දුම්වැටි නිසා වසරකට ලාංකිකයන් 20 000 ක් පමණ අකාලයේ මරණයට පත් වන බව බවත්, දුම්කොළ ක ර් මා න්තයේ ආක්‍රමණශීලී උපක්‍රම වැඩි වැඩියෙන් තරුණයින් ඉලක්ක කර ගනිමින් සිටින මධ්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු ආයතනයේ විධායක අධ්‍යක්ෂ සම්පත් ද සේරම් මහතා පැවසීය.

කොළඹ පැවැති මාධ්‍ය හමුවක දී ඒ මහතා මෙසේ ද පැවසීය.

දුම්වැටි භාවිතයෙන් දෛනිකව මරණයට පත් වන පාරිභෝගිකයන්ගේ අඩුව පිරිමසා ගැනීම සඳහා දුම්කොළ සමාගමේ විවිධ උපාය මා ර් ග වල ප්‍රමුඛ ඉලක්කය බවට පත් වී ඇත්තේ ළමුන් සහ තරුණයන් බව ද ඒ මහතා කීය.

දුම්කොළ සහ නිකොටින් නිෂ්පාදනවල සැබෑ හානිය සඟවා තරුණ පිරිස අතර මෙම නිෂ්පාදන වල ආකර්ෂණය වැඩි කිරීමට මෙම උපක්‍රම භාවිතා වන බවත් මෙම උපාය මාර්ග තරුණයින් අතර දුම්කොළ භාවිතය සාමාන්‍යකරණය කිරීමට පමණක් නොව මහජන සෞඛ්‍ය ප්‍රතිපත්ති වලට ද හානිදායක ලෙස බලපාන බව ද ඒ මහතා ප්‍රකාශ කළේ ය.

ශ්‍රී ලාංකික දරුවන් සහ තරුණ තරුණියන් දුම්වැටි භාවිතයට යොමු කිරීම සඳහා දැවැන්ත උපක්‍රම ගණනාවක් අප රට තුළ ද බහු ජාතික දුම්කොළ සමාගම් මේ වන විටත් දියත් කරමින් සිටින බව ද ඔහු කීය.

වර්තමානයේ දුම්කොළ සමාගම්වල නිෂ්පාදන දිනෙන් දින ප්‍රතික්ෂේප වීම නිසා ඔවුන්ගේ නිෂ්පාදන ප්‍රතිනිර්මාණය කොට ඒ වටා පාරිභෝගිකයන් ගොඩනගා ගැනීම සඳහා විවිධ උත්සාහයන් දරමින් සිටින බව ද ඔහු කීය.

දුම්කොළ භාවිතය ලංකාව තුළ සැලකිය යුතු සෞඛ්‍යමය ආර්ථිකමය සමාජීය සහ පාරිසරික ගැටලුවක් ලෙස පවතින බවත්  2020 ගෝලීය වැඩිහිටි දුම්කොළ සමීක්ෂණයට අනුව සමස්තයක් වශයෙන්  සියයට 19.4 ක් (වැඩිහිටියන් මිලියන 3.2ක්) දැනට දුම්කොළ භාවිතා කරන බව හෙතෙම පැවසීය.

නවතම සමීක්ෂණයට අනුව ශ්‍රී ලංකාවේ දුම්පානය කිරීමේ ප්‍රවණතාවය සියයට 9.1 ක් (වැඩිහිටියන් මිලියන 1.5 ක් ) ලෙස වා ර් තා වී ඇති බව ද ඔහු ප්‍රකාශ කළේ ය.

මේ මගින් දුම්පානය පහත වැටීමේ ප්‍රවණතාවක් පෙන්නුම් කරන බවත් එය වසර ගණනාවක් පුරා දුම්කොළ වැළැක්වීම සඳහා ශ්‍රී ලංකාව දක්වන කැපවීමේ ප්‍රතිඵලයක් බව ද. කෙසේ වෙතත් දුම්වැටි නිසා වසරකට ශ්‍රී ලාංකිකයන් 20 000 ක් පමණ අකාලයේ මරණයට පත් වන බව ද හෙතෙම කීය.

එය රටේ සෞඛ්‍ය සේවා පද්ධතියට විශාල බරක් පැටවීම මෙන්ම සැලකිය යුතු ආර්ථික පාඩු ද ඇති කරන බව ද එපමණක් නොව බෝ නොවන රෝග ලොව පුරා සිදුවන මරණ වලට ප්‍රධානතම හේතුවක් වන බව ද ඔහු ප්‍රකාශ කළේ ය.

දුම්පානයේ ආර්ථික බලපෑම ද අති විශාල බවත්  ශ්‍රී ලාංකිකයන් දිනකට රුපියල් මිලියන 520 ක් පමණ සිගරට් සඳහා වියදම් කරන බවත් පුද්ගලයන් පවුල් සහ ප්‍රජාවන් අත්විඳින මූල්‍ය දුෂ්කරතා එය තවදුරටත් තීව්‍ර කරන බව ද ඔහු පැවසීය.

2019 දී සිගරට් බදු ආදායම රුපියල් බිලියන 92.9 ක් වූ බවත් දුම්පානය හේතුවෙන් වන සෞඛ්‍ය හා ආර්ථික පිරිවැය රුපියල් බිලියන 214 ක් වූ අතර එය සිගරට් සුරා බදු බද්දෙන් උපයන ආදායමට වඩා සැලකිය යුතු ලෙස වැඩි වැඩි බව ද ඔහු සඳහන් කළේ ය.

පාරිසරික වශයෙන් දුම්කොළවල බලපෑම ඉමහත් බවත් සෑම දිනකම ශ්‍රී ලංකාවේ ප්ලාස්ටික් සිගරට් ෆිල්ටර් මිලියන 4.9 ක් පමණ (වසරකට බිලියන 1.8) ඉවත දමන බවත් මෙමගින් විෂ සහිත රසායනික ද්‍රව්‍ය 7000 කට වඩා ගොඩබිම් සහ සමුද්‍ර පරිසර පද්ධතිවලට මුදා හරිනු ලබන බව ද මෙය පරිසර දුෂණය ජෛව විවිධත්වයට දැඩි තර්ජනයක් එල්ල කරන බව ද ඔහු කීය.

ශ්‍රී ලංකාවේ දුම්කොළ පාලනය පිළිබඳ ප්‍රගතියක් වසර ගණනාවක් පුරා දක්නට ලැබෙන බවත් මෙම තත්ත්වය විශේෂයෙන්ම දුම්කොළ භාවිතය අවම කිරීමට දිවයිනේ සෑම පළාතකම සිදු වු ප්‍රජා මැදිහත් වීම් සහ දුම්කොළ සමාගම්වල උපක්‍රම හෙළි කිරීමත් ඊට විරුද්ධ ප්‍රජා බලයක් ක්‍රියාත්මක වීමත් තුල  සිදු වූ බව ද හෙතෙම කීය.

2006 දුම්කොළ සහ මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය (NATA) පනත පිහිටුවීම මෙන්ම  2003 දී ලෝක සෞඛ්‍ය සංවිධානයේ දුම්කොළ භාවිතය වැළැක්වීම සඳහා ඇති ප්‍රතිපත්ති රාමුවට  අත්සන් තැබීම රටේ දුම්කොළ පාලනයට දායක වී ඇති බව ද ඔහු කීය.

දුම්කොළ සමාගම්වල මැදිහත් වීම් හේතුවෙන් ස්ථාපිත ප්‍රතිපත්ති විශේෂයෙන් බදු කරණය සම්බන්ධ ප්‍රතිපත්ති ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීම අභියෝගයක් වී ඇති බව ද ඔහු ප්‍රකාශ කළේ ය.

සිගරට් බදු ඉහළ ගොස් ඇතත් දුම්කොළ සමාගම් අසමානුපාතිකව අතිවිශාල ලෙස ලාභ උපයමින් සිටින බවත් උදාහරණයක් ලෙස වෙළඳපොළ තුළ වැඩිම අළෙවියක් ඇති සිගරට් කාණ්ඩයේ සුරා බදු වැඩි වී තිබෙන්නේ රුපියල් 4.51 කින් බව ද ඔහු කීය.

එහි මිල රුපියල් 10 කින් වැඩි වී ඇති බවත් මෙමගින් සිගරට් සමාගම ලාභයෙන් වැඩි කොටසක් ඔවුන් සතු කර ගෙන ඇති බව ද නිවැරදි බදු අය කිරීමේ ක්‍රමවේදයක් ස්ථාපිත කර නොමැති නිසා 2024 දී රජයේ සිගරට් බදු ආදායම රුපියල් බිලියන 6 කින් පහත වැටී ඇති බව ද  ඔහු පැවසීය.

වෙරිටේ පර්යේෂණ (Verite Research) ආයතනයට අනුව සිගරට් සඳහා බදු මිල අනුපාතය වසර 15 ක් තුළ එහි අවම මට්ටමට වැටී ඇති බවත් එය දැනට සියයට 67 , සියයට 69 අතර වන බව ද මෙය ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශිත සිගරට් මිලෙන් බදු ප්‍රතිශතය සියයට 75 වු ප්‍රතිශත මට්ටමට වඩා අඩු මට්ටමක ඇති බව ද ඔහු ප්‍රකාශ කළේ ය.

පසුගිය දශකය තුළ ශ්‍රී ලංකාවේ සිගරට් අලෙවිය සියයට 54 කින් පහත වැටී ඇති බවත් කෙසේ වෙතත් එම කාලය තුළ ලංකා දුම්කොළ සමාගමේ බදු ගෙවීමෙන් පසු ලාභය සියයට 179  කින් ඉහළ ගොස් ඇති බව ද ඔහු සඳහන් කළේ ය.

විද්‍යාත්මක බදු ප්‍රතිපත්තියක් නොමැති වීම නිසා මිනිසුන්ට හානිදායක භාණ්ඩ නිෂ්පාදනය කරන ආයතන අනිසි ලෙස ලාභ උපයන ආකාරයත්  වත්මන් සිගරට් බදුකරණ ප්‍රතිපත්තිය සංශෝධනය කිරීමේ හදිසි අවශ්‍යතාවයක් රට හමුවේ ඇති බව ද ඔහු ප්‍රකාශ කළේ ය.

පවතින අභියෝග වලට මුහුණ දීම සඳහා මද්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය යෝජනා රැසක් ඉදිරිපත් කර සිටින අතර  සිගරට් සඳහා ක්‍රමානුකූල සහ විද්‍යාත්මක බදු ප්‍රතිපත්ති රාමුවක් හඳුන්වා දීම කළ යුතු බව ඒ මහතා පැවසීය.

එක දෙක වශයෙන් සිගරට් අළෙවිය තහනම් කිරීම මෙන්ම 2010 න් පසු උපන් පුද්ගලයින්ට දුම්කොළ නිෂ්පාදන විකිණීම තහනම් කිරීම සඳහා  දුම්කොළ වලින් නිදහස් පරම්පරාවක් යන සංකල්පය ස්ථාපිත කිරීම අධ්‍යාපන ආයතනයක සිට මීටර් 100ක් ඇතුළත දුම්වැටි අළෙවිය තහනම් කිරීම දුම්කොළ නිෂ්පාදන වල හානිය සහ දුම්කොළ ක ර් මා න්තය විසින් භාවිතා කරන කූට උපක්‍රම පිළිබඳව දරුවන් දැනුවත් කිරීම සඳහා ජාතික මට්ටමේ පාසල් වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම කළ යුතු බව ද ඔහු ප්‍රකාශ කළේ ය.

වෙළඳ පොළේ විකිණීමට තහනම් කර ඇති සියලුම විද්‍යුත් සිගරට් ව ර් ග අත්අඩංගුවට ගැනීම සහ 2006 අංක 27 දරන දුම්කොළ සහ මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරි පනතේ 2016 සංශෝධනය උල්ලංඝනය වන අවස්ථා වලට නිශ්චිත දඬුවම් හඳුන්වා දීම සම්මත ඇසුරුම් කරණය හඳුන්වා දීම සිදුකළ යතු බව ද ඔහු කීය.

සිගරට් ෆිල්ටර් තහනම් කිරීම අන්තර්ජාලය හරහා දුම්කොළ නිෂ්පාදන විකිණීම තහනම් කිරීම දුම්කොළ සහ මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරි පනත නිසි ලෙස බලාත්මක කිරීම ශක්තිමත් කිරීම සහ එහි යෝජනා කර ඇති සංශෝධන ඉතාම ඉක්මනින්ම ක්‍රියාත්මක කරන ලෙස ද ඒ මහතා පැවසීය.

මෙම අවස්ථාවට එක් වූ   ආනන්ද රත්නායක , සජීව රණවීර, මනූජා පෙරේරා යන වෛද්‍යවරුන්ද ද වෙරිටේ ප ර් යෙක්ෂණ විධායක අධ්‍යක්ෂ ආචාර්ය නිෂාන් ද මෙල් මහතා ද අදහස් දැක් වූහ.

ප්‍රතිචාරයක් දක්වන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න