වැඩ තහනමකට ලක්ව ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ධූරයෙන් පහ කරන ලෙස ඉල්ලා ජාතික ජන බලවේගයේ මන්ත්රීනවරුන් එක්ක 115ක  පිරිසක් විසින් කථානායක ජගත් වික්ර මරත්න වෙත අත්සන් සහිත ලිපියක් (25)  බාරදෙන ලදී.

ඒ අනුව ලිපිය පදනම් කරගෙන කතානාකවරයා විසින් කමිටුවක් පත්කර ඊට අනුව විභාගයක් සිදුකළ පසු පාර්ලිමේන්තුවේ ඡන්ද විමසීමක් සිදු කළ හැකි බව නියෝජ්යව අමාත්යක එරංග ගුණසේකර මව්බිම කළ විමසීමකට පිළිතුරු දෙමින් පැවසීය.

පුද්ගලයෙකු ප්රඑධාන තනතුරින් ඉවත් කිරීමට නම් පාර්ලිමේන්තුවේ මන්ත්රී වරුන්ගේ තුනෙන් එකක (1/3) අත්සන් ප්ර මාණවත් බව නියෝජ්යප අමාත්ය වරයා පැවසීය.

2023 දී වැලිගම හෝටලයක් ඉදිරිපිට සිදු වූ වෙඩි තැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් දේශබන්දු තෙන්නකෝන් දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටී.

කොළඹ අපරාධ කොට්ඨාශයේ (CCD), වැලිගම පොලිසියේ සහ විශේෂ කාර්ය සාධක බලකායේ (STF) නිලධාරීන් සම්බන්ධ කරගනිමින් මෙම වෙඩිතැබීම මෙහෙයවූ බවට ඔහුට චෝදනා එල්ල වී ඇති අතර, එම වෙඩි තැබීමෙන් CCD නිලධාරියකු මිය ගොස් තවත් අයෙකුට තුවාල සිදුවිය. ඒ අනුව ඉහත කී පරිදි පාර්ලිමේන්තුවේ ඡන්ද විමසීමක් සිදුකළ හැකි අතර පොලිස්පතිවරයා ධුරයෙන් ඉවත් කිරීමේ කටයුත්ත කළ හැක්කේ ජනාධිපතිවරයාට බවද ගුණසේකර  මහතා වැඩිදුරටත් පැවසීය

ප්රතිචාරයක් දක්වන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න