වරාය හා සිවිල් ගුවන්සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු මහතා අද දින ආරම්භ වන “පුනරුදයට මග” මාර්ග සංවර්ධන ව්‍යාපෘතියේ රත්මලාන කොතලාවලපුර විදුහල අසල සිට ගෝතමී විහාරය දක්වා මාර්ගය කාපට් කිරීමේ ව්‍යාපෘතිය ආරම්භක අවස්ථාවට එක්විය 750m පමණ් දිග මෙම මාර්ගය කාපට් කිරීම සදහා ඇස්තමේන්තුගත වියදම රුපියල් මිලියන 15.1කි.
රට පුරා තෝරාගත් මාර්ග 1000 ක් සංවර්ධන කිරීමේ අරමුණින් මෙම “පුනරුදයට මග” ව්‍යාපෘතිය ඇරැඹේ. පළමු අදියරය ලෙස මාර්ග 57 ක් සංවර්ධනයට මුලපුරනු ලැබේ. මෙම ව්‍යාපෘතිය සදහා රුපියල් බිලියන 19ක් වෙන් කිරීමට නියමිත අතර දැනටමත් රුපියල් බිලියන 14 ක් වෙන්කර ඇත.
මෙම අවසථාවට මාර්ග සංවර්ධන අධිකාරියේ කොළඹ දිස්ත්‍රික් විධායක ඉන්ජිනේරු නිලන්ත මහතා ඇතුළු නිලධාරීන් පිරිසක්, දෙහිවල ගල්කිස්ස මහ නගරසභාව නියෝජනය කරන මහජන නියෝජිතයන් පිරිසක් සහ ප්‍රදේශ වාසීන් එක් විය.





