වන බව ද ඔහු පැවසී ය.
එමෙන් ම රසායනාගාරයක් නොමැති ප්‍රාදේශීය රෝහලක් නම් එකම පොකුර තුළ ඇති රෝහලකට පරීක්ෂණ සාම්පල යැවිය හැකි වන පරිදි මෙම පද්ධතිය සකස් කර ඇති බව ඇමතිවරයා පැවසු අතර මෙය නැවත නැවත පරීක්ෂණ කිරීම අඩු කිරීමට ද බෙහෙවින් උපකාරී වෙමින් රෝගීන්ට අවශ්‍ය සත්කාර කාර්යක්ෂමව ලබා ගැනීමට වඩාත් පහසු වන බව ද පැවසී ය.
රෝගීන්ට බොහෝ විට අවශ්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සඳහා විවිධ රෝහල් සහ සායන වෙත යාමට සිදු වන අතර නැවත පරීක්ෂණ කිරීමට වෛද්‍ය වා ර් තා එක් ස්ථානයක සිට තවත් ස්ථානයකට ගෙන ඒමට හෝ ප්‍රතිඵල සඳහා දිගු කාලයක් බලා සිටීමට ද සිදු වන අවස්ථා නිරීක්ෂණය වී ඇති බවද ඒ මහතා කීය.
එම අපහසුතා මඟ හැර කාලය ඉතිරි කරමින් පිරිවැය අවම කරමින් වඩා හොඳ සත්කාර ප්‍රතිකාර ලබා දෙමින් මෙම නව සෞඛ්‍ය තොරතුරු පද්ධතිය ක්‍රියාත්මක වීමත් සමඟ කාර් ය ක්ෂම සහ රෝගීන්ට හිතකර සෞඛ්‍ය සේවා පද්ධතියක් නිර්මාණය කිරීමට ද මෙය උපකාරී වනු ඇති බව ද ඔහු ප්‍රකාශ කළේ ය.
අනවශ්‍ය ප්‍රමාදයන් හෝ වියදම් නොමැතිව නියම වේලාවට නියම ස්ථානයේ ජනතාවට නිවැරදි සත්කාර ලැබෙන බව එමඟින් තහවුරු කිරිම ද මේ තුළින් ඉටුවන සේවාවන් රැසක් ඇති බව ද ඒ මහතා ප්‍රකාශ කළේය.
මෙම පද්ධතිය සෞඛ්‍ය පද්ධති වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය ආසියානු සංවර්ධන බැංකුවේ සහාය ඇතිව සංවර්ධනය කර ඇති බව ද ඔහු කීය.
මෙම නවීන සෞඛ්‍ය තොරතුරු පද්ධතිය ගොඩනැගීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව අරමුදල් සහ තාක්ෂණික සහාය ද ලබා දී ඇති බවද
ඉදිරියේ දී මෙරට සියලුම රජයේ රෝහල් අදියරෙන් අදියර මෙම පද්ධතිය සමඟ ජාල ගත කිරිීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සැලසුම් සකස් කර ඇති බව ද ඔහු පැවසීය.