දිවයින පුරා 5000 කට අධික කිමිදුම් කරුවන්ගේ ප්‍රශ්ණ විසඳුම් ලබා දෙන බව ධීවර ජලජ සහ සාගර සම්පත් නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා පැවසී ය.
සමස්ත ලංකා කිමිදුම් කරුවන් සමඟ කොළඹ පැවති සාකච්ඡාව දී ඒ මහතා එසේ පැවසී ය.වැඩි දුරටත් අදහස් දැක් වූ ඒ මහතා මෙසේ ද කීය.
දිවයින පුරා 5,000කට අධික කිමිදුම් කරුවන් විසිතුරු මසුන් ඇල්ලීම පොකිරිස්සන් ඇල්ලීම, හක්බෙල්ලන් සහ මුහුදු කූඩැල්ලන් ඇල්ලීම වැනි විදේශ විනිමය උපයන කර් මාන්ත වල නිරත වෙමින් ජීවනෝපාය සලසා ගන්නා බව ද ඒ මහතා කීය.
රටට බරක් නොවන ස්වේච්ඡාවෙන් තම රැකියාවල නිරත වන මෙම පිරිසගේ ගැටලු සාකච්ඡා කිරීම සහ නව යෝජනා ලබා ගැනීම මෙම හමුවේ ප්‍රධාන අරමුණ වූ බව ද ඒ මහතා කීය.
බලපත්‍ර ලබා දීමේ ක්‍රමවේදය කිමිදුම් කරුවන් විසින් දැනට පවතින බලපත්‍ර ලබා දීමේ ක්‍රමවේදය වෙනුවට විනිවිද භාවයෙන් යුත් නව ක්‍රමවේදයක් මාසයක් ඇතුළත ඉදිරිපත් කරන ලෙස නියෝජ්‍ය අමාත්‍ය කියා සිටි යේ ය.
2026 වසරේ සිට කිමිදුම් කරුවන් සඳහා බලපත්‍ර නිකුත් කිරීමේ නව ක්‍රමවේදයක් හඳුන්වා දීමට අපේක්ෂා කරන බව ද ඒ මහතා පැවසීය.
බෙන්ඩ්ස් රෝගී තත්ත්වයට ප්‍රතිකාර අධික ගැඹුරට කිමිදීමේ දී ඇති වන බෙන්ඩ්ස් වැනි රෝගී තත්ත්වයන් සඳහා ප්‍රතිකාර කිරීම සඳහා අවශ්‍ය මිල අධික ඩිකොම්ප්රෙෂන් යන්ත්‍රයක් රජය සතු රෝහල්වල ස්ථාපිත කරන බවද ඒ මහතා කීය.
මෙය ඉදිරි අයවැයට යෝජනාවක් ලෙස ඉදිරිපත් කිරීමට කටයුතු කරනු ලබන බව ද ඒ මහතා කීය.
කිමිදුම් උපකරණ සඳහා බදු සහන කිමිදුම් උපකරණ සහ ආම්පන්න සඳහා පනවා ඇති ආනයන බදු සහ සුඛෝපභෝගී බදු ඉවත් කර සහනදායී මිලට ලබා ගැනීමට අවස්ථාව ඉදිරියේ දී ලබා දෙන බව ද ඒ මහතා කීය.
විදේශ රැකියා අවස්ථා කිමිදුම්කරුවන් සඳහා විදේශයන්හි පවතින රැකියා අවස්ථා සොයා බැලීම සම්බන්ධයෙන් විධිමත් යෝජනාවක් ඉදිරිපත් කරන්නේ නම් විදේශ රැකියා නියුක්ති කා ර් යංශය සමඟ සාකච්ඡා කරන බවද ඒ මහතා කීය.
සාගර පතුලේ සංචාරක ආක ර් ෂණය වැඩි කිරීමට කෘත්‍රිම පරිසර පද්ධති ස්ථාපිත කිරීමේ හැකියාව පිළිබඳව අවදානය යොමු කරන බව ද ඒ මහතා කීය.
විනාශ වී ඇති කොරල් සහ මුහුදු පතුලේ ඇති අපද්‍රව්‍ය පිරිසිදු කිරීම සඳහා ස්වේච්ඡාවෙන් දායක වීමට කිමිදුම්කරුවන් ඉදිරිපත් වූ අතර එය අගය කරන බවත් ඒ සඳහා අවශ්‍ය සහයෝගය ලබා දෙන බව ඒ මහතා පැවසීය.
ට්‍රෝලින් යාත්‍රා සහ මුහුදු පරිසර සංරක්ෂණය උතුරේ ඉන්දීය ට්‍රෝලින් යාත්‍රා නිසා මුහුදු පතුල සහ මත්ස්‍ය වාසස්ථාන විනාශ වීම වැළැක්වීමට මැදිහත්වීමක් කරන බවත් කෘත්‍රිමව කොරල් වගා කිරීම සහ මසුන් බෝවන ස්ථාන වැඩිදියුණු කිරීම සඳහා කටයුතු කිරීමට පියවර ගන්නා බව ද ඒ මහතා පැවසීය.
මේ සඳහා සුදුසු ස්ථාන පිළිබඳ යෝජනා ඉදිරිපත් කරන ලෙස කිමිදුම් කරුවන්ගෙන් ඒ මහතා ඉල්ලා සිටියේ ය.
තහනම් පන්නක්‍රම පිළිබඳ විද්‍යාත්මක අධ්‍යයන රාත්‍රී කාලයේ කිමිදීම සහ විදින තුවක්කු භාවිතයෙන් මසුන් ඇල්ලීම වැනි දැනට තහනම් කර ඇති සමහර පන්නක්‍රම සඳහා අවසර ලබා දෙන ලෙස කළ ඉල්ලීම සම්බන්ධයෙන් නාරා ආයතනය විසින් විද්‍යාත්මක අධ්‍යයනයක් සිදු කර අවශ්‍ය පියවර ගන්නා බව ද ඒ මහතා පැවසීය.
නීති විරෝධී ධීවර කටයුතු පුපුරණ ද්‍රව්‍ය භාවිතයෙන් මසුන් ඇල්ලීම ඇතුළු සියලුම නීති විරෝධී ධීවර කටයුතු නැවැත්වීම සඳහා ආරක්ෂක අංශ සමඟ ඉදිරියේදී කටයුතු කරන බව ඒ මහතා පැවසීය.
දිස්ත්‍රික් ධීවර සම්බන්ධීකරණ කමිටු රැස්වීම්වලට කිමිදුම්කරුවන්ගේ නියෝජිතයින්ට සහභාගී වී ගැටලු ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබා දෙන බවට ද ඒ මහතා පැවසීය.